~

එකක් කඩතොලු වසා ගන්නට ගිහින් මට වූ කාරියා - දෙකක් කඩතොලු හදා දුන්නයි මෝඩ නාමල් බූරුවා..!

(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.29, ප.ව.11.50) දිවයිනේ බොහෝ ප්‍රදේශවල නාය යාම් හා ගංවතුර උවදුරෙන් ලක්ෂ එකොළහක් අනාථව 30 ක් පමණ දෙනෙකු මියගොසිනි. 17 ක් පමණ අතුරුදහන්ය. සාගින්නෙන්, පිපාසයෙන්, ලෙඩ රෝග වලින් පීඩිතවූ මහල්ලන් රෝගීන් හා කුඩා දරුවන්ගේ විලාපය දිවයිනේ සතර දිග් භාගයෙන් ඇහෙද්දී සංවේදී හදවත් කම්පාවෙනුත් කම්පාවට පත් වෙති. ජීවිත කාලයක් දහඩිය මහන්සියෙන් උපයා සපයා ගත් ධාන්‍ය බව බෝග සම්පත් ජල රකුසාට බිලි විය. බත් පැකැට්ටුවක් කිරි පිටි හැන්දක් ලැබෙන තෙක් සහන කඳවුරුවල පෙර මග බලා සිටින සාගින්නෙන් පෙලෙන දරුවෝය.

මේ සා විපතකදී ලැබිය යුතු විදේශාධාර පවා නොලැබෙන්නේ සුනාමියෙන් ගසා කෑ එකා පාලකයා වී සිටින විට ඒවා ද යටි මඩි ගසතැයි විදේශ ආයතන සිතන නිසාය.

පපුවට ගසා ගනිමින් ‘මං ජාතියේ ආඩම්බරකාර තාත්තා‘ යයි කියන මැද මූලන රාජපක්ෂට ඒ සා විපත් ගැන වගේ වගක් නැත. ඔහු තම පුතුන් ත්‍රිත්වයේ ලිංගික සහකාරියන් අතර අග්‍රගන්‍ය එකියක් වන ජැකලීන් පර්ඩිනන්ඩ්ස් නැමැති බොලිවුඩ් නිළියද, හින්දි සිනමාවේ නලුවෙක් වන සල්මන් ඛාන් හෙවත් ‘මුවා මැරූ සල්මන්‘ ද රුපියල් කොටි 50 ක් ගාස්තු ගෙවා ලංකාවට ගෙන්වා ගෙන තිබෙන්නේ තමන්ගේ මැතිවරණ වේදිකාවේ සංදර්ශන ඉදිරිපත් කිරීමටය. 

බත් පැකැට්ටුවක්, දරුවන්ට කිරිපිටි ටිකක්, පිපාසයට පිරිසිදු වතුර ටිකක් ලැබෙන තෙක් මග බලාගෙන සිටින ලක්ෂ 11 ක් ඡන්ද දායකයන්ට නාමල් රාජපක්ෂ බූරු පුතාත් , ඔහුටම හරියන තාත්තාත් යෝජනා කරන්නේ සල්මාන්ගේ විසේකාර නැටුම් හා ජැකලීන්ගේ පස්ස පැත්ත නළවන අයුරු බලා කුස පුරවා ගන්නා ලෙසය.

17 වන සියවසේ ප්‍රංශයේ ජීවත්වූ නරුම රැජිනක් වූ මාරි ඇන්ටොනන්ට් පාන් ඉල්ලා අරගල කළ ජනතාවට කීවේ ‘පාන් නැත්තන් කේක් කාපල්ලා‘ කියාය. ඊටත් එහා ගිය රාජපක්ෂ නරුමයෝ බඩ ගින්නෙන් හා පිපාසයෙන් පෙළෙන පීඩිත ජනයාට කියන්නේ ‘බත් කන්නට නැතත් සල්මන්ගේ නැටුමුත්, ජැකලීන්ගේ පස්ස පැත්තත් බලා සැනසියල්ලා‘ කියාය. 

මහින්ද රාජපක්ෂට ගොට්ට අල්ලන මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, රෝහණ වීරසිංහ, ආදී වන්දිබට්ට කලාකාරයින්ට රාජපක්ෂ තාත්තා හා දරුවෝ දෙන ඇඟවුම නම් ‘උඹලා මොන කලා කාරයින්ද ඕන් බලා ගනිල්ලා කලාකාරයන්‘ යැයි කියාය. තල වපුරා උඳු බලාපොරොත්තු විය නොහැක. මහින්ද රාජපක්ෂ වැනි තක්කඩි තාත්තලාගෙන් නාමල් රාජපක්ෂ වැනි ගොන් තඩියෝ මිසක, විමුක්ති කුමාරණතුංග වැනි ශීලාචාර දරුවෝ බලාපොරොත්තු විය නොහැක. 

සල්මන්ලාගේ් ජැකලීන්ලාගේ නාඩගම් බලන ජනතාව එකක් තේරුම් ගත යුතුය. මුන්ට ගෙවන කෝටි ගණන් මුදල් වැය වන්නේ රාජපක්ෂලාගේ සාක්කු වලින් නොව නුඹලාගෙන්ම සොරා ගන්නා මුදලින් බවය. 

සල්මාන් ඛාන්- ජැකලීන් පර්ඩිනන්ඩ් ගුවන් යානයෙන් බසින මොහොතේම මිනිසුන් අතර සාමකාමීව දේශපාලනය කථාකළ කීර්තිමත් කලාකරු ලක්ෂ්මන් විජේසේකරට, සමන්මලී ෆොන්සේකාට ඇතුලු කලාකරුවන්ට නාමල්ගේ ගෝලයෝ බිම දමා පහර දෙති. සත්‍ය වශයෙන්ම ලක්ෂ්මන් විජේසේකර යනු සමනලයෙක් වැනි අහිංසකම කලා කරුවෙකි. 

රෝහණ වීරසිංහලා ජැක්සන් ඇන්තනීලා එඩ්වඩ් ජයකොඩිලා හඬා වැටෙන්නේ මෙවැනි තක්කඩියන්ට ඡන්දය දෙන්න කියාය. බලය හා මුදල් ඉදිරියේ අතිජාත මිත්‍රකම්ද හැර දමනා මොවුන්ට කලාව පිහිටියේ මහබඹාට වැරදිලා විය යුතුය.

---------------------------
by   ‘මුඛරි මකරා ලියයි‘   (2014-12-29 21:43:45)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  5 discussion on this news

මහින්ද රාජපක්ෂ වැනි ගොන් තඩි තාත්තලාගෙන් නාමල් රාජපක්ෂ වැනි ගොන් තඩියෝ මිසක, ශීලාචාර දරුවෝ බලාපොරොත්තු විය නොහැක.එසේම මහින්ද රාජපක්ෂ වැනි ගොන් තඩි පාලකයෙක් යටතේ බැබ ළෙන්නේද ගොන් තඩි කළාකරුවෝ මිස ශීලාචාර කළාකරුවෝ නොවෙත්. තල වපුරා උඳු බලාපොරොත්තු විය නොහැකි සේය.
-- by නයනා on 2014-12-30

බලයත් මුදලත් ඉදිරියේ මිත්‍රකම් හැර දමන මුන්ට කලාව තව තවත් පිහිටන්නෙ මහබඹාට වෙන වැරදීමකින් නෙවෙයි, තමන්ගෙ ගෑනුයි දූලයි රාජපක්ෂ අයියල මලයලාගෙයි තාත්තල පුතාලගෙයි සයනාගාරවලට ප්‍රධානය කරන තරමට තමයි.
-- by Nil Balakaya on 2014-12-30

I never thought person like Mr. Modi will do un-due influences for our decisive election by allowing famous actors to participate in MR's election campaign. It is very unfair. Mr Prime Minister should have advised those people accordingly. Anyway, people will gather to see Salaman Khan, but vote will go to Mr. Miththree.
-- by Nimal Rajapaksha on 2014-12-30

meyage kalin nama jackalin nevei. puththunta issella wenavidihakata kiyanawanam Mahinda jacka kalin gahapu nisa meya jackalin une.
-- by s.chandrakumara on 2014-12-30

anee ayi eyata mooda buuruwa kiwwe. ehema nokiya thaththage puta kiwwanan iwaraine.
-- by s.chandrakumara on 2014-12-31

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links