(ලංකා ඊ නිව්ස් -2017.මැයි.01, ප.ව.11.55) මීලඟ මැයි දිනයට ජනතාව ඉදිරියට එන්නේ රාජපක්ෂලා කළ මිනීමැරුම් සහ සොරකම් වලට දඬුවම් දීමෙන් පසුව යයිද අපි කරන්නේ හොරෙන් නොව කියලා කරන්නේ යයිද දැඩි ආවේගශීලී කතාවක් කරමින් රාජිත සේනාරත්න මහතා එක්සත් ජාතික පෙරමුණේ මැයි දින රැළියේ දී ප්‍රකාශ කෙළේය.
ගේමට ගේම දෙන්න ලෑස්තියි කී රාජිත සේනාරත්න මහතා ෆොන්සේකලා 10 ක් හෝ දමා ආණ්ඩුව පෙරළන්නට කරන කුමන්ත්‍රණ පරාජය කරන්නේ යයිද පැවසීය.
මේ වසරේ ජනමත විචාරණයක් තබා අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බවද රාජිත සේනාරත්න මහතා කීය. ඊට විරුද්ධව රාජපක්ෂ පිලේ කකුලක් තබාගෙන ඇමැති මණ්ඩලයේද සිටිමින් කුමන්ත්‍රණය කරන උන් නම් ගම් වලින් හෙළිකරමින් උන්ගේ ගෙවල් වටලන බවද රාජිත පැවසීය.
රාජිත සේනාරත්න මහතාගේ දැඩි වාග් ප්‍රහාරය පහතින් නැරඹිය හැකිය
---------------------------
by (2017-05-01 23:23:12)
Leave a Reply
මෙයා කියන කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැත. මේවා සම්ප්‍රප්‍රලාප විතරයි . මොනවද මේ අවුරුදු දෙකේ කලේ . කරපු දෙයක් නැහැ. මෙයාගේ කල්‍යාණ මිතුරු සිරිසේන සහ වික්‍රමසිංහ යන නායකයෝ දෙන්නම කරන්නේ කතා විතරයි . රට බේරා ගැනීමට කිසිම නායකයකු මෙම භුමියේ නොමැත . මෙවැනි බොරුවට කතා පමණක් කරන දෙසපාලකයෝ ඉන්න හරිම අවාසනාවන්ත මිනිසුන් සිටින රටක් තමයි සිරි ලංකාව .
-- by Indrajith on 2017-05-02
2020 ත් ජාතික ආණ්ඩුවක් හදන බව මෙම පුද්ගලයා පවසන්නේ එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් සිරිසේන පක්ෂයට එසේ නැතිව තනි තනිවම විරුධ්ධවාදින්ව පරාජය කිරීමට නොහැකි බව තේරුම් ගෙන ඇති නිසාය . අන්ධයා සහ කොරා වැනි ජවනිකාවකි මේ .
-- by Subhash on 2017-05-02
Hello Rajitha... it is a good talk. Now it is your turn to show that you can also WALK THE TALK!. It is good if you can clear yourself to the public first from the allegations lodged aginst you at the FCID. If you do that openly and honestly, the nation will be with you. Otherwise, you too will get their BACK soon!!!
-- by api on 2017-05-02
එහෙම කියන්න මෙයා නඩුකාරයෙක්ද ?
-- by කුමාර on 2017-05-04
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි