(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.07, පෙ.ව.11.30) මෛත්‍රී -මහාරාජා කූඨ කට්ටුව විසින් දැවැන්ත කොමිස් කුට්ටියක් ඩැහැ ගැනීම සඳහා මිලදී ගැනීමට ගිය රුසියානු පරණ යුද නැව් ඩීල් එකට කණ කොකා හඬා තිබේ.
ඇ.ඩො. මිලියන 88 ක් හෙවත් රු. කෝටි 1346 ක් රටට පාඩු කරමින් ඇ.ඩොලර් මිලියන 135 ක් වියදම් කර අති විශාල කොමිස් කුට්ටියක් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ‘එපා එපා‘ යයි කියද්දී නාවික හමුදාපතිවරයා ද මාස දෙකෙන් ගෙදර යවා නියම වටිනාකමට වඩා දෙගුණයක පමණ අධික මිලකට රුසියාවෙන් Gepard Frigate class පරණ යුද නැවක් මිලදී ගැනීමට තටමද්දී ඇමරිකාව විසින් ලංකාවේ වෙරළ ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියළු අංගෝපාංග වලින් සමන්විත (හෙලිකොප්ටර්, හෙලි පෑඩ්) නවීන තාක්ෂණයෙන් යුත් Secretary Class High Endurance Cutter වර්ගයේ වෙරළාරක්ෂක නෞකාවක් නොමිලේ ලබා දීමට කැමැත්ත පළ කර තිබේ.
මේ බව සඳහන් වන්නේ පසුගියදා ලංකාවේ සංචාරයකට පැමිණි ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් (දේශපාලන) තෝමස් ෂැනොන් මහතා ඊයේ රටින් නික්ම යෑමට පෙර නිකුත් කරන ලද ඇමරිකානු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශයේ ය. එහි මෙසේ සඳහන් වේ.
“දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශවීය සබඳතාවල සහ දිනෙන් දින පෘථුල වන ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපද ක්‍රියාකාරකම්වල සලකුණක් වශයෙන්, කොංග්‍රස් මණ්ඩලය මගින් නිවේදනය කිරීමේ ක්‍රියා පටිපාටිය සම්පූර්ණ කිරීමට යටත්ව, ශ්‍රී ලංකා නාවික හමුදාවට දෙවැනි එක්සත් ජනපද වෙරළාරක්ෂක යාත්‍රාව පිරිනමන බව එක්සත් ජනපදය නිවේදනය කෙළේය. ලේකම් පන්තියට අයත් ඉහළ දරාගැනීමේ ශක්තියකින් යුත් මෙම යාත්‍රාව (Secretary Class High Endurance Cutter) හේතුවෙන් ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී ලෙස සිය වෙරළ තීරය සහ විශේෂිත ආර්ථික කලාපය මුරකිරීමටත්, සිය වෙළඳ හා සන්නිවේදන මුහුදු මාර්ග ආරක්ෂා කරගැනීමටත් හැකි වනු ඇත.“
ඇමරිකාව මීට පෙර එජාප වසර දෙකේ ආණ්ඩු කාලයේ දී ද මෙවැනිම ආරක්ෂක නැවක් නොමිලේ ලබා දුන් අතර අවසන් ඊලාම් යුද්ධයේ දී සැතපුම් 1500 ක් පමණ ඈත දියඹට ගොස් එල්ටීටීඊ නෞකා විනාශ කිරීමට එකී නැව මහෝපකාරී විය.
මේ අනුව මෛත්‍රී-මහාරාජා කූඨ කට්ටුවට කොමිස් කුට්ටි නිසාම අවශ්‍ය වී තිබෙන මහා ධනයක් වියදම් කර මිලදී ගැනීමට තටමන රුසියානු පරණ යුද නැව මිලදී ගැනීමේ අවශ්‍යතාවය අහෝසි වනු ඇත. යුද නැව් ඩීල් එකෙන් කෝටි ගණනක් කොමිස් බලාගෙන දැනටමත් සිංගප්පූරුවේ ගිණුම් පවා අරඹා ඇති සිරිසේන බෑණාගේ පපුව පැලෙනු ඇති වුවද නොමිලේ වෙරළාරක්ෂක නවීන නෞකාවක් ලැබේ නම් මහා ණයක් වී යුද නැවක් මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් අප වැනි දූපත් රාජ්‍යයකට තිබිය නොහැකිය.
රුසියානු ණය ආධාර යටතේ ඉතිරි මුදල වන ඉහත කී ඩොලර් මිලියන 135 ලබා ගත යුතුම නම් දැන් ඉන් පරණ යුද නැවක් වැනි අනවශ්‍ය ගිනි ගෙඩියක් නොව රටට ලාභයක් උපයා ගත හැකි යන්ත්‍රෝපකරණ හෝ සංවර්ධන ක්‍රියාවලියට ඵලදායක වන වෙනත් භාණ්ඩ ලබා ගත හැකි වනු ඇත. අඩුම ගණනේ ඩොලර් මිලියන 135 ණය ගෙවීමට උදව්වක් වන මුදලක් උපයා ගත හැකි දෙයකට අවශ්‍ය භාණ්ඩ මිලදී ගත හැකිය.
එවැන්නකින් මෛත්‍රී-මහාරාජා කල්ලියට කොමිස් නොලැබේ නම් ඔවුන් ට්‍රැවිස් සින්නයියා මාස දෙකෙන් විශ්‍රාම යැවුවා සේ කුමන හෝ කෙබරයක් ගසා වෙනත් භාණ්ඩ මිලදී ගැනීමකටද කටුව ගසනු ඇත. ඇමරිකාවෙන් නිකම් දෙන යුද නැව ‘කුමන්ත්‍රණයක්‘ කියා රුසියානු යුද නැවම මිලදී ගත යුතු යැයි පරසක්වල ගසනු නිසැක ය. සමහර විට ශිරාල් ලක් තිලකගේ අනුනායක හමුදාව පෙරට ඒමට ද පිළිවන. ජනතාව අවදියෙන් සිට රටට යහපත් දේ වෙනුවෙන් සටන් කළ යුතුය. මන්ද මේ ණය මුදල් ගෙවිය යුත්තේ සිරිසේනලා හෝ මහාරාජාලා හෝ නොව මහජනතාව විසින් බැවිනි.
(මෛත්‍රී-මහාරාජා කූඨ කට්ටුව විසින් මිලදී ගැනීමට තටමන රුසියානු Gepard Frigate class වර්ගයේ යුද නැවක සහ ඇමරිකානු Secretary Class High Endurance Cutter වෙරලාරක්ෂක නෞකාවක සේයාරූ මෙහි දැක්වේ - ඇමරිකානු ශ්‍රී ලංකා ඒකාබද්ධ සම්පූර්ණ ප්‍රකාශය පසුව පළවෙනු ඇත)
---------------------------
by (2017-11-08 02:12:19)
Leave a Reply
Thanks E news saving my country from political robbers. You see in Sri Lankan Universities any single educated person did not say any single word against this corruptive deal. That means now everybody know that Sri Lankan Universities are full of fake and bogus professors and joke local PhD holders. Likewise Geetha's Parliament MP case, all the salary money received so far covering to fake professor titles by jokers must be get back.
-- by Nawodha on 2017-11-07
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි