~

ජනාධිපති මෛත්‍රීට වෙඩි නොවදින රථ අනවශ්‍ය නම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දට ආරක්ෂකයන් 108 ක් කුමටද? මහින්දගේ අලුත් බොඩිගාඩ් අනුර දිසානායකද?

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.05, පෙ.ව‍.10.25) 108 ක් වූ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයන් සංඛ්‍යාවෙන් 42 ක් ඉවත් කිරීම ගැන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට දැඩි හිත් වේදනාවක් ඇති වී ඊයේ පාර්ලිමේන්තුවේදී ඒ ගැන ප්‍රකාශයක් ද කෙළේය. ඔහු කියා සිටියේ එය දේශපාලන පළිගැනීමක් බවයි. 

රාජපක්ෂ ආණ්ඩුව තිබෙන විට විපක්ෂයේ සිටින එජාපයෙන් මුදල් ලබා ගන්නවා මෙන්ම එජාපය ආණ්ඩු කරන විට විපක්ෂයේ සිටින රාජපක්ෂලාගෙන් මුදල් ලබාගන්නා කිසිදු ස්ථිර ප්‍රතිපත්තියක් නැති පට්ට අවස්ථාවාදී ඩීල්කාර නායකයෙකු වන වත්මන් ජවිපෙ නායක අනුර දිසානායකට මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ගැන නාමල් රාජපක්ෂටත් නැති හිත් වේදනාවක් පහලවීම පුදුමයක් නොවන නමුත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ගැන රටේ නීතිමය තත්ත්වය පැහැදිලි කළ යුතුය.

සත්‍ය වශයෙන්ම හිටපු ජනාධිපතිවරයෙකුට අදාල ආරක්ෂක භටයන් කව්ද? කොපමණ සංඛ්‍යාවක්ද? යි 2007 මැයි මාසයේ 03 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුවකින් ඉතා පැහැදිලි ලෙස නිගමනය කර තිබේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරයෙකුට නියම ආරක්ෂක භටයන් සංඛ්‍යාව පොලිසියේ සහකාර පොලිස් අධිකාරි වරයෙකුගෙන් සමන් විත පොලිස් භටයන් 7 දෙනෙකි. 

එල්ටීටීඊ මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලක් වී ඇසක් ද අහිමිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති ධූරයෙන් ඉවත් වී මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු ඇයගෙන් පළිගැනීම අරභයා, තමාගේ මගුල් දිනයේ බෙස්ට්මන්ට සිටි, තමාව සුනාමි වංචාවෙන් ද බේරා ගත් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ලවා මහින්ද රාජපක්ෂ ලබා ගත් නඩු තීන්දුව එවැනිය. 

එක රැයින් චන්ද්‍රිකාගේ ආරක්ෂකයන් 161 ක් ඉවත් කළා

3 වෙනිදා සවස නඩු තීන්දුව දෙනවාත් සමග 5  වෙනිදා උදේම ඒ වන විට එස්ටීඑෆ් ඇතුළු 168 ක් වූ චන්ද්‍රිකාගේ ආරක්ෂක භට සංඛ්‍යාව සාමාන්‍ය පොලිස් භටයින් 7 දක්වා අඩු කෙරිණ. ආරක්ෂකයන් 161 ක් එක රැයින් ඉවත් කෙළේය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ විට එවක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වූ දිනේෂ් ගුණවර්ධන පිළිතුරු නොදී මග හැරියේ ය. එදා අනුර දිසානායකගේ කටේ තිබුනේ පිට්ටු ය. මන්ද යත් ඒ වන විට අනුර ලා මහින්ද රාජපක්ෂව ජනාධිපති ධූරයට ගෙනැවිත් ඔහුගෙන් කෝටි ගණනක් මුදල්ද ලබා ගෙන පක්ෂ මූලස්ථානයක් හදමින් හිටු කියා රාජපක්ෂලාට කඩේ යමින් සිටි කාලය වූ බැවිනි. එල්ටීටීඊ යුද්ධය කරටියට නැග තිබූ එකල ආරක්ෂාව අහිමි වූ චන්ද්‍රිකා ජීවිතය බේරා ගැනීමට එංගලන්තයට වී සිටියා ය. 

චන්ද්‍රිකාට එසේ වෙද්දී මහින්ද තම ජනාධිපති ආරක්ෂක අංශය හෙවත් පීඑස්ඩීය හමුදා ඛණ්ඩයක් ලෙස පරිවර්තනය කර ගනිමින් එය 4000 ක් දක්වා වර්ධනය කර ගත්තේය. ඊට මැදමූලනේ තමන්ගේ හිතවත් මැරයන් ද ඇතුලත් කර ගනිමින්, මැරයන්ට මේජර් තනතුරු, කැප්ටන් තනතුරු දෙමින් එය නීති විරෝධී ඝාතන සිදුකරන කල්ලියක් ලෙස වර්ධනය කර ගත්තේ ය. මර්වින් සිල්වා ගේ පුත්‍රයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට තැත් කෙළේද, නුවර පාරේ දී සරසවි සිසුන් දෙදෙනෙකු හදිසි අනතුරක් සේ ඇඟවෙන පරිදි ඝාතනය කෙළේද, රට පුරා නිධන් හෑරුවේද, කටුගෙයි කඩු සොරකම් කෙළේද මහින්ද රාජපක්ෂගේ එකී පීඑස්ඩීයේ සිටි මිනීමරු අතුරු හමුදාව ය.

චන්ද්‍රිකාට සෑහේ නම් මහින්දට ඉහටත් උඩින්  

ජීවිතයට පරාජය වෙතැයි නොසිතූ මහින්ද රාජපක්ෂට අද පාරාවළල්ලක් වී ඇත්තේ තමන්ම ලබා ගත් චන්ද්‍රිකාට එරෙහි නඩු තීන්දුව ය. ඒ නඩු තීන්දුව අනුව හරි නම් මහින්ද රාජපක්ෂට හිටපු ජනාධිපතිවරයා ලෙස හිමිවිය යුත්තේ ද ඒඑස්පී වරයෙකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් 7 කි. ඔහු දැනට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන බැවින් මන්ත්‍රීවරයෙකුට හිමි පොලිස් නිලධාරීන් 2 කගේ ආරක්ෂාව ද ඇතුලත් කළහොත් පොලිස් නිලධාරීන් 9 කගේ ආරක්ෂාවකට පමණක් ඔහු හිමිකම් කියයි. යුද්ධය පවතිද්දී චන්ද්‍රිකාට පොලිස් නිලධාරීන් 7 ක් ඇති වේ නම් යුද්ධයක සේයාවක් හෝ නැති අද පොලිස් නිලධාරීන් 9 ක් මහින්දට ඉහටත් උඩින් සෑහෙන්නේය.

එසේ නමුදු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති හෝ අගමැති රනිල් හෝ එවැන්නක් කර නැත. මහින්ද රාජපක්ෂ පරාජය වී යද්දී ඔහුට ආරක්ෂක භටයන් 213 ක් ලබා දුන්නේය. පසුව ආරක්ෂක තත්ත්වය සලකා එය 108 ට අඩු කළ අතර ඔහු දීර්ඝ කලක් තිස්සේ තබා ගෙන සිටි ඔහුගේ අතුරු හමුදාවට අයත් පිරිස් ඉවත් කෙළේය. දැන් කර ඇත්තේ එකී 108 න් 42 ක් ඉවත් කර ඔහුට 66 කගේ ආරක්ෂාවක් පමණක් ලබා දීමය. ආරක්ෂකයන් 9 ක් පමණක් නීත්‍යාණුකූලව හිමි විය යුතු පුද්ගලයෙකුට 66 ක් ලබා දීම ද වැරදි නමුත් අද ජනතාප්‍රේමී යයි කියා ගන්නා අනුර දිසානායකට හිත රිදී ඇත්තේ 42 ක් අඩු කිරීම ගැන ය. ජවිපෙ නායකයා මැදමූලනේ මහින්ද රාජපක්ෂගේ අලුත් බොඩි ගාඩ් වි ඇති සෙයකි.  

හෙණ නොවදින රථ සහ මහින්දගේ අලුත් බොඩි ගාඩ්

යහපාලන ආණ්ඩුවේ රථගාය ගැන අපටද විවේචනයක් තිබෙන නමුත් ජනාධිපතිවරයා තම ආරක්ෂාවට වෙඩි නොවදින රථයක් භාවිතා කිරීම ගැන විවේචනය කරන්නේ නම් එය පිළිකුල් සහගත ය. මන්ද යත් ඕනෑම රටක රාජ්‍ය නායකයාට විශේෂ ආරක්ෂාවක් තිබිය යුතු බැවිනි. එසේ නමුත් පසුගිය මැයි දින වේදිකාවේ සිට මහින්ද රාජපක්ෂ අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා භාවිතා කරන වෙඩි නොවදින රථය ගැන අපූරු ප්‍රකාශයක් කෙළේය. ඔහු කීවේ තමන් වෙඩි නොවදින රථයක් භාවිතා කෙළේ එකල යුද්ධයක් තිබූ නිසා නමුත් අද යුද්ධයක් නොමැති නිසා මෛත්‍රීපාල සිරිසේන වෙඩි නොවදින රථයක් භාවිතා කිරීම නොකළ යුතු බවයි. මෛත්‍රී ජනාධිපති එසේ කරනවා නම් කරන්නේ වෙඩි නොවැදීමට නොව හෙණ නොවැදීමට යයි ඔහු බයියන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ප්‍රකාශ කෙළේය. ඒ එසේ නම් ඔහුගේ ආරක්ෂකයන් අඩු කිරීම මහින්දගේ අලුත් බොඩිගාඩ් අනුර දිසානායකට ගැටලුවක් විය යුතු නැත. මන්ද අද යුද්ධයක් නැති බැවින් ජනාධිපතිගේ පවා ආරක්ෂාව අඩු කළ යුතු යැයි මහින්ද රාජපක්ෂම පිළිගන්නා නිසා 66 ක් නොව නීත්‍යාණුකූල 9 ක් සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුට හොඳටම සෑහෙන බැවිනි.  රාජපක්ෂලා වැනි වනචරයන් පිරිසක් නීතියේ රාමුවකට යටත් කරද්දී ඒවා ‘දේශපාලන පළිගැනීම්‘ යයි මෙතෙක් කලක් දෙඩැවූයේ රාජපක්ෂ චෞරයන් පමණක් වන නමුත් දැන් අනුර දිසානායකද ඒ ගොඩටම වැටී තිබීම ‘අනුරගේ ඩීල්වාදයේ‘ තරම ලෝකයාටම කියා පෑමකි. ජවිපෙ අවංක සාමාජිකයන් මේ ඩීල් නායකයා ගැන ලජ්ජා විය යුතුය.

-චන්ද්‍ර ප්‍රදීප් විසිනි- 

---------------------------
by     (2017-05-05 14:34:14)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  8 discussion on this news

පෙරටුගාමීන් සමග සටනක් දීමට ඇති නිසා ජවිපෙ අද නන්නත්තාර වී ඇත. කිසිම වෘත්තීය අරගලයකට සහායක් නොදුන් සහ වෙනත් කිසිම වෘත්තියකට කිසිවක් දීමට ඉඩ නොදුන් GMOA සමග එකතු වී ඇත්තේ පෙරටුගාමීන් SAITAM සටනේ සිටින නිසාය. මහින්ද ගැන කණගාටු වන්නේද මෙම සටන නිසාය
-- by B S Perera on 2017-05-05

Len once I had a faith with JVP now it's no more when they go together with mafia doctors. It's sad now Anura Kumara is speaking for mahinda.
-- by Lion on 2017-05-05

මෙෙයිත්‍රීට කවුරු වෙඩි තියන්නද?????
-- by Suresh Gayan on 2017-05-05

රාජපක්ෂ ආණ්ඩුව තිබෙන විට විපක්ෂයේ සිටින එජාපයෙන් මුදල් ලබා ගන්නවා මෙන්ම එජාපය ආණ්ඩු කරන විට විපක්ෂයේ සිටින රාජපක්ෂලාගෙන් මුදල් ලබාගන්නා කිසිදු ස්ථිර ප්‍රතිපත්තියක් නැති පට්ට අවස්ථාවාදී ඩීල්කාර නායකයෙකු වන වත්මන් ජවිපෙ නායක අනුර දිසානායක ජවිපෙ අවංක සාමාජිකයන් මේ ඩීල් නායකයා ගැන ලජ්ජා විය යුතුය.
-- by Sobithawathara on 2017-05-05

mr. chandra pradeep ,you're damn correct about of this bloody JVPs. - IRC
-- by acr perera on 2017-05-05

අනුර කුමාරත් රාජපක්ෂ වෙනුවෙන් පෙනී ඉන්නව නං හිතා ගන්න පුලූවන්නෙ මරා මැයි දිනේට කොච්චර වියදම් කරලද කියල!
-- by ජරාව on 2017-05-05

අනුරට බඩගාඩ් කරගන්න ලැබෙන්නෙ මරාගෙ බොඩිගාඩ් වෙන තරමට තමයි
-- by සුභානි on 2017-05-05

මහින්ද රාජපක්ෂ පරාජය වී යද්දී ඔහුට ආරක්ෂක භටයන් 213 ක් ලබා දුන්නේය. පසුව ආරක්ෂක තත්ත්වය සලකා එය 108 ට අඩු කළ අතර ඔහු දීර්ඝ කලක් තිස්සේ තබා ගෙන සිටි ඔහුගේ අතුරු හමුදාවට අයත් පිරිස් ඉවත් කෙළේය. දැන් කර ඇත්තේ එකී 108 න් 42 ක් ඉවත් කර ඔහුට 66 කගේ ආරක්ෂාවක් පමණක් ලබා දීමය. ආරක්ෂකයන් 9 ක් පමණක් නීත්‍යාණුකූලව හිමි විය යුතු පුද්ගලයෙකුට 66 ක් ලබා දීම ද වැරදි නමුත් අද ජනතාප්‍රේමී යයි කියා ගන්නා අනුර දිසානායකට හිත රිදී ඇත්තේ 42 ක් අඩු කිරීම ගැන ය. ජවිපෙ නායකයා මැදමූලනේ මහින්ද රාජපක්ෂගේ අලුත් බොඩි ගාඩ් වි ඇති සෙයකි.
-- by Somawansa on 2017-05-05

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links