~

ගුවන් යානා නොඑන මත්තල ‘බේරා ගන්න‘ හොරු පාරට බසිති..! 26 ක් අත් අඩංගුවට

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.06,  ප.ව‍‍.3.45) රාජපක්ෂ පවුලට කොමිස් කෑමේ එකම අරමුණ වෙනුවෙන් සුදු අලියන් ලෙස ගොඩ නැගූ හම්බන්තොට නැව් නොඑන වරාය සේම ගුවන් යානා නොඑන මත්තල ගුවන් තොටුපොල විදේශ ආයෝජකයන් සමග නව ව්‍යාපෘති සේ යලි ප්‍රතිශ්ඨාපනය කිරීම රාජ්‍ය දේපොල විදේශ වලට විකිණීමකැයි කියා ගෝල්ෆේස් ඉදිරිපිට භූමිය සින්නකරව විකුණා ක්‍රිස් සමාගමෙන් කොමිස් කා මේ වන විට අධිකරණය හමුවේ සිටින නාමල් රාජපක්ෂ ඇතුළු චෞර රාජයන් විසින් අද හම්බන්තොට උද්ඝෝෂනයක් දියත් කර තිබිණ. මත්තල ගුවන් තොටුපොල ඉන්දියාවට විකුණනවා යැයි කියා ඔවුන් හම්බන්තොට පිහිටි ඉන්දියානු කොන්සල් කාර්යාලයට ඉදිරිපිටට උද්ඝෝෂකයන් රැගෙන ගියහ. උද්ඝෝෂණ වලට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා සිටි පොලිසිය කඳුලු ගෑස් ජල ප්‍රහාර එල්ල කළ අතර උද්ඝෝෂකයන් 26 ක් අත් අඩංගුවට ගෙන තිබිණ. උද්ඝෝෂකයන් පෙළැඹ වූ නාමල් රාජපක්ෂ, මහින්දානන්ද, චමල් රාජපක්ෂ ආදීන් අත් අඩංගුවට පත් අය අතර සිටියේ නැත. සමස්ථයක් ලෙස පෙර දී පැවැති වරායට එරෙහි උද්ඝෝෂනයට වඩා මෙම මත්තලට එරෙහි උද්ඝෝෂනයට සහභාගීව සිටියේ ඉතා සුළු පිරිසකි.  

---------------------------
by     (2017-10-06 11:22:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

අපි නොදන්න රාජපක්ෂලාගෙ දේස ප්‍රේමය...!
-- by රෝනි on 2017-10-06

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links