ගානි වාසුහේවාගේ සටහනක්
(ලංකා ඊ නිව්ස් -2017.මැයි.08, ප.ව.11.45) ලොව ඕනෑම නිශ්පාදනයක අපත ප්‍රතිඵලයක් ඇත. අපා දෙපා සිව්පා සියලු සත්ත්වයන්ට ද ගහ කොළ ආදි වගාවන්ටද මෙය පොදුය. මනස කොපමණ උස් වුවද මනුස්සයාටද මෙය එසේමය. අඩු වැඩි වශයෙන් පිහිටනු ඇත. ලංකාවේ දේශපාලනයේදි නම් මෙය ටිකාක් නොව හුඟක්ම වෙනස්ය. එහිදී ඉඳහිට නිවැරදි ඵලයක් බිහිවුවද බහුතරයක් බිහිවනුයේ අපත ඵලය. එම අපතයන් අතරින් අග්‍ර ඝනයේ අපතයන්ද බිහිවේ. වරෙක ජෝකර්ලාද, වරෙක අඥානයෝද, වරෙක තක්කඩියෝද. වරෙක පාදඩයෝද, වරෙක අශීලාචාර අවලම්මු ලෙස ද බිහිවේ. අබුද්දස්ස කාලෙකදී මේ සියල්ලම එකට කැටි වූ අපතයෙක් වුව බිහිවීමට හැකිය. ඇත්තටම මේ අබුද්දස්ස කාලයක් බව පෙනී යන්නේ එවන් එකෙක් බිහිව ඇති නිසාය.
මේකා දන්නා මගුලක් නැත. එසේම නොදන්නා මගුලක්ද නැත. බල්ලෙක් බුරාගෙන පන්නා ගෙන එන විටකදී හෝ පාසලකට ගොඩ වී නැති නමුත් හැසිරීම මෝපසාං මහල්ලා සහ මුහුද ලිව්වා සේ ය. මොහු කට අරින්නේම අයින්ස්ටයින්, සොක්රටීස්ලාගේ බුද්ධියට අභියෝග කරමිනි. මේ වන විට සොක්රටීස් සිටියා නම් මේකා දැක යලි වස බොන බව නම් සහතිකය. ඇස් කන් නාසා මෙන් පිටතට ප්‍රදර්ශනය වන සේ මොළයද පිහිටා නොතිබීම භාග්‍යයක් කර ගත් මොහු උණ්ඩුක පුච්ඡය භාවිත කරමින් හෝ මහා මොළකාරයෙක් සේ සමාජය ඉදිරියේ පෙනී සිටීමට තටමයි. හරිහමන් අධ්‍යාපනයක් නැති, කිසිදු අතේ පයේ වැඩක් බැරි එවුන්ට තිබෙන එකම ජීවන මාර්ගය වන දේශපාලනය මේකා තෝරාගන්නේ එනිසා ය.
දේශපාලන ළදරු කාලයේදීම ලෝක බැංකුවල ප්ලග් පවා ගලවමින්, පණ පිටින් අවසන් වන මාරාන්තික උපවාස කරමින්, වාචාලකම යනු උගත්කම හෝ දැනුම යයි උපකල්පනය කරගත් මොහු, සමන්තභද්රයාටත් එහා ගිය සර්වතෝභද්‍ර වීමට ආසන්න පුද්ගලයෙකි. නිතර අඥාන ප්‍රකාශයන් කරමින් ඒ හරහා කැපී පෙනීමට වලිකන පුස්සෙක් වුවත් මහ රජා ගේ පා සලකුණු ගනිමින් වහල් අනුගාමිකයන් කොටසක් ද ගොඩ නගාගෙන වහලුන් අතර වීරත්වයක් ගොඩනගා ගෙන ඇත. මොහුගේ අලුත්ම විහිලු රංගනය වී ඇත්තේ ඉන්දියන් විරෝධය යි. තමන්ගේ පැවැත්ම උදෙසා ඕනෑම ගොරහැඩි කබරයෙක් හිරිකිතයකින් තොරව තලගොයෙකු සේ ගිල දැමීමට පුරුදු පුහුණු වී සිටින මොහු තමන්ගේ ඥාති හැතිකරයටම නිවාස වාහන ඇතුලු වරදාන පිරිනමන්නේ තම මහරජා ද අභිබවා යමිනි. මේ දෑ අඛන්ඩව කරගෙන යාමට අවශ්‍ය බලය සඳහා නැවත ඉන්දියන් විරෝධයේ එල්ලී ඇත.
අතීතයේදී ද ඉන්දියන් විරෝධයක් ගෙන ඉන්දියන් ද්‍රව්‍ය වර්ජනය කරමින් ඉන්දියාවෙන් ලැබුණු බුදුදහම පවා පිටුවහල් කිරීමට මිනීමැරූ පිරිසේ ප්‍රබලයෙක් වූ මොහු රාජපක්ෂ රෙජීමයේදී කාලයේ හතරගාතයෙන් වැටී ඉන්දියාව වැළඳ ගත්තේය. එම යුගයේ දී උතුරු රේල් පාර ව්‍යාපෘතිය ඉන්දියාවේ තිරුකෝන් සමාගමට දුන් අතර, දොරේඅප්පා ක්‍රීඩාංගනය නවීකරණය, පලාලි ගුවන් තොටුපල සංවර්ධනය, නිලාවැලියේ ඉතා මනරම් අක්කර 4 ක භූමිය, කොම්පඤ්ඤ වීදිය මධ්‍යයේ ඉතා වටිනා ඉඩම්වල සිටි ජනයා බලහත්කාරයෙන් එක රැයින් පළවා හැර නිවාස සංකීර්ණ ව්‍යාපෘතියකට දුන්නේද ඉන්දියාවට ය. ඒ ටාටා සමාගමටය. එපමණක්ද නොවේ රටේ හදවත වන් කොළඹ කොටුව රන් සේ වටිනා අක්කර 4 භූමිය ද හොටල් ව්‍යාපෘතියකට යයි පවසමින් දුන්නේ ඉන්දියාවට ය. උල්හිටියාවේ ඉඩම් අක්කර 1000 ක් පමණද, ෆෝට් සිටියේ ඉඩම් සින්නක්කරයට ද, කල්පිටියේ දූපත් 2 ක්ද, සෝමාවතිය චෛත්‍යය අසල අක්කර 5000 ක්ද, පැල්වත්ත සීනි සමාගම අසලින් අක්කර 2000 ක් පමණක් නොව ශ්‍රීලංකා නිදහස් පකෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ලෝකඩ පිළිරුවත් සමගම අක්කර 20 ක එම යුධ හමුදා මූලස්ථාන භූමිය ද පිරිනැමුවේ ඉන්දියාවට ය. මේ සියල්ලටම වඩා විහිලුව වනුයේ ව්යාඝ්රා බී මත්වූවා සේ ඉන්දියන් විරෝධයකින් නලියන මේ හාදයා තමාගේ විෂය පථයට අයත් වූ බේස්ලයින් පාර මිහිඳු පුර නිවාස ව්‍යාපෘතිය පැවරුවේ ද ආන්ද්‍රා ප්‍රදේශයේ සමාගමකට වීම ය. ඒක පුද්ගල (අ)පිවිතුරු හෙළ උරුමයේ අයිතිකාර ගම්මන්පිල අණ්ඩකෝෂ පුම්බාගෙන බෙරිහන් දෙන හනුමා පාලම යෝජනා කර ඇත්තේ ද මේ හාදයාගේ 2011 වසරේ වාර්තාවකින් වීම නොදන්නේ නම් අද වත් දැන ගත යුතුය.
මෙම ඉතිහාසගත සුපිරිසිදු සත්‍යය රටට කියා පෑමට යහපාලනයේ කිසිවෙක් නැතිවීම මේ අපතයන්ට ලැබුනු භාග්‍යයකි. යහපාලනයක් සඳහා ජනතාව තම ජීවිත පූජාවෙන් තෝරා යැවූ යහපාලකයෝ සුපිරි රථ ගායෙන්ද, පහුගිය උන්ට වඩා අපි හොරකම් වංචා කරන්නේ කෙසේද? සිතමින් වෙහෙසෙනවාට වඩා දෙයක් නැත. උනුත් එකයි, මුනුත් එකයි, එහෙම කියන උනුත් එකයි, යන්න මේ හැත්ත තරඟයට මෙන් ඔප්පු කරමින් සිටිති.
දශකයක් පුරා කළු සල්ලි පොදි බඳිමින්, කළු ජීවිතයක් ගත කරමින් සිටි මේ පනික්කියලා දැන් කළු කොඩි ඔසවන්නේ හරියටම වෙසක් කාලයට ය. බුද්ධාගමට අසම සම තැන නෑ යි ද එය ඕනෑ යයිද බෙරිහන් දෙමින් බුදුන්ටත් වඩා බෞද්ධ වී දඟලන මේ නඩයට තම පැවැත්ම සඳහා පාවාදීමට නොහැක්කේ කුමක්දැයි මොවුන් ඔප්පු කර තිබේ. වරෙක මල්වතු විහාරය දෙකඩ කරන බවට උඩුවේ ධම්මාලෝක චීවරදාරියා ඉදිරියට දමාගෙන තර්ජනය කළ, උතුම් දළදා සමිඳුන් ඉදිරියේ මතින් පිරි අඩ නිරුවත් ළඳුන් නටවමින් මෝටර් රථ ධාවන තරඟ පැවැත්වූ රාජකීය පුත්‍ර සමාගම සමග එකගෙයි කමින් රට-ජාතිය- ආගම ත්‍රිත්වයම තමන්ගේ පැවැත්මට අවභාවිතයේ යොදවන මේ පනික්කියලා නටන නාඩගම ගැන දැන් ජනයාට රහසක් නැත.
මේ පිළිබඳව ජනතාවට ඇත්තේ පිළිකුලක් මිස අන් යමක් නොවේ. මේ ඒකාබද්ධ හාදයන්ගේ හැටිය. උද්ඝෝෂණවලට වෙඩි තබා ඝාතනය කළ වුන් උද්ඝෝෂණවලට වතුර ගැසීම ගැන කම්පා වෙති. රට බේරාගත් හමුදාපතිවරයාව නඩු නැතිව සතෙකු සේ ඇදගෙන ගොස් සිර ගත කළ වුන්, ලසන්තලා සිවරාම්ලා තාජුඩීන්ලා මහදවල් මරාදැමූ වුන්, එක්නැලිගොඩලා සිය ගණන් අතුරුදන් කළ වුන්, නීතිය බල්ලට දා බල්ලන්ට නීතිය බාරදුන් වුන් දැන් තමුන්ගේ එවුන් සැබෑ වැරදිවලට ස්වාධීන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම හෙලා දකිති. මහා පරිමාන වංචා දූෂණ කළ වුන් උපන්තේකට වංචාව දූෂණය හඳුනන් නැති වුන් සේ හැසිරෙති. නැවත බලය ඉල්ලා මොවුන් කරන කියන කතා ඇසුනාම අතීතය දන්නා ජනතාවට තමුන්ගේ අධෝමුඛයෙන් නතරකර ගත නොහැකිව සිනාසෙනවා හැරෙන්නට එයින් කරගන්නා නියම කාරිය කරගැනීමට පවා කාලයක් නොමැත.
ඉසුරු සම්පත් ඉහින් කනින් බේරුනද සිඟන්නා සිඟාකෑම ද, හොරා හොරකම ද, වංචාකාරයා වංචාව ද, දේශපාලුවා පාහර දේශපාලනයද අත්හරින්නේ නැත. ඒ බව හොඳින් දන්නා මෙරට ජනයා හොර රංචුවකට නැවත රට බාරදීමට සූදානම් නැත. කළු කොඩි දැමීමට මාන බලන මේ වසංගත කාරයින්ට ජනතාව ළඟදීම ගොක් කොළ සහිතව සුදු කොඩි දමන බව නම් සහතික ය. මන්ද මේ රටේ ඉන්නේ එසේ මෙසේ ජනතාවක් නොවන බැවිණි. ගැහැණියෙක් පිරිමියෙක් කළ නොහැකි වුවද පිරිමි 225 ක් ගැහැණු කළ පරම විධායක බලැති ජනාධිපති තනතුරක විරාජමානව සිටි පුද්ගලයන් පවා ගෙදර යවා ජනෙල් පියන් මත එල්ලා තැබිය හැකි තරමේ එඩිතර බලවත් ජනතාවකට කළු කොඩි කාරයන්ට ගොක් කොළ සහිත සුදු කොඩි දැමීම සිම්පල් ය.
---------------------------
by (2017-05-08 22:28:23)
Leave a Reply
Gani, Oyage Comments gana kiyala wedak ne.
Machan , Dan Kohoma hari heki ikmanatama Civil Samajaye Ugath/Buddhimathungen samanwitha Aluth Deshapalana Pakshayak pihituweemata kalayai.
Oyata Theruwan Saranai !
-- by Bandula on 2017-05-09
උද්ඝෝෂණවලට වෙඩි තබා ඝාතනය කළ වුන් උද්ඝෝෂණවලට වතුර ගැසීම ගැන කම්පා වෙති. රට බේරාගත් හමුදාපතිවරයාව නඩු නැතිව සතෙකු සේ ඇදගෙන ගොස් සිර ගත කළ වුන්, ලසන්තලා සිවරාම්ලා තාජුඩීන්ලා මහදවල් මරාදැමූ වුන්, එක්නැලිගොඩලා සිය ගණන් අතුරුදන් කළ වුන්, නීතිය බල්ලට දා බල්ලන්ට නීතිය බාරදුන් වුන් දැන් තමුන්ගේ එවුන් සැබෑ වැරදිවලට ස්වාධීන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම හෙලා දකිති. මහා පරිමාන වංචා දූෂණ කළ වුන් උපන්තේකට වංචාව දූෂණය හඳුනන් නැති වුන් සේ හැසිරෙති. නැවත බලය ඉල්ලා මොවුන් කරන කියන කතා ඇසුනාම අතීතය දන්නා ජනතාවට තමුන්ගේ අධෝමුඛයෙන් නතරකර ගත නොහැකිව සිනාසෙනවා හැරෙන්නට එයින් කරගන්නා නියම කාරිය කරගැනීමට පවා කාලයක් නොමැත.
ගැහැණියෙක් පිරිමියෙක් කළ නොහැකි වුවද පිරිමි 225 ක් ගැහැණු කළ පරම විධායක බලැති ජනාධිපති තනතුරක විරාජමානව සිටි පුද්ගලයන් පවා ගෙදර යවා ජනෙල් පියන් මත එල්ලා තැබිය හැකි තරමේ එඩිතර බලවත් ජනතාවකට කළු කොඩි කාරයන්ට ගොක් කොළ සහිත සුදු කොඩි දැමීම සිම්පල් ය.
-- by Shane on 2017-05-09
"that's the way" LEN! we have to start it from the beginning. "STILL NOT TOO LATE" - IRC
-- by acr perera on 2017-05-09
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි