බැඳුම්කර නීතිඥ ‘වීරයෝ‘ කබ්රාල්ගෙන් මිලියන ගණන් මුදල් ගත් අය බව හෙළිවේ: කොමි-සමයමේ සදාචාරය බරපතල අවුලක

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.30,  පෙ.ව‍‍‍.7.35)  බැඳුම්කර කොමි-සමයම මේ වන විට එජාපයට මඩ ගැසීම පමණක් ඉල්ලක්ක කරගත් මෛත්‍රීවාදීන්ගේ අශික්ෂිත දේශපාලන කුමන්ත්‍රණයේ එක් පියවරක් බව දිනෙන් දින තහවුරු වෙමින් තිබේ. සාක්ෂි විමසා අවසන් වූවද මෛත්‍රීවාදී වසලයින් සිතූ ආකාරයට එජාප නායකයන් කොටු කර ගැනීමට එය ප්‍රමාණවත් වී නැත. අනීකා විජේසූරිය නමැත්තියගේ මරණ තර්ජන විගඩම හරහා මේ වන විට නීතිපති දෙපාර්තුමේන්තුවේ නීතිවේදින්ගේ සද්භාවය සමාජය විසින් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ. මීට අමතරව මේ නීතිවේදින්ගේ පැටිකිරිය සොයා බැලීමට ද යොමුවී තිබේ. මේ අනුව කෝදාගොඩලා සහ ලිවේරලාගේ පැටිකිරිය ගැන දැන් දැන් ලංකා ඊ නිව්ස් වෙත හෙලිදරව් වීමට පටන් ගෙන ඇත.

ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්ථාවෙන අන්දමට කබ්රාල් මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කරන අවධියේදී මහබැංකුවේ නීති අංශය දුර්වල කර මහ බැංකුවේ නීති කටයුතු සඳහා නීතිපති දෙපාර්තුමේන්තුවේ තෝරාගත් නීතිවේදීන් පිරිසකගේ සේවය අධික මුදලකට ලබා ගෙන තිබේ. ලිවේරා සහ කෝදාගොඩ ඩබල එලෙස කබ්රාල්ගේ සමයේ මහබැංකුවේ නීති කටයුතු වල යෙදුන කුප්‍රකට චරිත දෙකකි. කබ්රාල් ගෙන් මිලියන ගණනින් ගාස්තු ලබා ගත් අයගෙන් දෙදෙනෙකි. ඔවුන්ගේ ස්වාමියා කබ්රාල්ය. ඔවුන් මිලියන ගණන් මුදල් සහ වෙනත් වරප්‍රසාද ලබා ගෙන ගත්තේ කබ්රාල්ගෙන්ය. කබ්රාල් තනතුරින් ඉවත් කිරීම හේතුවෙන් නීතිය නමා ලබා ගත් වරප්‍රසාද සහ  මුදල් මේ නීතිපති දෙපාර්තුමේන්තුවේ කිහිප දෙනෙකුට අහිමි වී ඇත. හෙලිදරව් වන ආකාරයට බැඳුම්කර කොමිසමේ දැන් බල්ටි ගසන්නේ මේ තක්කඩියන්ය.  ලිවේරා සහ කෝදාගොඩ තප්පුලන්නේ කබ්රාල් ගේ නියෝජිතයින් ලෙස බවට බරපතල සැකයක් මතුවෙමින් තිබේ. 

මේ සැකය වඩාත් තහවුරු වන්නේ මෙම බැඳුම්කර නීති කර්තව්‍ය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් යෙදැවිය යුත්තේ සාමාන්‍යයෙන් වානිජ අපරාධ අංශයේ නීතිවේදීන් වුවද කිසිදු වානිජ අපරාධ ගැන මෙලොව අත්දැකීමක් නැති ලිවේරා සහ කෝදාගොඩ ඒ සඳහා යෙදවීම නිසා ය. අප වෙත වාර්තා වන අන්දමට නීතිපති දෙපාර්තමේන්තුවේ අය ලිවේරා හඳුන්වන්නේ ‘හැපිචෝල්‘ කාරයෙකු ලෙසය. එවැනි වානිජ අපරාධ සම්බන්ධ දැනුමක් නැති දෙදෙනෙකුට මේ කාරිය බාර දී ඇත්තේ තවමත් නීතිපති දෙපාර්තමේන්තුවේ මහින්දවාදී බලය තහවුරු කරගෙන සිටින සුහද ගම්ලත් විසිනි.   

බැඳුම්කර කොමිසමේ සභාපති විසින් නීතිපති දෙපාර්තුමේන්තුවේ නීතිවේදීන් කබ්රාල්ගේ යුගයේ දී මහ බැංකුවෙන් ලබාගත් දීමනා සහ වරප්‍රසාද වහාම සොයා බැලිය යුතු නොවේද.? මේ නීතිවේදින් මහ බැංකුවෙන් යම් යම් වරප්‍රසාද සහ මුදල් ලබා ගෙන ඇත්නම් මහ බැංකුවේ කටයුත්තකට අදාල බැඳුම්කර කොමිසමේ නීති කටයුතුවල මේ අය යෙදී සිටින්නේ කවර නම් සදාචාරයක් ඇතිවද? මහ බැංකුවෙන් දීමනා ලබාගත් නීතියවේදීන් පෙරළා මහ බැංකුවේ කටයුතු විමර්ශණය කරන්නේ නම්,  සාක්ෂි මෙහෙයවන්නේ නම් එය කෙතරම් සාධාරණද.? එමගින් බැදුම්කර කොමිසමේ අපක්ෂපාතීත්වය ප්‍රශ්නගත වන්නේ නැතිද.?

එබැවින් කොමිසමේ අපක්ෂපාතීත්වය සහ සද්භාවය මෙන්ම විනිවිද භාවය ගැන දැන ගැනීමට මහජනතාවට අයිතියක් ඇත.  එබැවින් මහජනතාවගේ දැන ගැනීම උදෙසා පහත සඳහන් ප්‍රශ්න අප විසින් අසන්නෙමු.

* ලිවේරා, කෝදාගොඩ ඇතුළු නිතිපති දෙපාර්තුමේන්වේ  නීතිවේදීන් කබ්රාල් ගේ යුගයේ මහ බැංකුවට සේවය සපයා තිබේද? එලෙස සේවය සපයා ඇති අයගේ නාම ලේඛණය කුමක්ද?
* ඒ වෙනුවෙන් මේ නීතිවේදීන් මහ බැංකුවෙන් කොපමණ මුදලක් ලබා ගෙන තිබේද? ලිවේරා සහ කෝදාගොඩ වෙන වෙනම ලබා ගෙන ඇති මුදල් සහ වරප්‍රසාද කොපමණද?
* ලිවේරා සහ කෝදාගොඩ තමන් ලබාගත් මුදල් නිසි ලෙස ආදායම් බදු දෙපාර්තුමේන්තුවට දැනුම් දී තිබේද.? ඔවුන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර දී තිබේද.?
* පර්පචුවල් සමාගම මහබැංකුවේ ලියාපදිංචි කළ කබ්රාල් කොමිසමට කැඳවන්නේ නැත්තේ මන්ද?
* පර්පචුවල් සමාගමේ සේවය කළ කබ්රාල් ගේ සහෝදරිය කොමිසමට කැඳවන්නෙ නැත්තේ මන්ද?

මේ ප්‍රශ්නවලට පිළිතුරු දී බැඳුම්කර කොමිසම තම කටයුතු වල සද්භාවය තමන් විසින් මහජනතාවට  ඔප්පු කළ යුතුව ඇත. එසේ නොකරන්නේ නම් මෙය අප කියනා සේම කොමි-සමයමක් බවට පත් වෙනු ඒකාන්ත ය. 

---------------------------
by     (2017-10-30 04:31:12)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  6 discussion on this news

හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කිව්වලු...
-- by latha on 2017-10-30

මෛත්‍රිපාලගෙ රෙද්ද අස්සෙ කම්බ හොරු ඒ මිනිහ අනුන්ගෙ රෙදි උස්ස උස්ස ඉන්නෝ! මෝඩ සිරා!
-- by ඩයස් on 2017-10-30

ජනාධිපතිතුමා කොමිසමක් දාල තමුන්ගෙ දූගෙයි බෑනගෙයි ගැහිලි ටික හෙව්ව නං රටට ලොකු සෙතක්
-- by දම්මික on 2017-10-30

වංචනික ක්‍රියාවල නියැලුනේ නැති එකෙකුට තමයි තවත් එකෙකුගෙ වංචාවල් හොයන්න පුලුවන්
-- by abas on 2017-10-30

කබ්රාල් මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කරන අවධියේදී මහබැංකුවේ නීති අංශය දුර්වල කර මහ බැංකුවේ නීති කටයුතු සඳහා නීතිපති දෙපාර්තුමේන්තුවේ තෝරාගත් නීතිවේදීන් පිරිසකගේ සේවය අධික මුදලකට ලබා ගෙන තිබේ. ලිවේරා සහ කෝදාගොඩ ඩබල එලෙස කබ්රාල්ගේ සමයේ මහබැංකුවේ නීති කටයුතු වල යෙදුන කුප්‍රකට චරිත දෙකකි. කබ්රාල් ගෙන් මිලියන ගණනින් ගාස්තු ලබා ගත් අයගෙන් දෙදෙනෙකි. ඔවුන්ගේ ස්වාමියා කබ්රාල්ය. ඔවුන් මිලියන ගණන් මුදල් සහ වෙනත් වරප්‍රසාද ලබා ගත්තේ කබ්රාල්ගෙන්ය. කබ්රාල් තනතුරින් ඉවත් කිරීම හේතුවෙන් නීතිය නමා ලබා ගත් වරප්‍රසාද සහ මුදල් මේ නීතිපති දෙපාර්තුමේන්තුවේ කිහිප දෙනෙකුට අහිමි වී ඇත. හෙලිදරව් වන ආකාරයට බැඳුම්කර කොමිසමේ දැන් බල්ටි ගසන්නේ මේ තක්කඩියන්ය. ලිවේරා සහ කෝදාගොඩ තප්පුලන්නේ කබ්රාල් ගේ නියෝජිතයින් ලෙස බවට බරපතල සැකයක් මතුවෙමින් තිබේ.
-- by විජිත on 2017-10-30

Len, anna thawath neethipathi eken udin paathwelaa awith High Court Judge kenek wechchi horek ge weda thahanam karala,.poddak hoyala balanda. Tinkarin nadu thenduwa liwwa ekaa. Mohan Senevirathna. Lawyer baduwak nalawala, a lawyer baduwa appear wena barapathala aparada nadu wala choodithayanta tois bail deela. choodithayawa podi podi bail deela nikamma gedara yawala. maru neh?
-- by Mendis on 2017-10-31

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more