~

රාජපක්ෂලාගේ වනචර දශකයේවත් නොකී කතා කියා විජයදාස රාජපක්ෂ ආණ්ඩුවත් රටත් අනතුරේ හෙළයි: නීතිඥ සංගමය තුනට කැඩී යෑමේ අනතුරක..!

ආණ්ඩුව ගෙන ආ පූජ්‍ය පක්ෂයට බුද්ධිමතුන්ට පිස්සන් යැයි විජයදාස නිග්‍රහ කරයි

(ලංකා ඊ නිව්ස් -2017.ජුනි.28,  පෙ.ව‍‍‍‍‍‍.7.10) යහපාලනය යැයි කියා ගන්නා ආණ්ඩුවක අධිකරණ සහ බුද්ධ ශාසන ඇමැතිව හිඳිමින් රාජපක්ෂ රෙජීමයේ වනචර දශකයේ දී පවා නොකී මුග්ධ ප්‍රකාශ නිතිපතා ජනතාවට එරෙහිව කරන විජේදාස රාජපක්ෂ නමැති අඟේ ඉඳන් කණ කන අවස්ථාවාදී දේශපාලුවා නිසා යහපාලන ආණ්ඩුව පමණක් නොව රටම විශාල අර්බුදයකට ගමන් කරමින් තිබේ.

ශිෂ්ඨාචාර ලෝකයේ මානව හිමිකම් වෙනුවෙන් සටන් කරන නීතිඥ ප්‍රජාවගේ ගෞරවයට පාත්‍රව සිටින ශ්‍රී ලංකාවේ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාගේ කෝට් එක ගැලවීමට මේ අවස්ථාවාදී දේශපාලුවා කරන මුග්ධ ක්‍රියාවලිය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තුනකට කැඩී යාමේ තත්ත්වයක් උද්ගතව ඇති බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. 

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ අලුතින් නීතිඥ සංගමයට පත් වූ සභාපතිවරයාද විජේදාස රාජපක්ෂගේ බලපෑමට යටත්ව සංගමයේ කිසිදු එකඟතාවයකින් තොරව නීතිඥ ලක්ෂාන් මහතා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් දිව්රුම් ප්‍රකාශයක් ලබා දෙන්නැයි නීතිඥවරයාට නියෝග කිරීම ය. මෙය නීතිඥ සංගමය වැනි වෘත්තීයවේදී සංගමයක් විසින් කවර කලෙකවත් කරන ලද්දක් නොවේ. තම සංගමයේ නීතිඥවරයෙකු සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වන්නේ නම් එ් සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සාමූහික නිගමනයක් අනුව ක්‍රියා කරනවා විනා හුදු සභාපතිවරයාගේ අත්තනෝමතික තීරණ අනුව ක්‍රියා කෙරෙන්නේ නැත. 

විජයදාසගේ බලපෑම මත නීතිඥ සංගම් සභාපති යූ.ආර්. ද සිල්වා ආගම්වාදීව සහ අන්තවාදීව ක්‍රියා කිරීම නිසා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සිටින කිතුණු නීතිඥවරුන් සහ මුස්ලිම් නීතිඥවරුන් නීතිඥ සංගමයෙන් ඉවත්වීමේ වාතාවරණයක් උද්ගත වී තිබේ.

විජයදාසගේ ප්‍රකාශ ජාතික සහ ජාත්‍යන්තරව හෙළා දකී: ආණ්ඩුවේ මූණේ දැලි ගෑවේ

විජයදාසගේ ක්‍රියා කලාපය හෙළා දකිමින් ආසියානු මානව හිමිකම් කවුන්සිලය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව අඳුරු යුගයක දිශාවට දීර්ඝ පියවරක් තබා ඇති බවයි.

විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමැතිවරයා දිගින් දිගටම නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාට එල්ල කරන තර්ජනයන්ට  දැඩිව විරෝධය පාමින් රටේ ජ්‍යෙෂ්ඨතම නීතිඥයන්ගෙන් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයෝ හෙවත් Lawyers for Democracy සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ විජයදාස නිසා රටේ ජාතික සහ ආගමික අවිශ්වාසයක් ගොඩ නැගී ඇති බවත් ආණ්ඩුව මැදිහත් වී එය යලි ගොඩ නැගීමේ වගකීමෙන් ආණ්ඩුවට මගහැර යා නොහැකි බවයි. විජයදාස මහතා විසින් ලක්ෂාන් ඩයස්ව දේශ ද්‍රෝහියෙකු ලෙස හැඳින්වීමත් තිරිසනුන්ට සමාන කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයන්ගේ දැඩි පිළිකුලට ලක්ව ඇති අතර ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ විසින් පසුගිය කාලයේ ආරක්ෂ අමාත්‍යාංශ වෙබ් අඩවිය හරහා නීතිඥවරුන් නම් කරමින් දේශද්‍රෝහීන් ලෙස හැඳින්වූ යුගය විජයදාස යලි මතක්කර දෙන බවත් පවසයි. ඇමැතිවරුන් හට සදාචාරය පිළිබඳ චර්යා රීතියක් ගෙන එන්නැයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති. 

විජයදාස රටේ පූජ්‍ය පක්ෂයට ගෞරවනීය පුරවැසියන්ට පිස්සන් කියා නින්දා කරයි 

මේ අතර වත්මන් යහපාලන ආණ්ඩුව ගෙන ඒමට දැවැන්ත වැඩ කොටසක් කළ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගොඩ නැගූ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සහ රටේ කලාකරුවන් බුද්ධිමතුන් ගෙන් සමන්විතව ගොඩ නැගූ පුරවැසි බලය සංවිධාන දෙක නම් කරමින් විජයදාස රාජපක්ෂ තවත් අවලම් ප්‍රකාශයක් කර තිබිණ. එනම් එම සංවිධාන වෙනුවෙන් ලියැවිල්ලකට අත්සන් යෙදූ 170 ක් පමණ වූ රටේ පළමුපෙළේ ගෞරවනීය පුරවැසියන් ගැන විජයදාස කීවේ ඔවුන් පිස්සන් කොටුවක සිටිය යුතු අය බවයි. ඒ තරම් නීච ප්‍රකාශයක් රාජපක්ෂලාගේ වනචර දශකයේදී පවා කිසිවෙකු කියා නැත. 

විජයදාස රාජපක්ෂ වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට පිටුපා කටයුතු කරන බව ප්‍රථමයෙන්ම හෙළිකළේ ‘තමන් අධිකරණ ඇමැතිව සිටින තුරු ගෝඨාභය රාජපක්ෂව අත් අඩංගුවට ගන්නට දෙන්නේ නැත‘ යි පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කිරීමෙනි.

දෙවැනුව රාජපක්ෂලාට එරෙහිව පොදු අපේක්ෂකයා වීම හේතුවෙන් ඔවුන්ගේ බිහිසුනු මර්දනයට නොබියෙව මුහුණ දෙමින් සිරබත් කෑ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා වෙල් විදානේ කෙනෙකු යයි කියමින් ඔහුට එරෙහිව අවලාද නැගුවේය. ඔහු එක්සත් ජාතික පක්ෂයට බඳවා ගැනීමට එරෙහි වූ විජයදාස එතැන් පටන් රනිල් වික්‍රමසිංහට විරුද්ධව ආණ්ඩුව තුල හිඳිමින් ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත් කරන වැඩ කටයුතු කිරීම වේගවත් කෙළේය.  

ඒ අනුව යහපාලන ආණ්ඩුව ගෙන ඒම සඳහා කැපවීමෙන් ක්‍රියා ක‍ළ ලංකා ඊ නිව්ස් කතුවරයා පුලන්නෙකු යයි අවලාද නගමින් ඉන්ටර්පොල් වරෙන්තු රැගෙන ලංකාවට කුදලා ගෙනැවිත් හිරේ දමන්නේ යයි ප්‍රකාශ කෙළේය.

මහාචාර්ය සරත් විජේසූරිය මහතාට ප්‍රසිද්ධියේ නිග්‍රහ කෙළේය

ජාතිවාදය සහ ආගමික අන්තවාදය එපා.! එපා.!! එපා.!!! යනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සහ පුරවැසි බලය විසින් පසුගිය ඉරිදා මාධ්‍ය වල පළ කරන ලද ප්‍රකාශයට අත්සන් තබන ලද  ගෞරවනීය ශ්‍රී ලාංකිකයන් පිරිස නම් වශයෙන් පහත දැක්වේ. විජයදාස රාජපක්ෂ විසින් පිස්සන් කොටුවක සිටිය යුතු යැයි පසුගියදා රූපවාහිනී නාලිකාවකට පැමිණ ප්‍රසිද්ධියේ නින්දා කෙළේ මේ ගෞරවනීය පූජක උතුමන්ටය, මේ ගෞරවනීය බුද්ධිමතුන්ට ය. විජයදාසගේ ප්‍රකාශයේ තරම තේරෙන්නේ මේ අත්සන් තැබූ පිරිස අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ යෙදී සිටින ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතාගේ නමද තිබීමෙනි 

1.   පූජ්‍ය දඹර අමිල හිමි
2.   බිෂොප් දුලිප් ඩි. චිකේරා
3.   ජයන්ත ධනපාල
4.   චන්ද්‍රා ජයරත්න
5.   මහාචාර්ය එච්. එල්. සෙනෙවිරත්න
6.   මහාචාර්ය සරත් විෙජ්සූරිය
7.   ගාමිණී වියන්ගොඩ
8.   මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර
9   ආචාර්ය ධර්මසේන පතිරාජ 
10.  ධර්මසිරි බණ්ඩාරනායක
11.  අශෝක හඳගම
12.  ආචාර්ය ජයම්පති වික්‍රමරත්න 
13.  විනිසුරු සලීම් මර්සුෆ් 
14.  අර්ජුන අළුවිහාරේ 
15.  නීතිඥ ජාවිඩ් යූසුෆ්
16.  මහාචාර්ය රිස්වි ෂෙරීෆ්
17.  සුනිල් පෙරේරා (ජිප්සීස්)
18.  ලුෂන් බුලත්සිංහල 
19.  පරාක්‍රම නිරිඇල්ල
20.  කේ. ඩබ්. ජනරංජන
21.  මනෝරි මුත්තෙට්ටුවෙගම
22.  නීතිඥ බැසිල් ප්‍රනාන්දු
23.  බුද්ධදාස ගලප්පත්ති 
24.  මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න
25.  ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න 
26.  කෙලී සේනානායක 
27.  ආචාර්ය රංජිණී ඔබේසේකර
28.  ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් 
29.  මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි  
30.  නීතිඥ සුදර්ශන ගුණවර්ධන
31.  සමන් රත්නප්‍රිය
32.  නිශ්ශංක දිද්දෙනිය
33.  මහාචාර්ය දයා සෝමසුන්දරම් 
34.  අනෝමා රාජකරුණා 
35.  විමුක්ති ජයසුන්දර
36.  අජිත් ජිනදාස
37.  චන්ද්‍රගුප්ත තේනුවර
38.  අනුර රාජගුරු
39.  හේමසිරි ලියනගේ 
40.  ජනාධිපති නීතිඥ ෙජ්. සී. වැලිඅමුණ 
41.  සන්ධ්‍යා එක්නැලිගොඩ 
42.  ඛෙනට් රත්නායක 
43.  සෝමරත්න දිසානායක
44.  රොෂාන් පිලපිටිය
45.  සමනලී ෆොන්සේකා 
46.  නීතිඥ ලාල් විෙජ්නායක
47.  නීතිඥ ලක්ෂාන් ඩයස්
48   මහාචාර්ය එම්. ඒ. නුහුමාන් 
49.  ආචාර්ය චන්දන අලූත්ගේ 
50.  එල්මෝ පෙරේරා 
51.  මහින්ද රත්නායක
52.  ආචාර්ය ලයනල් බෝපගේ 
53.  මහින්ද ප්‍රසාද් මස්ඉඹුල 
54.  දිලීප් රෝහණ
55.  බි්‍රටෝ ප්‍රනාන්දු 
56.  අනුරසිරි හෙට්ටිගේ 
57.  ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු
58.  ජයතිලක බණ්ඩාර 
59.  නීතිඥ මාස් යූසුෆ්
60.  කෞෂල්‍යා ප්‍රනාන්දු 
61.  ලසන්ත රුහුණගේ
62.  ලක්ෂ්මන් මෙන්ඩිස් 
63.  එම්. ඩී. මහින්දපාල
64.  හර්ෂ බුලත්සිංහල 
65.  මාලක දේවප්‍රිය
66.  මහාචාර්ය කුමාර් ඩේවිඩ් 
67.  මොහාන් රාජ් මඩවල 
68.  සුනන්ද දේශප්‍රිය
69.  පිලිප් දිසානායක 
70.  රාජා උස්වැටකෙයියාව
71.  රාජිත දිසානායක 
72.  ටී. කේ. අසූර් 
73.  රංග බණ්ඩාරනායක
74.  ෆ්‍රෙඩී ගමගේ
75.  ෂාන් විෙජ්තුංග
76.  ශාන්ති දිසානායක
77.  ආචාර්ය උදාන් ප්‍රනාන්දු 
78.  නීතිඥ උපුල් කුමරප්පෙරුම
79.  ඩබ්ලිව්. ජයසිරි 
80.  ඉන්ද්‍රචාපා ලියනගේ 
81.  කැත්ලීන් ජයවර්ධන
82.  ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු
83.  අනුලා බුලත්සිංහල 
84.  විසාකා ධර්මදාස 
85.  ලක්ෂ්මන් හේවාවිතාරණ
86.  නිෂාන් ඩි. මෙල් 
87.  සුමතිපාල කාරියවසම්
88.  උපාලි ජයතිලක
89.  ආචාර්ය සුජාතා ගමගේ 
90.  අන්තෝනිදාසන් ෙජ්සුදාසන්
91.  ජයතිලක කම්මැල්ලවීර
92.  ඛෙනට් රත්නායක
93.  නිලන්ත ඉලංගමුව
94.  පියල් කාරියවසම් 
95.  චන්දන කීර්ති බණ්ඩාර 
96.  ලක්ෂ්මන් ගුණසේකර 
97.  කීර්ති වැලිසරගේ
98.  මහින්ද හත්තක
99.  මහේෂ් මුණසිංහ 
100. දීපානි සිල්වා
101. ෆයිස්-උර් රහමන්
102. ආචාර්ය ලියනගේ අමරකීර්ති 
103. මංජුල වෙඩිවර්ධන
104. ආචාර්ය ඒ. සී. විශ්වලිංගම්
105. සෞම්‍ය ලියනගේ 
106. සමන් වගආරච්චි 
107. ආචාර්ය ජයසිරි පීරිස් පියනම 
108. ප්‍රදීපන් රවීන්ද්‍රන් 
109. ආචාර්ය හේමමාලී ගුනසිංහ
110. මහාචාර්ය ආර්. එස්. පෙරින්බනායගම් 
111. ජයතිලක ද සිල්වා 
112. හිල්මි අහමඩ් 
113. චන්න ඒකනායක
114. උදය කළුපතිරණ 
115. ෂීක් එස්.එච්.එම්. ෆලීල්
116. සිසිර ජයමහ 
117. රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා 
118. ආර්. එස්. ජයරත්න
119. වසන්ති සේනාරත්න
120. පර්සි තේනුවර
121. වසන්ත කුලතුංග
122. ෂලිලා මුණසිංහ
123. නජා මොහොමඩ්
124. දොස්තර සිවකුමාරන
125. පාලිත ලිහිනියකුමාර
126. රිචඩ් තනිප්පුලිආරච්චි
127. චන්ද්‍රසෝම බිංදුහේවා
128. දොස්තර රාජා විෙජ්තුංග 
129. කවුඩුල්ලේ ජයතිස්ස
130. ගැමුණු විෙජ්රත්න 
131. ලතීෆ් ෆාරුක්
132. මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන්
133. ජෙසීමා ඉස්මායිල් 
134. ෂර්ලි තිසේරා 
135. නීතිඥ නාමල් රාජපක්ෂ
136. හරීන්ද්‍ර දුනුවිල 
137. එස්. රනුග්ගේ
138. එස්. ජී. පුංචිහේවා
139. මහාචාර්ය ඩබ්.එම්.කේ.විෙජ්තුංග
140. ආචාර්ය කමල් නිශ්ශංක
141. කීර්ති කාරියවසම්
142. රාජා උස්වැටකෙයියාව
143. සමරවීර වීරවන්නි
144. රීසා යෙහියා 
145. ඩී. එම්. ඩී. අබේරත්න 
146. ලක්ෂ්මන් විෙජ්සේකර 
147. මහේන් ගුණසේකර
148. නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ
149. ආචාර්ය පැරකුම් ඕවිටිගල 
150. ෙජ්. එස්. කුරුප්පු 
151. සීතා රංජනී
152. රන්ජන් ප්‍රනාන්දු
153. රනත් කුමාරසිංහ
154. තරික් මහමුඩ් 
155. ගයා නාගහවත්ත
156. ආචාර්ය එම්.ඒ.එම්. ෂුක්රි
157. කේ. සංජීව
158. සිරිවිකුම් ආරියරත්න
159. රජීව් සෙබස්තියන්
160. අනුර බැස්ටියන්
161. කිත්සිරි අබයසිංහ
162. ටැසී සෙනෙවිරත්න
163. කෞෂල්‍ය කුමාරසිංහ
164. රංජිත් විෙජ්නායක
165. අරුණ ද සොයිසා
166. චන්න ඒකනායක
167. එම්. ෙජ්. ආර්. ඩේවිඩ්
168. සිරිමසිරි හපුආරච්චි
169. ප්‍රීති පෙරේරා
170. රුකී ප්‍රනාන්දු   

විජයදාස රැක ගන්නවාද යහපාලන ආණ්ඩුව රැක ගන්නවාද කියා තීරණයක් ගැනීමට නායකයන්ට කාලය පැමිණ ඇත. 

---------------------------
by     (2017-06-28 02:03:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

Rata karavana paalakaini,Apita kiyanna thiyenne Kumbala maalu kaavaanam vindavapan ballalo, kiyaa pamanaki.
-- by nareen on 2017-06-28

Sri lankikainta samaya awasyi samaya ethi kirimata semagema agam edahim surakshitha wiya yuthumai sinhalayata men hambayatada demalatada lanshiyatada tamage agama tamanta uthum,
-- by k.sunil perera on 2017-06-28

The damage Deal Dasa has done to the country is worse than the damage done by all terrorist organisations in the history of Sri Lanka.
-- by friend on 2017-06-29

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links