~

ප්‍රතිබාබා බුුඃධිමතුන් : මේ කට්ටකුමංජල් අල්ලන පොදු ගුණාකාරය රාජපක්ෂලා බලයට ගෙන ඒම මිස වෙන කුමක්ද?

ගානි වාසුහේවාගේ සටහන

(ලංකා ඊ නිව්ස් -2017.ජුනි.24,  පෙ.ව‍‍‍‍.8.12) ටික දෙනෙක් වැඩිකලක් රැවටිය හැකි නමුත් වැඩි දෙනෙක් රැවටිය හැක්කේ ටික කාලයකි. වනචරකම, උද්දච්චකම, තක්කඩිකම, සාහසිකබව පසුගිය ජනවාරි 8 වන දින කඩා වැටුනේ එබැවිණි. නමුදු වැඩි දෙනෙක් රැවටිල්ලෙන් මිදුනා වුවද ටික දෙනෙක් තවමත් ඒ රැවටිල්ලේ ඇලී ගැලී සිටිනුයේ කෑ පතේ රස විඳින නිසාමය. එමෙන්ම වනචර දශකයේ තේමා ගීතය වූ ‘අපි ලොක්කව බේරනවා, ලොක්ක අපිව බේරනවා‘ යන්න යලි යලි සිහිපත්වන නිසා විය යුතුය. 

මේ ටික දෙනා යනු වනචර යුගය ඔපවත් කළ බුඃධිමතුන් පිරිසයි. පොලිසිය, නීතිය, මානව හිමිකම්, යුක්තිය, සාධාරණත්වය ආදී සියල්ලද නීතිපති, පොලිස්පති, මහබැංකු අධිපති සියල්ලන්ම යනු එක් අයෙකු ලෙසය සැදී තිබුනේ. ඒ රාජපක‍්ෂය. ජනවාරි 9 දා උදේ ජනෙල් පියන් මත එල්ලා තැබීම දක්වා බලය අහිමි වූයේ ඒ රාජපක‍ෂ්ලාගේ පමණක්ම නොවේ. ඔවුන්ගේ අධෝමුඛ දෝවනය තම දිවෙන් සිදුකළ පෙර කී බුඃධිමතුන් ට ද අත් වූයේ එම ඓතිහාසික ඉරණමය. 

එකල මානව හිමිකම් ලොකු තැන දරා සිටියේ රාජපක‍්ෂ අධෝමුඛ ශෝධක වූ ප්‍රතිබා මහානාම හේවාය. ඔහුගේ මානව හිමිකම් සීමාව වූයේ රාජපක‍්ෂ සීමාවය. එදා රට තුළ සුවහසක් අකටයුතු අසාධාරණකම් ගොජ දමමින් සිදුවෙද්දී රාජපකේෂ කාබන් පිටපත් තීරණ එළිදක්වමින් මානව හිමිකම් ජනතාවට පිළිකෙව් කළ මොහුගේ එකම ප්‍රතිභාව වූයේ රාජපක‍්ෂ ප්‍රතිමාව රැක ගැනීමය. පුදුමයක් සේ විශ්වවිද්‍යාල සිසුන්ට එළව එළවා පහර දෙන ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව ඔහුට දැන් නිරීක‍්ෂණය වී ඇත. මෙය අති බහුතරයක් කලා උපාධි අපේක‍්ෂක සිසුන්ටත් නොතේරෙන පරාජිත දේශපාලකයෙක් දෙන්නෙක් විසින් මෙහෙයවන රිලා නැටුමක ප්‍රතිඵලයකි. වෙනසකට වී ඇත්තේ පිටපත ජෙප්පන්ගෙන් පෙප්පන්ට මාරුවීම පමණි. අද හොස්ස උඩින් මැස්ස පියාඹන විට කුඩු නාලිකාවේ මයික්‍රොෆෝනයට අධෝමුඛය බහා ගන්නා මහානාමයෝ වහල් හිමි රාජපක‍්ෂලා රැකගැනීමේ ප්‍රතිභාව ප්‍රදර්ශණය කරති. 

ශිෂ්‍යයන් යැයි කියා ගත් පෙප්පන්ගේ කාඩර්ලා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් කඩා වැදුනේ ප්‍රථමයෙන් ගේට්ටු බිඳ දමමිනි. ඉන්පසු එහි රාජකාරි කරන සේවකයන්ට තර්ජනය කළහ. පරිභව කළහ. ශාරීරික පීඩා කළහ. රාජකාරියට බාධා කළහ. ඔවුන් ගේ වගකීමට යටත්ව පැවති ලිපි ගොනු, මේස පුටු, පැමිණීම සටහන් කරන යන්ත්‍ර පවා සාහසික ලෙස විනාශ කළහ. දොර ජනෙල් කඩා බිඳ දැමූහ. මහල් 4 ම අත්පත් කර ගත්හ. ඒ ත්‍රස්තවාදී අණ ලැබුනේ ප්‍රභාකරන්ගෙන්ද නැතිනම් කුමාර් ගුණරත්නම්ගෙන්ද යන්න නොව එය සත්‍ය ලෙසම ත්‍රස්ත ක්‍රියාවක් බව ප්‍රතිභාවක් නැතිවුන්ට පවා ඇස් පනා පිට පෙනෙනා ඉතාම ප්‍රාථමික කාරණාවකි. 

ආරක‍්ෂක අංශ මැදිහත් වනුයේ ඇත්තටම මැදිහත් වියයුතු අවස්ථාව ඉක්මවා ගොස් බොහෝ වේලාවකට පසුවය. ඒ ගැන වෙනම විමර්ශණයක් කළ යුතුය. යම් ලෙසකට එම අවස්ථාවේදී හෝ ආරක‍්ෂක හමුදා මැදිහත් නොවුනා නම් කොටි වෙනම රටක් කඩාගන්නට ගත් උත්සාහය සේ මෙය ඉටුවී කුමාර් ගුණරත්නම් යටතේ ‘ත්‍රස්ත සෞඛ්‍ය අමාත්‍යාංශයක්‘ බිහිවනු නොඅනුමානය. ඉතිං මේ සා තරම් ත්‍රස්ත හානියක් සිදුකර තිබෙද්දී එය තව දුරටත් දුර දිග යෑම වලක්වා ලූ ආරක‍්ෂක හමුදාවන්ගේ ක්‍රියාව පමණක් ප්‍රතිමා මහානාම බුඃධිමතාට පෙනී යාම පුදුමයක් නොවන්නේ ඔහු තවම පළඳිනුයේ රාජපක‍්ෂගේ උපැස් යුවල නිසාය. අනෙක කළ ගුණ සැලකීම අතින් ඔහු ඉහළ ස්ථානයක සිටින බවද කිව යුතුය. 

ත්‍රස්තවාදයේ මුල් පොත කටපාඩම් කරවා කවා පොවා හදා වඩාගත් අන්තරය තමුන්ගෙන් ගිලිහී පසමිතුරු පෙප්පන් අතට පත්වීමේ සියුම් වේදනාවෙන් තැවෙන ජෙප්පන් ද මේ මොහොතේ “මේ අලින්ගේ අපේ වැඩ“ ලෙස හුවා දක්වමින් ත්‍රස්ත රංගනයට ආවඩමින් සිටී. මන්ද වැඩ බැරි බව රටට තහවුරු කළ ජෙප්පන්ට මේ මතින් හෝ යමක් ලබා ගැනීමට ය. 

පෞද්ගලික ව්‍යාපාර වලට දිවිහිමියෙන් එරෙහි අන්තරයෝ පෞද්ගලික චැනල් කප්පිත්තන් වන ජොස්තරලා සමග එකට යහන් ගත වීම තරම් විහිළුවක් තවත් තිබේද.? තමන් ළඟම සිටින අනෙකාට හෙන වැදුනද ඇහැක් ඇර නොබලන ‘මා පමණයි‘ වූ කුහක උද්දච්ඡ මානසිකත්වයෙන්  පෝෂණය වූ ජොස්තරලාද තම සියලු කුහකකම් ඉවතලා අන්තරයේ අයිතිවාසිකම් වෙනුවෙන් ටයිකෝට් පිටින්ම සටනට බැස ඇත. එපමණකින් එහා ගොස් අන්තරය ආයුධ ගත යුතු බවද දැන් කියති.  සයිටම් ආරම්භ කළ මලබද්දයෝද වටින් පිටින් හොරපාරෙන් අපි ඕවට නෑ වගේ හිඳිමින් නමුත් දුම්මල කට්ටකුමංජල් අල්ලති. මේ සියල්ලේ පොදුගුණාකාරය යහපාලන රජය පෙරළා දමා රාජපක‍්ෂලා බලයට ගෙන ඒම මිස අන් කුමක්ද?
  
“ඔලුවටමයි බැටන් පොලු එල්ල කළේ“, “ශිෂ්‍යයන් ඉවත්කරන්න තිබුනේ සාමකාමිව“ යයි පවසන ප්‍රතිබාබා බුඃධිමතා යටට අඳින්නේ කාන්තා යට ඇඳුම් දැයි සැකයක් මතුවේ. මාර දහසක් පමණ ඉතා අධික පිරිසක් (ටික දෙනෙක් අතේ යකඩ පොලු තිබිණ) දැඩි ත්‍රස්ත ක්‍රියාවක නිරතවෙද්දී ළමා වාට්ටුවේ ළදරුවන් ඉවත්කරන ආකාරයේ ඉවත් කිරීමක් ප්‍රතිබාබා බුඃධිමතා අපේක‍්ෂා කරනවා විය යුතුය. ප්‍රතිබාබා බුඃධිමතා මානව හිමිකම් භාරව සිටි යුගයේ සිසුන් උද්ඝෝෂණය කරද්දී කඳුලු ගෑස් වෙනුවට මදුරු කොයිල් පත්තුකරමින් ජලප්‍රහාර වෙනුවට වතුර බෝතල් බෙදමින් අතින් අල්ලා සිප වැළඳගෙන ඉවත්කළා දැයි දන්නේ නැත. නානකාමරයට ගොස් සියලූ ඇඳුම් උනා දැමු විටක හෝ නිදහස්ව නිරවුල්ව සිත තුළ මුල් බැස ඇති රජපක‍්ෂ ගැතිකම ඉවතලා එදා උද්ඝෝෂණය දෙස විවෘත මනසකින් බලන සේ රාජපක‍්ෂ ප්‍රතිමාවක් වූ ප්‍රතිබාබා බුඃධිමතාගෙන් ඉල්ලමු. වරෙක පරාජිත මහින්ද රාජපක‍්ෂ පැවසුයේ “අපේ කාලේ උද්ඝෝෂණ කරපු සිසුන්ට කිරි බොන්න දීල යැව්වෙ. අපි පහර දුන්නෙ නෑ“ යනුවෙනි. ගෝටාබය හා එක්ව සුදුවෑන් වලින් ඇරලපු බව නොකීම පමණක් අඩුපාඩුවක් බව කිවයුතුය. මෙවන් මගෝඩි මුසාවාදියෙකුගේ සහ ගෝටාගේ ගැතියෙක් වී එකල ඔවුන්ගේ අණ ක්‍රියාත්මක කළ ප්‍රතිබාබා ට ලැජ්ජාව අංශුමාත්‍රයක් පිහිටිය නොහැකි බව රටම දන්නා නිසා වැඩි කතා අවශ්‍ය නැත.

බලය ගිලිහී යාමෙන් වියපත්ව හතර අනාථව දස අතේ හූල්ලමින් නැවත බලයට හය හතර ඇහිඳින දේශපාලන කඩමාල්ලන්ගේ මේ අජූත හැසිරීම නින්දා දෙනුයේ සැබෑ උගතුන්ට බුද්ධිමතුන්ට පමණක් නොව පූජණීය ගෞරවණීය මිනිස්කමටය. උපාධි කබාය දමාගත්තවුන්, පූජනීය සිවුරු පොරවාගත් වුන්, වෙදනලාව කර පැළඳගත් වුන් තමන්ගේ නිසි කාරිය වෙනුවට අනුන්ගේ කැත කුණු බුදිමින් ඉසුරු සෙවීමට යාම රටටත් ජාතියටත් කරන මහ නින්දිරාවකි. එදා වේල සරිකර ගැනීමට මුලු දිවියම කැපකරන දුගී අසරණ දෙමාපියන්ගේ අසීමිත ප්‍රාර්ථනාවන් බිම තබා තම දරුවන් වෙනුවෙන් කළ යුතුකම් මස්තකප්‍රාප්තයේ ආරම්භය වන විශ්වවිද්‍යාල ප්‍රවේශය අද එම දරුවන්ටත් වඩා ඔවුනගේ දෙමාපියන්ට මහත් ව්‍යසනයක්ව ඇත. මන්ද දේශපාලනය රැකියාව ලෙස අත්විඳින සහ එසේ සිහින මවන දේශපාලන අපත අම්බරු රෑණක් මෙම සිසුවන් තම අභිලාෂයන් උදෙසා ප්‍රාණ ඇපයට ගැනීම නිසා ය.
 
දශක ගණනක් විශ්වවිද්‍යාල සිසුදරුවන් මඩවමින් බලයට ඒමට වෙර වීරිය පෑ නායක ජෙප්පන් තමුන්ගේ දරුවන් කලකෝලාහලවලින් තොර පෞද්ගලික උසස් අධ්‍යාපනය ලබා ගුවන් යානා සමාගම් වැනි සුපිරි රැකියාවල යෙදී විවාපත් වෙද්දී ඔවුන්ට කඹුරන රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මහපාරේ කඳුලු වතුරින් හෙම්බත් වෙති. සෙල්ෆි උන්මාදයට නොදෙවෙනි උද්ඝෝෂණ උන්මාදයෙන් පෙලෙන සිසුන් උසිගන්වා තම බලයට හීන මැවූ ජෙප්පන්ගේ සිහින ඩැහැගත් පෙප්පෝද කරනුයේ එයමය. පෙප්පන්ගේ නායක ගුණරත්නම්ගේ දරුවන් ඕස්ත්‍රේලියාවේ උසස් පෞද්ගලික අධ්‍යාපනය ලබමින් තම පියාට බලය ලබාදීමට මෙරට මහපාරේ කඳුලූ වතුර බොන සිසු උද්ඝෝෂණ ඕස්ත්‍රේලියානු රූපවාහිනියෙන් නරඹනු ඇත. 

දැන් ජනතාවගේ මූලික වාරය වී ඇත්තේ මෙරට බුද්ධිමතුන්ගෙන් බුඃධිමතුන් පැහැදිලිව වෙන්කර හඳුනා ගැනීමය. මහානාමලාගේ වාසියට නැමෙන ප්‍රතිභාව මෙන්ම රාජපක‍්ෂ දයාවෙන් මත්වී ඇති දයාන්ලා, දියවන්නා මහපාරේ කාන්තාවන් සමග නීතිය රැක්ක සරත් නන්දලා, ආතක් පාතක් නැති චරිත හේරත්ලා. පත්තර පිටු ගණන් අසූචි වපුරන ගොඩහේවලා, පෞද්ගලිකකරණයට එරෙහිව දිවි දෙමින් පෞද්ගලික චැනල් සේවය බඩ බැඳගත් පාවාදෙනියලා, පූජණීය චිවරය විකුණා වළඳන ආනන්ද මූ, උඩුවේ, බෙංගමුවේ, සද්දාතිස්ස, නානසාර, මැදගොඩලා ද මෙයින් මොන ගොඩට අයත්වන්නේදැයි ජනතාව පැහැදිලි කරගත යුතුය. 

රටක් කාලකන්නි වන්නේ ඕපපාතික ලෙස නොවේ. කාලකන්නින්ගේ ආභාෂය වෙලා ගැනීමෙනි. බලය තිබියදී තම කාලය භාවිත කර අනෙක් හැමගේ කාලය කා දමමින් දූෂණය, භීෂණය, තක්කඩිකම, හොරකම, වංචාව රජකරවා තම පවුල් බඩගෝස්තරය පමණක් වඩවා ගත් පරාජිතයෝ තම ආර්යාව දරුමුණුබුරන් සහ නෑදෑ හැතිකරය වෙනුවෙන් කඹුරවා ගත් අමනයන් ලවා තවමත් වැඩගන්නා බව පැහැදිලිය. මෙම දීන, ගැති සරත් නන්ද, මහානාම, බන්දුල, දිනේෂ්, වාසු, විමල්, ඩලස්, උදය, ප්‍රසන්න මෙන්ම කබ්රාල්, මොහාන් සමරනායක, ගොඩහේවා ද තවම වහල් සේවයෙන් බැහැර වී නැත. 

එක් අතකට මොවුන්ට දොස් පැවරිය නොහැක. මන්ද මොවුන් කරනුයේ තම තම හැකි පමණින් කළගුණ සැලකීමය. ඉහත සියල්ලන්ම රාජපක‍්ෂ සරණ ගොස් ජනතා දේපල අනන්ත අප්‍රමාණයට අවභාවිත කරමින් පවුල් හැතිකරයටම සෑහෙන ලෙස භුක්ති වින්දා වූ පිරිසකි. ඔවුන් රාජපක‍්ෂලා නැවත බලයට ගෙන ඒමට වලිකනුයේ ඔහු ගැන පමණක් නොව තම තමන් ගැනද සිතන බැවිනි. ඉදින් ජනයා වන අප මොවුන්ට අනුකම්පා කර භූමිකම්පාවකට ලක්වනවාද යන්න සිතා බැලිය යුතුය.  

-ගානි වාසුහේවා- 

---------------------------
by     (2017-06-24 03:01:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  7 discussion on this news

A fantastic article! Well said Saani. Thank You. Thank you Len too.
-- by Gratiaen Hewa on 2017-06-24

බලය ගිලිහී යාමෙන් වියපත්ව හතර අනාථව දස අතේ හූල්ලමින් නැවත බලයට හය හතර ඇහිඳින දේශපාලන කඩමාල්ලන්ගේ මේ අජූත හැසිරීම නින්දා දෙනුයේ සැබෑ උගතුන්ට බුද්ධිමතුන්ට පමණක් නොව පූජණීය ගෞරවණීය මිනිස්කමටය. උපාධි කබාය දමාගත්තවුන්, පූජනීය සිවුරු පොරවාගත් වුන්, වෙදනලාව කර පැළඳගත් වුන් තමන්ගේ නිසි කාරිය වෙනුවට අනුන්ගේ කැත කුණු බුදිමින් ඉසුරු සෙවීමට යාම රටටත් ජාතියටත් කරන මහ නින්දිරාවකි. එදා වේල සරිකර ගැනීමට මුලු දිවියම කැපකරන දුගී අසරණ දෙමාපියන්ගේ අසීමිත ප්‍රාර්ථනාවන් බිම තබා තම දරුවන් වෙනුවෙන් කළ යුතුකම් මස්තකප්‍රාප්තයේ ආරම්භය වන විශ්වවිද්‍යාල ප්‍රවේශය අද එම දරුවන්ටත් වඩා ඔවුනගේ දෙමාපියන්ට මහත් ව්‍යසනයක්ව ඇත. මන්ද දේශපාලනය රැකියාව ලෙස අත්විඳින සහ එසේ සිහින මවන දේශපාලන අපත අම්බරු රෑණක් මෙම සිසුවන් තම අභිලාෂයන් උදෙසා ප්‍රාණ ඇපයට ගැනීම නිසා ය.
-- by Nuwan perera on 2017-06-24

ප්‍රතිබා මහානාමගෙ ඇඟයි පුකයි විතරයි තඩි, මොලේ ඇමීබාවෙකුගෙ සයිස්
-- by පුංචා on 2017-06-24

රේඩියෝ චැනල් වලට ගිහින් එක එක මිනිස්සුන්ට ආවතේව කං කරල එදා වේලට තුට්ටු දෙකක් හොයා ගත්ත හිඟන්නෙක් තමයි ප්‍රතිබා මහානාම හේවා කියන්නෙ.මේ වගෙ අසූචි ඌරෙකුට මානව හිමිකම් ලොකු පුටුව රාජපක්ෂ මී හරකා විසින් ලබාදීම නිසා ශ්‍රී ලංකාව කියන නාමයට බරපතල හානියක් ඇතිවුනා.
-- by Jayantha De mel on 2017-06-24

මැදමුලනෙ මී හරක තෝර ගන්නෙ ඌටම ගැලපෙන ගොං හරක්!
-- by Kanith on 2017-06-24

මරා එක්ක හිනා වෙවී විදුලි පුටුවෙ වාඩිවෙන්න හිටපු එකෙක් තමයි මහානාම ගොං තඩිය! බූරු හු...තිගෙ පුතා!
-- by නාමලී on 2017-06-24

රටක මානව හිමිකම් නිලධාරීන් පිළිබඳ ව ලෝක සංවිධාන අවධානයෙන් ඉන්නෙ. ඔවුන් අපක්ෂපාතී හා රජයට ගැති නොවුනු පුද්ගලයින් විය යුතුයි. මේ ප්‍රතිභා මහානාම හේවා කියන මැටිමෝලා මානව හිමිකම් ලොකු පුටුවෙ ඉඳගෙන සහයෝගය දුන්නෙම මරාගෙ මානව හිමිකම් කෙලෙසන වැඩ වලටම තමයි. මේ නිසා අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ බරපතළ නින්දාවට ලක් වුනා. ඒ වගේ මැට්ටෙක් තමයි අද මානව හිමිකම් ගැන කතා කරන්නෙ!
-- by Rex Silva on 2017-06-24

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links