නියුට්‍රල් අම්පයර් ලියයි
(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.19, ප.ව.8.05) ශ්‍රී ලංකා කණ්ඩායම විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් ලොව අංක 01 ටෙස්ට් කණ්ඩායම ඉදිරියේ තරඟ 3-0 කින් පරාජයට පත් වූයේ ය. මුල් තරඟ දෙක දින 4 කින්ද අවසන් තරඟය දින 2 කින්ද අවසන් වුනේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඉදිරියේ ශ්‍රී ලංකා කණ්ඩායම පාසැල් කණ්ඩායමකටත් වඩා අන්ත ලෙස අසරණ කරමිනි.
මෙසේ සියළුම තරඟ පරාජය වන විට හඳුන්වන්නේ white wash හෙවත් සෝදා පාළුව යන්නයි. ඉන්දීය කණ්ඩායම ඉදිරියේ මෙසේ සෝදා පාළුවකට ලක් වූයේ මීට වසරකට පෙර ශ්‍රී ලංකාවෙදීම එවකට ලොව අංක 01 ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ සිටි ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සෝදා පාළුවකට ලක් කළ කණ්ඩායමම වීම විශේෂත්වයකි. එසේ නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අර්ජුන රණතුංග කියන්නාක් මෙන් කඩා වැටීමකට ලක්ව නැත. සිදුව ඇත්තේ ඉන්දීය පිල ඉදිරියේ අතිශයින් දුර්වල ලෙස ක්‍රීඩා කිරීම පමණි.
මේ බව තරඟාවලිය අවසානයේ ඉන්දීය පිලේ නායක විරාත් කෝලි ද පැවසීය. ඔහුට අනුව ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් දක්ෂයෝ ය. සිදුව ඇත්තේ ඔවුන් මානසිකව ඇද වැටී ඇති තත්ත්වයකි.
ඉන්දීය සංචාරය තවමත් අවසන්ව නැත. එක් දින තරඟාවලිය ඇරඹීමට ඇත්තේ දින ගණනකි. පසුගියදා කොළඹ නිදහස් චතුරස්රයේ විරෝධතාවයකි. ඒ මෙම පරාජය නිසා තිලංග සුමතිපාල ක්‍රිකට් සභාපති ඇතුළු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට බල කරන මෙනි.
තම වට පිටාවේ සිටින ගෝල බාලයන්ට රිසි සේ හම්බ කර ගැනීමට තිලංග ඉඩ දී ඇති බව පිළිගත යුතු සත්‍යයකි. මේ පිළිබඳව සොයා බැලීම ක්‍රීඩා ඇමැති ප්රමුඛ රජයේ වගකීමකි.
එහෙත් මෙවැනි අවස්ථාවක බොරදියේ මාළු බෑමට උපන් සමතෙකු වන අර්ජුන රණතුංගට ක්‍රිකට් පිළිබඳ ආදරයක් ඇති වී අතුරු කමිටු මේනියාවක් හට ගැනීම නම් ජුගුප්සාජනක ය.
අර්ජුන යනු මේ රජය තුළ සිටින අසාර්ථකම ඇමැතිවරයෙකි. තම පවුලේ බූදලයක් බවට පත් කර ගත් වරාය අමාත්‍යාංශයේ පසුගිය වකවානුවේ සිදු වූ බොහෝ දූෂණ වංචා ගැන වගකිව යුතු වන්නේ අර්ජුන සහ ඔහුගේ සොයුරු ධම්මික ය. වරාය සේවකයෝ මේ සඳහා සාක්කි දරති. අවසානයේ වරක් ක්‍රිකට් අතුරු කමිටුවට පත් කොට වසරක් යෑමටත් පෙර ඉන් පලවා හැරියාක් මෙන් අර්ජුන වරායෙන්ද පන්නා දැමිණ. එහෙත් ඔහු වැනි අසාර්ථක දූෂිත පුද්ගලයෙකුට තවත් කෑම සඳහා ඛනිජ තෙල් ඇමැතිකම ලබා දීමට තරම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෝඩ විය. එපමණක් නොව වරාය කෑ ධම්මික ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධූරයට පත් කිරීමටද ජනාධිපති එකඟවීම මෝඩ කමටත් එහා ගිය එකකි. පසුගියදා සිදුකෙරුණු ඛනිජ තෙල් සේවක වැඩ වර්ජනය පිටුපස සිටිමින් හොරෙන් ඔවුන් දිරිමත් කළේ ද රණතුංග සොයුරන්ම ය.
ඒ අර්ජුනම වරායේ සහ ඛනිජ තෙල් සංස්ථාවේ ඔහු උසිගැන්වූ සේවක පිරිස්ම ගෙන්වා පසුගියදා තිලංග එලවීමට උද්ඝෝෂනයක් සංවිධානය කෙළේය. මෙයට ඔහුගේ කලක් ක්‍රිකට් ආයතනය ශුද්ධ කළ නිශාන්ත රණතුංග හා ඔහුගේ සගයෝ ද කුඩු නාලිකාව ද එක්වූහ. ක්‍රිකට් අතුරු කමිටුවේ කලක් සේවය කළ කුෂිල් ගුණසේකර ද මෙම ජවනිකාව පිටුපස සිටි තවත් චරිතයකි. මේ සඳහා ඔහු ඉන්දියාවේ සිට ඒජන්තයෙකුද කැඳවාගෙන තිබේ. ඒ පුෂ්පේන්ද්‍ර ඇල්බේ නම් මාධ්‍යකාරයෙකු ලෙස පෙනී සිටින්නෙකි.
ශ්‍රී ලංකාව පරදින සෑම තරඟයක්ම ඔට්ටුකරුවන් වෙනුවෙන් මුදලට පාවා දෙන තරඟයක් ලෙස දැන් අර්ජුන නම් කිරීමට පටන් ගෙන තිබේ. ඔහුට අනුව සංගා, මහේල, ඇන්ජලෝ, චන්දිමාල් යන නායකයන් සියල්ලෝම මේ සඳහා වග උත්තර කරුවෝ වෙති. බුකි කාරයෙකු වන තිලංග අර්ජුනට අනුව මේ මගින් කෝටි ගණන් උපයා ගනී.
එහෙත් අර්ජුන යනු ඔහුට අති පාරිශුද්ධ ක්‍රිකට් චරිතයකි. 1996 ලෝක කුසලානය මෙරටට දිනා දී ඇත්තේ ඔහු තනිවමය. ඒ අනුව 1996 ඔහු සමග ක්‍රීඩා කළ සෙසු ක්‍රීඩකයෝ ඔහුට හවුල්වූවෝ පමණි. එහෙත් ඔහු අද තම ඇඟිල්ල දිගුකරන වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ පාලනාධිකාරයේ සිටින ඔහුගේ 96 සගයන් වූ අරවින්ද, සනත්, හෂාන්, ගුරුසිංහ, පුෂ්පකුමාර, උපුල් චන්දන, කළුවිතාරණ එක් එක් භූමිකා වල වගකීම් දරන්නෝ වෙති. එසේ නම් ඔහු මේ ඇඟිල්ල දිගුකරන්නේ තිලංගට පමණක් නොව තම 96 සගයන්ට ද එරෙහිව ය.
තරඟ පාවාදීම් ගැන කථා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමට එය මුලින්ම හඳුන්වා දුන්නේ ද අර්ජුනය. ඒ 1992 ලක්නම් ටෙස්ට් තරඟයේ දී ය. එම තරඟය ඉන්දියාවට ජය ගැනීම සඳහා උදව් කිරීමට ඔහු හා අරවින්ද, ගුප්තා නම් ඉන්දීය බුකී කරුවකුගෙන් ඩොලර් 15000 ක් ගත් බවට ඉන්දීය රහස් ඔත්තු සේවය මගින් හෙළිදරව් කරන ලදී. ඒ අනුව තරඟ පාවාදීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රයට හඳුන්වා දී ඇත්තේ ද අර්ජුනම ය. එම යුගයේ අසාරුදීන් සමග එක්ව ඉන්දියාවේ ප්‍රදර්ශන තරඟ ගණනාවකට සහභාගී විය. ඒ තරඟ සියල්ලම අසාරුදීන්ගේ කණ්ඩායමට ජය ගැනීමට හැකිවන පරිදි කටයුතු කෙළේද අර්ජුනම ය.
අර්ජුන විසින්ම අද බුකී කරුවෙකු ලෙස හංවඩු ගහන තිලංග සුමතිපාල මුලින්ම ක්‍රිකට් පරිපාලනයට හඳුන්වා දුන්නේ ද එවකට ඔහුගේ හොඳම මිතුරෙකු බවට පත්ව සිටි අර්ජුනම ය. එකල මේ දෙන්නා එක්ව 1996 ලෝක ශූරතා කුසලානය ශ්‍රී ලංකාව දිනා ගන්නා විට සිටි සභාපතිවරයා වන ආනා පුංචිහේවා පන්නා දැම්මේ උපාලි ධර්මදාසව සභාපති පුටුවේ හිඳුවමිනි. ඒ අර්ජුනගේ දෙපිටකාට්ටුකමට හොඳම උදාහරණයකි. අද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කිඹුල් කඳුළු හෙලන්නේ ද ඒ අර්ජුනම ය.
මහින්ද රාජපක්ෂ යුගයේ දී තම මලයා වන නිශාන්ත රණතුංග, ඩී.එස්. ද සිල්වා සමග එක්ව ඩී.එස්ගේ බෑණනුවන් වන සුරාජ් දන්දෙණිය ද සමග සූරියවැව, ඛෙත්තාරාම හා පල්ලෙකැලේ ක්‍රීඩාංගණ ව්‍යාපෘති වලින් බිලියන ගණන් මුදල් නාස්ති කරද්දී සිරස සමග එක්ව බොරුවට ඒ ගැන විවේචනය කළ අර්ජුන පසුව තමන් විසින් හංවඩු ගැසූ තම මලයා සමග එකම පාර්ශවයකින් ක්‍රිකට් නිලවරණය සඳහා තරඟ වැදුනේ ය. තිලංගට එරෙහිව එම නිලවරණය ජය ගැනීම වෙනුවෙන් බලය යොදමින් බොහෝ දේ කළ නමුත් නිශාන්ත හා අර්ජුනට අත්වූයේ අන්ත පරාජයකි.
එනිසා ක්‍රීඩා සමාජ හා සංගම් විසින් ඡන්දය දෙන නිලවරණයක් ජය ගත නොහැකි කමට හේතුව ලෙස අර්ජුන කියන්නේ එම ඡන්ද මුදලය ගෙන ඇති බවයි. එසේ නම් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් (අර්ජුනද ඇතුළුව) මැතිවරණ ජයගන්නේ ඡන්ද දායකයන් වෙනුවෙන් සතයක් හෝ වැය නොකරමින් විය යුතුය.
කිලී මහරාජා අල්ලාගෙන සිරස සමග තම ප්‍රතිරූපය පුම්බා ගැනීම සිදුකරන අර්ජුනට දැන් රෙනෝ ද සිල්වාගේ හිරු ද එක්ව තිබේ. ඒ දුමින්ද සමග ඇතිකර ගත් තිලංගගේ වෛරයට පිළිතුරක් ලෙස ය. ඔහු තම බිරිඳගේ කලින් ප්‍රේමවන්තයා වූ සනත් ජයසූරියට ද තම මාධ්‍ය ජාලය ඔස්සේ පහර ගසන්නේ සනත් තිලංග සමග එක්ව සිටින නිසා ය.
අර්ජුන තිලංග සමග එක්ව මධු සමය ගත කළ සමය ඔහුට දැන් අමතක ය. අර්ජුනගේ එකම අභිලාෂය වන්නේ තිලංග එලවා අතුරු කමිටුවක් පත් කොට තමන් එහි මුල් පුටුවේ හිඳ ගැනීම ය. තිලංග දැන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අර්ජුනට අනුව කා දමා ඇත්නම් අර්ජුනට ක්‍රිකට් බාර දුනහොත් වන්නේ ඉතිරි ටිකත් කා දැමීම බව අර්ජුනගේ පැටිකිරිය දන්නෝ දනිති.
අතුරු කමිටුවක් යළි පත් කළ ද ඒ සඳහා සුදුස්සා අර්ජුන නම් නොවේ ය. එය ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් හොඳින්ම දනිති.
---------------------------
by (2017-08-19 15:13:33)
Leave a Reply
මම හිතාගෙන හිටියෙ අර්ජුන කියන්නෙ දූෂණයට විරුද්ධ වැදගත් මහත්තයෙක් කියල. ඒත් ක්‍රිකට් නිලවරණෙට නිශාන්ත රණතුංග කියන පල් හොරාත් එක්ක ඉදිරිපත් වුනු වෙලාවෙ තමයි මට හිතුනෙ දෙයියනේ මූ මොන තරම් බල්ලෙක්ද කියල!
-- by නතාලි on 2017-08-19
මහින්ද රාජපක්ෂ යුගයේ දී තම මලයා වන නිශාන්ත රණතුංග, ඩී.එස්. ද සිල්වා සමග එක්ව ඩී.එස්ගේ බෑණනුවන් වන සුරාජ් දන්දෙණිය ද සමග සූරියවැව, ඛෙත්තාරාම හා පල්ලෙකැලේ ක්‍රීඩාංගණ ව්‍යාපෘති වලින් බිලියන ගණන් මුදල් නාස්ති කරද්දී සක්කිලී මහරාජාගේ වැසිකිලී සිරස සමග එක්ව බොරුවට ඒ ගැන විවේචනය කළ අර්ජුන පසුව තමන් විසින් හංවඩු ගැසූ තම මලයා සමග එකම පාර්ශවයකින් ක්‍රිකට් නිලවරණය සඳහා තරඟ වැදුනේ ය. තිලංගට එරෙහිව එම නිලවරණය ජය ගැනීම වෙනුවෙන් බලය යොදමින් බොහෝ දේ කළ නමුත් නිශාන්ත හා අර්ජුනට අත්වූයේ අන්ත පරාජයකි.
-- by Marvin Silva on 2017-08-19
සනත් ජයසූරිය ගැන මං දන්නෙ නෑ එ්ත් මේ අපේ ගෙවල් ගාව ලොකු ගෙදරක් තියෙනව, ඒකෙ අයිතිකාරයා ඔය ගෑණි සති ගනන් ගෙනත් තියාගෙන ඉන්නව ඒ කාලෙ.
-- by Jayakodi on 2017-08-19
(තව ආත්ම සීයකදි වත් නොවෙතත්) අර්ජුනය මේ රටේ ජනාධිපති උනා නං, රණතුංග පවුල මැදමුලනෙ රාජපක්ෂ හොර තක්කඩි මිනීමරු පවුල පරද්දන බව ෂුවර්....
-- by යවන on 2017-08-19
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි