~

වැස්සෙන් සහ සුළඟින් කොළඹට හානි: ගෝඨා හොරට අවසර දුන් තට්ටු 8 ක ගොඩනැගිල්ලක් දොයි: ගෝඨා හැදූ රේස්කෝස් වහලය දොයි (Phtos)

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.18, ප.ව‍‍.11.45-නිවැරදි සංස්කරණය මැයි 19 පෙ.ව.9.30) අද දවස පුරා කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට කඩා වැටුනු අධික වර්ෂාවත් දැඩි සුලඟත් නිසා විශාල හානි සිදුවිය. ඉන් ප්‍රධාන සිද්ධියක් වූයේ වැල්ලවත්ත සැවොයි පිටුපස  අලුතින් ඉදිකරමින් තිබූ තට්ටු 8 ක ගොඩනැගිල්ල කඩා වැටීමයි. ඉන් මේ වන විට එක් අයෙකු මිය ගොස් 21 ක් තුවාල ලබා ඇති අතර සිරවූ අය බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ බේරාගැනීමේ කණ්ඩායම් කැඳවන ලදී. වැල්ලවත්ත ඇලට යාබදව ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල අදාල ප්‍රමිතීන් වලින් තොර වුවද (ඇලට වෙන් කළ යුතු දුර සලකා නැත) හොරාට අවසර දී ඇත්තේ එවකට නාගරික සංවර්ධන අධිකාරිය බාරව සිටි ගෝඨාභය රාජපක්ෂ විසින් යැයි කියති. 

මේ අතර ගෝඨාභය විසින් නවීකරණය කරන ලද රේස් කෝස් පිටියේ සාප්පු සංකීර්ණයේ වහලින් කොටසක්ද සුලඟට ගැලවී ගියේය. එයද නිසි ප්‍රමිතියකින් සකස් කර නැති බවට මෙය නිදසුනකි. 

කිරිබත්ගොඩ ඉදිකරන ලද තොරණක්ද ගැලවී බිමට සමතලා විය. 

අධික වර්ෂාවට හසුවූ කොළඹ නගරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ගියේය. 

---------------------------
by     (2017-05-19 04:22:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

බිල්ඩිමට අවසර දුන්න කෙනා ගැන නම් දන්නේ නැත. කවුරු හරි එහෙම කලා නම් සම්පූර්ණ වැරදි හා දඩුවම් කල යුතුය. නමුත් රෙස් කොස් වහල ගැලවීම නම් නිසි නඩත්තුවක් නොමැති කමින් බව නම් පැහැදිලිය. එය විතරක් නෙමෙයි මුලු කොළඔම නිසි ආකාරයෙන් නඩත්තු නොවේ. දේශපාලන කන්නාඩි ගලවා බැලුවාම ගොටාගේ කාලයෙ මොනවා උනත් මෙහෙම අපිරිසිදුවට හා අක්‍රමිකව කොළඔ තිබුනේ නැහැ. ඇත්ත එකයි. අපේ ආන්ඩුවක් යටතේ කොළඔ විනාශ කලා.
-- by Mahesh on 2017-05-19

For all these destruction MR & Co should be directly responsible. So do you think Srilankans should vote these rouges again?
-- by saman on 2017-05-19

ගෝඨලාගෙ හරක් වැඩවල ප්‍රතිපල දැන් තමයි ලැබෙමින් පවතින්නෙ! කොළඹ ලස්සන කරන්න කිය කිය අවට ප්‍රදේශ අපායන් බවට පත්කලා. කුණු කන්දකට යටවෙලා වැඩිම ගාණක් මියගිය රට බවට අපේ රටට පත් වෙන්න හැකියාව ලැබුනෙත් ඔය නඩත්තුවෙ තරම නිසා තමයි! යහ පාලනේට තමයි අතීත පව් සියල්ලට අද බෙල්ල දෙන්න වෙලා තියෙන්නෙ...
-- by සීතා on 2017-05-19

හදල අත ගත්ත විතරයි, රේස් කෝස් වහලෙ මොකක්ද මහේෂ් කරන්න තියෙන නඩත්තුව?
-- by පද්මි on 2017-05-19

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links