ජනාධිපති මාධ්‍ය ඒකකයේ ‘අතේ කුරුල්ලෝ‘ ට්‍රැවිස් සින්නයියා රණවිරුවාට මඩ ගසති -මෛත්‍රීගේ හිටපු නි.මාධ්‍ය අධ්‍යක්ෂ හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.06,  ප.ව‍‍‍‍.12.10) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහජන මුදල් වියදම් කරමින් තම මාධ්‍ය ඒකකය යටතේ පවත්වාගෙන යන මඩ වෙබ් අඩවි සහ ෆේස් බුක් කිහිපයක් මගින් තමා විසින් මාස දෙකෙන් ගෙදර යැවු හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා නමැති අනභිබවනීය රණවිරුවාට අවලාද සහ මඩ ගැසීමේ නීච, දීන, පාහර ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. 

මෙම මඩ වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය විසින් මෙහෙයවන බව හෙළිකරන්නේ ජනාධිපතිවරයාගේම හිටපු නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙකු වන ඕෂල හේරත් මහතා ය. 

ඔහු විසින් සාක්කි සහිතව හෙළිකරන එකී මඩ වෙබ් අඩවි සහ ෆේස් බුක් අඩවි නම් ‘අඬහැරය‘, ‘බ්‍රෝ‘, ‘කලම්බු ට්‍රිබියුන්‘ සහ ‘මහජනතාව‘ යන ඒවා ය. (ඒවා විසින් සින්නයියා මහතාට මඩ ගැසූ ආකාරය සනාථ කෙරෙන සේයාරූ මෙහි දැක්වේ)

ලංකා ඊ නිව්ස් පසුගිය 03 වෙනිදා “ජනාධිපති රටේ ආරක්ෂාව දෙවැනියට දා කොමිස් කුට්ටියකට පළමු තැන දී ලංකාවට සිටි හොඳම නාවික හමුදාපති මාස දෙකෙන් ගෙදර යැවීමේ ආනිශංස ඊයේ පාන්දරම අත්විඳී“ නමැති ප්‍රවෘත්තිය පළ කිරීමෙන් පසුව එහි සඳහන් කරුණු වලට පිළිතුරු නොදී ඉහත කී අඩවි මගින් ට්‍රැවිස් සින්නයියා මහතාට අවලාද සහ මඩ ගැසීමේ පුවත් පළ කර තිබීම විශේෂිත ය. මෙහිදී එකම පුවත මේ සියලුම අඩවි වල සිරස්තලය පමණක් වෙනස් කරමින් පළ කර තිබීම ද විශේෂිතය. ඕෂල හේරත් මහතා හෙළිකරන පරිදි මේවා සියල්ල ජනාධිපතිගේ මාධ්‍ය ඒකකය විසින් මෙහෙයවන ඒවා බවට තවත් සාක්කියක් ලෙස සැලකිය හැක්කේ මේවා සියල්ලම එජාප නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට සහ එහි අනෙකුත් ප්‍රධාන පෙළේ නායකයන්ට මඩ ගැසීමත් ජනාධිපතිවරයා පුම්බා ලිපි පළ කිරීමත් කර තිබීම ය. ඒ සියලුම ලිපිද එකම ලිපිය සිරස්තල කිහිපයකින් පළ කර තිබීමෙන් ඕෂල හේරත් මහතාගේ ප්‍රකාශය සනාථ කරයි.

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට මෙකී මඩ ව්‍යාපාරයන් ගෙන යන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකය පමණක් නොවේ ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන මුදලින් වැටුප් ලබන ආරක්ෂක මාධ්‍ය ලේකම් රඛිත රාජපක්ෂ විසින්ද ‘කලම්බු ජර්නල්‘ ඇතුළු මඩ අඩවි රැසක් පවත්වාගෙන යයි. අමාත්‍යාංශ ලේකම්වරයෙකු පුද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යෑම නීති විරෝධී වුවද මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ පිලිබඳ වගේ වගක් නැත. රඛිත රාජපක්ෂට අයත් ‘කොෆි නොයර්‘ නමැති ‘කොෆි ෂොප්‘ ජාලයේ ශාඛා විවෘත කිරීමට සිරිසේන මහතාම සහභාගී වෙමින් එකී නීති විරෝධී ක්‍රියාවට ඔහු අනුග්‍රහය දක්වයි. 

කෙසේ වෙතත් ලංකා ඊ නිව්ස් කළ සොයා බැලීම් වලදී දැන ගන්නට ලැබුනේ සිරිසේන මහතාගේ මෙම මඩ මෙහෙයුමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ඔහුගේ සමාජ ජාලා මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ‘සමීර ද සිල්වා‘ නමැත්තා බවයි. (මෙහි සේයාරුවක දැක්වේ) මෙකී පුද්ගලයා කිලී මහාරාජාගේ සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශයේ සේවය කරද්දී, එක් රාත්‍රී සේවා කාලයක තම කාර්යාලය තුලදීම අන්තර්ජාලයේ නිල් චිත්‍රපට බලමින් ස්වයං වින්දනයේ යෙදී හසුවූවෙක් බවද ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වී තිබේ. සීසීටීවී කැමරා මගින් සාක්කි සහිතව සනාථ වීමෙන් අනතුරුව කිලී මහාරාජා ඔහුව කැඳවා එසේ කාර්යාලය තුල ස්වයං වින්දනයේ යෙදුනේ මන්දැයි විමසා ඇත. සමීර ද සිල්වා පවසා ඇත්තේ තමන්ට ලැබෙන වැටුපෙන් ගෙදරදී නිල් චිත්‍රපට බැලීමට අන්තර් ජාලයට ගෙවීමට මුදල් නැති බැවින් තමන් කාර්යාල වේලාවේ දී කාර්යාලයේ පරිඝණක භාවිතා කර එය සිදුකළ බවයි. එවැනි අවලම් ක්‍රියාවක් ඕනෑම ආයතනයක සාමාන්‍යයෙන් දඬුවම් ලැබිය යුතු වරදක් වුවද කපටි සහ අසංස්කෘතික පුද්ගලයෙක් වන කිලී මහාරාජා කර ඇත්තේ සමීර ද සිල්වාට උසස් වීමක් ලබා දී පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකයට අනුයුක්ත කිරීමයි. ඒ අන් කිසිවකට නොව ඔහු කොතැන සිටියද කිලී මහාරාජාට සේවය කරන වහලෙකු සේ තබා ගැනීමට ය. මෝඩ මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ‘අතේ කුරුල්ලාව‘ තමාගේ සමාජ ජාලා මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස පත් කර ගත්තේ කිසිදු සොයා බැලීමකින් සහ හිරිකිතයකින් තොරව ය. දැන් ඔහුට ජනාධිපති කාර්යාලයෙන් වැටුපක් ලැබෙනවා සේම කිලී මහාරාජාගෙන්ද වැටුපක් ලැබේ. තම සුපුරුදු සෙල්ලම ජනාධිපති මාධ්‍ය අංශයේ පරිඝනක භාවිතා කරමින් කිරීමට දැන් ඔහුට කිසිදු බාධාවක් නැත. 

ට්‍රැවිස් සින්නයියා වැනි රටට පහළ වූ දුර්ලභ වීරයන්ට මඩ ගසන්නේ මෛත්‍රීගේ සහ කිලීගේ මෙවැනි ‘අතේ කුරුල්ලන්ය‘.

මේ අතර ජනාධිපතිවරයා පසුගියදා කටාර් දේශයට ගොස් ලංකාවේ සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි වලින් කියන්නේ 99% ක්ම බොරු යැයි කී ප්‍රකාශය කෙරෙහිද කටාර් හි ශ්‍රී ලාංකිකයෝ විරෝධය දක්වති. ලංකා ඊ නිව්ස් ඇමැතූ බොහෝ දෙනෙකු කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් කටාර්හි වෙසෙන තමන් ඇත්ත නැත්ත සොයා ගැනීමට බැරි මිනිසුන් ලෙස සලකා අවඥාවට ලක් කළ බවයි. සමාජ මාධ්‍ය හෙවත් ෆේස් බුක් යනු සමාජයේම කැඩපතක් බවද සියළු දෙනා සත්‍ය නොකීවත් 99% ක්ම දෙනා කියන්නේ අසත්‍යයයි විදේශයකට ගොස් පැවසීම  තම රටේ ජනතාවම අගෞරවයට ලක් කිරීමක් බවද අප ඇමැතූ කටාර් ශ්‍රී ලාංකිකයෝ පැවසූහ. 

ජනාධිපතිවරයා කියන පරිදි ඇත්ත කියන 1% ට අයත් වන්නේ ඔහුගේ ‘අතේ කුරුල්ලා‘ සහ ආරක්ෂක මාධ්‍ය ලේකම් මෙහෙයවන මඩ අඩවි පමණක් විය යුතුය. 

රාජපක්ෂ රෙජීමයේ අති බිහිසුණු මාධ්‍ය මර්දනයට එරෙහිව එකදු ෆේස් බුක් පිටුවක් හෝ ආරම්භ කිරීමට කොන්දක් නොතිබූ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ හෙංචයියන් ජනවාරි 8 වෙනිදා ජය ගත්තේ ප්‍රධාන වශයෙන්ම ලංකා ඊ නිව්ස් ඇතුළු වෙබ් අඩවි 3-4 ක් මගින් ගෙන ගිය මාධ්‍ය මෙහෙයුමත් ඊට සහාය පළ කළ සමාජ ක්‍රියාධරයන්ගේ බ්ලොග් අඩවි සහ ෆේස් බුක් ඇතුලු සමාජ ජාලා වලින් ලද සහායත් මතින් මිස අද ඔහු සමග එක්ව මහජන මුදලින් මඩ ගහන ‘අතේ කුරුල්ලන්‘ නිසා නොවේ. 

එදා රාජපක්ෂ රෙජීමය නිදහස් මාධ්‍යයට එරෙහිව මාධ්‍යවේදීන් ඝාතනයත්, මාධ්‍ය ආයතන ගිනි තැබීමත්, මාධ්‍ය තහනම් කිරීමත්, අද මෛත්‍රී-කිලී සහ නීචයන් කල්ලිය විසින් මහජන මුදලින් කරගෙන යන මඩ ව්‍යාපාරයත් අතර ලොකු වෙනසක් නැත. දෙකෙන්ම පාලකයා බලාපොරොත්තු වන්නේ සත්‍ය වළලා දැමීම ය.

-චන්ද්‍ර ප්‍රදීප් විසිනි-  

---------------------------
by     (2017-11-06 06:44:34)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

The black library is what colour?

  10 discussion on this news

Nodadaking ! Gam- Kabara , Grama -Sewaka Balla , Mu Jara Wade Karalath, Thawa Pannapu , Wadagath { Respectable & Talented ] Officer ta Mada Gahanawa. Balapiyako , Thota Eelanga Chandedi, Api Dena Gema. Yako Uddeth { Civil War ] dinapu Mahindawath Paraddapu eke , Me Gon--- We ----- Putha Mokekda ? Dan Me Ballage , Try eka thamai Wiyawasthawa [ Constitution ] eka wenas nokara , Ekabadda [ Mala-Badda ] saha Pasu -Gami SLFP eke, Niyaya-Pathrayata [ Agenda ] Ekata weda kirima. " Sirasai " saha Me Gon -Haththai , Pissu Keliyata, Chande Denne Apine. [ Pawena -Chanda ]
-- by Bandula on 2017-11-06

සින්නයිය මොකටද අපිට සක්+කිලී මහරාජා ඉන්නෙ! ජාතියට දැන් ආයුධ සපයන්නෙ මහරාජගෙ අනුග්‍රහයෙන්! ....අනේ හමුදා විරුවනි අපට සමා වෙයල්ලා මේ වගෙ පඩයෙක් ජනාධිපති කරන්න කතිරෙ ගැහැව්වට!
-- by සිංහලේ on 2017-11-06

ඔය සමීර කියන එකා පට්ට හොරෙක් මීඩියා තියා මෙලෝ මගුලක් දන්නෙ නැති එකෙක් චතුරිකාට පශචාත්බාගේ දීගෙන ඉන්නේ හිටන් මෝඩයා නිසා හොදයි හිටන්ව මොඩය කරන් හම්බ කරගන්නවා මුන්
-- by hettiarachchi on 2017-11-06

මහින්දට පිස්සෙක් වගේ පාරවල් ගානෙ ඇවිදින්න සිද්ධ කරෙත් වටේට තියාගෙන හිටපු තක්කඩි ගොබ්බ හැතිකරේ, සිරිසේනට පිස්සෙක් වගේ පාරවල් ගානෙ ඇවිදින්න සිද්ධ කරන්නෙත් වටේ ඉන්න තක්කඩි ගොබ්බ හැතිකරේම තමයි. පක්ෂය පාක්ෂිකයන් ගෙන් දුරස් කරවන වටේ ඉන්න එහෙයියො ගැන රනිල්ටත් පසු තැවෙන්න වේවි
-- by ඩයස් on 2017-11-07

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහජන මුදල් වියදම් කරමින් තම මාධ්‍ය ඒකකය යටතේ පවත්වාගෙන යන මඩ වෙබ් අඩවි සහ ෆේස් බුක් කිහිපයක් මගින් තමා විසින් මාස දෙකෙන් ගෙදර යැවු හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා නමැති අනභිබවනීය රණවිරුවාට අවලාද සහ මඩ ගැසීමේ නීච, දීන, පාහර ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ!
-- by බැසිල් on 2017-11-07

රඛිත රාජපක්ෂට කොහෙන්ද ඔච්චර සල්ලි? මේව අනිවාර්යෙන්ම රාජ්‍ය දේපළ හොරකං කරපුව නේද? හොරෙකුගෙ ව්‍යාපාර විවෘත කරන්න රටක ජනාධිපති කෙනෙක් යනව නං ඒ මිනිහ පල් හොරෙක් වෙන්න ඕන. හොරෙක් නොවුනත් එක එකාගෙ ව්‍යාපාර විවෘත කරන්න යනවද ශීලාචාර ජනාධිපතියෙක්!
-- by ruwan on 2017-11-07

කාර්යාල වේලාවේ දී කාර්යාලයේ පරිඝණක භාවිතා කර නිල් චිත්‍රපට බැලීම වැනි අවලම් ක්‍රියාවක් දඬුවම් ලැබිය යුතු වරදක් වුවද කපටි සහ අසංස්කෘතික පුද්ගලයෙක් වන සිරස ටීවී අයිතිකාර කිලී මහාරාජා කර ඇත්තේ සමීර ද සිල්වාට උසස් වීමක් ලබා දී පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකයට අනුයුක්ත කිරීමයි. ඒ අන් කිසිවකට නොව ඔහු කොතැන සිටියද කිලී මහාරාජාගේ ඔත්තු කරුවකු සේ තබා ගැනීමට ය. මෝඩ මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ‘අතේ කුරුල්ලාව‘ තමාගේ සමාජ ජාලා මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස පත් කර ගත්තේ කිසිදු සොයා බැලීමකින් සහ හිරිකිතයකින් තොරව ය. දැන් ඔහුට ජනාධිපති කාර්යාලයෙන් වැටුපක් ලැබෙනවා සේම කිලී මහාරාජාගෙන්ද වැටුපක් ලැබේ. තම සුපුරුදු සෙල්ලම ජනාධිපති මාධ්‍ය අංශයේ පරිඝනක භාවිතා කරමින් කිරීමට දැන් ඔහුට කිසිදු බාධාවක් නැත.
-- by අමන on 2017-11-07

සිරිසේනගේ මෙම මඩ මෙහෙයුමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ඔහුගේ සමාජ ජාලා මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ‘සමීර ද සිල්වා‘ නමැත්තාය.මෙකී පුද්ගලයා කිලී මහාරාජාගේ සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශයේ සේවය කරද්දී, එක් රාත්‍රී සේවා කාලයක තම කාර්යාලය තුලදීම අන්තර්ජාලයේ නිල් චිත්‍රපට බලමින් ස්වයං වින්දනයේ යෙදී හසුවූවෙකි.
-- by ෂික් on 2017-11-07

ඇයි දෙයියනේ හැට දෙලක්ෂයක් ඡන්දෙ දීල මෛත්‍රි ජනාධිපති කරේ මේ වගෙ මෝල්ලුන්ට රාජ්‍ය දේපල බුක්ති විඳින්න ඉඩ හදල දෙන්නද?
-- by rex d on 2017-11-07

රඛිත රාජපක්ෂ දැන් අතේ කෝට් වෙල තියෙන්නෙ, මෛත්‍රි ඉන්න කං හොඳයි.( මහින්ද රාජපක්ෂත් සදාකාලිකයි කියල හිතපු පිරිසක් හිටිය, දැන් පෝලිමේ උසාවි බඩ ගානව)
-- by නිලිනී on 2017-11-07

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more