~

ජලතිර තොරණ්, ලේසර් තොරණ්, 3D මැෆින් තාක්ෂණික තොරණ්...! අහා.., එක්සත් ජාතීන්ගේ වෙසක් ලංකාවේ පැවැත්වෙන ඒ අසිරිමත් ඓතිහාසික උළෙල අදින් ඇරඹෙයි..! නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් විශේෂ දළදා දැක්මක්..!

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.10, පෙ.ව‍.5.15) වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනයක් සේ සැමරීමට ලක්කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කෙළේ ලංකාවේ විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මහතා වුවද කදිරගාමර්ගේ යෝජනාව පිළිගෙන වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනයක් සේ සැලකීමෙන් පසු ඒ සඳහා ශ්‍රී ලංකාව තෝරා ගත්තේ වසර 14 කට පසුව ය. ඊට හේතු භූත වූයේ ලංකාවේ පැවැති යුදමය තත්ත්වයට වඩා ලංකාවේ සිටි පරාජිත පාලකයන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග තිබූ වෛරී සහගත ආකල්පයයි.  කෙසේ වෙතත් එක්සත් ජාතීන් ජාත්‍යන්තරව ලංකාවේ සැමරෙන ප්‍රථම වෙසක් දිනය අදයි.

එක්සත් ජාතීන් මීට පෙර ජාත්‍යන්තර වෙසක් උළෙල පවත්වා ඇත්තේ වැඩියෙන්ම තායිලන්තයේ දී ය. දෙවතාවක් පමණක් වියට්නාමයේ පවත්වා ඇත. එබැවින් ප්‍රථම වරට ලංකාවට ලැබුණු මේ මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට දැන ගැනීම අප සතු යුතුකමකි. 

යටත් විජිත යුගයේදී වෙසක් උත්සවය නිවාඩු දිනයක් කර පැවැත්වීම ඇරඹෙන්නේ 1885 දී ය. ඒ සඳහා සුද්දන් සමග සටන් කරන්නේ ආනන්ද කුමාරස්වාමි සහ ඇමරිකානු ජාතික සර් හෙන්රි ඕල්කොට් ය. 

පුදුමය වන්නේ වෙසක් දිනය ලංකාවේ නිවාඩු දිනයක් කරගැනීමට ද වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ දිනයක් කර ගැනීමටද වෙහෙස වූ තිදෙනාම සිංහල බෞද්ධයන් නොවීමයි. නමුත් ඔව්හු උගත් මනුස්ස ගුණයෙන් පිරිපුන් අන්‍ය ආගමික අය වූහ. සිංහල බෞද්ධ පුහු වීරයන් අද මෙන්ම කළ යුත්ත පසෙක ලා ගොබ්බයන් සේ කළු කොඩි දමමින් සිටියා විය හැකිය.   

මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල වෙනුවෙන් අසල්වැසි ඉන්දියානු රාජ්‍ය නායක නරේන්ද්‍ර මෝදි මහතා ලබන 11 වෙනිදා සන්ධ්‍යාවේ ලංකාවට සැපත් වනු ඇත. පසුදා එනම් 12 දා  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන නිල උත්සවයට සහභාගී වන නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවේ ජනපති අගමැති දෙදෙනා සමග සභාව ඇමැතීමට නියමිතය. එහි පැවැත්වෙන දානා දී පිංකමකටද සහභාගී වන මෝදි මහතා එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය වෙනුවෙන් ලංකාව නිකුත් කරන ලද සමරු මුද්දරයක්ද අවලංගු කිරීමට නියමිතය.

13 වෙනිදා මෝදි මහතා මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට යන අතර මෝදි මහතා වෙනුවෙන් කෙරෙන දළදා ප්‍රදර්ශනය එදින දිනය පුරා අනෙකුත් බැතිමතුන් සඳහාද විවෘතව තැබීමට දළදා මාලිගාව කටයුතු යොදා තිබේ. 

මේ අතර මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත්, කථානායක කාර්යාලයත් විසින් දියවන්නා වෙසක් කලාපයක් සංවිධානය කර තිබේ. ඊටද මෝදි මහතා සහභාගී වීමට නියමිතය. 

මෙම දියවන්නා වෙසක් කලාපය පොහෝ දින සිට දියත උද්‍යානය, පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ජපන් මිත‍්‍රත්ව පාර සහ දියවන්නා ඔය ආශ්‍රිතව පැවැත්වේ. 

ශ‍්‍රී ලංකාවේ සිදුකරන වෙසක් සැමරුමක පළමුවරට දැක ගත හැකි ජලතිර තොරණ, ලේසර් තොරණ  සහ ආසියානු බෞද්ධ රටවල් වන ඉන්දියාව, පකිස්ථානය, චීනය, බුරුමය, තායිලන්තය, සිංගප්පූරුව, වියට්නාමය, කාම්බෝජියාව, මියන්මාරය සහ මැලේසියාව යන රටවල් 10 ක බෞද්ධ සංස්කෘතීන් සහ සම්ප‍්‍රදායන් විදහා දැක්වෙන, ඒ ඒ රටවල් වලින් නිර්මාණය කෙරෙන වෙසක් සැරසිලි කුටි ද මෙවර දියවන්නා වෙසක් කලාපයේදී  දැක ගත හැකිය. අඩි 60 ක් දිග අඩි 30 ක් උස ජල තිර තොරණේ ජාතක කතා දෙකක් මූලිකව කතාවස්තුව නිර්මාණය කර ඇත. අඩි 60 ක් උස අඩි 40 ක් පළල ලේසර් තොරණෙහි දි සිදුහත් උපත සිට බුද්ධ පරිනිර්වාණය දක්වා සිතුවම් නිර්මාණය කෙරේ.

දියවන්නා ඔය ආශ‍්‍රිතව නෙළුම්මල් 2,500 ක් පා කරමින් පළමු වරට ආලෝකමත් කෙරෙන ජල පුෂ්පයක් ද, පොල්දූව මංසන්දියේ දියවන්නා ඔයේ ස්ථාපිත කර ඇත. ජපන් මිත‍්‍රත්ව පාරේ, අපේගම පරිශ‍්‍රයට යාබද  වෙසක් උද්‍යානයේ ඩිජිටල් තොරණ්, වෙසක් කූඩු, ශ‍්‍රී ලංකාවට උරුම චෛත්‍ය සම්ප‍්‍රදාය ඇතුළු අලංකෘත වෙසක් සැරසිලි රාශියකින් සමන්විතය. 10 වන දා රාත‍්‍රී 7.30 සිට 12 වනදා රාත‍්‍රිය දක්වා දිනකට 75,000 කට   සහභාගී විය හැකි මහා බත් දන්සලක් සහ දින පහ පුරාම ක්‍රියාත්මක නූඩ්ලස් දන්සැල සහ ඔසුපැන් දන්සැල් ද මෙම කලාපයේ පැවැත්වේ. තවද 11 වන දින උදෑසන 3,000 ක් දෙනා වෙනුවෙන් සිදු කරන විශේෂ භාවනා වැඩසටහන සහ එදිනම දහවල් මහාසංඝරත්නය 500 නමක් උදෙසා මහා පිණ්ඩපාත චාරිකාව සහ සංඝත දක්ෂිණාව ද කථානායක නිළ නිවසේ දී පැවැත්වේ.

දියවන්නා වෙසක් කලාපයට සූදානම් වන අයුරු සේයාරූ වල දැක්වේ

මෙම වෙසක් උළෙලින් පසුව හෝ බුද්ධාගමේ නාමයෙන් සිවුරු දරාගෙන අන්තවාදීව හැසිරෙන බුඃ ආගම් පව් කාරයන් වඳ වී යේවා යි ප්‍රාර්ථනා කරමු..

බුද්ධාගම සැරදේවා..! බුඃ ආගම වඳ වේවා..!! පරම වෙසක් පැතුම එයයි

---------------------------
by     (2017-05-10 00:20:08)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

මෙම වෙසක් උළෙලින් පසුව හෝ බුද්ධාගමේ නාමයෙන් සිවුරු දරාගෙන අන්තවාදීව හැසිරෙන බුඃ ආගම් පව් කාරයන් සහ වෙසක් තෙමගුල් සමයෙහි කලුකොඩි දමන්නැයි කියනා නිසි අධ්යාපනයක් නොලද කරුමෙට රටට කොඩිවිනයක්ව අැති පාදඩ පාහර පාවාදුන්වංශයා සහ පිරිවර වඳවී යේවායි ප්‍රාර්ථනා කරමු.. සෝභිතාවතාර 2017/05/10
-- by sobithawathara on 2017-05-10

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links