(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.27, ප.ව.5.30) කටුනායක ගුවන්තොටේ HNB බැංකු ශාඛාව හොර රියාල් නිකුත් කරලා සිරස්තලය යටතේ පසුගිය 25 වෙනිදා ලංකා ඊ නිව්ස් පළ කළ වීඩියෝවක් සහිත පුවත සම්බන්ධයෙන් හැටන් නැෂනල් බැංකුව විසින් ප්‍රතිචාර දක්වා නිවේදනයක් අප වෙත එවා තිබේ. එය සම්පූර්ණයෙන් පහත දැක්වේ.
HNB ගනුදෙනුකරුවකු විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේ පිහිටි HNB විදෙස් මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානය හරහා හුවමාරුකර ගත් විදෙස් මුදල් නෝට්ටු අතර ව්‍යාජ මුදල් නෝට්ටුවක් තිබු බවටත් තමන් විදෙස් ගතව එය හුවමාරු කිරීමේදී මුහුණදුන් අමිහිරි අත්දැකීමක් පිළිබඳව වීඩියෝවක් ලංකා ඊ නිව්ස් විසින් ප්‍රචාරය කර තිබේ. මේ පිළිබඳව පැහැදිලි ප්‍රතිචාරයක් දක්වමින් හැටන් නැෂනල් බැංකුව පවසන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේ පිහිටි HNB බැංකු ඒකකය ඇතුළුව HNB සමස්ත ශාඛා පද්ධතිය ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගැනීම සඳහාම යුරෝපා සංගමය විසින් සහතික කර ඇති අධි සංවේදී ‘NTEGRA’ මුදල් නෝට්ටු ගණක යන්ත්‍ර ස්ථාන ගත කර ඇති බවත්, යම් හෙයකින් ඊට ව්‍යාජ නොට්ටුවක් ඇතුළු කළ වහාම යන්ත්‍රය විසින් එය ගණනය කිරීම ප්‍රතික්ෂේප කරන හෙයින් මෙම වීඩියෝව මගින් ගනුදෙනුකරුවා පවසන ව්‍යාජ නොට්ටුව කිසිදු ලෙසකින් HNB විසින් නිකුත් කරනු නොලැබූ බව ප්රත්යක්ෂ ලෙසින්ම පැවසිය හැක. මීට අමතරව සෑම මුදල් ගණුදෙණුවකදීම ගණක යන්ත්‍රය හරහා මුදල් තෙවරක් ගණනය කිරීමට ලක් වන අතර අවස්ථා තුනකදීම ව්‍යාජ නොට්ටුවක් අවධානයට නතු නොවීමට කිසිදු ඉඩකඩක් නොපවතී.
තවදුරටත් විදෙස් ගමන් බලපත්‍ර අංක N6876988 දරන මෙම ගනුදෙනුකරුවා 2017 මාර්තු 23 වන දින පෙරවරු 12.35 ට ලදුපත් අංක A/0436 යටතේ සිදුකළ ගනුදෙනුවේ සියලු තොරතුරු HNB සතු වන අතර එම අවස්ථාවේදී අදාළ ගනුදෙනුවද සාමාන්‍ය ක්‍රමවේදය පරිදි තුන්වරක් පරීක්ෂාවට ලක් වූ බව ප්රත්යක්ෂ ලෙසින් තහවුරු වී ඇත.
HNB වසර 100කට අධික කාලයක් පුරාවට විදෙස් විනිමය ගනුදෙනුවල නිරතව සිටී.
ලංකා ඊ නිව්ස් සටහන:
HNB බැංකුව තම නම්බුව සඳහා කෙසේ කීවද අදාල ගණුදෙනුකරුවාට හොර රියාල් මුදල් ලැබුණු බවත් ඒ ලැබුනේ බැංකුවේ කටුනායක ශාඛාවේ ඒ අවස්ථාවේ සේවය කළ නිලධාරීන් වෙතින් බවත් ලංකා ඊ නිව්ස් සහතික වශයෙන් කියා සිටිමු. බැංකුවක් සිතා මතා හොර මුදල් නිකුත් නොකරන බව ලංකා ඊ නිව්ස් සලකන නමුත් තම මැෂින් වල අවංක භාවය නොව තම නිලධාරීන්ගේ අවංක භාවය පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකර ගණුදෙනුකරුවන් අමාරුවේ වැටීමෙන් වළක්වා ගැනීම නිදහසට නිවේදන නිකුත් කරනවාට වඩා වැදගත් බව හැටන් නැෂනල් බැංකු බලධාරීන් දැනගත යුතුය.
සබැඳි පුවත:
කටුනායක ගුවන්තොටේ HNB බැංකු ශාඛාව හොර රියාල් නිකුත් කරලා (VIdeo)
---------------------------
by (2017-04-27 12:02:40)
Leave a Reply
මා හැ නැ බැ නිදොස් කිරීමට නොවේ. මගේ ප්රශ්නය වන්නේ සෞදි අරාබියේ දී මෙවැනි දෙයකින් "කබීර්" දඩයක් ගෙවා නිදහස් කරයිද? කබීර්, තමාට මුදල් දුන් ශ්‍රී ලාංකිකයා ගැන නොකියා සිටීද?
-- by B S Perera on 2017-04-27
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි