ජනාධිපති සිරිසේන මහතාණෙනි..! ඔබගේ අකෘතඥකමේ සීමාවක් තිබිය යුතුයි - පෝද්දල ජයන්තගෙන් විවෘත ලිපියක්

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.18, ප.ව‍‍‍‍.2.15) ජනාධිපතිවරයා ගේ ජනමාධ්‍ය මර්දනය පිලිබඳ ප්‍රකට මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් අකෘතඥකමේ සීමාවක් තිබිය යුතු යැයි පවසයි. එම ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ.  

 
පෝද්දල ජයන්ත
[email protected]
12 - 11- 2017

ශ්‍රී ලංකා ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා
ජනාධිපති කාර්යාලය
කොළඹ
ශ්‍රී ලංකාව

මහත්මයාණෙනි.,

අකෘතඥභාවයේද සීමාවක් තිබිය යුතුය.

මහින්ද රාජපක්ෂ ඒකාධිපති පාලන සමයේ එහි නිත්‍ය කොටස් කරුවෙකුව සිට ඔබ ඉන් පිටතට පැමිණියේ, එහි වූ දුර්දාන්ත පාලනය, මනුෂ්‍ය ඝාතන, පැහැරගෙන යෑම්, මහා පරිමාණ වංචා දූෂණ, ජනමාධ්‍ය මර්දනය ඇතුළු දහසකුත් එකක් අපරාධ ඉවසා දරා සිටීමට නොහැකිම තැන යයි පළමු ජනමාධ්‍ය හමුවේදීම රටට කියා සිටියේ ය.

රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති පාලනයට එරෙහිව සටනට පිවිසෙමින් රටේ ජනතාවට අහිමිකර තිබූ ප්‍රජාතන්ත්‍රවාදී සියලු අයිතීන් වහාම ස්ථාපිත කරන බවටද ඔබ සහතික විය.

රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවීමට නම් එහි ජනමාධ්‍ය නිදහස සුරැකිව තිබිය යුතු බවත්, පසුගිය සමයේ ජනමාධ්‍ය වේදීන්ට සහ ජනමාධ්‍ය ආයතන වලට සිදුකළ අපරාධ ගැන වහා පරීක්ෂා කොට අපරාධ කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාවේ යොදවන බවටද ඔබ නොයෙක් තන්හි ප්‍රතිඥා දුන්නේ ය.

ඔබගේ ප්‍රතිඥා විශ්වාසයට ගත් සිවිල් සංවිධාන, සමාජා ජාල ජනමාධ්‍ය, යුක්ති ගරුක මිනිසුන් දස දහස් ගණනින් ඔබ වෙත රොක් වූහ. ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලයට අනුව, එකී පිරිස හැට දෙලක්ෂයක් පමණ විය. මේ පිරිස ඔබ වෙත රොක් වූයේ, ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වූ නිසාවෙන් හෝ, මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී සිගරැට් පැකැට්ටුවේ සියයට අසූවක රූපමය අවවාද දක්වන්නැයි කළ යෝජනාව නිසා හෝ නොව, මහින්ද රාජපක්ෂ දුර්දාන්ත පාලනය රටෙන් ඉවත් කිරීමට පොදු නායකයෙකු අවශ්‍ය වූ නිසා ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාණෙනි,

ඔබ ජනාධිපති ධූරයට පත්ව දැන් තුන් අවුරුද්දකට ආසන්න වෙමින් තිබුනද, ඉහත අපරාධ එකක් දෙකක් හැර අන් ඒවා පිළිබඳ හරි හමන් සොයා බැලීමක් හෝ සිදුකර නැත. සිදුවූ අපරාධ ඔහේ වැළලෙන්නට ඉඩ හැර තිබෙනවා පමණක් නොව, එකී අපරාධ වල මූලාරම්භයට සමාන වෙඩි මුර ඔබේ නායකත්වයෙන්ම පත්තු වෙන්නට දැන් දැන් පටන් ගෙන තිබේ.

මේ විවෘත ලිපිය ඔබ වෙත යොමු කරන්නේ ඒ සම්බන්ධයෙන් මතක් කර දීමට ය. ලිපිය ලිවීමේ හදිසි අවශ්‍යතාවය මතු වූයේ නොබෝදා ඔබේ ඍජු නියෝගයෙන් (ඔබ ඍජු නියෝගයක් දුන් බව එක්තරා ඇමැතිවරයෙකු සමග ඔබ පවසා තිබූ බව මම දනිමි) ‘ලංකා ඊ නිව්ස්‘ වෙබ් අඩවියට පිවිසීම ශ්‍රී ලංකාව තුළ අවහිර කිරීමට අදාලව ය. මේ පළමු මර්දනය ‘ලංකා ඊ නිව්ස්‘ වලට පමණක් සීමා නොවන වග අප අත් දැකීමෙන් දන්නා නිසා ය.

ජනමාධ්‍ය මර්දනය විකිණීම

ඔබ ජනාධිපති පුටුවේ හිඳ ගැනීම පිණිස රටතුළ සිදුවූ අනෙකුත් අපරාධ මෙන්ම ජනමාධ්‍යයට වූ අපරාධ ද විකුණනු ලැබීය. ජනමාධ්‍යයට වූ අපරාධ විකුණනු ලබන විට මේ ලියුම්කරු ඇතුළු අපරාධ වලට ගොදුරු වූ අනෙකුත් මාධ්‍යවේදීන් ද විකුණනු ලැබීය. එම විකිණීම සිදුකරන්නේ රටේ වැළලී ගිය ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත කිරීමට නොවේදැයි සිතා අපි නිහඬව සිටියෙමු. විකිණීම සිදුකෙළේ කෙසේද යන්න පැහැදිලි කරනවා නම්, ඔබේ ජනාධිපතිවරණ වේදිකාවක්, වේදිකාවක්, පාසා රාජපක්ෂලාගේ මාධ්‍ය මර්දනය ගැන බෙරිහන් දෙමින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, කීත් නොයාර් හා මා පැහැර ගැනීමට ලක් කිරීම, වධ හිංසා වලට ලක්කිරීම, උපාලි තෙන්නකෝන්ට එල්ල කළ ප්‍රහාරය සහ ඊ නිව්ස් ඇතුළු මාධ්‍ය ආයතන ගිනි බත් කිරීම්, බෝම්බ ගැසීම් ද ගෙන හැර පෑවෝය. 

එපමණක් නොව, ජනාධිපතිවරණයේ ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් රූපවාහිනී සංවාද වලට එක් වූ පිරිස් රාජපක්ෂලාගේ මාධ්‍ය මර්දනය මන්තරයක් වෙන් ජප කෙළෝය. එපමණක් ද නොව, ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් පළ කළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රචාරක දැන්වීම් වල මේ ලියුම්කරුගේ ඇතුළු මර්දනයට වධ හිංසා වලට, පැහැර ගැනීම් වලට ලක් වූ බොහෝ ජනමාධ්‍ය වේදීන්ගේ ඡායාරූප සහිතව අදාල සිද්ධි පළ කෙළේය. ඔබගේ ජනාධිපතිවරණ ප්‍රචාරණයට අප රිසි සේ විකිණූ බව පෙර සඳහන් කෙළේ මේ නිසාවෙනි. හුදෙක් මේ ලිපිය ඔබ වෙත යොමු කරන්නේ ද එකී විකිණීමට භාජනය වූ පුද්ගලයෙක් වශයෙනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාණෙනි,

අකෘතඥ කමක මහත

ඔබේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලදී සිය දහස් වාරයක් පට්ට ගැසූ නාමයක් වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කළ නඩුව සම්බන්ධව ජනාධිපති ධූරයට පත්ව වසරක් ඉකුත් වීමට පෙර ඔබ ප්‍රසිද්ධියේ කියා සිටියේ කුමක්ද?

“කවුරුත් දන්නා නඩුව, මාස අටක් තිස්සේ රණවිරුවෝ හිරකරගෙන ඉන්නවා“ යනුවෙනි. ඔබ බොහෝ වේදනාවට පත්ව සිටියේ සැකකාර හමුදා නිලධාරීන්ගේ බිරින්දෑ වරුන්ගේ කඳුළු ගැන පමණය. වසර 7 ක් තිස්සේ ප්‍රගීත්ගේ ඡායාරූපය ලය මත තබාගෙන දරු දෙදෙනා සමග කහ රෙදි පොරවා ගත් නරුමයන්ගේ කුණුහරුප ද අසමින් උසාවියක් උසාවියක් ගානේ ඇවිද යන සන්ධ්‍යා එක්නැලිගොඩ ගේ සහ දරුවන් දෙදෙනාගේ කඳුළු ඔබට අමතක විය. 

ඔබේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඔවුන්ගේ කඳුළු විකුණාගෙන ජනාධිපතිධූරයට පත්ව, ඔවුනට පස්ස හැරවීම තරම් තවත් අකෘතඥකමක් මෙලොව තිබේද?

සමාජ ජාල ජනමාධ්‍යයට ගැරහීම

මහින්ද රාජපක්ෂ ඇතුළු නඩය අදත් ප්‍රසිද්ධියේ කියා සිටින්නේ තමන්ගේ පරාජයට සමාජ ජාල ජනමාධ්‍ය බෙහෙවින් බලපෑම් කළ බවයි. ඔබේ ජයග්‍රහණයට සුවිශාල උරදීමක් කළ එකී ජනමාධ්‍ය අද ඔබගේ වෛරයට පාත්‍ර වී තිබේ. ඔබ හැම විටම මේ ජනමාධ්‍ය ගැරහීමට ලක් කරන අතර වරෙක ප්‍රකාශ කෙළේ “මගේ ගෙදර අයටත් මම කියලා තියෙන්නේ ඔය එක එක වෙබ් සයිට් බලන්න එපා කියලයි“ යනුවෙනි.

මේ අකෘතඥකම හැර අන් කවරක් ද ?

රටේ සහ ඉන් පිටත සිට ක්‍රියාත්මක ජනමාධ්‍ය සියල්ල ඇත්ත සහ නිවැරදිම දේ ප්‍රකාශයට පත් කරනවා යයි මේ ලියුම්කරු කිසිසේත්ම පිළි ගන්නේ නැත. නමුත් සියයට සියයක් බොරු කියනවා කියා පිළිගන්නේ ද නැත‍. තමන්ට එරෙහිව වැරදි පුවතක් පළවූවා නම්, ඒ පිලිබඳ නිවැරදි කිරීමක් එවීම යුතු කමකි. එකී නිවැරදි කිරීම පල නොකරන්නේ නම්, ඊට එරෙහිව රටේ පවතින සිවිල් නීතිය යටතේ අපහාස නඩු පැවරීමේ හැකියාව තිබේ. එසේ නොකොට අදාල මාධ්‍ය අවහිර කිරීම, තහනම් කිරීම මුළුමනින්ම ජනමාධ්‍ය මර්දනයකි. තමන්ගේ වරද වසා ගැනීමට කරන නිර්ලජ්ජිත උත්සාහයකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාණෙනි.,

යලි යලිත් පෙන්වන අකෘතඥකම

ඔබ ජනාධිපති පදවියේ දිව්රුම් දුන් අවස්ථාවෙහි රටට කියා සිටියේ කුමක්ද? විධායක ජනාධිපති ධූරය වහා අහෝසි කරන බවයි. ඔබ ජනාධිපති කරවීමට ජීවිතට පරදුවට තබා ක්‍රියා කළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙණ ඉදිරියේ දී ද ශපථ කෙළේ විධායක ජනාධිපති ධූරය අවසන් කරන බවයි. නමුත් දැන් තත්ත්වය කෙබඳු ද? ඔබේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවට විධායක ජනාධිපති ධූරය තබා ගත යුතු යැයි යෝජනා ඉදිරිපත් කෙළේ ඔබේ අනුදැනුම මත නොවේද? මේ පැනය ඔබගෙන් ඇසූ විට ඔබ අදාල ජනමාධ්‍යයට තහංචි දමන්නට ලක ලැහැස්ති වන්නේ නම්, ඔබට ඡන්දය දුන් ලක්ෂ 62 ක් ජනතාව නිහඬව සිටිනු ඇතැයි ඔබ සිතනවා නම් එය මුලාවකි.

අද ඔබට අමතකව තිබුණ ද ජනාධිපතිවරණයේ දී ලැබූ ඡන්ද හැට දෙලක්ෂයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද ලක්ෂ 10 ක් වත් නොතිබූ බව තිත්ත ඇත්තයි. එක්සත් ජාතික පක්ෂයට කවර තත්ත්වයක් යටතේ වුවද ලක්ෂ 45 ක් පමණ ස්ථිර ඡන්ද පදනමක් රට තුළ පවතී. ජනාධිපතිවරණයේ දී ද්‍රවිඩ සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොන්ග්‍රසය සෙසු දේශපාලන පක්ෂ වල ඡන්ද එකතුව ගණනය කළ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබුනු කෙං ගෙඩියක් නැති තරම් ය. එහෙත් අද ඔබගේ කතා විලාසයත්, ජනවාරි 07 වැනිදාත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් බෑඟිරි ගා අද අමාත්‍ය තනතුරු ලබා ගත් පිරිසගේ කතා විලාසයෙනුත් පෙන්නුම් කරන්නේ ඔබ ලැබූ ඡන්ද හැට දෙලක්ෂයම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද හැටියට ය. අකෘතඥතාවයක මහත යැයි මා යළි යළිත් කියා සිටින්නේ ඒ නිසාය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාණෙනි.,

ඊ නිව්ස් තහනම සහ යුද නැව

රුසියාවෙන් මිල දී ගැනීමට වළිකනවා යැයි කියන යුද නැව පිලිබඳ ඊ නිව්ස් ප්‍රවෘත්තිය අසත්‍ය නම් එය වහා නිවැරදි කිරීමට ඊමේලයක් එවීම එතරම් ලොකු වැඩක් නොවේ. ඔබගේ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලෙස විජේදාසගේ පුත්‍රයා තබාගෙන ඉන්නේ මෙවැනි දේට පිළිතුරු දීමට නොවේ නම් ඔහුගෙන් කෝපි හදා ගෙන බොන්නද? අඩුම වශයෙන් එවැනි නිවැරදි කිරීමක් හෝ නොඑවා, මෙවැනි ගැටළු පිළිබඳව වේදිකාවේ පිළිතුරු දෙනවා සේ ඊට නිසි පිළිතුරක් නොදී අදාල වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ තහනම් කිරීම තුළින්ම එකී ප්‍රවෘත්තියේ සත්‍යයක් ඇතැයි සිතීමට අප පොළඹවා ඇත. ලංකාවේ සිදුවූ බැඳුම්කර ගණුදෙනුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අධික ලාභයක් උපයා ගෙන තිබේ නම්, එය දූෂනයක් යයි ඔබ කියන්නේ නම් නාවික හමුදාව එපා කියද්දීත් රුසියාවෙන් නුසුදුසු යුද නැවක් අධික මිලකට මිලදී ගැනීමට යාමත්, දියණිය ගේ දැන්වීම් සමාගමට ලැබෙන රාජ්‍ය අනුග්‍රාහකත්වය ගැනත් සොයා බැලිය යුතු නොවේද?

ඉහත සිද්ධි ගැන ප්‍රවෘත්ති පල වීම, තම ජනමාධ්‍ය වාරණයට ලක් කර ගැනීමකැයි අනෙකුත් ජනමාධ්‍ය ආයතන දැන් ‘කල්පනා‘ කරනු ඇත. තොරතුරු දැනගැනීමේ පනත ගෙන ආවාට සැබෑ ලෙසම තොරතුරු දැන ගැනීමට එරෙහි වැට බැඳෙන්නේ ඉහත ‘කල්පනාවන්‘ හෙවත් ‘ස්වයං වාරණය‘ තුලය. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාණෙනි.,

වාරණයේ දී ඔබ රාජපක්ෂලාටත් වඩා දරුණුය

ඔබ සමගවත් ඔබගේ දියණිය ව්‍යාපාර ගැනවත් අපට පෞද්ගලික ආරෝවක් නැත. ජනාධිපති මහින්ද රාජපක්ෂ සමගවත් ගෝඨාභය රාජපක්ෂ සමගවත් අපිට කිසිදු පෞද්ගලික ආරෝවක් නොපැවතුනි. අපට තිබුනේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වීමත් බදු ගෙවන ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතියට අවහිර  නොකිරීමත් පමණි. 

ජනමාධ්‍ය යනු හතරවැනි රාජ්‍යයයි. ඒ විධායකයේත්, ව්‍යවස්ථාදායකයේත්, අධිකරණයේත් සිදුවන අකටයුතු කම් රටේ මහජනතාවට දැනුම් දීමට තිබෙන එකම මග ජනමාධ්‍ය වන බැවිනි. ඊට නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ තිබිය යුතුය. අපට තිබෙන ගැටළුව නම් මහින්ද රාජපක්ෂලාගේ දුර්දාන්ත පාලන කාලයේ තිබූ ජනමාධ්‍ය මර්දනය නවතා රටේ සමස්ත ජනයාගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ස්ථාපිත කිරීමට පැමිණි ඔබ වසර දෙක ඉක්ම යනවාත් සමග මර්දනයේ මුගුර අතට ගැනීමේ ගැටළුවයි. එයද මහින්ද රාජපක්ෂ කළාටත් වඩා දරුණු ලෙසය. රාජපක්ෂ වෙබ් අඩවි වාරණය කෙළේ අධිකරණ නියෝගයක් ලබාගෙන වුවද අද ඔබ ලංකා ඊ නිව්ස් වාරණය කර ඇත්තේ කිසිදු අධිකරණ නියෝගයක් නොමැතිවය. දැන ගන්නට ඇති අන්දමට රාජපක්ෂලා වෙබ් වාරණය කෙළේ නමින් පමණි. අයි.පී අංකයන්ගෙන් පිවිසීමට හැකියාව තිබිණ. අද ඔබ වාරණය කර ඇත්තේ අයිපී අංකයද වාරණය කරමිනි. තමන්ට විරුද්ධ වූවන්  රාජපක්ෂලා සුදුවෑන් වලින් පැහැර ගෙන  වගකීමක් බාර නොගත්තා සේ මේ වාරණය ගැනද කිසිවෙකු වගකීමක් ගන්නේ ද නැත. එබැවින් මේ සිදුවීම රටේ ජනමාධ්‍ය නිදහසෙහි ලා බරපතල ය.

ස්වාධීන ජනමාධ්‍ය නියාමනයක් රටතුළ ස්ථාපිත කොට ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවාට යහතින් දිවි ගෙවීමට ඉඩ දෙන මෙන් අවසන් වශයෙන් ඉල්ලා සිටිමි

ස්තූතියි

මෙයට 
විශ්වාසී

පෝද්දල ජයන්ත 

හිටපු ලේකම් - වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය

---------------------------
by     (2017-11-19 07:28:50)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  5 discussion on this news

ගමරාලගෙයි ගොබ්බ උපදේශකයන්ගෙයි වාරනේට උත්තර දෙන්න පොඩි කොල්ලො පවා දන්නව දැන්
-- by asad on 2017-11-18

ඔබ බොහෝ වේදනාවට පත්ව සිටියේ සැකකාර හමුදා නිලධාරීන්ගේ බිරින්දෑ වරුන්ගේ කඳුළු ගැන පමණය. වසර 7 ක් තිස්සේ ප්‍රගීත්ගේ ඡායාරූපය ලය මත තබාගෙන දරු දෙදෙනා සමග කහ රෙදි පොරවා ගත් නරුමයන්ගේ කුණුහරුප ද අසමින් උසාවියක් උසාවියක් ගානේ ඇවිද යන සන්ධ්‍යා එක්නැලිගොඩ ගේ සහ දරුවන් දෙදෙනාගේ කඳුළු ඔබට අමතක විය.
-- by රංජිත් on 2017-11-18

වෙබ් සයිට් බලන්න එපාය කියල සිරිසේන කිව්වට සිරිසේනම ඒව බලපු නිසානෙ තදවෙල තහනම් කරේ
-- by තග් on 2017-11-18

Wndurekuta dalipihiyak baaradeela karagaththay vinaasayak wagei.
-- by Ronie on 2017-11-18

යහ පාලනේ යහ පාලනේ ලිච්චවී කිය කිය එක එක හුත්තවල් කිය කියා අපිව ඇන්දුවට සහ මිනිස්සුන්ට උද්ෙඝා්ශන සහ තරමක් දුරට විවේචන කරන්ඩ නිදහස දුන්නට රටේ තීරනාත්මක මහා පරිමාන හොරකම, දූෂනය, වංචාව, රාජ්‍ය දේපල අවභාවිතාව, රටේ ප්‍රධාන පුරවැසියාගේ පවුලේ දූෂන ගැන කතා කිරීම, විවේචනය කිරීම සහ ජනතාව දැනුවත් කිරීම කියන කාරනා වලදී ඔය කියන යහපාලන ලිච්චවි සංකල්ප එකක්වත් ක්‍රියාත්මක වෙන්නෙ නෑ සහ මහින්ද රාජපක්ෂගෙ ක්‍රමයම තවදුරටත් පවත්වාගෙන යනවා කියන එක තමයි මේ ඊනිව්ස් තහනමින් ඔප්පු වෙන්නෙ. දැං මුං ඔය ගෙනාවයි කියන තොරතුරැ දැනගැනීමේ පනත ලෝකෙ අංක 1 ද 2 ක ද කිය කියා උඩ පැන පැන හිටියනේද පහුගිය ටිකේ? උඩ පැන්න පැරට දැං මුංගෙ යටකෑලි ටික හැලිල. දැං තමයි මුංගෙ යහපාලනයේ හෙලුව නියමෙටම බලාගන්න පුලුවන් වෙලාව. ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන ඒ බදු මුදල් වලින්ම උංගෙ ගෙවල් වල ගෑනු, ලමයිත් යැපෙන කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරැ කියාගන්නා හුත්තිගෙ පුතාලා දෙන්නෙක්මත් ඉන්නව නේද? දැං මුං රෙදි ඇඳ ගෙනද ඔය මාධ්‍ය ප්‍රකාශ කියන රෙද්දවල් තියන්නෙ? එක වගකිවයුතු බල්ලෙක් මේ තහනම ගැන වචනක් කියන්නෙ නෑ. මුං මේ රට හොරකම් කරන්නෙ රටේ හතරවන ආන්ඩුව වහගෙනයි. අද ලංකාවේ නියම ප්‍රජාතන්ත්‍රවාදය මේ තහනමත් එක්ක අවසන් වුනා. ඊ නිව්ස් ආවරනය කරපු තොරතුරැ විශ්ලේෂනය කිරීමේදී නියම ප්‍රජාතන්ත්‍රවාදී රටක හතරවන ආන්ඩුවක් ආවරනය කල යුතු රටේ මර්මස්ථාන තමයි එයින් ආවරනය කර ඇත්තේ. රටේ වෙනත් කිසිම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යකින් මෛ‍ත්‍රිපාලගේ සහ කිලී මහරාජාගේ යුධ නැව් සහ තරංග වංචා, සිරිසේන පව්ලේ රජයේ වරප්‍රසාද වලට මුවාවී කරන ඤාති සංග්‍රහ සහ ව්‍යාපාර, දේශපාලන ඩීල්, දූෂන වංචා සහ ඒව පිලිබඳ පරීක්ෂන යට ගැසීම්, ත්‍රිවිධ හමුදාපති වරැ සහ උසස් රාජ්‍ය නිලයන් පත්කිරීමේදී දූෂිතයින් සහ නුසුදුස්සන් පත් කිරීම සහ සුදුස්සන් කපා හැරීම ආදී රටේ යහ පැවැත්මට, නිවැරදි රාජ්‍ය පාලනයට සහ රටේ යහපත් ඉදිරි අනාගතයට අත්‍යවශ්‍යයෙන්ම වැදගත් කරැනු රාශියක් ඊ නිව්ස් විසින් ආවරනය කරන ලදි. මහින්දගේ රෙද්ද අස්සේ නන්නත්තාර වී සිකරට් පෙට්ටියට ලේබලයක් ගසා ගැනීමට බැරිව උසාවි ගානේ බඩ ගගා උසාවියේ බංකුව උඩ වේලි වේලි හිටපු මෛත්‍රිපාල සිරිසේන කියන ගොබ්බ හාල් පාරැවා ජනාධිපති කිරීමට අවශ්‍ය තීරනාත්මක බුද්ධිමත් චන්ද ලක්ෂ කීපයක් එහා මෙහා කිරීමට ඊ නිව්ස් මගින් දක්වන ලද දායකත්වය නොවන්නට අද සිරිසේනලා සිටිනුයේ අඩි 6 ක් යට හෝ පොන්සේකා මෙන් බන්ධනාගාර ගතවය. ඒ සඳහා අවශ්‍ය නඩුව ජනාධිපතිවරන චන්ද සටන කාලයේම රාජපක්ෂලා විසින් කරලියට ගෙනෙන ලදි. ඊනිව්ස් කියවන පාඨකයින් විසින් තමුන් ලබා ගත් දැනුම සහ තොරතුරැ සාමාන්‍ය ජනතාව වෙත සන්නිවේදනය කර ඒ ජනතාවද දැනුවත් කර චන්දය තීරනාත්මක ලෙස රාජපක්ශලාට අහිමි වෙන ලෙස කරන ලද දායකත්වය අනිත් කරැනය. මේවා නිකම් එදිනෙදා වේල පිරිමහ ගැනීමට කරන තාවකාලික මත එහා මෙහා කිරීම් නොව තාර්කික පදනමක් තුල ස්ථාවරව පිහිටුවන ලද පදනම්ය. මේ පදනම් සහ ප්‍රවනතාවන් රටේ ඉදිරි මැතිවරනවලදීද යොදා ගැනෙනු ඇත. ආප්පයක් කා ප්ලේන්ටියක් බී අත්දෙක වන වනා විත් ජනාධිපති වී දවස් දෙකෙන් ජනවරමට පයින් ගසා තමුන්ගෙන් දින දෙකකට කලින් චන්දය දුන් ජනතාව කිසි සේත් බලා පොරොත්තු නොවූ තමන් විසින්ම පැරදවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම බදාගැනීම, නුගත් ගංකබර ශ්‍රීලංකා කාරයෙක් වූ සිරිසේනට, රාජපක්ශ වැනි ඒකාධිපතියෙකු ගෙන් රට මුදවාගෙන එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක තිබිය හැකි සෑම දියුනු අංශකින්ම පොහොසත් කර ඉදිරියට ගෙනයාම සහ ඒ සඳහා තිබිය යුතු අනුල්ලාංඝනීය මූලික අඩිතාලම් පිලිබඳව, තමුන්ගෙන් ජනතාව මැන්ඩේටයක් ලබා දි බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා හෝ තමුන්ගේ රාජකාරිය කුමක්ද කියා හෝ මෙලෝ අවබෝධයක් නැත. මෙම වාරනය පිලිබඳව, සුලු සුලු කොස්මැටික් සර්ජරීස් පමනක් සිදු කර මුලික වශයෙන්ම රාජපක්ෂලාගේම මර්ධන කාරී සහ දූෂිත පාලනයම ඉදිරියට රැගෙන යන වත්මන් ආන්ඩුව වෙතින් කිසිම සාධනීය පියවරක් ගනීවි යැයි කියා බලා පොරොත්තු තැබිය නොහැක. දැන් මෙම කරැන ජාත්‍යන්තර තලයේ ලෝක අවධනයට රැගෙන යා යුතුය. තොරතුරැ දැනගැනීමේ පනතේ රේටිං එක පහත දැමීමට ඉල්ලිය යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ලෝකයේ වෙනත් ආයතන මගින් පවත්වාගෙන යනු ලබන රටවල්, රාජ්‍යයන්, රාජ්‍ය ව්‍යුහයන් සහ රාජ්‍ය ආයතන සහ ක්‍රමෝපායන් රේටිං කරන ආයතන වෙත මේ පිලිබඳ දැනුවත් කර අනතුරැ හැඟවීම් නිකුත් කර ගත යුතුය. සිරිසේනයා මීලඟ ජාත්‍යන්තර සමුලුවේදි සිංහලෙන් කොස් පැලීමට යන දිනට මේ තත්තවය පිලිබඳව ඔහුව විවේචනය කරවීමට සහ ඔහුට දුන් පිලිගැනීම පහත හෙලීමට යෝජනා කල යුතුය. නව ව්‍යවස්ථාව සම්මත කිරීම, රාජපක්ෂලාගේ සොරකම් මිනීමැරීම් වලට දඬුවම් කිරීම, වත්මන් ආන්ඩුවේ දූශන නතර කිරීම වැනි රටේ ජනතාව බලා පොරොත්තු වූ සියලුම කාරනා මේ වාරනය හරහා යටපත් කර යහපාලන යැයි කියා ගන්නා මේ අවලං ආන්ඩුව හොරගල් අහුලමින් සිටී. ඒ කුමකට දැයි කියා නුදුරේම ප්‍රකට වනු ඇති. පෙනෙන්නට තිබෙනුයේ සිරිසේන විසින් එජාප විරෝධතාවයක් සහ රාජපක්ශ සහ රන විරැවන් ආරක්ෂා කරන්නෙමියි රංගනයක් පෙන්වා රාජපක්ශලාගේ චන්ද පදනම තමුන් වෙත හරවා ගැනීමට දරන ප්‍රයත්නයක් ලෙසයි. නමුත් සිරිසේනට එසේ රාජපක්ශ පදනමට කතා කිරීමට හැකි වී ඇති බවක් නොපෙනේ. නමුත් මේ ආකාර දූශිත සහ ව්‍යාජ රඟපෑමක් මගින් සාදා ගැනීමට තැත් කරන ශ්‍රීලනප චන්ද පදනමට වඩා ලක්ෂ 62 ක් බලා පොරොත්තු වූ රටේ කල යුතු අත්‍යාවශ්‍ය ප්‍රතිස්ංසකරනයන් සිදු කර මේ රට දියුනු සහ උගත් රටක් බවට පත් කිරීම තුලින් සිරිසේනට තමුන්ගේම කියා ගෞරවනීය පරිච්චේදයක් ලංකා ඉතිහාසයේ ලියා ගැනීමේ අවස්ථාවක් ඇත (ඇත්ත වශයෙන්ම ඒ අවස්ථාව ඇන් වියැකෙමින් අවසානයට පැමින ඇත). එවැනි ඉතිහාසය අලුතෙන් නිර්මානය කල පුද්ගලයින් ලොව පහල වී ඇත. ලංකාවේ ජේආර් එදා සැන්පැරැන්සින්කෝස් සමුලුවේදී ලංකාව නැමැති කුඩා දූපත නියෝජනය කරමින් කරන ලද එක් බුද්ධිමත් කතාවක් මගින් නව ජපානය බිහිවුනි. ජපන් ජනතාව අදටත් ජේආර් ගේ පිලිරැවක් තනාගෙන එයට තමුන්ගේ රටේ නිර්මාතෘ හැටියට ගෞරව කරති. නමුත් ලංකාවේ ඉන්නා නූගතුන් ජේආර් යන අකුරැ දෙකටත් බයය. ලංකාවේ ඉන්නෙ බයියන් කියන්නේ මේ නිසාය.
-- by silva on 2017-11-19

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more