(ලංකා ඊ නිව්ස් -2017.සැප්.24, පෙ.ව.5.05)
කෝට්ටේ, නගරය ඉදිකලේ අලගක්කෝනාර නමුත්,
එය රටේ අගනුවර කොටගෙන රාජ්‍යය කෙළේ 6 වැනි පරාක්‍රමබාහු ය.
එතුමා කුඩා කල හැදෙන්නේ වැඩෙන්නේ, මැලේසියාවේ ය.
අද මුස්ලිම් රාජ්‍යයක් වූවාට එදා එය බෞද්ධ රටක්..!
සිංහල රජ පවුලට නෑකම් කියන, රජ පවුලක් තමයි එහි රාජ්‍යය කෙළේ.
නිසි කල වයස පැමිණි පරාක්‍රමබාහු
නැවත මෙරටට පැමිණ ‘රයිගම රජු‘ බවට පත්වේ.
ඔහුගේ බිසව් වන්නේ,
‘දැදිගම රජු‘ වූ 'ඪකූර' ගේ දියණිය වන,
"ස්වර්ණ මාණික්‍යා"නොහොත් "රන් මැණිකා" ය..!
කෙසේ වුව ශූර පාළකයෙකු වූ පැරකුම්බා,
රට තුළ පැවති කුඩා රාජ්‍යය සියල්ල දමනය කර
රට එක් සේසත් කරයි.
ඉතිහාසය අනුව රට සමෘර්දිමත් කාලච්ඡේද
ගතකලා නම් ඒ,
එය "එක්සේසත්ව" තිබූ යුගවල දී පමණි..!
පැරකුම්බා රජුට දාව රන්මැණිකේ බිසවට ලැබුණු
පළමු පුත් කුමරා "පුරන්දර" ය.
ඔටුන් හිමි කුමරා වී නමුත් කුඩා අවදියෙහිම
ඔහු මරණයට පත් වන්නේ ය.
ඉනික්බිති, රජුට ලැබෙනුයේ දියණියන් දෙදෙනෙකි.
ඒ ‘චන්ද්‍රාවතී‘, හා ‘ලෝකනාථා‘ ය.
(මේ දෙදෙනෙකු නොව එක් අයෙකු යැයි සාධාරන මතයක්ද ඇත)
මීට අමතරව රජු පිරිමි දරුවන් තිදෙනෙක්
පුත් තනතුරේ හදා වඩා ගනී.
පසුකලෙක යාපන රාජ්‍යය දිනා එහි 5 වන බුවනෙකබා නමින් රජවන "සපුමල් කුමරු" එක් අයෙකි.
දෙවැන්නා පරාක්‍රමබාහු රජුට පසු 8 වන වීර පරාක්‍රමබාහු නමින් කෝට්ටේ රජවන, "අම්බුළුගල කුමාරයා" ය.
තුන් වැන්නා, පසුව "තොටගමුවේ ශ්‍රී රාහුල" නමින් හැඳින්වේ.
කෙසේ වුව, තම දියණියට සුදුසු පුරුෂයෙක් සොයන
පරාක්‍රමබාහු රජු අවසානයේ තීරණය කරනුයේ,
එවක ප්‍රබල තවත් පරපුරු දෙකකටම සම්බන්ධ කුමරුවෙකි..!
'පාණ්ඩ්‍ය' හා 'පාවුළු' යන මේ පරපුරු දෙකටම සම්බන්ධ කුමරුවා, අම්බලන්තොට ප්‍රදේශයේ විසූ
"සුන්දර පාණ්ඩ්‍ය කුමරු" නැතිනම්,
'නන්නූර් තුනයාර්' ය.
මේ සරණ මංගල්‍යය තීරණය වී තිබියදී
මලය රටට යන සුන්දර පාණ්ඩ්‍යය කුමරු
මලය රජුගේ දියණියකට පෙම් බඳී.
මෙය සැළවන පරාක්‍රමබාහු රජු,
ලෝකනාථා කුමරියත් ,සේනාවකුත් රැගෙන
නැව් මගින් මලය රටට ගොස්,
මලය රජු සමග යුද කොට පරදවා,
සුන්දර පාණ්ඩ්‍ය කුමරැද රැගෙන මෙරටට එයි.
අනතුරුව,
1448, අප්‍රේල් 10 වැනි බදාදා,
රුවන්වැලිසෑය අබිමුව,
පූර්ව භාග 6:45 ට මේ දෙදෙනා විවාපත් වේ.
මේ කුමරිය තමයි සිංහල සාහිත්‍යයේ සඳහන්වන
"උලකුඩය දේවී"
කුමරා තමයි, 'පුරාණ නාමාවලිය' ලියන,
“නන්නූර් තුනයාර්“..!
---------------------------
by (2017-09-23 23:51:36)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි