~

අමාත්‍යාංශ ලේකම්ගේ ලියුම ඉරා දමා පාසැල හැර නොයන සවුත්ලන්ඩ් විදුහලේ කාගෙත් සුන්දරිය නීතියකට යටත් නැතිද? සිසුවියකටත් පහර දීලා රෝහලේ (Video)

(ලංකා ඊ නිව්ස් -2016.මාර්.30, පෙ.ව‍.4.35) අධ්‍යාපන ඇමැතිවරයාටත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාටත් ඉහලින් වසල විදුහල්පතිනියකට ක්‍රියා කළ හැකිද? රටේ නීතියක් නැතිද? යන ප්‍රශ්නය ජනතාව හමුවේ තිබේ.  මේ ප්‍රශ්නය පැන නැග ඇත්තේ ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේ විදුහල්පතිනිය ශාන්ති සෙනෙවිරත්න නමැති වසල කාන්තවගේ සහ ඇයගේ හෙංචයියන්ගේ හැසිරීම නිසා ය. 

ශාන්ති සෙනෙවිරත්න දශක කිහිපයක් තිස්සේ ගාල්ල සවුත්ලන්ඩ් බාලිකාවේ විදුහල්පතිනිය ලෙස ක්‍රියා කරන අතර ඇයගේ අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් මීට පෙර කිහිප වතාවකදීම හෙලිදරව් කර ඇත. ( ක්ලික් කර කියවන්න - “පාසලේ කැත වැඩ ගැන පියා කළ පැමිණිලි නිසා ගාල්ල සවුත්ලන්ඩ් විදුහල්පතිනිය දුවගෙන් පළිඅරන්“

පසුගියදා ඇයව එම පාසැලෙන් මාරු කරන ලද බවත් නව විදුහල්පතිනිය ලෙස සන්ධ්‍යා පතිරණවසම් මහත්මියට වැඩ බාර දෙන ලෙසත් අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්. බන්දුසේන විසින් නිල ලිපියක් නිකුත් කර තිබේ. එම ලිපිය ඉරා දමා ඇති ශාන්ති සෙනෙවිරත්න “මාව කාටවත් මාරු කරන්න බෑ“ යි උද්දච්ඡ කතා දොඩවා නව විදුහල්පතිනියට වැඩ බාර නොදී බලහත්කාරයෙන් සවුත්ලන්ඩ් පාසැලේ රැඳී සිටී. 

නව විදුහල්පතිනිය සන්ධ්‍යා පතිරණවසම් මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාට පැමිණිලි කර තිබේ.

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ශාන්ති සෙනෙවිරත්න කාන්තා විදුහලක විදුහල්පති ධූරයකට නොගැලපෙන තරමේ චරිතයකින් හෙබි තැනැත්තියකි. බලවතුන් කාගෙත් සුන්දරියකි. පළාතේ දේශපාලන බලවතෙකුගේ ‘කරුණා තිලකයක්‘ නලලට ගෙන සිටින ඇය ඒ බලයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපිය ඉරා දමා උද්දච්ඡව හැසිරෙන බව පැවසේ.

ඇය තම මාරුවට එරෙහිව තමන්ගේ හෙංචා කාන්තාවන් කිහිප දෙනෙකු ලවා පසුගියදා උද්ඝෝෂනයක් කැරවූයේය. ගාල්ල නගරයේ පැවති එම උද්ඝෝෂනය ඡායාරූප ගත කළේ යයි එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකට හෙංචා කාන්තාවන් පිරිසක් පොලීසිය ඉදිරියේම පහර දුන්හ.  පහර කෑමට ලක්වු ශිෂ්‍යාව ගාල්ල පොලීසියට  පැමිණිල්ලක් කර ඇති අතර ඇය කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නීය. සවුත්ලන්ඩ් පාසැල් සංවර්ධන සමිතියේ ලේකම් ධූරය දරන්නේ ද කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකු බැවින් පහර කෑමට ලක්වූ ශිෂ්‍යාවට බලෙන් ටිකට් කපා ගෙදර යන ලෙස බලපෑම් කරමින් තිබේ. නීතිය ක්‍රියාත්මක නොවීමට තරම් ශාන්ති සෙනෙවිරත්නගේ මාෆියාව බලවත් වී ඇත්තේ ඇය නලලේ තබා ගෙන සිටින ‘කරුණා තිලකය‘ නිසා යයි දැන ගන්නට ඇත. 

ගාල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර මාධ්‍යයට පවසා ඇත්තේ නපුංසක කතාවකි. ශිෂ්‍යාවකට පහර දීමේ සිද්ධිය පිළිබඳව කාන්තාවක් අත් අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගත් අවස්ථාවේ විරෝධතාවයට සම්බන්ධ වු පිරිසක් එම කාන්තාව පොලීසියෙන් මුදවාගත්තේ යයි ඔහු පවසා ඇත. 

සිසුවියට පහර දෙන අවස්ථාවේ වීඩියෝවක් පහත දැක්වේ 

---------------------------
by     (2016-03-29 23:10:07)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links