~

අර්ජුන් ඇලෝසියස්ව රාජපක්ෂලා නටවයි: රනිල්ට හුළං

(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.24,  ප.ව‍‍‍‍.11.40) මහ බැංකු බැඳුම්කර කොල්ලය හරහා ඉපැයූ මුදලින් ආරම්භ කළ මාධ්‍ය ජාලයට, සී. එස්. එන්. නාළිකාවේ සංඛ්‍යාත ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවසරය  ඉල්ලා ඇති බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු සමරසිංහ පසුගියදා පවසා තිබිණි.  රාජ්‍ය දේපල අවභාවිතා කරමින්  අයථා ලෙස උපයා ගනු ලැබු මුදලින් ආරම්භ කළ බවට චෝදනා එල්ල වන රාජපක්ෂ පවුලේ පාලනය යටතේ පැවැති සී. එස්. එන්. නාළිකාවට එරෙහිව චෝදනා කිහිපයක් මත අධිකරණයේදී නඩු විභාගයක් සිදුවන මොහොතක එම නාළිකාවේ සංඛ්‍යාත ර්පපෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ මාධ්‍ය ජාලය වෙත පැවැරීම වැරැදි ක්‍රියාවක් බවත් ඒ පිළිබඳව තම සංවිධානය අවධානයෙන් පසුවන බවත් එම සියලු තොරතුරු ඉදිරියේදී හෙළි කිරීමට සූදානම් බවත් ඔහු  පසුගියදා හෙළිදරව් කර තිබිණි.

 දැනට සී. එස්. එන්. නාළිකාවේ කාර්ය මණ්ඩලයක් නොමැති අතර එහි සිටි ප්‍රධාන විධායක නිලධාරියා මේ වන විට කටයුතු කරන්නේ අර්ජුන් ඇලෝසියස්ගේ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ මාධ්‍ය ජාලයේ බවත් එම සම්බන්ධතා හරහා මේ ගනුදෙනුව සිදුවනු ඇති බවත් සමරසිංහ  පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී  හෙළි වූයේ අර්ජුන් ඇලෝසියස් ට අයත් මාධ්‍ය ජාලයේ ඉහළ මට්ටමේ නිළධාරී තනතුරු සඳහා මේ වන විට රාජපක්ෂ පවුලේ හිතවතුන් ‍රැසක් ද සම්බන්ධ කර ගෙන ඇති බවයි. මේ වන විට එම ආයතනයේ ඉහළ වගකීම් උසුලන්නේ රාජපක්ෂ හිතවාදීන් පිරිසක් වීම මත එම මාධ්‍ය ජාලය ආරම්භ කිරීමෙන් බලාපොරොත්තු වූ අරමුණු නිශ්ඵල වී තිබෙන බවට එම  ර්පපෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.  ඇලෝලියස් මහතා හා රාජපක්ෂ පවුලේ දරුවන් අතර මිත්‍ර සම්බන්ධතා තිබුණද  මෙම මාධ්‍ය ජාලය මඟින් රාජපක්ෂවරුන්ට පක්ෂපාත මතයක් ගොඩ නොනැඟිය යුතු බවට ඔහුගෙන් උපදෙස් ලැබී තිබුණු බවත්  2020 දී එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය දිනා ගැනීම වෙනුවෙන් මෙම මාධ්‍ය ජාලය ආරම්භ කෙරුණු බවත් එම සමාගමේ තොරතුරු මාර්ග අවධාරණය කරයි. 

රාජපක්ෂ හිතවාදීන් මෙම සමාගම හා සම්බන්ධවීම අර්ජුන් ඇලෝසියස්  දැන හෝ නොදැන සිදුව ඇති බවත්   ඇලෝසියස්ට සමීපව සිටින එම ආයතන නිලධාරියකු වන රූපවාහිනී නිවේදක මහේෂ් සේනානායක නැමැත්තා ඉහත කී රාජපක්ෂවරුන් හා සම්බන්ධය සැලසුම් සහගතව ගොඩනඟා ඇති අතර එම කණ්ඩායම විසින් සිදුකරමින් පවතින රාජපක්ෂකරණය ඇලොසියස් ද දැනුවත් නමුත් ඔහුට මේ වන විට ඒ තත්වයන් පාලනය කළ නොහැකි මට්ටමකට පත්ව තිබෙන බවත් දැනගන්නට තිබේ.

කෙසේ නමුත් මේ වන විට එම  පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ   ගුවන් විදුලි හා රූපවාහිනි සේවයේ ඉහළ තතතුරු සඳහා සම්බන්ධ කරගෙන ඇති පුද්ගලයන් ගණනාවක් රාජපක්ෂලා යටතේ පැවැති සී එස් එන් රූපවාහිනියේ හා සිංහ එෆ් එම් ගුවන් විදුලියට සම්බන්ධව සිටි පිරිස වේ.  මෙහිදී සී එස් එන් හි හිටපු  විධායක නිලධාරී, වර්තමානයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කසුන් නමින් පෙනී සිටින නැමැත්තා නව මාධ්‍ය ජාලයේ සියලු මෙහෙයුම් අතට ගෙන ඇත. 

මෙම විධායක නිලධාරීයා  වෘත්තීයෙන් නීතිඥයකු වන අතර ඔහු සී එස් එන් සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලෙස සම්බන්ධවන්නේ එම ආයතනය සම්බන්ධයෙන් වන මුල්‍ය අපරාධ චෝදනාවන්ට මුහුණ දීමටත්, එම ගැටලුව තමන් විසින් විසඳා දීමටත් රාජපක්ෂ පවුලේ ප්‍රධානීන්ට දුන් පොරොන්දුවක් අනුවය.  කසුන්  සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක ගජ මිතුරන් වන අතර කසුන් රාජපක්ෂලාට පොරොන්දු වී ඇත්තේ  ශිරාල් ලක්තිලක  හරහා මෙම ගැටලුවෙන් රජපක්ෂලා මුදවාලිය හැකි බවය. කෙසේ නමුත් සී එස් එන් ආයතනය සම්බන්ධ විමර්ශන කටයුතු අවසන්ව ඇති නමුත් මෙතෙක් නඩු පැවැරීමක් සිදුව නොමැත. 

එම ආයතන ආරංචි මාර්ග සඳහන් කරන්නේ  කසුන් නැමැත්තාව නව මාධ්‍ය ජාලයට සම්බන්ධ කර ගැනීම  ඇලෝසියස්ගේ කැමැත්ත හෝ ඉල්ලීමක් මත සිදු වූවක් නොව මෙම කටයුතු මෙහෙයවන ඇලොසියස්ට සමීපව සිටින සේනානායක නැමැත්තා විසින් ඇලෝසියස්වද අන්දවමින් සිදු කර ඇති බවයි.  

රාජපක්ෂලාගේ රගර් හිතවතකු වන මෙම පුද්ගලයා ස්වාධීන රූපවාහිනියේ නිවේදකයකු ලෙස තවමත් කටයුතු කරන තැනත්තෙකු බව පැවසේ. එමෙන්ම බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් රාජපක්ෂලාගෙන් එල්ල වන විවේචන ඉදිරිපත් වීම වලක්වා ගැනීමට නම් මෙම මාධ්‍ය ජාලය රාජපක්ෂලාට හිතවත් ලෙස පවත්වාගෙන යෑම සිදු විය යුතු බවට ද රාජපක්ෂ හිතවාදීන් ඇලොසියස්ට අනියම් තර්ජනයක්ද ඉදිරිපත් කර ඇති බවත් දැන ගැනීමට ඇත.

එමෙන්ම මේ වන විට ප්‍රකාශයට පත් කරමින් තිබෙන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ පුවත් පතෙහි කර්තෘවරයාද රාජපක්ෂ හිතවාදියකු වන අතර ඔහු මීට පෙර සිටි ටිරාන් අලස්ගේ පුවත්පතෙහි කර්තෘවරයාව සිටියදී රාජපක්ෂ ආණ්ඩුව ‍රැක ගැනීම වෙනුවෙන් පත්තර කලාව බල්ලාට දමා වැඩ කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටි අයෙකි. ඔහු සමඟ ටිරාන් අලස්ගේ පුවත් පතේ හිටි රාජපක්ෂ හිතවාදීහු සියලු දෙනාම ඇලෝසියස්ගේ පුවත් පතටද එක්වී සිටිති.

කෙසේ නමුත් මේවන විට රාජපක්ෂලා තමන්ගේ පාර්ශ්වය, මාධ්‍ය හරහා ඉස්මතුවන ආකාරයේ තවත් මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර තිබේ. එනම් මාධ්‍ය ශ්‍රේණිගත කිරීමේ සමාගමකට විශාල මුල්‍ය ආයෝජනයක් සිදු කර මාධ්‍ය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු  ප්‍රකාශයට පත් කිරීම මෙහි ප්‍රධාන පියවර වී ඇත.  ඒ අනුව මාධ්‍යය ජනතාව අතර ජනප්‍රිය වීමට නම් රාජපක්ෂලාට හිතවාදී පුවත් පළ කිරීම විය යුතු බවට  මාධ්‍ය ආයතන ප්‍රධානින්ට ඒත්තු ගැන්වීම මේ ශ්‍රේණිගත කිරීමේ ජංගිය ඇන්දවීම හරහා සිදුකරමින් පවතී.

---------------------------
by     (2017-07-24 22:05:50)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links