(ලංකා ඊ නිව්ස් -2017.මැයි.14, ප.ව.11.30) පසුගිය දා මධ්‍යම පළාත් සභාවේ අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හදිසියේ තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම සහ තවත් පළාත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඔහු සමඟ පළාත් සභාව තුල ස්වාධීන වීමට ගත් තීරණයත් සමඟ මධ්‍යම පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමි වීමේ වැඩි අවස්ථාවක් මතුව තිබේ.
මධ්‍යම පළාත් සභාව තුල සමස්ථ මන්ත්‍රී කණ්ඩායම 58 ක් වේ. 2015 ජනවාරි 08 වනදායින් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබූ මන්ත්‍රී ධූර 40 න් ද්‍රවිඩ මන්ත්‍රීවරු 6 දෙනෙකු සහ ආර්.ජී.සමරනායක එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීම නිසා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම 33 දක්වා පහත වැටී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම 25 දක්වා ඉහල ගොස් තිබුණි.
තත්වය එසේ තිබියදී පළාත් හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් නව දෙනෙකු පළාත් සභාව තුල ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීමත් සමග මධ්‍යම පළාත් සභාව තුල එක්සත් ජනතා නිදහස් සන්ධාන බලය මන්ත්‍රී ධූර 24 දක්වා පහත වැටීමෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පළාත් සභාව තුල සුළුතරය වීමේ අවදානමකට මුහුණ දී තිබේ.
මේ අතර මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයන් රැසක් පවසන්නේ අවුරුදු 2ක් පමණ තම කණ්ඩායම වත්මන් ප්‍රධාන අමාත්‍යවරයාට සහාය ලබා දුන්නද මේ වන විට ඔහු තම තනි මතයට කටයුතු කිරීම පිළිබඳ තම පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡාකොට තීරණයක් ගන්නා බවයි
---------------------------
by (2017-05-14 18:42:26)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි