~

ගීතාගේ මන්ත්‍රීධූරය අහිමි කරන අධිකරණ තීන්දුවේදී කතානායකතුමාගේ හැසිරීම ගැන නිවේදනයක්

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.20, ප.ව‍‍.2.20)  ද්විත්ව පුරවැසිභාවය පිලිබඳව පවරන ලද නඩුවට අදාළව ගීතා  කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය අහෝසි වන බවට ලද අභියාචනාධිකරණ තීන්දුව මැතිවරණ කොමිසම වෙත දන්වා යැවීම දෝශ දර්ශනයට ලක් කරමින් කථානායකවරයා ඉලක්ක කර ඇතැම් පාර්ශවයන් විසින් ප්‍රකාශ නිකුත් කර ඇති බව අපගේ අවධානයට යොමු වී ඇත.  එම අදහස් මාධ්‍ය මගින් ද ප්‍රචාරය වූ බැවින් ඒ පිලිබඳව කරුණු පැහැදිලි කිරීම අපගේ වගකීමක් කොට සලකමු.

කිසියම් හේතුවක් කරන කොට ගෙන පාර්ලිමේන්තුවේ යම් මන්ත්‍රී අසුනක් හිස් වූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ මැතිවරණ නීතියට අනුව ඒ පිලිබඳව වහාම මැතිවරණ කොමිසම වෙත දන්වා යැවීම පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත පැවරී ඇති කාර්යයකි.

ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය පිලිබඳව තීන්දුව කථානායකවරයා අතට පත් වූයේ මැයි මස තෙවන දින (2017-05-03) පස්වරුවෙහි දීය. 

කථානායකතුමන් විසින් නියමිත පරිදි එම අධිකරණ තීන්දුව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කරන ලදී.  අනතුරුව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ගත යුතු ක්‍රියාමාර්ග පිලිබදව නීතිපතිවරයාගෙන් ද විමසීමෙන් පසු ඉදිරි පියවර සඳහා (2017-05-08) මැයි මස අට වැනි දින පස්වරුවෙහි මැතිවරණ කොමිසම වෙත යොමු කරන ලදී.   

ඒ දක්වා කිසිදු ඉහළ අධිකරණයකින්  අදාළ අභියාචනාධිකරණ තීන්දුව යළි සලකා බැලීමකට ‍හෝ වාරණයකට ලක් කර නොතිබිනි.  කෙසේ වුවද පාර්ලිමේන්තුව විසින් අදාළ කරුණ ඉදිරි ක්‍රියාමාර්ග පිණිස මැතිවරණ කොමිසම වෙත දන්වා යැවුනේ සතියේ වැඩ කරන දින තුනක් ඉක්ම ගිය පසුව වන බව ද මින් පෙර ඇතැම් අවස්ථාවල මෙවැනිම තීන්දු මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා යැවීමට කටයුතු කර ඇත්තේ වැඩ කරන දින එකකට පසුව වන බව ද මෙහිලා පෙන්වා දෙමු. 

ඒ අනුව අදාළ තීන්දුව මැතිවරණ කොමිසම වෙත දන්වා යැවිමේ දී අනවශ්‍ය ලෙස කඩිනම් කිරීමක් හෝ ප්‍රමාද කිරීමක් සිදු නොකරන ලද බව ද  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මැතිවරණ නීතිය අනුව සාමාන්‍ය ක්‍රියා පිලිවෙත අනුගමනය කර ඇති බව ද අවධාරණය කරමු.

කරුණු මෙසේ වන හෙයින් ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය පිලිබදව මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා යැවීම දෝශ සහිත බවත් එහිදී කථානායකවරයා ආණ්ඩු පක්‍ෂයේ උවමනාවන් අනුව ක්‍රියා කර ඇති බවටත් කිසියම් පාර්ශවයක් විසින් ප්‍රකාශ කරන්නේ නම් එය මුළුමනින්ම කරුණු විකෘති කිරීමක් හෝ අනවබෝධයෙන් යුතුව කරන ලද ප්‍රකාශයක් බැව් ‍‍පෙන්වා දෙමු.

ස්වකීය සීමාවන් තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ‍අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ගරු කථානායකතුමන් ඉදිරියේදී ද උපරිමයෙන් කැප වනු ඇත.

කථානායක මාධ්‍ය අංශය 

---------------------------
by     (2017-05-20 08:51:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Dear Honourable Speaker, We ask from honorable speaker to make statement about his parliament, “ how many duel citizens are servicing in this parliament? If it is zero please openly declare to the ordinary people that this parliament free from foreigners”. There are public thinking about major three political fractions UNP, SLFP (Maithree) & SLFP (Mahinda) have secretly keep their favourite parliament members within the parliament while they have duel citizenships. Geetha’s case will drag and drag under the common mutual understanding of each major political group and ordinary citizens may not know the real truth. Please don’t forget immigration department have technical capability to check all parliament members’ citizenship status within couple of hours. Let’s make our pressure on honorable speaker to make his statement on status of dual citizenship of remaining parliament members
-- by Mick on 2017-05-20

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links