(ලංකා ඊ නිව්ස් -2017.මැයි.12, ප.ව.9.50) මන්ත්‍රීධූරය අහිමි වූ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ ‘අධිකරණ වෙට්ටුවක්‘ හරහා තව දුරටත් මන්ත්‍රී ධූරයේ තබා ගැනීමට බැසිල් රාජපක්ෂ සහ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා විසින් කුමන්ත්‍රණයක් සැලසුම් කර ඇතැයි ලංකා ඊ නිව්ස් ඊයේ කරන ලද හෙළිදරව්ව සත්‍ය කරමින් ගීතා කුමාරසිංහ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසිකරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව ලබන 15 වනදා තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝග කෙළේය.
9 වෙනිදා ඉදිරිපත් කළ ගීතාගේ පෙත්සම කම්බි පස් පොටින් පන්නා අදම (12) කැඳවනු ලැබුවේ බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ දී ය. අදම විභාගයට ගෙන අදම වාරණ නියෝගයක් ලබා ගැනීමට අවශ්‍ය වූයේ මැතිවරණ කොමසාරිස් වරයා විසින් ගීතාගේ මන්ත්‍රීධූරය අහෝසි කරමින් ඊලඟ මනාප ලාභියා පත් කෙරෙන ගැසට් නිවේදනය වළක්වා ගැනීමට ය. ඒ සඳහා කම්බි පස් පොටින් පන්නා නඩුව විභාගයට ගැනීමේ කුමන්ත්‍රණය සිදුකරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය වන මහේෂා ජයවර්ධන (විවාහයෙන් පසුව ජයසේකර) යොදා ගනිමිනි. ඇය මෙම නඩුව විමසන ප්‍රියන්ත ජයවර්ධනයේ සොයුරිය වීමෙන් කුමන්ත්රණයේ තරම තේරුම් යනු ඇත.
මෙම අපූරු හදිසි නඩු ඇහිල්ලේ ජුගුප්සාජනක භාවය කොතෙක්දැයි කිවහොත් අද උදෑසන වන විටත් නඩුවේ අංකය පවා කිසිවෙකු දන්නේ නැත. අනෙක් පාර්ශවයේ කිසිවෙකුට කිසිදු දැනුම් දීමක් කර තිබුනේ නැත. ගීතාට එරෙහිව අභියාචනාධිකරණය ඉදිරියේ නඩු පැවරූ අය ඇපෑල සඳහා කැඳවිය යුතුම වුවද අද නඩුව ඇහෙන තුරු ඒ කිසිවෙකුට කිසිදු දැනුම් දීමක් කර තිබුනේ නැත. අවම වශයෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් වරයාට දැනුම් දී තිබී ඇත්තේ 9 වෙනිදා සවස 5 න් පසුව ය. එනම් ඒ වන විට පාර්ලිමේන්තු මහ ලේකම් රාජකාරි නිමා කර ගෙදර ගොසින් ය. මෙවන් ඇපෑලක් අද විභාගයට ගන්නා බව පාර්ලිමේන්තු ලේකම් දැන ගත්තේ ද අද කාර්යාලයට පැමිණීමෙන් පසුව ය. (10,11 දෙදින වෙසක් නිවාඩුවය) ඒ බව නඩුව අතරතුරදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණි නීතිඥවරුන් විනිසුරුවරුන්ට පෙන්වා දුන්හ.
9 වෙනිදා පෙත්සම ඉදිරිපත් කර ඊලඟ වැඩ දිනයේ නඩු විභාගයට ගන්නා ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ අසාමාන්‍ය ක්‍රියා පිළිවෙත ගැන පෙන්වා දෙමින් නීතිඥවරුන් පවසා සිටියේ ගීතා මේ අධිකරණයේ වරප්‍රසාද ලත් පෙත්සම්කාරියක බව පෙනී යන බවයි. කුමන තීන්දුවක් දුන්නද අධිකරණයේ ගරුත්වයට හානි වන ආකාරයෙන් කටයුතු සිදුවීම ගැන නීතිඥවරුන් සිය අප්‍රසාදය පළ කර සිටියහ.
සාමාන්‍යයෙන් අනෙක් පාර්ශවයට නිසි ලෙස දැනුම් දී ඔවුන් පැමිණෙන තුරු නඩුව විභාගයට සහ තහනම් නියෝග දීම සදාචාරවත් නොවුන ද ලැජ්ජාව පසෙක ලූ විනිසුරුවරුන් නඩුව 15 සඳුදා විභාගයට ගැනීමට තීන්දු කර ගීතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අත්හිටුවීමට අභියාචනාධිකරණය දුන් තීන්දුව ලබන 15 වනදා තෙක් අත්හිටුවීමට නියෝග කෙළේය.
මෙහි ඇති අනෙක් සිනහ උපදවන කාරණය නම් මෙකී වාරණය දුන්නේ 15 වෙනිදා දක්වා පමණක් වුවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශයක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ලැබෙන තුරු ගැසට් නිවේදනය නිකුත් නොකරන බව පැවසීමය. ඔහුද කම්බි පස් පොටින් පැන තිබෙන බව එම ප්‍රකාශයෙන් පෙනී යයි.
අද නඩු විභාගයේදී නඩුව විභාගයට ගත් ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුගේ අශීලාචාර හැසීරීම කැපී පෙණින. පෙත්සම් කාරිය වූ ගීතා සහ දූෂිත මහින්දානන්ද අලුත්ගමගේ අධිකරණයට පැමිණෙද්දී විනිසුරු අසුනේ සිටි ප්‍රියන්ත ජයවර්ධන කලක් තිස්සේ හඳුනන අය දුටු විට සාමාන්‍ය පුද්ගලයෙකු හැසිරෙනවා සේ ගීතා සහ මහින්දානන්ද සමග ඔලුව ඇලකර ඉඟියක් කරමින් සිනහාසුනේ ය. එපමණක් නොව නීලකාස හොරෙක් වූ ප්‍රසන්න රණතුංග අධිකරණයට පැමිණෙද්දී ඔහුටද ඔලුව ඇලකර සිනහවකින් සංග්‍රහ කිරීමට විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන පැකිලුනේ නැත.
මේ සිදුවීම් ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුල තිබෙන ගරුත්වයට බරපතල හානි ගෙන දෙන්නක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ශ්‍රී ලංකාවේ අධිකරණය අපක්ෂපාතී නොවන බව කියමින් හයිබ්‍රිඩ් අධිකරණයක් අවශ්‍යය යි ජිනීවා මානව හිමිකම් කොමිසම කියන්නේ නිකම් නොවන බව මේ සිදුවීම් වලින් තහවුරු වන්නේ ය.
ඉහත කී ප්‍රියන්ත ජයවර්ධනට කිසිදු සුදුසුකමක් නොමැතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කෙළේ මහින්ද රාජපක්ෂ නමැති හිටපු වනචාරී පාලකයා විසිනි. ප්‍රියන්ත ජයවර්ධන ඊට පෙර ක්‍රියා කෙළේ බැසිල් රාජපක්ෂගේ නීතිඥවරයා ලෙස ය. දෝෂාභියෝගයේ දී බැසිල් වෙනුවෙන් කරන ලද මෙහෙය සලකා බලා රාජපක්ෂලා සිය සට්ටැඹියා වූ ප්‍රියන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත් කිරීමට විරුද්ධව ලංකා ඊ නිව්ස් මීට වසර 3 කට පෙර අද සිදුවිය හැකි තත්ත්වය ඉතා නිවැරදිව දකිමින් 2014 මැයි 04 වෙනිදා පළ කරන ලද ලිපියක් පහතින් දැක්වේ.
(ලංකා ඊ නිව්ස් -2014.මැයි.04, ප.ව. 6.30) ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තව දුරටත් ශ්‍රේෂ්ඨ නොවන පීචං අධිකරණයක් බව තවදුරටත් තහවුරු කරමින් ඉතිහාසයේ පීචං ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරා පත් කිරීමට මැදමූලන මරා තීන්දු කර තිබේ.
මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගේ පුරප්පාඩු පවතින අතර ඒ වෙනුවෙන් පත් කිරීමට යන එක් පුද්ගලයෙක් වන මොහු රාජපක්ෂ වරුන්ට අති හිතෛෂී සට්ටැඹියෙක් වන සාමාන්‍ය නීතිඥයෙකි. නමින් ප්‍රියන්ත ජයවර්ධන වන මොහුට ඇති එකම සුදුසුකම වන්නේ පසුගිය කාලයේ අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හේතු කාරණා වූ බැසිල්ගේ දිවිනැගුම පනත කෙටුම්පත් කළ නීතිඥ කමිටුවේ සේවය කිරීමත් දෝෂාභියෝගයේදී නීතිඥ ප්‍රජාව ගැන රාජපක්ෂලාට උදේ සවස කේලාම් කීමත් පමණි.
නාමල් රාජපක්ෂ වැනි හොර පෙරකදෝරුවෙකුට පවා දිව හැලෙනතුරු ‘සර්‘ කියා අමතන ප්‍රියන්ත ජයවර්ධනට කරන ලද පක්කලි සේවය වෙනුවෙන් මැදමූලන මරා විසින් දෝෂාභියෝගයෙන් පසුව ජනාධිපති නීතිඥ පට්ටමක්ද ප්රදානය කෙළේය.
ඒ මිස මොහුට නීති වෘත්තිය ගැන විශේෂ දැනුමක් නැත. විශේෂ අධ්‍යාපනයක් ද නැත. විශේෂ නඩු කතා කරලාද නැත. මොහුට නඩුවක් ලබා දුන්නා නම් දුන්නේ වෙනත් කිසිදු හේතුවක් නිසා නොව මොහුගේ සොහොයුරිය ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් තනතුර දරන නිසා නඩුවකට මොහුව සම්බන්ධ කර ගැනීමෙන් තමන්ට හිතවත් විනිසුරු මඬුල්ලකට නඩුව යොමු කර ගැනීමට හැකියාව ලැබෙන බැවිනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්, මහේෂා ජයවර්ධන (විවාහයෙන් පසුව ජයසේකර) වන මොහුගේ සොයුරිය ද වංචනික ගනුදෙනු කිහිපයක් නිසා රෙජිස්ට්‍රාර් ධූරයෙන් එළවා දමා සිටි අතර දෝෂාභියෝගයෙන් පසුව යලි තනතුරට පත් කරන ලද තැනැත්තියකි.
රාජපක්ෂලාට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් අතරින් හොඳ කේලාම් කාරයෙක් අවශ්‍යය. එම කාර්ය මෙතෙක් ඉටු කළ සත්‍ය හෙට්ටිගේ විනිසුරා විශ්‍රාම යෑම නිසා ඒ වෙනුවට කිසිදු සුදුසුකමක් නැති ප්‍රියන්ත ජයවර්ධන පත් කිරීමට යන්නේ ය. මෙම විහිළු සහගත නින්දිත පත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැනටමත් තම විරෝධය ප්‍රකාශ කර ඇත.
හිටපු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායකද මෙලෙසම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස පිටතින් ගෙනැවිත් පත් කිරීමේදී ද නීතිඥ සංගමය විරුද්ධ වූ නමුත් ඇය ඒ වන විටත් නීතිය පිලිබඳ මහාචාර්ය වරියක් ලෙස සේවය කළ නීතිය පිලිබඳ ප්‍රාමාණික බුද්ධිමතියක් වූවාය.
ප්‍රියන්ත ජයවර්ධන නිකම්ම නිකම් සට්ටැඹි පෙන්දෙක් පමණි. මොහුගේ වයස තවමත් අවුරුදු 53 ක් පමණි. එනම් මොහුට තව අවුරුදු 12 ක් පමණ කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ කල්ගත කළ හැකිය. මෙවැනි පුස්සන් ලංකාවේ ඉහලම අධිකරණයේ විනිසුරුවරුන් වූ කල අනාගතයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හැඳින්වීමට සිදුවන්නේ 'පීචංධිකරණය' යනුවෙනි.
---------------------------
by (2017-05-12 19:34:55)
Leave a Reply
හෙට අනිද්ද වෙනකොට මිනිස්සු මුන්ගෙ ඔලු ගෙඩිවලට වෙඩි තියන තත්වෙට පත්වේවි අධිකරණය මේ වගේ පාදඩ අමන විදියට තමන්ගෙ වාසියට පාවිච්චි කිරීම නිසා. ...මේ විදියට මේ රටේ සාමාන්‍ය මිනිහෙකුට මේ වගේ කාලකන්නි විනිසුරන් ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
-- by කමල් on 2017-05-12
Its upto Prez and the Minister to decide whether keep such a person in a very prestigious post. If the Prez dosent have a strong back bone, we all will have to suffer.
-- by saman on 2017-05-13
Mr. Saman, have we got a President of Sri Lanka....? I mean we all know that we have a president of SLFP. so we need to select one president of Sri Lanka with strong back bone, rightly you said.
-- by Mudalige on 2017-05-13
අද නඩු විභාගයේදී නඩුව විභාගයට ගත් ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුගේ අශීලාචාර හැසීරීම කැපී පෙණින. පෙත්සම් කාරිය වූ ගීතා සහ දූෂිත මහින්දානන්ද අලුත්ගමගේ අධිකරණයට පැමිණෙද්දී විනිසුරු අසුනේ සිටි ප්‍රියන්ත ජයවර්ධන කලක් තිස්සේ හඳුනන අය දුටු විට සාමාන්‍ය පුද්ගලයෙකු හැසිරෙනවා සේ ගීතා සහ මහින්දානන්ද සමග ඔලුව ඇලකර ඉඟියක් කරමින් සිනහාසුනේ ය. එපමණක් නොව නීලකාස හොරෙක් වූ ප්‍රසන්න රණතුංග අධිකරණයට පැමිණෙද්දී ඔහුටද ඔලුව ඇලකර සිනහවකින් සංග්‍රහ කිරීමට විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන පැකිලුනේ නැත.
-- by පකදෙ on 2017-05-13
ප්‍රියන්ත ජයවර්ධන, මහේෂා ජයවර්ධන කියන්නෙ බල්ලෙකුට ජාතක වෙලා බැල්ලියෙකුගෙ පුකෙන් ඉපදුන ජඩයෙකුයි ජඩ බැල්ලියෙකුයිද?
-- by සීතා on 2017-05-13
ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්ට පුලුවන් නං තමාට උවමනා විදියට විනිසුරන් තෝරල නඩු තීන්දු වෙනස් කරවන්න, මොකක්ද දෙයියනේ අපේ රටේ තියෙන නීතිය!. ....මුන් නං ඉවරයක් කරාට කිසිම පාපයක් නෑ!
-- by Berty on 2017-05-13
නාමල් රාජපක්ෂ වැනි හොර පෙරකදෝරුවෙකුට පවා දිව හැලෙනතුරු ‘සර්‘ කියා අමතන ප්‍රියන්ත ජයවර්ධනට කරන ලද පක්කලි සේවය වෙනුවෙන් මැදමූලන මරා විසින් දෝෂාභියෝගයෙන් පසුව ජනාධිපති නීතිඥ පට්ටමක්ද ප්රදානය කෙළේය.
ඒ මිස මොහුට නීති වෘත්තිය ගැන විශේෂ දැනුමක් නැත. විශේෂ අධ්‍යාපනයක් ද නැත. විශේෂ නඩු කතා කරලාද නැත. මොහුට නඩුවක් ලබා දුන්නා නම් දුන්නේ වෙනත් කිසිදු හේතුවක් නිසා නොව මොහුගේ සොහොයුරිය ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් තනතුර දරන නිසා නඩුවකට මොහුව සම්බන්ධ කර ගැනීමෙන් තමන්ට හිතවත් විනිසුරු මඬුල්ලකට නඩුව යොමු කර ගැනීමට හැකියාව ලැබෙන බැවිනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්, මහේෂා ජයවර්ධන (විවාහයෙන් පසුව ජයසේකර) වන මොහුගේ සොයුරිය ද වංචනික ගනුදෙනු කිහිපයක් නිසා රෙජිස්ට්‍රාර් ධූරයෙන් එළවා දමා සිටි අතර දෝෂාභියෝගයෙන් පසුව යලි තනතුරට පත් කරන ලද තැනැත්තියකි. - yako..... ko aluth agavinisuraa..? kondak nedda Registrar elawala awanka minihek othenta danna.? thaamath me.rata palanayakoranne MaRa la, Basil la, Gota Laaaaaaaa..... nodakin ape rata. thuh nodaking... doshabhiyoga genalla gedara yawanda o,ne menna me,wage para wesa ballo. Buwaneka kiyanneth a wagema kondak nathi desapaalana henchaiyyek. nodaking ape rate supirim usaaviya. Priyantha Jayawardana kiyanne mokedda? Junior judges lagenuth banum aha ahaa, thiyana naduwak wath ( nadu naaa, Basil ge, MaRage, Gota ge, desapalana labbakata sambanda naduwaka passen ellila hitiya gon naambek) hariyata koraganda baruwa, ibaagaathe rastiyaadu wevee hitiya gon bijjek. dan mahaloku supirim usaaviye naddek... mun nadu kaarayoda... shik... niyama nadukaarayantath awanambuwak. Yahapaalane bambu gahanakota, wena monawada...
-- by Asoka. on 2017-05-14
mun janathaa salliwalin ganna padiwalata, hena 7 gahapiyaw mun okkotoma, pawul pitin handigaavilaa palayaw. daruwanta , gaanunta kanna denne hora salli walin. nodaking, mun gedara geniyana keama walin pilikaa hedenawa mehema hora salliwalin kaddi. henama gahapiyaw...hora heththa.
-- by Heneyaa on 2017-05-14
janathaawa paarata basiya yuthu maya. edaa Mervin laa paare 3wheel mallilaa ekka, supirim usaaviye issarahaa pelapaali giye, kisidu waradak nokala Shirani 1 dawasin gedara yawannatai. eheth dan... Priyantha laa waage, Maheshaa waage hora thakkadi Jnathaawage salli walin padi kakaa horakamin ma jeewath wannawun ya. mun gedara yawannata Yahapalanayata kondak thabaa, eka kondu atayak wath nethibawa yasa ageta pene.
-- by Kondaa on 2017-05-14
Dep (cj) push this case to Eva’s bench and wash his hands like Pilate…What a sweet CJ….
-- by Kumara on 2017-05-16
කුප්‍රසිද්ධ සරත් නන්ද සිල්වා ඔලුවෙන් සිටවූ ලංකාවේ අධිකරණය දෙපයින් සිටවන්නට යහපාලන රජයට තවම හැකිවී නැත. අපේ අධිකරණයට සිදුවී ඇති මේ වින්නැහිය දැකීමට අධිකරණය යුක්තියේ දෙවොලක් සේ සලකා ක්‍රියා කළ මාර්ක් ප්‍රනාන්දු වැනි කීර්තිමත් විනිසුරන් අද ජීවතුන් අතර නැතිවීම ඔවුන්ගේ වාසනාවකි. නෙවිල් සමරකෝන්, මාර්ක් ප්‍රනාන්දු වැනි කීර්තිමත් විනිසුරන්ට අලගු තබන්නට වත් නුසුදුසු ප්‍රියන්ත ජයවර්ධන වැනි විනිසොරන් ඔවුන් එදා සිටි විනිශ්චයාසන වල වාඩිවී සිටීම ජාතියේ අවාසනාවකි. මේ සියලු සිදුවීම් වලින් පෙනෙනුයේ ජනතාවට යුක්තිය පසිඳලන අධිකරණ නොව 'පීචංධිකරණ' හා 'මරාධිකරණ' බවට පත්වී ඇති මේ ගුබ්බෑයම් වෙනුවට රටට විදේශීය විනිසුරන්ගෙන් සමන්විත දෙමුහුන් අධිකරණ නොපමාව අවශ්‍ය බවයි.
-- by samarapaala on 2017-05-16
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි