~

පාසලේ කැත වැඩ ගැන පියා කළ පැමිණිලි නිසා ගාල්ල සවුත්ලන්ඩ් විදුහල්පතිනිය දුවගෙන් පළිඅරන්

(ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.05, ප.ව.11.45) ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකගේ පියා වන වී. සැම්සන් මහතා පාසලේ අයථා කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, අල්ලස් හා දූෂණ කොමිසම ඇතුළු ආයතන 7 කට පැමිණිලි කොට ඇත. මේ හේතුවෙන් පාසලේ ඉගෙනුම ලබන සැම්සන්ගේ දුවට විවිධාකාර හිංසනයන් හා මානසික පීඩනයන් විදුහල්පතිනිය විසින් සිදු කොට ඇත. 

මේ සම්බන්ධයෙන් ගාල්ල ළමා හා කාන්තා කාර්යාංශයට WCIB1 200/235 යටතේ පැමිණිල්ලක් දැරියගේ පියා විසින් දමා ඇත. අදාළ විදුහල්පතිනියගේ විවිධාකාර බලපෑම් මත එම පැමිණිල්ල විභාග කිරීම පසෙකලා, මෙය විනය ප්‍රශ්නයක් බවත්, ඒ නිසාම පැමිණිල්ල අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරන බවත් පොලීසිය ප්‍රකාශ කොට ඇත.

දෙමව්පියෙක් ලෙසත්, පුරවැසියෙකු ලෙසත් පාසල සම්බන්ධයෙන් පැමිණිලි කිරීම මත ශිෂ්‍යාවන්ගෙන් පලි ගැනීම බරපතල තත්වයකි. මේ නිසාම පාසල් පද්ධතියේ සිදුවන අකටයුතු පිළිබඳ දෙමාපියන් ඉදිරිපත් නොවන තත්වයක් ද උද්ගතව ඇත. මීට ඉහතදී ද ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේ විදුහල්පතිනිය මේ ආකාරයෙන් කටයුතු කර ඇති අතර මෙම විදුහල්පතිනිය සම්බන්ධයෙන් මේ වන විටත් වෙනත් චෝදනා ගණනාවක් එල්ල වුවද අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු පියවරක් ගෙන නැත. පසුගිය දා පාසල් දහයක් සම්බන්ධයෙන් පැමිණිලි ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙම පාසලේ නම ද ඇතුළත් වී තිබුණි. එදින ම මධ්‍යම රාත්‍රිය වන තුරු අධ්‍යාපන ලේකම්වරයා මෙම චෝදනාලාභීන් සමග සාකච්ඡා පැවැත්වූ බව ප්‍රසිද්ධ පුවතකි. මේ තුළ පැහැදිලි වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය දූෂිතයන් සම්බන්ධයෙන් දක්වන සහනශීලී පිළිවෙතයි. 

මේ පසුබිම තුළ තවදුරටත් ප්‍රමාද නොකර මෙම විදුහල්පතිනිය සම්බන්ධයෙන් විධිමත් විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත්, මෙම දැරියට සිදු කරන හිංසන සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ලංකා ගුරු සංගමය අධ්‍යාපන ඇමතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති අතර, දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට ද මේ සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දක්වා ඇත. 

---------------------------
by     (2015-03-06 11:13:44)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links