(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.03, ප.ව.10.05) රාජපක්ෂලාගේ වනචර දශකයේ සිදුකරන ලද අපරාධ සහ දූෂණ හොරකම් සම්බන්ධයෙන් ඉක්මනින් නඩු විභාග කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවන්නැයි අගමැතිවරයා පවා කියා සිටියදී ඊට විරුද්ධව කටයුතු කරන්නේ අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ බව විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රසිධියේ ප්‍රකාශ කරයි.
ඔහු මේ බව පසුගියදා රූපවාහිනී මාධ්‍යයකදී ප්‍රකාශ කරන ලද අතර අද මහජන පුස්තකාලයේ පැවැති සම්මන්ත්‍රණයකදී ද ප්‍රකාශ කෙළේය.
වංචා දූෂණ පරීක්ෂණ 88 ක් අවසන් කර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබ ඇතත් ඉන් නඩු පවරා ඇත්තේ නඩු 15කට පමණක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි.
ප්‍රශ්නය ඇත්තේ පොලිසියේ නොවන බවද ප්‍රශ්නය ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ හා අධිකරණයේ බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
ලඟ ලඟ දිනවල නඩු අසා ඉවර කළ යුතු යැයිද, ඒ සඳහා අලුතින් අධිකරණ පිහිටවිය යුතු නැති අතර අපේ රටේ දැනටමත් පවතින ක්‍රමවේදයක් භාවිතා කළ හැකි යයි ඔහු පවසයි. ට්‍රයල් ඇට් බාර් නමැති මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් අධිකරණයකින් මේ නඩු එක දිගට විමසිය හැකිය. එවිට අභියාචනය කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් නිසා අභියාචනයද ඉක්මනින් අසා දඬුවම් දිය හැකිය. මේ ක්‍රමවේදය භාවිතා කරන්නැයි තමන් ආණ්ඩුව තුලත් පක්ෂය තුලත් අවස්ථා ගණනාවකදීම පවසා ඇති නමුත් ඊට විරුද්ධ වන්නේ එය කළ යුතු අධිකරණ ඇමැතිවරයා වන විජේදාස රාජපක්ෂ යැයි අජිත් පී පෙරේරා මහතා පවසයි. අගමැතිවරයාද මේ සම්බන්ධයෙන් යම් වැඩ පිලිවෙලක් සකස් කරන්නැයි කීවද විෂය බාර ඇමැති විජේදාස රාජපක්ෂ එය නොකරන බවටද අජිත් පෙරේරා චෝදනා කරයි..
විජේදාස රාජපක්ෂ යනු තමන් අධිකරණ ඇමැති ධූරයේ සිටින තුරු ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගන්නට ඉඩ දෙන්නේ නැතැයි පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ පුද්ගලයෙකි. එනිසාම ජනතාව ඔහුව හඳුන්වන්නේ ‘ඩීල්දාස‘ යනුවෙනි.
අජිත් පී පෙරේරාගේ ප්‍රකාශය සහිත වීඩියෝවක් පහතින්
---------------------------
by (2017-08-03 16:40:02)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි