(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.31, පෙ.ව.5.10) ජනාධිපතිවරණ දිනය ආසන්න වෙත්ම ප්‍රතිවිරුද්ධ දේශපාලන මතධාරීන් ඉලක්ක කර ගනිමින් සිදුවන්නා වූ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය පිම්මේ වර්ධනය වෙමින් ඇති ආකාරයක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. රාජපක්ෂ රෙජීමයේ සම්පූර්ණ ආශීර්වාදය හිමි මෙම රාජ්‍ය ත්‍රස්තවාදයේ නවතම ගොදුර බවට පත්වූයේ " අළුත් පරපුර " නම් සංවිධානය නියෝජනය කරන කලාකරුවන් පිරිසකි. පසුගිය 29 වන දින පෙ.ව. 11.00 ට පමණ කුරුණෑගල කුඹුක්ගැටේ මංසන්ධියේදී එම කලාකරුවන් පිරිස සංවිධානය කර තිබූ " මුලාවෙන් මිදෙමු " සංගීතමය සංවාදයට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ විසින් මෙහෙයවන නිල් බලකායේ ටී ෂර්ට් ඇඳ සිටි කණ්ඩායමකි. පොලිස් නිලධාරීන් බලා සිටියදී, මාධ්‍ය වේදීන් ඉදිරිපිටදී මහ දහවලේ සිදු වූ මෙම නින්දිත මැර ප්‍රහාරය මෙහෙයවූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පලාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික නම් පුද්ගලයා විසිනි.
ප්‍රහාරයට පැමිණි එම මැරයන් ප්‍රවීන ගායන ශිල්පී, ලක්ෂ්මන් විජේසේකර ට බිම පෙරලා පහර දී තිබූ අතර, සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාපා ලියනගේ, ජගත් මනුවර්ණ, අමා විජේසේකර, මොහාන් රාජ් මඩවල ඇතුළු කලාකරුවෝ හා ක්‍රියාකාරිකයෝ රැසක් එහිදී ප්‍රහාරයට ලක්වූහ. මේ අවාසනාවන්ත සිදුවීම වත්මන් ආණ්ඩුව මේ වන විට පත්ව ඇති ඛේදණීය තත්ත්වයේ කදිම ප්‍රකාශනයකි.
රාජපක්ෂවරු තම බලය පවත්වා ගෙන යාමට අද උත්සාහ කරනුයේ ප්‍රතිවිරුද්ධ මතධාරීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හරිමින් ඔවුන් නිහඞ කිරීමට උත්සාහ කරමිනි. ඒ වෙනුවෙන් ම්ලේච්ඡ හා නින්දිත ලෙස තම බලය මුදා හැරීමට ඔවුන් සැදී පැහැදී සිටිති. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රට පුරා නැගෙමින් ඇති ආණ්ඩු විරෝධී රැල්ල හමුවේ වියරු වැටී සිටින රාජපක්ෂ පාලනය කලාකරුවන් ඉලක්ක කර ගනිමින් මීට පෙරද ප්‍රහාර දෙකක් දින කිහිපයකට ඉහතදී සිදු කර තිබුණි. එප්පාවලදී හා හම්බන්තොටදී එසේ මැරයන් පහර දී තිබුණේ වීදියේ විරෝධය වීදි නාට්‍යය හා ගීත ප්‍රසංගය මෙහෙය වූ ජයතිලක බණ්ඩාර ඇතුළු ප්‍රකට කලාකරුවන් පිරිසකටය.
රාජපක්ෂ පාලනය, ජනතාව වෙනුවෙන්, පවතින දූෂිත මජර ක්‍රමයට එරෙහි මත දරන්නන්ගේ ලේ සොලවන අතරතුර තම දේශපාලන ව්‍යාපෘතියේ දිග පළල වැඩි කර ගැන්ම වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් නිරපරාදේ වැය කරමින් සල්මන් ඛාන්, ඇතුළු උතුරු ඉන්දීය නළු නිළියන් පිරිසක් මෙරටට රැගෙන විත් තිබේ. " අළුත් පරපුරේ "කලාකරුවන්ට කුඹුක්ගැටේ මන්සන්ධියේදී ප්‍රහාරයක් එල්ල වී තිබුණේ සල්මන් ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට පැමිණ පැය කිහිපයක් ඇතුලතදී වීම විශේෂත්වයකි.
මෙලෙස මහින්ද රාජපක්ෂ පාලනයට අද ඉන්දියානු නළු නිළියන්ගේ සරණ යැදීමට සිදුව ඇත්තේ තම දුෂ්ඨ දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීමට තරම් මෙරට කලාකරුවන් නොමැති නිසා විය යුතුය. දවසේ පැය විසි හතරේම ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන නන් දොඩවන රාජපක්ෂ පාලනය එසේ විදේශ නළු නිළියන් පසු පස සිඟමනේ යෑම එක් අතකින් දෛවයේ සරදමක් බඳුය. තම පපුවට ගසා ගනිමින් දේශප්‍රේමී කථා, ඩයස් පෝරා අවලාද ගැන උස් හඩින් කථා කරන රාජපක්ෂ රෙජීමයේ සැබෑ නිරුවත මේ සිදුවීම් සමඟින් අද රටට හෙලිව තිබේ.
