~

රාජපක්ෂලා ගෝල්ෆේස් ගෙනාවාට වැඩි සෙනගක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පමණක් නෝර්වුඩ් ඇවිත්: රාජපක්ෂලාගේ හුළං බහී (Photos & Video)

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.15, ප.ව‍‍.11.30) රාජපක්ෂලා ගෝල්ෆේස් එකට ගෙන්වූ ජනතාවට වඩා වැඩි ජනතාවක් පසුගියදා ඉන්දීය අගමැති මෝදි හැටන් පැමිණි අවස්ථාවේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පමණක් නෝර්වුඩ් ක්‍රීඩාංගනයට පැමිණ සිටියහ. මේ සම්බන්ධයෙන්  අපූරු ප්‍රකාශයක් අද ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසීය.  

“මැයි දිනයට ගෝල්ෆේස් එකට ආ ඔළු ගෙඩි සංඛ්‍යාවෙන් සමහර අය හිතුවා දැන් මේ පහුවදාට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. නමුත් ඉන්දීය අගමැති තුමා හැටන් දික්ඔයට ආපුවහම එතනත් හිටිය ලක්ෂ ගානක් නුවර එළිය දිස්ත්‍රික්කයෙන් විතරක්. මං පහුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්චි වෙලාවේ මගේ රැස්වීම් වලට වඩා අති විශාල ජනතාවක් හිටියෙ කාගෙ රැස්වීම් වලටද කියලා තමුන්නාන්සේලා දන්නවා. පොළොන්නරුව නගරයේ පවත්වපු රැස්වීම මං දන්නවා ලක්ෂයකට කිට්ටු සංඛ්‍යාවක් ඇද්ද බස් දාලා. ඡන්ද ප්‍රතිඵලය කුමක්ද කියලා තමුන්නාන්සේලා දන්නවා. මේ රටේ ජන සංයුතිය, ආගමික පසුබිම, සංස්කෘතික තත්ත්වයන්, ජනවාර්ගික ප්‍රශ්න, සමාජය සකස්වෙලා තිබෙන ආකාරය මේ සියල්ල එක්ක තමයි මැතිවරණයක් වෙලාවට ඡන්ද පෙට්ටියට ඡන්ද වැටෙන්නේ. ඒක නිසා පිට්ටනියකට සෙනග ගෙනල්ලා ඔළු ගෙඩි ගාන මෙච්චරයි කියලා ඒ ඔලුගෙඩි දැකලා හෙට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා කව්රුහරි හිතනවා නම් ඒක ලොකු විහිළුවක්..“ ජනාධිපති මෛත්‍රී පැවසීය.

“ඉන්දියා අගමැති එනකොට කළු කොඩි දමන්න කියපු අය රෑ 11ට ගිහින් ඉන්දියා අගමැති හමු වුණා. හමුවෙන්න කලින් ඉන්දියා මහ කොමසාරිස් මට කතා කර කිව්වා කළු කොඩි කට්ටිය හමුවෙන්න ඉල්ලලා තිබෙනවා. මොකද කරන්නේ කියලා ඇහුවා. මම කිව්වා හමුවෙන්න දෙන්න කියලා. රෑ 11ට තමයි කළුකොඩි කාරයො ගිහින් හමුවුණේ.‘ යයිද මෛත්‍රීපාල ජනාධිපතිවරයා පැවසීය.  

නෝර්වුඩ් රැලිය සම්බන්ධයෙන් හොඳ චිත්‍රයක් ලබා ගැනීම සඳහා එය සංවිධානය කළ ප්‍රධානියෙක් වූ පලනි දිගම්බරන් විසින් නිකුත් කරන ලද වීඩියෝවක් පහතින් දැක්වේ 

---------------------------
by     (2017-05-15 20:31:07)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Janadhipathi Thumani , Kathawa 100 % Hari, Namuth Thama Kalin Hitiya Maharajagema , Gon Deshapalana Hathikare [ Nimal Siripala / Susuil Premajayantha / Jhon Senevi / etc. ] saha Niladaareen Ekka [ Suren Batagoda , Saman Ekanayake , etc. ] mona Idiri-Gamanakda ? Obathuma Nayakathwayata Pathwuna Muladima , Sobhith Hamduruwo kiwwa wage Buddhimath Pirisak samaga , Nayakathwaya [ Leader Ship ] Eka Aragena Gamanak Giya Nam , Ada Me Thathwaya Ethiwenne Na. Danwath Buddhiya Pawitchchi karala wada karanta. Ewita , 2015 Janawarai Obawa Dinawapu Pirisa Oba Samaga Sitinu Etha.
-- by Bandula on 2017-05-16

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links