ගානි වාසුහේවාගේ සටහනක්
(ලංකා ඊ නිව්ස් -2017.ජූලි.01, පෙ.ව.6.30) සිද්ධාර්ථ කුමාරයාණන් අවසානයේ බුද්ධත්වයට පත්වූයේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙනය. වසර 45 ක්, තමන් සොයාගත් සත්‍ය හුදී ජනයාගේ යහපතට යොදවා වසර 80 ක් ආයු වළඳා පරිනිර්වාණයට පත්විය. (මෙය විස්තරාත්මකව සඳහන් කළේ පරාජිත ජනපති මහින්ද මිහිඳු හාමුදුරුවන්ගේ උප්පැන්න සහතිකය වෙනස් කළ ආකාරයට සිද්ධාර්ථ කුමාරයාටද අවැඩක් කරාවිද යන සැකය නිසාත්, මොහුගේ අඳබාල ගෝල වීරවංස ‘මහල්ලා සහ මුහුද‘ කෘතියේ කතුවරයා වෙනස් කිරීමද මෙහිම කොටසක් නිසාත්ය.) ඉදිං බුදුන් වහන්සේ පිරිනිවන් පෑවද එකල වැඩ විසූ දේවදත්තලා පොළොව පලාගෙන අපායට ගොස් නැත. තවම සිටිති. එය අපට ගැටලුවක් වනුයේ ඔවුන් අපායට නොයෑම නොව එම දේවදත්තලා අද බුදුන් ලෙස පෙනී සිටීමය.
බුදුන් වහන්සේ තම උත්තරීතර දහම යෙදවූයේ ලොව සුවහසක් ජනයා සුවපත් කිරීමට වුව වත්මනේ බුදුදහමේ පොල්මඃකාරකම පවරාගත් දේවදත්තලා කරනුයේ තම යහපත උදෙසා දහම යෙදවීමය. තනි බුදුන්වහන්සේගේ දහම අළෙවි කිරීමට එනම් විකුණාගෙන කෑමට වත්මනේ නොයෙක් සංඝ ආයතන පිහිටුවාගෙන ඇත. නිකාය යනුවෙන් හඳුන්වාගෙන ඇති එම ආයතන ප්‍රමාණය සාරාසංඛ්‍ය ලක්ෂකට වැඩි මිසක් අඩු විය නොහැක. මෙය දෙවන වනවා නම් වනුයේ මෙරටට සමාජවාදය ගෙන ඒමට සැදී පැහැදෙමින් සිටින වාමාංශික පක්ෂ ගණනට පමණක් විය යුතුය.
ඇම්බ්‍රොයිඩර් සිවුරක් පෙරවීමට වත්කම් තිබේ නම්, ලාලිත්‍ය හඬින් බයිලා හෝ වැදෑරිය හැකි නම්, සතියකට වරක් පේෂල් කිරීමෙන් රූප ලාවන්‍ය ඔප් නංවා ගැනීමට හැකිනම් ඕනෑම කපටියෙකුට නිකායක් බිහිකරගෙන නායක හිමි නමක් විය හැකිය. ඉතා සංවේගයෙන් මෙම සැබෑව පවසනුයේ උතුම් වූ බුද්ධ ධර්මයට වත්මනේ අත් වී ඇති සැබෑ තත්ත්වය වසන් කිරීමට නොහැකි තරමට ඔඩු දුවා ඇති බැවිණි.
සසර කළකිරී මහන දම් පිරුමට පැමිණියා යයි පවසන නමුදු තණ්හාව උපරිමයෙන් හදා වඩා ගනිමින්, අනෙකෙකුට නොදෙවැනි වන්නට රන් වැටවල් සාදමින්, අසූ අට රියන් පිළිම ගොඩ නගමින්, හොර අලි යොදවා හෝ ගව් ගණන් දිග මහා පෙරහැරවල් පවත්වමින්, මෙම දේවදත්තයලා උතුම් වූ සම්බුද්ධ සාසනයට කරනුයේ මොන නස්පැත්තියක්ද? ඒ සමගම එදා දන්වේල නොමැතිව හාමතේ වැඩ වාසය කරන පන්සල් අනන්තවත් තිබෙද්දී මසකට වරක් අධි සුඛෝපභෝගී වාහන මාරු කරමින් ටජ්මහල් වැනි මහා මන්දිර ආවාස ගොඩනගමින් සාසනය අළෙවි කරන මහා නායකලා පොඩි නායකලා කොතරම් සිටිනවාද? අජාසත්ත පාලකයන් හා හරිහරියට එක්ව එකගෙයි කමින් රටේ සම්පත්වලින් පෝෂණය වන මේ බොහෝ සංඝ පංචස්කන්ධ දේශපාලකයන්ට වඩා දේශපාලනය කරන වුන්ය. හැරෙන හැරෙන පැත්තට පාලකයන් වන්දනාමාන කරමින් තම පෞද්ගලික දේපල ලෙස මන්දිර ගොඩ නගන මොවුන් නොකරන්නේම බුදුන්ගේ දහම දේශනා කිරීමය.
අද සමහර පැවිද්දන්ට බුද්ධ ශාසනය කප්රුකකි. සිතන්නටත් පෙර පතන දේ දෙපා ළඟට ලැබේ. ජනයාට නිවන් යන්නට අනුශාසනා කරන මුං වහන්සේලා එසේ නිවන් යාමට සිහිනෙන්වත් සිතන්නේ නැත. සිතන්නේ භවබෝග සම්පත් ගැනය. පව පිනෙන් තෙම්පරාදු කර ඇති ජනයා සියල්ල ඉවසා සිටිනුයේ මොක කලත් මේ අපේ බුධ පුත්‍රයන් නේද? යන සිතුවිල්ලෙනි. එය වාසියට ගත් අස්ගිරියද ආනන්ද මූ. ගේ අභයාරාමය තරමටම නොවුනද ඒකාබද්ධයේ පක්ෂ ශාඛාවක් වී ඇත්තේ ‘අපි නිදුක් වෙත්වා සියලූ සත්ත්වයන්ට හෙන ගැහිල පලච්චා‘ යන සිතිවිල්ලෙනි.
මේ අස්ගිරි පාර්ශවය පසුගිය වනචර දශකය තුළ නිදිවැද සිටියේ ශාසනාලයට වඩා දේශපාලන ආලයට ගිජුවය. රජ පුතුන් උතුම් දළදා වහන්සේට ශබ්දයෙන්, මතින්, සුරූපී විදේශීය ළඳ පහසින් පූජා පවත්වද්දී ආරාම මන්දිර තුළට වී තපස් රැක්කෝය. එම යුගයේ අස්ගිරියට විළිලැජ්ජාව අහලකවත් තිබුනිද? අනෙකුත් නිකායන් සහ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා මෙම රජ පුතුන්ගේ වික්‍රමයන්ට එරෙහි වෙද්දී “දැන් සියල්ල සූදානම් කරලනෙ මේ වාරයට පමණක් අවසර දෙනවා“ යන්න මහරජා විසින් අස්ගිරි නායකගේ කටට අත දමා දිව එළියට ගෙන කරවා ගත් ප්‍රකාශය නිසා ධාවන තරග පූජාව පවත්වන ලදී. ඇත්තටම හිටපු අස්ගිරි නායකයා අනාගතය දුටු නිසාදෝ “මේ වාරයට පමණක්“ යන්න පැවසීම දෛවෝපගත විය. ඊළඟ වාරය එළඹෙද්දී රජ අප්පල පුතාලා සිටියේ ඈත මැද මුලනයක ජනෙල් කවුලුවක එල්ලලා ය.
වරක් ෆොන්සේකාට අනීතිකව දඬුවම් පැමිණවීමට රාජපක්ෂලා සූදානම් වූ විට එයට එරෙහිව සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි මල්වතු විහාරයේ නායක හිමිපාණන් ඇතුලූ එහි සංඝයා වහන්සේලාට රාජපක්ෂ ගැති උඩුවේ ධම්මාලෝකයා ලවා මල්වතු විහාරය කඩා වෙනත් නිකායක් හදන බවට තර්ජනය කරද්දී අස්ගිරිය නිදිවැද සිටියාදැයි ජනයා විමසීම පාපයක්ද?
අස්ගිරියේ ලේඛකාධිකාරී මැදගොඩ ධම්මානන්ද හිමි වදාරනුයේ භික්ෂූන්ට නම පමණක් කියා ඇමතීම වැරදිය යන්නය. ඇත්තය. සැබෑ සුපේශලකාමී ගුණවත්, නැණවත් යහපත් භික්ෂූන් වහන්සේලාට එසේ ඇමතීම අන්තිම වැරදිය. නමුත් පූජනීය චීවරයට මුවා වී ගිහියෙකුටත් අන්තව රට තුළ ඉතා අශීලාචාර අසමජ්ජාති ලෙස හැසිරෙන පුද්ගලයන්ට එසේ ඇමතීම වැරැද්දක්ද? එසේ නම් මිනීමරු සෝමාරාමලාට බුද්ධරක්ඛිතලාට පිළිම හදා වන්දනා කළ යුතුය. අස්ගිරිය මේ කරන්නේ මොන අසමජ්ජාති අලුගුත්තේරු පාහර අමන වැඩක් කළද තම පවුලේ (නිකායේ) එකාලා බේරා ගැනීමය. නමුදු මේ බේරාගැනීම ජනයාට අස්ගිරියේ සිවුර පල්ලෙන් බේරෙනවා පෙනේ.
කැප්පෙටිපොල රාජද්රෝහිත්වයෙන් ගලවා ගැනීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමේ උත්සවය පැවති මහනුවර මගුල් මඩුවට ගොඩවීමට රාමඤ්ඤ නිකායේ මහනායක හිමියනට බාධාකර වැලැක්වූයේ මැදගොඩ ධම්මානන්ද හිමි බව ප්‍රසිද්ධ රහසකි. එවන් ක්‍රියාවන් අලජ්ජිද? ශාසනලැදි ද? යන්න බෞද්ධයාට පැහැදිලි කර දීමද අස්ගිරියේම යුතුකමකි.
වනචර දශකයේ රට පුරා පීඩනය, දූෂණය, භීෂණය ඉහවහා ගොස් තිබියදී දැහැන් ගතව නිවන් මගට පෙරුම් පුරමින් සිටි මුං වහන්සේලා එම යුගය බිඳ වැටුනාත් සමග තම නිවනට හානියක් වූවා දෝයි බියෙන් තැති ගෙන ඇති බව පෙනේ. දරදිය අදිමින් දහදුරා වැඩකරමින් එදා විඳි සුර සැප අහිමිවීමේ වේදනාව අද නැවත එම පාපතරයන් කරළියට ගෙන ඒම සඳහා මුවහත් කරන බව පැහැදිලිය. ඒ අරමුණ වෙනුවෙන් අස්ගිරියෝ ඕනෑම කෙනෙකු සමග එක්ව අමුඩය තදකර ගැනීමට සූදානම් බව ද පෙන්වති. ගිලන්පසට අරක්කු පානය කර බලපත්‍ර නොමැතිව වුවද තමාම 6 ශ්‍රී 5444 වාහනය පදවා අසරණයකු යටකර කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 6315/2000 නඩුව යටතේ උසාවියෙන් දඩ වළඳා ඇති නානසාරලා සමග එක පෙළට නා ගැනීම තුළින් අස්ගිරියන් ශාසනයට පිරිනමන්නේ කුමන අර්ථයක්ද යන්න බෞද්ධ අපට ගැටළුවකි.
මිහිඳු මහරහතන් වහන්සේ දේවානම් පියතිස්ස රජතුමා ගේ හදා වඩාගත් පුතා යැයි පවසන පරාජිත විධායක කුපාම මහින්ද ගොඩ දැමීමට අස්ගිරියන් නානසාරලා වැනි චීවරධාරීන් සමග එක්වීම මෙම නඩයට බෞද්ධාගම ගැන ඇති සැබෑ කැක්කුම මනාව පෙනේ.
තමන්ගේ දෙපා මුල මෝටර් රථ ධාවන තරඟ පවත්වද්දී අවදි නොවූ අස්ගිරිය සංඝ කාරක සභාව ඇත් පැටව් හොර පාරෙන් ලබාගත් උඩුවේ ධම්මාලෝක, වීරවංසගෙන් වාහන අවභාවිත කළ සද්දාතිස්ස, බුදුවී යයි වදාරන සමන්තභද්‍ර ලා පමණක් නොව ළමා අපචාරකර, මංකොල්ලකෑම් කර, නිධන් හාරා නීතියට කොටුවන සිවුරුකාරයන් ගැන යමක් දෙසා වදාරා ඇත්තේ කවදාද? තම නූගත් තිරිසන් මිසදිටුකම පෙන්වා ශාසනයට ගරහන නානසාර ඇතුලූ ඉහත සංඝයාට චීවරධාරීන් යයි පවසා හෝ පසෙකින් තැබීමෙන් ශාසනයට සිදුවනුයේ හානියක් නොව ලාභයකි. පිරිසිදු බවකි.
තවද ජනතාව ප්‍රතික්ෂේප කළවුන් සමග එක්ව ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් පෙරලීමට මහ මග අමු රස්තියාදු රංගනයක යෙදෙන කොණ්ඩ රැවුල් වවාගත් කහ රෙදි පොරවන ලද අපතයන් චීවරධාරීන් මිස සුපේෂල යයි පැවසිය හැකිද? ඔවුන් වෙන්කර ලීමෙන් සැබෑ භික්ෂූන් වහන්සේලා ගෞරවයට පත්වන අතර අපගේ ශාසනයත් ඔපවත් වේ.
පරාජිත දේශපාලූවන් වෙනුවෙන් තවදුරටත් පෙනී සිටීමෙන් අස්ගිරියට සිදුවන යහපතක් නැත. දැන්වත් සම්මා දිට්ඨිය වඩවා අනුන්ගේ කුණු ඇදීමේ කොන්ත්‍රාත් ඒ ඒ අයට පවරා උතුම් වූ ගෞරවණීය වූ අපගේ සම්බුද්ධ ශාසනය රැක ගැනීමට පෙරමුණ ගන්නා මෙන් ඉතා ගෞරවණීය ලෙස පූජණීය සංඝරත්නයෙන් ඉල්ලා සිටිමි. මන්ද බුද්ධාගම රැක ගැනීමට සිදුව ඇත්තේ දෙමළාගෙන් මරක්කලයාගෙන් නොව සිවුරට මුවා වී බුද්ධාගම විකුණං කා යැපෙන අශ්ලීල අතලොස්සක් චීවරධාරීන්ගෙන් නිසා ය.
---------------------------
by (2017-07-01 01:30:56)
Leave a Reply
Appa, Gani, Umbanam Supirima Baduwak Machan. Umbata ,Theruwan Saranai !
-- by Bandula on 2017-07-01
බුද්ධාගම රැක ගැනීමට සිදුව ඇත්තේ දෙමළාගෙන් මරක්කලයාගෙන් නොව සිවුරට මුවා වී බුද්ධාගම විකුණං කා යැපෙන අශ්ලීල අතලොස්සක් චීවරධාරීන්ගෙන් නිසා ය.
-- by mahandra on 2017-07-01
බුදුන් වහන්සේ වදාළ ධර්මය අනුව උන්වහන්සේ ගෙන් පසුව ගුරු වන්නේ උතුම් ධර්මය යි.බුදු දහම ට ශෝභන අවශ්‍ය නැත
-- by Openmind on 2017-07-01
Hodama kiyamana tamai buddagama reka gata yuththe bauddayagenma yei kima hariyatama hari anya agamikain buddagama desa balana thibena gaurawaya bauddain thula thibeda eya oun paladana padakkamakma pamanai jeththuwata penumata pamanai,
-- by k.sunil perera on 2017-07-01
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි