~

අභියාචනය නිසා ලලිත් අනුෂට ඇප දෙයි..! දණ්ඩපාත ව්‍යාපෘතිය බකල්..!! රොමේෂ් දීපාලිව ෆික්ස් කරයි ද?

(ලංකා ඊ නිව්ස් -2017.සැප්.20,  ප.ව‍.2.15)  මහජන මුදල් ලක්ෂ 6000 ක් වියදම් කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයාට වාසි වන අන්දමට සුදුරෙදි බෙදා දීමේ දූෂනය හේතුවෙන් වසර 3 ක් සිරගෙට  නියම වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට දෙදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් අද (20)  ඇප ලබා දුන්නේය.

එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් මුදා හැරිය අතර ඇපකරුවන් තිදෙනාගෙන් අයකු අධිකරණ බල සීමාවේ පදිංචිකරුවකු වීම, අයකු ළඟම ඥාතියකු වීම හා අයකු රජයේ සේවකයකු වීම අනිවාර්ය කෙරිණි.

ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණු අතර විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙස ද නියම කෙරිණි. 

තමන්ට ලැබුණු වසර තුනේ සිර දඬුවමට එරෙහිව ඔවුන් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම අභියාචනය පාදක කරගෙන මහාධිකරණයෙන් ඇප ඉල්ලා තිබිණි. සාමාන්‍යයෙන් අභියාචනයක් ඉදිරිපත් කළ විට ප්‍රථමයෙන් ඇප ඉල්ලා සිටිය යුත්තේ සිර දඬුවම් දුන් අධිකරණයෙන්ම ය. එහිදී ඇප නොලැබුනහොත් අභියාචනාධිකරණයෙන් ඇප ඉල්ලිය යුතුය. 

ලලිත් අනුෂලාට ඇප ඉල්ලා සිටීමේ දී ඔවුන්ගේ නඩු තීන්දුව අනුව සිර දඬුවම් කාලය වසර 3 ක් පමණක් බැවින් එය සැලකිල්ලට ගනී. මන්ද යත් ඇප ලබා නොදුනහොත් අභියාචනාධිකරණයේ නඩුව විභාග වෙද්දී මුළු සිර දඬුවම් කාලයද ඉක්මවා ගොස් තිබිය හැකි බැවිනි. වසර 10 ක පමණ සිර දඬුවමක් නම් ඇප ලබා නොදිය හැකි නමුත්  වසර 3 ක් යනු ලංකාවේ නඩු විභාග වන කාලය හා සසසඳන කල කෙටි කාලයක් බැවින් විරෝධතාවයක් නැතොත් ඇප ලබා දීමට කටයුතු කෙරේ.

මෙහිදී අද දිනයේ නීතිපති දෙපාර්තමේන්තුව ඇප ලබා දෙනවාට දැඩි විරෝධයක් දක්වා නැත. එයින්ම පෙනී යන්නේ මෙම නඩුව රාජපක්ෂවාදීන් දේශපාලනීකරණය කර ගැනීමට උත්සාහ කළද නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනමය ඇසකින් නඩුව දෙස බලා නැති බවයි. කෙසේ වෙතත් ලලිත් අනුෂ නඩු තීන්දුව මගින් දේශපාලන වාසියක් ගැනීමට තැත් කළ කුප්‍රකට දණ්ඩපාත ව්‍යාපෘතිය අදින් පසු වලංගු වන්නේ නැත.   

ලලිත් අනුෂලාගේ අභියාචනය බාර දී ඇත්තේ ප්‍රකට නීතිඥයෙකු වන රොමේෂ් ද සිල්වා වෙත වන අතර ඔහු නඩු අසන විනිසුරුවරුන් ‘ෆික්ස්‘ කර නඩු කතා කිරීමේ විශේෂඥයෙකු ලෙස සැලකේ. උදාහරණයකට සැලකිය හැක්කේ ගීතා කුමාරසිංහගේ අභියාචනයයි. ඒ අනුව ලලිත් අනුෂලාගේ අභියාචනය, අභියාචනාධිකරණයේ සිටින කුප්‍රකට විනිසුරුවරිය දීපාලි විජේසුන්දර ඇතුලත් විනිසුරු මඩුල්ලක් වෙත ‘ෆික්ස්‘ කරනු ඇතැයි නීති ක්ෂේත්‍රයේ දැඩි සැකයක් පවතී. දීපාලි විජේසුන්දරට මහින්ද රාජපක්ෂ අමතන්නේ ‘චූටි නංගී‘ කියාය. ඇයගේ දියණියගේ විවාහ උත්සවයේදී ප්‍රධාන අමුත්තා වූ මහින්ද රාජපක්ෂ දීපාලිගේ දියණියට මංගල තෑග්ග ලෙස ‘සුපිරි කාර් රථයක්‘ තෑගි කෙළේය. ඒ ඇය මහාධිකරණ විනිසුරුවරියකව සරත් ෆොන්සේකාගේ සුදු කොඩි නඩුව අසන කාලයේ දීය. දීපාලි සහ රසීක් සුදු කොඩි නඩුවට සරත් ෆොන්සේකා වැරදිකරුවා කළ අතර ඊට එරෙහිව තීන්දුවක් දුන්නේ වරාවැව විනිසුරුවරයා ය.   

---------------------------
by     (2017-09-20 19:29:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links