~

රණතුංගලා කැබිනට් මණ්ඩලයට කොකා පෙන්වා එක මාසයකදී රටට සිදුකළ පාඩුව රු.කෝටි 108 කට වැඩියි: මෙන්න සාක්කි..!

(ලංකා ඊ නිව්ස් -2017.සැප්.15,  පෙ.ව‍.2.10)  කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබූ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද සැපයුම් කරුවන් වෙත කාලීන / වාරික ටෙන්ඩර (Term Tenders) ප්‍රදානය නොකිරීමෙන් ඇමැති අර්ජුන රණතුංග සහ ඔහුගේ සොයුරු ධම්මික රණතුංග විසින් පසුගිය අගෝස්තු මාසයේ දී පමණක් රටට රුපියල් කෝටි 108 ක් හෙවත් රු. බිලියන 1 යි මිලියන 80 කට අධික අලාභයක් සිදු කර ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත සාක්කි සහිතව වාර්තා වේ. 

කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබූ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව (SSCAPC) විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තාක්ෂනික ඇගැයුම් කමිටුවේ (TEC) නිර්දේශය මත පදනම්ව සැපයුම් වාර 23 ක් ඇතුලත් කාලීන/වාරික ටෙන්ඩර් 3 ක් අනුමත කර තිබේ. 

එම විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව අනුමැතිය ලැබී මාසයකට ආසන්න කාලයක් ගත වී තිබියදීත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු අදාල කැබිනට් දැනුම් දීම (Cabinet Memoranda) මේ වන තෙක් ලබා දීමට ඇමැති අර්ජුන රණතුංග කටයුතු කර නැත. 

කාලීන/වාරික ටෙන්ඩර් 3 ප්‍රදානය කිරීම 2017 අගෝස්තු 23 වන විට අවසන් විය යුතුව තිබුණු නමුත් එම ටෙන්ඩර් ප්‍රදානය කිරීමෙන් වැළකී ඛනිජ තෙල් සංස්ථාව එහි සඳහන් නිෂ්පාදන සඳහා හදිසි ටෙන්ඩර් 3 ක් (Spot Tender) ප්‍රදානය කර ඇත්තේ ඒ වන විටත් විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද, කැබිනට් අනුමැතිය ලැබූ කාලීන/වාරික ටෙන්ඩර් මගින් වඩා අඩු මිලකට නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව තිබියදී ය. තවත් එක් හදිසි ටෙන්ඩරයක් Ref No: BK/71/2017 අවසන් කිරීමට නියමිතව තිබුනේ 2017 සැප් 07 වෙනිදා ය. 

ඛනිජ තෙල් සංස්ථාවේ BK/65/2017, BK/69/2017 සහ BK/70/2017 යන අනුක්‍රමික සංඛේත අංක වලින් හඳුන්වනු ලබන අගෝස්තු මාසයේ අනුමත කළ හදිසි ටෙන්ඩර් 3 හේතුවෙන් මේ වන විටත් සංස්ථාව විඳිමින් සිටින පාඩුව ඇ.ඩො. 7,064,446 . 00 කි. එනම් ඩොලර් එකක් රු. 153 ක් හුවමාරු වටිනාකම ලෙස සැලකුව හොත් රු. 1,080,860,238 ක් හෙවත් රුපියල් බිලියන එකයි මිලියන අසූවකටත් අධිකය. රු. කෝටි 108 කට අධිකය

රණතුංග සොයුරන් කැබිනට් මණ්ඩලයටද කොකා පෙන්වමින් මෙලෙස කටයුතු කරන්නේ අන් කිසිවක් නිසා නොව මෙම ගණුදෙනු වලින් ලැබෙන අධික කොමිස් මුදල් නිසා බව නොරහසකි.  

විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද ටෙන්ඩර් තුනෙහි විස්තර සහ දැනටමත් ගණු දෙනු අවසන් කර පාඩු විඳින හදිසි ටෙන්ඩර 3 හි දත්ත පහත ඉමේජයේ ඇති වගු වල දැක්වේ.     

---------------------------
by     (2017-09-14 20:34:15)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Wraya Kapu Eke Oya Thetikath Beelama Inda Kiyamu .
-- by Sam on 2017-09-15

මේ ග්‍රාම සේවක වේසිගෙ පුතා උගෙ දුවට කියල හුත්තවල් ලියව ලියව ඉන්නව, පොන්න රනිල යහ පාලනය ගැන මරැ කියවනව, ජවිපෙ ඉන්න කැරියො ටික හැම දේටම අංචි ඇද ඇද ඉන්නව ඒ අතර මේ කම්බ හොරැ ටික රට විකුනනව. අපරාදෙ කියල හිතෙනව ප්‍රභාකරන් මහත්තයව මැරැවෙ.
-- by silva on 2017-09-15

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links