~

නිමල් සිරිපාලත් ‘දෙපත් නයෙක්‘ බව සහ සුද්දෙන් ඔප්පු කරයි..! මුන් සමග මේ ‘පොන්න සම්මුතිය‘ ඉදිරියට යා නොහැක..! ජයග්‍රාහී යහපාලනප්‍රේමීන් බලය තහවුරු කළ යුතුය...!!

-රේල්ලු රාල ලියයි-

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.26, පෙ.ව‍‍‍.7.15) යහපාලන ආණ්ඩුවේ ඇමැතිධූරයක් දරමින්ම එම ආණ්ඩුවේ විනාශය වෙනුවෙන් ක්‍රියා කරන ‘දෙපත් නයෙකු‘ බව ශ්‍රීලනිපයේ ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා විසින් ඔප්පු කර තිබේ. 

ඒ අන් කිසිවකින් නොව පසුගිය මැයි 5 වෙනිදා ක්‍රියාත්මක කළ  දුම්රිය වැඩ වර්ජනයේ දී වර්ජකයින්ට  කනේ පාරක් එල්ල  කරමින්  දුම්රිය ධාවනය කරවීමට  නායකත්වය දුන්  දුම්රිය සාමාන්‍යාධිකාරි  බී.ඒ.පී. ආරියරත්න මහතාව මේ දෙපත් නයා විසින්  දංගෙඩියට යැවීම නිසාය. 

ප්‍රවාහන අමාත්‍ය  වරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මතුපිටින් වැඩ වර්ජකයන්ට විරුද්ධ බව පෙන්වා යටින්   වැඩ වර්ජකයින්ට වක්‍රව සහාය ලබා දෙමින් ක්‍රියා කරද්දී   ආරියරත්න මහතා  වර්ජන ක්‍රියාමාර්ගයෙන් මහජනතාව අපහසුතාවයට පත්වීම වලක්වා ගැනීම වෙනුවෙන්  ඔහුගේ තනි මතයට  එජාප වෘත්තීය සමිති සාමාජිකත්වය සමග එක්වී  දුම්රිය ධාවනය කරවීමට කටයුතු කෙළේය. එය නිමල් සිරිපාල නමැති දෙපත් නයාගේ කෝපයට  හේතු වී ඇත. සිරිපාල විසින් විජයදාස  රාජපක්ෂ  නමැති තවත් දෙපත් නයෙකුගේ  ප්‍රධානත්වයෙන්  මැයි 19 වෙනිදා පැවති කැබිනට් අනුකාරක සභාවට  ලිපියක් යොමුකරමින්  ආරියරත්න මහතා දුම්රිය සාමාන්‍යාධිකාරි ධූරයෙන් ඉවත් කර මරාවාදී තක්කඩියන්ට නායකත්වය දෙන, මැදමූලන හොරුන් සමග දිවා රාත්‍රී ලගින එස්.එම්. අබේවික්‍රම නමැති  ප්‍රධාන  යාන්ත්‍රික ඉංජිනේරු  වරයා දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස  පත්කිරීමට  අනුමැතියද ලබාගෙන තිබේ. 

මහා කාලයක් නොව, පසුගිය මැයි 17 වෙනිදා පරාජිත මැදමූලනේ චෞරයා පිළිගැනීම සඳහා  රත්මලාන  සදහම් විහාරයේ  පැවැති උත්සවයට  දුම්රිය  සේවකයින් සමග  දෙපාර්තමේන්තුවේ බඩු බාහිර  ආදිය ද  ලබා දී ඉහලින්ම කටයුතු කළේ අන් කිසිවෙකු නොව සිරිපාල දෙපත් නයා අද කරළියට නංවන්නට හදන ඉහත කී අබේවික්‍රම ය. මේ තක්කඩියාට දුම්රියේ සාමාන්‍යාධිකාරි  තනතුර  ලබා දුනහොත් යහපාලන රජය  වැඩ වර්ජන තුලින්ම පෙරලා දැමීමට යන්නේ ඉතාමත්ම සුළු කාලයකි.  ‘නිමල් සිරිපාල දෙපත් නයා‘ උත්සාහ කරන්නේ ඒ කුමන්ත්‍රණයට ය.

අබේවික්‍රම යනු කව්දැයි  මේ කියන සුළු දෙයින් තේරුම් ගත යුතුය. වෙල්ගම ප්‍රවාහන ඇමැතිව සිටියදී රත්මලාන කර්මාන්ත ශාලාවේ තිබූ යකඩ මහා පරිමානයෙන් බලහත්කාරයෙන්  පිටතට රැගෙන ගියේ අබේවික්‍රම ය.  වෙල්ගමගේ පාලන කාලයේදී වෙල්ගමගේ ගේ වුවමනාවට  එක ලොරි  රථයකින් රුපියල් ලක්ෂ දහය බැගින් වටිනා දැව  රැගෙන  යාමට ඉඩ ලබා දුන්නේ අබේවික්‍රම ය. මෙකී එක් ලොරියක් පොලිස්  අත් අඩංගුවට පත් වූ අතර ඒ ගැන අබේවික්‍රමට එරෙහිව විනය පරීක්ෂණයක් මේ වන විටත් පැවැත්වෙමින් තිබේ. සාමාන්‍යාධිකාරී ලෙස පත් කරන්න හදන්නේ විනය පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන එකෙක්ද?

මේ අනුව යහපාලනප්‍රේමීන් විසින් අමාරුවෙන් හදා ගත්  ආණ්ඩුව ආරක්ෂා  කරගැනීමට කටයුතු  කරන අය බිල්ලට දී  ‘විරුද්ධ වාදීන්ට මල් මාලා පළඳවන්නේ නම්‘  ඉදිරියේ දී ආණ්ඩුවට එරෙහිව  එන  අභියෝග ද ‘මල් මාලා කාරයන්‘ ලවාම බේරා ගන්නැයි කියා යහපාලනප්‍රේමීන් ආණ්ඩුව අතහැර දමනු අනිවාර්ය ය.  

මෙවැනි සරල අනතුරක් තේරෙන්නේ නැතිනම් දේශපාලනය නොකර නිකම් ඉන්නවා හොඳය. මේ ‘පොන්න සම්මුතිය‘ නතර කර යහපාලනප්‍රේමීන් විසින් ජයග්‍රහණය කරවූ  එක්සත් ජාතික පෙරමුණ තනි ආණ්ඩුවක් හදා ගෙන ඉදිරි වසර දෙක හමාරවත් කෙළින් කටයුතු කරන්නට තීරණය නොකරන්නේ නම් දැන්ම ‘පුක පොළවේ ගසා ගෙන ලේ බඩ යනවා‘ යයි අඟවා විශ්‍රාම ගැනීම නම්බුකාරය. 

-රේල්ලු රාල ලියයි-

---------------------------
by     (2017-05-26 03:38:50)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

මෙවැනි සරල අනතුරක් තේරෙන්නේ නැතිනම් දේශපාලනය නොකර නිකම් ඉන්නවා හොඳය. මේ ‘පොන්න සම්මුතිය‘ නතර කර යහපාලනප්‍රේමීන් විසින් ජයග්‍රහණය කරවූ එක්සත් ජාතික පෙරමුණ තනි ආණ්ඩුවක් හදා ගෙන ඉදිරි වසර දෙක හමාරවත් කෙළින් කටයුතු කරන්නට තීරණය නොකරන්නේ නම් දැන්ම ‘පුක පොළවේ ගසා ගෙන ලේ බඩ යනවා‘ යයි හඬා වැටී විශ්‍රාම ගැනීම නම්බුකාරය.
-- by wijya on 2017-05-26

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links