~

ජයන්ති ගෙදර හදන ආප්පය තියෙද්දී ජැකොලයින්ගේ කෑම සූත්‍ර ආප්පයම ඕනෑද? මෛත්‍රී-මහාරාජා යුද නැව් ඩීල් එක ෆික්ස් කරන්න රුසියානු ඒජන්තයා තම පුද්ගලික ජෙට් යානයෙන්ම එයි

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.04, පෙ.ව‍‍‍‍‍.9.30) ඇමරිකාවෙන් එකක් ද, ඉන්දියාවෙන් තව එකක් ද, ජපානයෙන් දෙකක් ද, ලෙස වෙරළාරක්ෂක නෞකා (OPV -Offshore Patrol Vessels) 4 ක් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දී තිබියදී මෛත්‍රී-මහාරාජා කල්ලියට කොමිස් කෑමේ පරම චේතනාව නිසාම ශ්‍රී ලංකාවේ නාවික හමුදාව ‘එපා‘ යයි කියන රුසියානු වෙරළාරක්ෂක නෞකාව රුපියල් බිලියන 24 කට අධික ණය කන්දක් සමග මිලදී ගැනීමට සියළු කටයුතු සූදානම් කරමින් සිටී. 

සන්ඩේ ටයිම්ස් සති අන්ත පුවත්පත වාර්තා කරන පරිදි මෙම කූඨ ගණුදෙනුව ගැන අවසන් සාකච්ඡා නිමා කර ගිවිසුම් අත්සන් කිරීම සඳහා රුසියාවේ අවි ගණු දෙනු කරන ඒජන්සිය වන “Rosoborono export“ හි ලොක්කා ඇලෙක්සැන්ඩර් ඇලෙක්සැන්ඩ්‍රොවිච් මික්හීව් නමැත්තා මේ සතියේ තම පුද්ගලික ජෙට් ගුවන් යානයෙන් තම පුද්ගලික ආරක්ෂකයන්ද පිරිවරා ගෙන ලංකාවට පැමිණීමට නියමිත ය. 

ලංකා ඊ නිව්ස් පසුගිය සැප්තැම්බර් 25 වෙනිදා “ගෝඨාගේ මිග් ඩීල් එක පරාදයි..! අවුරුදු 10 ක් පරණ යුද නැවක් සමග පරණ ජෙට් 6 ක්, හෙලිකොප්ටර් 2 ක්, යුද ටැංකි 33 කින් මහාරාජා සහ ජනාධිපති බෑණා කෝටි දහස් ගණනක ගැහිල්ලක..!“ මැයෙන් ප්‍රථම වරට කරන ලද හෙළිදරව්ව පරදිම මෙකී Gepard 5.1 වර්ගයේ යුද නැවට අමතරව යුද ටැංකි, ජෙට් ගුවන් යානා, හෙළිකොප්ටර්, බෝට්ටු, උණ්ඩ සහ අවි ආයුධ රැසක්ද ලංකාවේ ඇඟේ ගැහීමට ලංකාවට පැමිණෙන රුසියානු ඒජන්තයා කටයුතු කරන බවද සන්ඩේ ටයිම්ස් වාර්තාව සඳහන් කරයි. 

“Rosoborono export“ හි ශ්‍රී ලංකාවේ ඒජන්ත ධූරය මහාරාජා විසින් අත් පත් කර ගත් බවත්, මෙකී මෛත්‍රී-මහාරාජා යුද නැව් ඩීල් එක මගින් ගන්නට යන්නේ පරණ යකඩ ගොඩක් බවත් ලංකා ඊ නිව්ස් ප්‍රථමයෙන් කරන ලද හෙළිදරව්වෙන් පසු මෛත්‍රී-මහාරාජා කල්ලිය දැන් කියන්නේ එය පරණ නැවක් නොව අලුත් නැවක් බවයි. 

කෙසේ වෙතත් ප්‍රශ්නය වන්නේ පෙර කී ලෙස වෙරළාරක්ෂක නෞකා (OPV -Offshore Patrol Vessels) 4 ක් ම ලංකාවට නොමිලේ ලැබී තිබියදී වසර 10 ක් පුරා ශ්‍රී ලංකාවේ මහජනතාව විසින් ගෙවිය යුතු ණයක් ලෙස තවත් නැවක් ගන්නට යන්නේ අහවල් මගුලකට ද යන්නය. ඒ මෛත්‍රී-මහාරාජා කල්ලියට කොමිස් කෑමට මිස අන් කිසිවකට නොවන බව මංචාඩි ඇටයක මොළයක් තිබෙන රටට ආදරේ ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. 

ජයන්ති ගෙදර හදන ආප්පය තියෙද්දී ජැකොලයින්ගේ කෑම සූත්‍ර ආප්පයම ඕනෑද?

මෛත්‍රී-මහාරාජා කල්ලියේ තක්කඩි කම කැපී පෙණෙන කාරණයක් මෙහිදී හෙළිදරව් කළ යුතුය.

පෙර කී වෙරළාරක්ෂක නෞකා (OPV -Offshore Patrol Vessels) 4 න් දෙකක්ම ලබා දෙන ජපානය එකී නෞකා දෙක හදන්නේ ලංකාවේදීම වීම ය. මේ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයෙකු වන අද්මිරාල් ආචාර්ය ජයන්ත කොළඹගේ පසුගිය අප්‍රේල් මාසයේ දී මාධ්‍යයට කරන ලද ප්‍රකාශයක මේ බව සඳහන් වේ. ජපානය විසින් දෙනු ලැබූ රුපියල් බිලියන දෙකහමාරක පමණ ආධාර මුදලකින් හදන මෙම නෞකා දෙක එකක් මීටර් 85 ක් දිග බවත්, ඒවා නවීන යුරෝපීය සැලසුම් අනුව නිපදවන බවත්, වසර 40 ක අත්දැකීම් ඇති ලංකාවේ කොළම්බු ඩොක්යාර්ඩ් පුද්ගලික සමාගම විසින් මේවා නිපදවන බවත් කොළඹගේ මහතා හෙළිකරයි. ඒ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය වන ජයිකා ආයතනයේ සුපරීක්ෂාව යටතේ ය. කොළම්බු ඩොක්යාර්ඩ් ආයතනය ලංකාවේ නාවික හමුදාවට මෙන්ම මාලදිවයිනටද අවශ්‍ය අධිවේගී ප්‍රහාරක යාත්‍රා රාශියක් නිපදවා ඇතැයි හෙළිකරන හිටපු නාවික හමුදාපතිවරයා ඉහත OPV නෞකා දෙක නිපදවීමෙන් පසු කොළම්බු ඩොක්යාර්ඩ් ආයතනයට අනෙකුත් ජාත්‍යන්තර නාවික හමුදා වලට අවශ්‍ය වෙරළාරක්ෂක නෞකාද නිපදවිය හැකි යයි පවසයි. 

දැනට බ්‍රිතාන්‍යයේ නැව් සමාගමක සේවය කරන ශ්‍රී ලාංකික නාවික ඉංජිනේරු මහතෙක්ද මීට සමාන අදහසක් දරන්නේය. ඔහු ලංකාවේ නාවික හමුදාවේ ද, කොළම්බු ඩොක්යාර්ඩ් ආයතනයේ ද සේවය කරන ලද ඉංජිනේරුවෙකු වීම විශේෂය. ඔහු කියා සිටියේ අවශ්‍ය නම් යකඩ තහඩු ටික පමණක් රුසියාවෙන් ලබාගෙන මීට වඩා දියුණු වෙරළාරක්ෂක නෞකාවක් ලංකාවේම හදා ගැනීමට ලංකාවට ශක්තිය තිබෙන බවයි.   

හිටපු නාවික හමුදාපතිවරයාගේද පෙර කී ඉංජිනේරු මහතාගේද ප්‍රකාශයන් අනුව අපට මෛත්‍රී-මහාරාජා කොමිස් කල්ලියෙන් ඇසිය යුත්තේ සත්‍ය තත්ත්වය මෙය නම්, ලංකාවේ මේ නැව් නිපදවිය හැකි නම් රුසියාවෙන් අධික ණය මුදලකට මෙකී OPV වර්ගයටම අයත් වන Gepard 5.1 නෞකාව ගන්නටම දත කන්නේ ඇයි ද? කියා ය. රුසියාවට වඩා තාක්ෂණයෙන් ඉහලින් හිඳින ජපානයට තම වෙරළාරක්ෂක නෞකාව ලංකාවේ නිපදවිය හැකිනම් මෛත්‍රී-මහාරාජාලා රුසියානු නැවක් අධික මිලකට ගන්නේ ඇයි..? මෙය මෛත්‍රීපාල සිරිසේන මහතාට තේරෙන බාසාවෙන් අසනවා නම් ‘ජයන්ති සිරිසේන ගෙදර හදන ආප්පය තියෙද්දී ජැකොලයින්ගේ කෑම සූත්‍රයේ අධි මිල ආප්පයම කන්න ඇති රුදාව මොකක්ද ? කියා ඇසිය යුතුය.

මෛත්‍රීට ඕනෑ අපමණ කොමිස් කුට්ටියක්..

මෛත්‍රී ආවේ “රටකට ඕනෑ අපමණ අගයක්“ කියා නමුත් දැන් කරගෙන යන සෙල්ලම අනුව පෙනෙන්නේ “මෛත්‍රීට ඕනෑ අපමණ කොමිස් කුට්ටියක්“  බව පැහැදිලිය.

දැනට ජර්මනියේ තානාපති ධූරය දරණ හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පසුගියදා පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයෙකුට තමන්ට ආරක්ෂක ලේකම් ධූරය අහිමි වීමට හේතු කියා තිබිණ. මහාරාජාගේ ආයුධ ඩීල් වෙනුවෙන් කටයුතු කරන ෂෙවාන් ඩැනියල් නමැත්තා තමා හමුවී රුසියානු යුද ටැංකි මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව ක්‍රියා කරන ලෙස කීවේ යැයි කරුණාසේන පවසා තිබේ. ෂෙවාන් ඩැනියෙල්ව කරුණාසේන වෙත එවා තිබුනේ සිරිසේන මහතාගේ බෑණා වන තිලිණ සම්පත් බවද කරුණාසේන හෙට්ටිආරච්චි හෙලිකර තිබේ. තමා ෂෙවාන් ඩැනියල්ව එළවා ගැනීමේ ප්‍රතිඵලය වූයේ තමන්ට ආරක්ෂක ලේකම් ධූරය අහිමි වීම බවද කරුණාසේන හෙට්ටිආරච්චි පාපෝච්චාරණය කර ඇත.   

සම්මුති රෙද්දේ එල්ලී සිටින එජාපය මේ දූෂිත යුද නැව් ඩීල් එක පිළිබඳ කට පුක පියාගෙන සිටීමෙන් මෛත්‍රී-මහාරාජා කල්ලියේ ගෝත කරුම වලට තමන්ට ද වන්දි ගෙවීමට සිදුවන බව සිහි තබා ගත යුතුය.

-චන්ද්‍ර ප්‍රදීප්- 

සබැඳි පුවත්
* ගෝඨාගේ මිග් ඩීල් එක පරාදයි..! අවුරුදු 10 ක් පරණ යුද නැවක් සමග පරණ ජෙට් 6 ක්, හෙලිකොප්ටර් 2 ක්, යුද ටැංකි 33 කින් මහාරාජා සහ ජනාධිපති බෑණා කෝටි දහස් ගණනක ගැහිල්ලක..! යෝජනාව ජනාධිපතිගෙන්.!!

* මෛත්‍රී ජනපතිගේ ‘බබා හුකුං‘ කාලය ඉවරයි..! මහාරාජාගේ සහ බෑණාගේ යුද නැව් ගැහිල්ලට විරුද්ධ වූ ට්‍රැවිස් සින්නයියා මාසයකින් ගෙදර යවයි..!! අද්මිරාල්ලා 3 ක් යුද නැව එපා කියලා; ගණන් අරන් නෑ

* මාස 4 කින් ජනාධිපති ‘බල්ලා මාර්ක්‘..! දෛවඥයන් කියලා..!! ඊට කලින් යුද නැව් ඩීල් එකෙන් ගාණ කපන්න හදලා: ටෙන්ඩර් කැඳවා නෑ: කැබිනට් ප්‍රකාශක කීවේ බොරු

* කිලී මහාරාජාට ජනාධිපති බෑණාට කෝටි දහස් ගණනක් කැපෙන දූෂිත යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය: කොමිටියක් දානවාටත් ජනාධිපති මුලදී විරුද්ධ වෙයි

* මෛත්‍රී වාරිමාර්ග ඇමැතිව සිටියදී අල්ලස් ලබා ගත් බව ලෝක බැංකුව පිළිගනී: අල්ලස් දුන් සමාගම බ්ලැක් ලිස්ට්..!

* ජනාධිපති රටේ ආරක්ෂාව දෙවැනියට දා කොමිස් කුට්ටියකට පළමු තැන දී ලංකාවට සිටි හොඳම නාවික හමුදාපති මාස දෙකෙන් ගෙදර යැවීමේ ආනිශංස ඊයේ පාන්දරම අත්විඳී

* බෑණාගේ පපුව පැලෙයි..! මෛත්‍රී-මහාරාජා කූඨ කට්ටුවේ යුද නැව් කොමිස් පාත්තරේට ඇමරිකාව කඩා වැටේ..! ලංකාවට නවීන වෙරළාරක්ෂක නැවක් නොමිලේ.!

---------------------------
by     (2017-12-04 16:41:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  6 discussion on this news

මේ් ආයුධ ගණුදෙණුුවෙන් පස්සෙ ආයුධ සමාගමේ අයිතිකාරයට මාස කීපයක් කොම්පැණිය වහල තිව්වත් පාඩුවක් නෑ!
-- by රෝනි on 2017-12-04

වෙරළාරක්ෂක නෞකා (OPV -Offshore Patrol Vessels) 4 ක් ම ලංකාවට නොමිලේ ලැබී තිබියදී වසර 10 ක් පුරා ශ්‍රී ලංකාවේ මහජනතාව විසින් ගෙවිය යුතු ණයක් ලෙස තවත් නැවක් ගන්නට යන්නේ අහවල් මගුලකට ද ?. ඒ මෛත්‍රී-මහාරාජා කල්ලියට කොමිස් කෑමට මිස අන් කිසිවකට නොවන බව මංචාඩි ඇටයක මොළයක් තිබෙන රටට ආදරේ ඕනෑම අයෙකුට වැටහෙනු ඇත.
-- by සිංහලේ on 2017-12-04

රටකට ඕනෑ අපමණ අගයක් - සිිරාට ඕනෑ කොමිස් කුට්ටියක්
-- by අමරා on 2017-12-04

ඉහල දැනුුමක් තියෙන පුද්ගලයො පවා කරන්න එපා කියපු මේ ආයුධ ඩිල් එක ව‍ෙනුවෙන් ඇයි මෛත්‍රීපාල සිරිසේන මේ් තරම් මහන්සි වෙන්න‍ෙ? රටේ ආරක්ෂාවට වඩා කොමිස් කුට්ටිය සිරිසේනට ලොකුද?
-- by Rasanga Silva on 2017-12-04

ජයන්ති සිරිසේනගෙ ආප්පෙ පේන රැලි ටික ජැකොලයින්ගෙ ආප්පෙ නොපෙනෙන්න හොඳට බිත්තර දාල තියෙන්න.
-- by දම්මික on 2017-12-04

පුද්ගලික ජෙට් යානයෙන් පුද්ගලික ආරක්ෂකයන් පිරිවරා ගෙන ලංකාවට එන්න තියෙන හදිස්සිිය මොකෝ් මේක සාමන්‍ය ගණුුදෙණුුවක් නං?
-- by nimal on 2017-12-04

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links