~

හරි සහතික ‌පෙන්වපං..! අපේ ඡන්දයෙන්ම අපේ ‌මාතෘභූමිය ඇමරිකාවේ යටත් විජිතයක් කර ගැනීමේ යැංකි කුමන්ත්‍රණය පරාජය කිරීමට ආචාර්ය ඉඟුරුවත්තේ සුමංගල හිමි‌යෝ උපවාසයක් අරඹති (Video)

(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.10, ‌‌‌‌‌‌පෙ.ව.10.28) ඇමරිකාවේ කැලිෆෝනියානු දිසා අධිකරණය පවා ‌ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකු බවත් වත්මන් ඔහුගේ පුරවැසිභාවය ගැන අවුල් සහගත බවත් ප්‍රකාශ කර තිබියදී ‌මෙන්ම ඊ‌යේ නිකුත් වූ ඇමරිකානු භාණ්ඩාගාර ‌දෙපාර්තමේන්තුවේ ‌දේශීය ආදායම් බදු ‌සේවා‌ව විසින් ප්‍රකාශිත පුරවැසිභාවය ඉවත් කර ගත් අයගේ 2019 ‌නොවැම්බර් නාම ‌ලේඛන‌ෙයේ පවා ‌ගෝඨාභයගේ නම ‌නොමැතිව තිබියදී මුළු ශ්‍රී ලංකාවම ‌ගොනාට අන්දමින් ‌ගෝඨාබය රාජපක්ෂ නම් ඇමරිකානු පුරවැසියා සහ ට්‍රම්ප්ගේ යැංකි ජුන්ටාව එක්ව මාතෘ භූමිය ඇමරිකාවට පාවා දීමට සිදුකරගෙන යන කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා "ගොඨාභය රාජපක්ශ ඇමරිකන් පුරවැසියෙකුද? නැද්ද? යන්න රටට හෙලි කරන්න..! යි ඉල්ලමින් අතිපුජ්‍ය ආචාර්ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් අද උදෑසන කොළඹ නිදහස් චතුචරශ්‍රයේ උපවාසයකට වාඩි විය. එහිමියන්ගේ ‌දෙපසින් ‌ගෝඨා ඇමරිකානු පුරවැසියෙකු වීම සඳහා ඇමරිකාවට දුන් ප්‍රතිඥාවද සිංහල ඉංග්‍රීසි ‌භාෂා ‌දෙකෙන්ම ප්‍රදර්ශනය කර තිබේ. 

හිමියන් උපවාසයෙන් නැගිටුවීමට නම් එක්කෝ ‌ගෝඨාභය රාජපක්ෂ පැමිණ ඇමරිකානුවෙකු සිය පුරවැසිභාවය අත්හැරිය බවට නීත්‍යාණුකූලව පිළිගැනෙන රාජ්‍ය ‌‌දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන සහතිකය සහ ඇමරිකානු භාණ්ඩාගාර ‌දෙපාර්තමේන්තු‌වෙන් නිකුත් කරන බදු සහතිකය යන ‌දෙකම ඉදිරිපත් කළ යුතුය. ඒ සඳහා ‌ගෝඨාභය ඉදිරිපත් ‌නොවන්නේ නම් ‌ ලංකාවේ සිටින ‌‌ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතවරිය වන ඇමරිකානු තානාපතිවරිය කසාය බිව් ‌ගොලුවාගේ චරිතය අතහැර නිදහස් චතුරස්‍රයට පැමිණ එකී සහතික ඉදිරිපත් කළ යුතුය. 

ඒ ‌දෙදෙනාම ඉදිරිපත් ‌නොවන්නේ නම් ‌ගෝඨා තවමත් ඇමරිකන් බව රට පිළිගත යුතුය. අපේ ඡන්දයෙන්ම අපේ ‌මාතෘභූමිය ඇමරිකාවේ යටත් විජිතයක් කර ගැනීමේ යැංකි කුමන්ත්‍රණය පරාජය කළ යුතුම ය. වීරෝධාර ඉඟුරුවත්තේ හිමියන්ගේ සහායට ගිහි පැවිදි ‌සැබෑ ‌දේශප්‍රේමීහු දහස් ගණනින් උපවාසයට එක්විය යුතුය.

ගෝඨාගේ ඇත්ත නැත්ත දැන ගැනීම සඳහා ‌නිව්යෝර්ක්හි ‌වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු නිව්යෝර්ක් දිසා අධිකරණයේ පෙරේදා නඩුවක් ද පවරනු ලැබීය.

සබැඳි පුවත්

දිනුවත් නැතත් ගෝටා ඉවරයි..! ඔහු තවම ඇමරිකානුවෙක්..! ලංකා‌වේ පුරවැසියන් මුලා කිරීම නවත්වන්නැයි නියෝගයක් ඉල්ලා ඇමරිකාවේ නඩු පවරයි..! නඩු පිටපත ‌මෙන්න..!

ගෝටා තවමත් ඇමරිකන්..! ‌මෙන්න අලුත්ම සාක්කිය..! 16 දා ඔහුට දාන ඡන්දය වතුරේ..!

(රාජපක්ෂලාගේ ව්‍යාජ පැමිණිලි මත ලංකා ඊ නිව්ස් ‌ෆේස් බුක් පිටුව සතියකට වාරණය කර තිබේ එබැවින් ‌මේ ලිපි තම තමන්ගේ සමාජ ජාලා හරහා හැකි පමණ ‌ෂෙයා කරන ‌ලෙස ඉල්ලමු. -සකසුවෝ)

ඉඟුරුවත්තේ හිමියන්ගේ ප්‍රකාශය සහිත වීඩියෝවක් පහතින් 

---------------------------
by     (2019-11-10 13:19:25)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links