සාමාන්‍යයෙන්, සල්මන් ඛාන් වැනි නළුවකු දිනක මහජන පෙනී සිටීමක් වෙනුවෙන් රුපියල් ලක්ෂ තුන්සීයයකට අධික මුදලක් අය කරන පසුබිමක ඉන්දීය කලාකරුවන් මෙරටට ගෙන්වීම වෙනුවෙන් ගෙවූ මුදලේ වටිනාකම රටට හෙලි කිරීමේ සදාචාරමය යුතුකමක් රාජපක්ෂ පාලනයට තිබේ. දේශීය කලාකරුවන්ට තම දේශපාලන මැරයන් ලවා පහර දෙමින් විදෙස් නළු නිළියන් වෙනුවෙන් නිර්ලෝභීව කෝටි ගණන් ජනතා මුදල් වැය කරන මේ රාජපක්ෂ ක්‍රමය අද ඔවුනටම පාරා වළල්ලක් වී ඇත.
රටේ දිස්ත්‍රික්ක 21 ක එකොලොස් ලක්ෂ හයදහස් තුන්සිය අසූ දෙනෙකු මහා ගංවතුර තර්ජනය නිසාවෙන් අවතැන්ව සිටියදී, පුද්ගලයන් 36 දෙනෙකු ඉන් ජීවිතක්ෂයට පත්ව සිටියදී සිදු කරන මෙම විගඩම්වලට එරෙහිව තම නිහඞ විරෝධය ජනවාරි 08 වන දින පල කිරීමට හෘද සාක්ෂියක් සහිත, ශිෂ්ඨ වටිනාකම් ගරු කරන රටවැසි සියළු දෙනා අද නොඉවසිල්ලෙන් යුතුව පුන පුනා බලා සිටී.
රටේ නාමධාරී කලාකරුවන් පිරිසකට එල්ල වූ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය හෙලා දකින අතරතුර ඒ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ දේශපාලන මැරයන් තරාතිරම නොබලා අත් අඩංගුවට ගන්නා ලෙස අප පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු. එසේම, නව සිතුවිලි වලින් නව පරපුරේ ජන මනස සැකසීම සඳහා වෙහෙසෙන මෙම කලාකරුවන්ට එරෙහිව සිදු වූ මෙම ප්‍රහාරයෙන් පසු හෙට දිනයේදී ඔවුන් සමඟ දස දහස් ගණනින් වෙනසක් පතන අළුත් පරපුර පෙළ ගැසීම නොවැලැක්විය හැකි බවද අප සඳහන් කරන්නෙමු.
දේ්ශමාන්‍ය කරු ජයසූරිය
එජාප නායකත්ව මණ්ඩල සභාපති
---------------------------
by (2014-12-30 23:49:39)
Leave a Reply
අධිරාජ්‍යය ගැති නායකයා සහ අධිරාජ්‍යය විරෝධී නායකයා තම රටවැසියා සමඟ ගණුදෙනු කරන පහත ආකාරයන්ගෙන් ඉතා සරළව හදුනාගත හැකිය,..
1. ගැති නායකයා නිතරම 'මම' වචනය පාවිච්චි කරයි,..විරෝධී නායකයා නිතරම 'අපි' වචනය පාවිච්චි කරයි,
2. ගැති නායකයා තනියම තීරණ ගනියි,.විරෝධී නායකයා සාමූහිකම තීරණ ගනියි,
3. ගැති නායකයා කුඩු ,පාතාලය,හොර,මැර,වංචා වලට ඉඩදෙයි,.විරෝධී නායකයා කුඩු ,පාතාලය,හොර,මැර,වංචා මැඩ පවත්වයි ,
4. ගැති නායකයා නීතියේ ස්වාදීනත්වය බිද දමයි,.විරෝධී නායකයා නීතියේ ස්වාධීනත්වය ආරක්‍ෂා කරයි,
5. ගැති නායකයා ජනතාව ගොනාට අන්දයි ,. විරෝධී නායකයා ජනතාවට කරුණු පහදයි,
6. ගැති නායකයා තම පවුල පෝෂණය කරයි,.විරෝධී නායකයා රට වැසියා පෝෂණ ය කරයි ,
7. ගැති නායකයා ජනතා කැමැත්ත බලෙන් ගන්න හදයි,..විරෝධී නායකයා වටා ජනතාව රොක් වෙයි.
8. ගැති නායකයා ජනතාවගේ පිහිට පතයි,. විරෝධී නායකයා ජනතාවට පිහිට වේ,
9.ගැති නායකයා වෛරය පතුරුවයි,.විරෝධී නායකයා මෛත්‍රිය පතුරවයි,
10. ගැති නායකයා බියේ වෙව්ලයි,.විරෝධී නායකයා එඩිතරව එළියට බහී,
-- by kumara on 2014-12-31
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි