(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.19, පෙ.ව.1.50) රු.ලක්ෂ 40 ක පගාවක් ගෙන විද්‍යා දැරියගේ ඝාතකයාට පැන යෑමට ඉඩ සැලසීම නිසා අද රිමාන්ඩ් බත් කන ජ්‍යෙ.නි.පොලිස්පති ලලිත් ජයසිංහව, රට පටලවන බොරුවක් ගොතා බේරා ගැනීම සඳහා මානව හිමිකම් කොමිසමේ වනචර යුගයේ හිටපු සභාපති පතිබා මහානාම ඉදිරිපත් වී තිබේ.
එක ජාතියේ සතුන් එකට ලගිනවා සේ ලලිත් ජයසිංහ සහ පතිබා මහානාම යනු එකට බෝතලේ හිස් කරන ගජයෝ වෙති. එබැවින් පසුගිය 17 වෙනිදා අනුරාධපුර සිර මැදිරියට ගොස් ලලිත් ජයසිංහ හමුවූ මහානාම, ගජයා නිදහස් කර ගැනීම සඳහා ගැටයක් ගසා තිබේ. සීඅයිඩිය විසින් අත් අඩංගුවට ගත් ලලිත් ජයසිංහව කයිට්ස් අධිකරණය කරා ගෙන යද්දී ඔහු රැගෙන ගිය බෙන්ස් රථය අතරමගදී රිය අනතුරකට ලක්විය. මෙම සිද්ධිය පාදක කරගෙන පොලිස්පතිවරයා සහ සීඅයිඩිය විසින් ලලිත් ජයසිංහව මරා දැමීමට කුමන්ත්‍රණය කළා යැයි ව්‍යාජ පැමිණිල්ලක් සකස් කිරීමට පතිබා මහානාම උපදෙස් දී තිබේ. එමගින් සීඅයිඩියත් පොලිස්පතිවරයාත් බියපත් කළ හැකි යයි මහානාම ලලිත් ජයසිංහට වැඩිදුරටත් උපදෙස් දී ඇත.
මෙම උපදේශය කණ වැකෙනවාත් සමග ලලිත් ජයසිංහ පවසා ඇත්තේ ඊට තවත් හේතුවක් එකතු කළ හැකි බවයි. එනම් ලලිත් ජයසිංහව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සිදුවූ සිද්ධියකි.
ලලිත් ජයසිංහව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 25 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට විනිසුරුවරයා නියෝග කෙළේය. එහිදී මොහු විද්‍යා සිද්ධියට සම්බන්ධ නිසා යාපනය බන්ධනාගාරයේ රිමාන්ඩ් කළහොත් ජීවිතයට අනතුරක් වෙතැයි කියා අනුරාධපුර බන්ධනාගාරයට යොමු කරන ලෙස ඔහුගේ නීතිඥයෝ අධිකරණයෙන් සහනයක් ඉල්ලා සිටියහ. විනිසුරුවරයා ඊට අනුමැතිය දුන්නේය. පසුව ලලිත් ජයසිංහවත් රැගෙන බන්ධනාගාර රියකින් අනුරාධපුරය බලා යද්දී අතරමගදී දැක තිබෙන්නේ අදාල බන්ධනාගාර මාරු කිරීමේ නියෝගයට විනිසුරුවරයාගේ අත්සන තබා නැති බවයි. ඉන්පසු ලලිත් ජයසිංහවත් රැගෙන වාහනය යලි හරවා ගත් නිලධාරීහු යලි කයිට්ස් බලා පැමිණ අදාල අත්සන ලබාගෙන අනුරාධපුරය බලා නැවත පිටත්ව තිබේ.
මෙම සිද්ධියද තමාව අතරමගදී ඝාතනය කිරීමට කරන ලද කුමන්ත්රණයේ කොටසක් ලෙස හුවා දැක්විය හැකි යයි ලලිත් ජයසිංහ මහානාමට පවසා තිබේ.
මේ අනුව ලලිත් ජයසිංහ කරන ලද බරපතල වරද පසෙක තබා ‘ලලිත් ජයසිංහ ඝාතන කුමන්ත්‍රණ නාඩගමක්‘ ඉදිරියට ගැනීමට පතිබා මහානාම ඇතුළු කණ්ඩායමක් කටයුතු කරගෙන යයි. මේ පිලිබඳව පොලිස්පතිවරයාට නිල වශයෙන් පැමිණිල්ලක් කිරීමටත්, ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමටත්, ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමටත් සූදානම් කර තිබේ.
මෙහි ඇති අපූරුව නම් කලක් මානව හිමිකම් කොමිසමක සභාපති දැරූ මහානාම, අද අසරණ දැරියකගේ ඝාතකයාට උදව් කළ ජඩයෙකු වෙනුවෙන් පෙනී සිටීමයි. මේ ජඩයන් උගෙන ගත්තේ මහජන මුදලිනි. පඩි කෑවේ මහජන මුදලිනි. අද කෙළවන්නේ ද මහජනතාවගේ අයිතිවාසිකම් වලට ය. මොවුන්ට නොගහන හෙණ තිබේ නම් ඒ හෙණ වලින් පලක් නැත.
---------------------------
by (2017-07-18 20:43:39)
Leave a Reply
මානව හිමිකම් යනු සුලුතරය ආරක්ෂා කරන මොවලමක් බව දැනගන්න.
-- by nuwan on 2017-07-18
මෙහි ඇති අපූරුව නම් කලක් මානව හිමිකම් කොමිසමක සභාපති දැරූ මහානාම, අද අසරණ දැරියකගේ ඝාතකයාට උදව් කළ ජඩයෙකු වෙනුවෙන් පෙනී සිටීමයි. මේ ජඩයන් උගෙන ගත්තේ මහජන මුදලිනි. පඩි කෑවේ මහජන මුදලිනි. අද කෙළවන්නේ ද මහජනතාවගේ අයිතිවාසිකම් වලට ය. මොවුන්ට නොගහන හෙණ තිබේ නම් ඒ හෙණ වලින් පලක් නැත.
-- by Sena P on 2017-07-19
මූට දාන්න තිබුනෙ ප්‍රතිභා මහානාම කියල නෙවෙයි ඉබ්බා මහානාම කියල!
-- by mayuri on 2017-07-19
මේ වගේ වේසිගෙ පුතෙකුටනෙ මැදමුලනෙ නූගත් මී හරකා මානව හිමිකම් කොමිසමේ සභාපතිකම දීල රටම ලෝකයා ඉදිරියෙ නින්දාවට පත් කරේ!
-- by Sunil Silva on 2017-07-19
රේඩියෝ චැනල් වලට ගිහින් එක එක මිනිස්සුන්ට ආවතේව කං කරල එදා වේලට තුට්ටු දෙකක් හොයා ගත්ත හිඟන්නෙක් තමයි ප්‍රතිබා මහානාම හේවා කියන්නෙ.මේ වගෙ අසූචි ඌරෙකුට මානව හිමිකම් ලොකු පුටුව රාජපක්ෂ මී හරකා විසින් ලබාදීම නිසා ශ්‍රී ලංකාව කියන නාමයට බරපතල හානියක් ඇතිවුනා.
-- by Jayantha De mel on 2017-07-19
නුවර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සීසී භීෂණය දරාගන්න බැරිව කච්චේරියට මාරු උනා. එයා සම්බන්ධ කරගත්තොත් තොරතුරු කියාවි.
-- by Ruberu on 2017-07-19
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි