~

ගෝඨාගේ මිග් ඩීල් එක පරාදයි..! අවුරුදු 10 ක් පරණ යුද නැවක් සමග පරණ ජෙට් 6 ක්, හෙලිකොප්ටර් 2 ක්, යුද ටැංකි 33 කින් මහාරාජා සහ ජනාධිපති බෑණා කෝටි දහස් ගණනක ගැහිල්ලක..! යෝජනාව ජනාධිපතිගෙන්.!!

(ලංකා ඊ නිව්ස් -2017.සැප්.25,  පෙ.ව‍.6.40- දෙවන සංස්කරණය පෙ.ව.8.40) කැපිටල් මහාරාජා සමාගමේ අධිපති රාජා මහේන්ද්‍රන් හෙවත් කිලී මහාරාජා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවද අන්දවා ඩොලර් මිලියන ගණනක රුසියානු කබල් යුද නැවක් ලංකාවට විකුණමින් ලංකාවට ආයුධ ගෙන්වන අලුත්ම ඒජන්තයා වීමට යන බව ලංකා ඊ නිව්ස් ප්‍රථම වරට හෙළිදරව් කෙළේ මේ වසරේ මාර්තු මාසයේ දී ය. 

එම දූෂිත ඩීල් එක ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකළ මිග් ඩීල් එක පරදවන දූෂණයක් බවත් එහිදී හෙළිදරව් කෙළේය.

දැන් එම දූෂිත ඩීල් එක යථාර්තයක් කරමින් ජනාධිපති සිරිසේන මහතා විසින් ආරක්ෂක ඇමැතිවරයා ලෙස ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. 

කැබිනට් පත්‍රිකාවේ සඳහන් අන්දමට මෙම ඩීල් එකේ වටිනාකම ඇ.ඩො.මිලියන 158.5 කි. මෙකී ඩීල් එක සාධාරණය කර ඇත්තේ මෙය මහින්ද රාජපක්ෂ යුගයේ දී රුසියානු ණය ආධාර යටතේ 2010 පෙබරවාරියේදී අනුමත කරන ලද ඇ.ඩොලර් මිලියන 300 ක ණයේ ඉතිරිය බැවින් ඉතිරි මුදල නොගත්තද අප ණය ලෙස එය ගෙවිය යුතු බවයි. රාජපක්ෂලා විසින් මෙම ණය මුදලින් ඩො.මිලියන 165 ක් භාවිතා කර තිබිණ. ඉතිරිය වූ ඩො.මි. 135 ක මුදල 2015 ට පෙර භාවිතා කළ යුතුව තිබුණ ද 2015 දී අලුත් ආණ්ඩුව ආ බැවින් එය භාවිතා කර නැත. දැන් එම මුදලට තවත් ඩො.මි. 23.5 ක් අතින් යොදවා මෙකී යුද නැව සහ ආම්පන්න මිලදී ගැනීමට යයි. මෙම ණය මුදල ශ්‍රී ලංකාව වසර 10 කින් පොලියද සමග ගෙවිය යුතුය.   

මෙහි ඇති පුදුමාකාර ගිණුම්කරනය නම්, මෙම මුදල 2015 ලංකාවේ අය වැයට අනුයුක්ත කිරීමට කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කිරීමයි. වාර්ෂික ගිණුමක් අහවර කිරීමෙන් වසර 2 කට පසු යලිත් අතීතයට ගණුදෙනුවක් ඇතුලත් කළ හැක්කේ කවර නම් ආර්ථික විද්‍යා නියමයකටදැයි ජනාධිපති වරයාගේ කැබිනට් පත්‍රිකාව සැකසූ ‘විද්‍යාඥයන්‘ අපට කියා දිය යුතුය.

මිග් ඩීල් එක පරදන රුසියන් යුද නැව් ඩීල් එකේ ඇති බරපතල දූෂන රැසකි. ඒවා එකිනෙක හෙලිදරව් කළ යුතුය. 

ප්‍රථමයෙන්ම කිව යුත්තේ මෙම යුද නැව ගන්නවාට වත්මන් නාවික හමුදාපතිවරයා පවා අකමැති වී ඇති බවයි. 

මිල දී ගැනීමට යන මෙම නැව Gepard Frigate class වර්ගයේ යුද නැවකි. මෙම නැවේ හෙලි පෑඩ් දෙකක් තිබෙන අතර ඒ සඳහා ඇන්ටනොව් කාර්ගෝ වර්ගයේ හෙළිකොප්ටර් 2 ක්ද මිලදී ගැනේ.  මේ නැව සමග SU 30 වර්ගයේ සුපර් සොනික් ප්‍රහාරක ජෙට් ගුවන් යානා 6 ක් ද, යුද ටැංකි 33 ක් ද මිලදී ගැනීමට යයි. 

මෙම නැව මිලදී ගැනීම සම්බන්ධයෙන් වත්මන් නාවික හමුදාපතිවරයා විරුද්ධ වීමට ප්‍රධාන හේතුවක් වන්නේ  යුද්දයක් නොමැති  අද  ලංකාවට අවශ්‍ය වන්නේ මෙවැනි බරපතල එක යුද නැවක් නොව මීට වඩා මිලෙන් බොහෝ සෙයින් අඩු, දියුණු වෙරළාරක්ෂක ප්‍රහාරක යාත්‍රාවන් රාශියක් නිසාය. 

නැව් සයිස් ගැහිල්ලේ තරම

ඩොලර් මිලියන 135 ක් වියදම් කරමින් මිලදී ගැනීමට මෙම රුසියානු යුද නැව වසර 10 ක් තරම් පැරණි යයි කීවොත් කිසිවෙකු විශ්වාස නොකරනු ඇත. නමුත් සත්‍ය එයයි. මේ පහසුකම් සියල්ල තිබෙන මේ වර්ගයේ අලුත්ම අලුත් බ්‍රෑන්ඩ් නිව් ඉන්දියානු යුද නැවක් ඇ.ඩො. මිලියන 70 කි. වසර 10 ක් පරණ දැරහැවක් මිලදී ගනිමින් එතැනම රටට සිදුකරන පාඩුව ඇ.ඩො.මිලියන. 88 ක් හෙවත් රුපියල් කෝටි 13,464 කි. කොමිස් තකා නොරොච්චෝලේ දැරහැවට කර ගැහැව්වාට නොදෙවෙනිය. මේවා ගෙවිය යුත්තේ චතුරිකාගේ ‘ජනාධිපති තාත්තා‘ පොත විකුණා ලැබෙන මුදලින් නොව ලංකාවේ පොදු මහජනතාවගේ බදු මුදලිනි. 

මෙම ගණුදෙනුවේ ඇති අති සාපරාධී ගැහිල්ලක් නම් මිලදී ගැනීමට යන සුපර් සොනික් ජෙට් යානා වලින් ගහන ගැහිල්ලයි. එම ජෙට් යානා ද වසර 4 ක් පැරණිය. අලුත්ම අලුත්  ජෙට් යානාවක මිල ඇ.ඩො. මිලියන 26 ක් වුවද මිලදී ගැනීමට යන වසර 4 ක් පරණ ජෙට් යානයක් මිලදී ගැනීමට යන්නේ ඇ.ඩො. මිලියන 35 කට ය. එතැනම එක ජෙට් යානයකින් ගහන ගැහිල්ල ඇ.ඩො.මිලියන 9 ක් හෙවත් රුපියල් කෝටි 138 කි. එවැනි යානා 6 ක් මිලදී ගැනීමට යන අතර එවිට ජෙට් යානා ගැහිල්ල ඇ.ඩො. මිලියන 54 ක් හෙවත් රු. කෝටි 826 කට අධික වනු ඇත. 

මෙම දූෂිත ගණුදෙනුවේ මීලඟ සාපරාධී ගැහිල්ල නම් මිලදී ගැනීමට යන ඇන්ටනොව් හෙලිකොප්ටර් දෙකෙන් ගහන ගැහිල්ලයි. එ්වා මිලදී ගැනීමට යන්නේ ඇ.ඩො. මිලියන 60 කට ය. නමුත් සත්‍ය මිල වන්නේ ඇ.ඩො. මිලියන 39 කි. එතැන හෙලිකොප්ටර් ගැහිල්ල ඇ.ඩො. මිලියන 21 ක් හෙවත් රුපියල් කෝටි 3213 කි. 

මීට අමතරව යුද ටැංකි 33 ක් ද මිලට ගැනීමට යයි. (යුද්දයක් නොමැතිව යුද ටැංකි 33 ක් වැනි දූපතට නොගැලපෙන තරම් විශාල සංඛ්‍යාවක් එකවරම අවශ්‍ය යැයි උපදෙස් දුන්නේ කුමන ‘රාජා‘ හෝ කුමන ‘බෑණා‘ දැයි නොදනිමු ) ඒවායේ මිල ගණන් අප වෙත මෙතෙක් ලැබී නැති අතර ඉදිරියේ දී ඒවාද හෙළිදරව් කරන්නෙමු. 

දැන ගන්නට ලැබී ඇති අන්දමට සත්‍ය වශයෙන්ම මෙම ඩීල් එක සිදුවන්නේ රුසියාව පෙන්වා යුක්රේනය සහ බෙලෝ රුසියාව සමග ය. බෙලෝ රුසියාව යනු මේ වන විට අති දූෂිත රාජ්‍යයක් ලෙස කප් ගසා තිබෙන රටකි. කෙසේ වෙතත් ඒ පිලිබඳ වැඩි දුර විස්තර පසුව හෙළි කරන්නෙමු.

මෙම අති දූෂිත නැව් සයිස් ඩීල් එක ගෝඨාගේ මිග් ඩීල් එක පරාජය කරන්නක් බව අප කියන්නේ ඉහත හේතු කාරණා නිසා ය. 

නැව් සයිස් ගැහිල්ල පිටුපස ඉන්නේ කව්ද?

දැන් මේ දූෂිත නැව් සයිස් ඩීල් එක පිටුපස ඉන්නේ කව්ද? ලංකා ඊ නිව්ස් මීට පෙරද මෙය හෙළි කෙළේය. රුසියාව යනු ශ්‍රී ලංකාව දීර්ඝකාලයක සිට අවි ආයුධ මිලදී ගන්නා රටකි. එසේ මිලදී ගන්නා ලද ප්‍රධාන රුසියානු සමාගම නම් මොස්කව්හි පිහිටි “Rosoboronexport“ නමැති රාජ්‍ය සහ පුද්ගලික හවුල් සමාගමකි. එම සමාගමේ ශ්‍රී ලංකාවේ සිටි ඒජන්ත වරයා වූයේ ‘ප්‍රියන්ත‘ නමැති රාසපුත්‍රලාගේ ඥාතියෙකි. පසුගියදා ‘ප්‍රියන්ත‘ මිය ගියේ ය. ඉන්පසුව එම ඒජන්ත කම ලබා ගැනීමට කිලී මහාරාජාගේ ෂෙවාන් ඩැනියල් සහ නිමල් කුක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උදව් ඇතිව උත්සාහ කරන බව අප විසින් හෙලි කෙළේය. ඒ සඳහා ජනාධිපතිවරයා සමග ඔව්හු රුසියාවටද ගියහ. ඒ බව ලංකා ඊ නිව්ස් විසින් හෙළිදරව් කිරීමෙන් පසු මඳක් පසු බා සිටියද එම ඒජන්ත කම දැන් කිලී මහාරාජලා වෙත ලබා ගෙන තිබේ.

සත්‍ය වශයෙන්ම මෙම අති දූෂිත රට වනසන ඩීල් එක පිටුපස සිටින්නේ කිලී මහාරාජාගේ ෂෙවාන් ඩැනියල්, නිමල් කුක් යන අධ්‍යක්ෂ වරුන් දෙදෙනාට අමතරව ‘තිළිණ සම්පත්‘ නම් ජනාධිපති බෑණාද, දොස්තර ‘සමන් වීරසිංහ‘ නමැති දැනට රුසියාවේ සිටින කුප්‍රකට ව්‍යාපාරික තානාපතිවරයාද, ‘කුමාර් රාජපක්ෂ‘ නමැති තවත් ආයුධ ඒජන්තයෙකුද වෙති .  සමන් වීරසිංහගේ නිල කාලය පසුගිය මාසයෙන් අවසන් වීමට නියමිත වුවද තව මාස 3 කට දිගු කරවා දුන්නේ මෙම ඩීල් එක අවසන් කරන තුරු ඔහු තානාපති ධූරයේ තබා ගත යුතු බැවිනි. එමෙන්ම හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධනට සේවා දිගුවක් ලබා දී තබා ගත්තේ ද නාවික හමුදාවෙන් අදාල ලිය කියවිලි ටික සකස් කර ගන්නා තුරු ය. 

30 වසරක යුද කාලය පුරාම ශ්‍රී ලංකා රාජ්‍ය සමග යුද කළ එල්ටීටීඊ ත්‍රස්වාදීන් සමග අත යට සම්බන්ධතා පැවැත්වූ කිලී මහාරාජා වැන්නෙකුට රටට ආයුධ ගෙන්වීමට ඉඩ හසර ලබා දීම ගැන ලංකා ඊ නිව්ස් මීට පෙර අනතුරු අඟවා සිටියේ ය. වත්මන් හමුදාපතිවරුන් තිදෙනාමද මහාරාජා වැන්නෙකුට ආයුධ ඒජනත්කමක් දෙනවාට කැමැති නැත.  “රාජ්‍යයකට එරෙහිව ආයුධ සන්නද්ධව සටන් කළ ත්‍රස්තවාදීන් සමග දීර්ඝ කාලයක් විවිධාකාරයෙන් සහයෝගයෙන් කටයුතු කළ පුද්ගලයෙකුට එරට රාජ්‍යයට ආයුධ ගෙන්වීමට බාර දෙන්නේ නම් එ් රාජ්‍යයේ නායකයන්ට එක්කෝ පිස්සු විය යුතුය. නැතිනම් ඔවුන් දේශද්‍රෝහීන් විය යුතුය. මේ දෙකම නොවේ නම් ඔවුන් රාජ්‍ය නායකත්වයට නුසුදුස්සන් විය යුතුය.“  කියා එදා අපි අනතුරු ඇඟවූයෙමු. 

නමුත් අද ඒ සාපරාධී ක්‍රියාව එලෙසම සිදුකරමින් ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපතිගේ අත්සනින් ඉහත කී කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වී තිබේ. සමහර විට ජනාධිපතිවරයා මෙම දූෂණයේ දිග පළල නොදන්නවා විය හැකිය.

නමුත් දැනට හෙළි වී ඇති තරමින් මහජන මුදලින් රු. කෝටි 4,039 ක් ඍජුවම ජනාධිපති බෑණාද ඇතුළු අතරමැදියන්ගේ සාක්කුවට යන, තවත් මහජන මුදල් රු. කෝටි 13,464 ක් රටට පාඩු සිදුකරවන මේ මහා දූෂණය ගැන කොමිෂන් සභා ප්‍රේමී යහපාලන ජනාධිපතිතුමා කුමක් හෝ කිව යුතුය. දේශප්‍රේමීන් ලෙස මහාරාජාගේ නාලිකාවට පැමිණ කට මැත දොඩවන මහාරාජාගේ රූකඩ රතු අප්පුහාමිලා කියන්නේ කුමක්ද? ජනාධිපති උපදේශකයන් මෙන්ම ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්ලා මෙහෙයවන කුප්‍රකට දූෂණ විරෝධී සංවිධාන කියන්නේ කුමක්ද? යහපාලන ආණ්ඩුව තුල සිටින දූෂනයට එරෙහි යැයි කියාගන්නා හක්ගෙඩියන් කියන්නේ කුමක්ද? දූෂණයට එරෙහි යැයි කියන එජාප ‘රැඩිකල් රැල්ල‘ කියන්නේ කුමක්ද?  රටම බලා සිටිනු ඇත.

-චන්ද්‍ර ප්‍රදීප්- 

සබැඳි පුවත්
* ගෝඨාගේ මිග් ඩීල් එකට නොදෙවෙනි ඩො.මි. 300 ක යුද නැව් ඩීල් එකක්..! කිලී මහාරාජා තුවක්කු නැති යුද නැවක් කරේ ගහයි..!
* මෛත්‍රීගේ රුසියානු සංචාරයේ රාත්‍රී භෝජනයේ ‘තැතිගත් කළු බැටළුවෝ‘...! මහාරාජාගේ ඩො.මි. 300 යුද නැව් ඩීල්කාරයෝ මොස්කව්හිදී මාට්ටු..!!
* රටට ආයුධ ගෙන්වීමට කිලී මහාරාජාට අවසර දීමට යෑම ගැන හමුදා බුද්ධි අංශ තැති ගනී..! ආයුධයි මාධ්‍යයි එක අතට ගැනීමට මහාරාජා ජනමාධ්‍ය නියාමනයට පහර දෙයි

---------------------------
by     (2017-09-25 03:27:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

Whaaat da fuck is this! Has the Gramasevaka gone mad?
-- by silva on 2017-09-25

Dear LEN, thank you for being the watch dog and the investigative journalist that you have been for all these years. I think now it is time for the nation to get together and LOOK FOR A SOLUTION TO WIPE OUT THOSE CULPRITS FROM TOP TO BOTTOM IN ALL POLITICAL PARTIES, IRRESPECTIVE OF WHETHER THEY ARE ROYALISTS OR NOT!!! HOPE THE NATION WILL FIND A TRUE LEADER WHO IS HONEST, STRONG, DECISIVE AND BOLD ENOUGH TO CLEAN THE MESS AND PUT THIS BEAUTIFUL COUNTRY BACK ON TRACK SOON!!!
-- by api on 2017-09-25

we as countrymen of sri lanka highly disgusted about the present situation in the country- unqualified gramasewaka has come into power .don't know if he has any academic qualification, at least basic qualification similar to GCE A/L, but he shines now - oh god!- very wek prime minister who can never be steady in the parliamentary seat while seated but always turning here and there, constantly wiping nose or doing some unethical gesticulation, can any foreigner identify him as a leader in a country- we have to be ashamed of our prime minister when he walks with his hands in the trouser pockets even in forign countries. we should pave way to choose 2 better leaders - LEN pl take march - we will be there with you -
-- by sanka on 2017-10-25

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links