~

රනිල්ගේ දූෂණ විරෝධී කටේ නරිවාදම, ලේකම් රෙද්ද පල්ලේ බේරයි...! FCID යත් ඉවරයි..! යහපාලනයත් ඉවරයි..!!

(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.26, පෙ.ව‍‍‍.7.00) ජනවාරි අට දේදුනු විප්ලවය විසින් බිහිකළ යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය සහ මුහුණුවර වූ ‘දූෂණ විරෝධය‘ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සහමුලින්ම වනසා දමා එය අක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බව  සාතිශ්‍ය යහජීවන සංවේගයෙන් යුතුව ලාංකීය ශිෂ්ඨාචාර ප්‍රජාව වෙත වාර්තා කිරීමට ලංකා ඊ නිව්ස් වන අපට සිදුව තිබේ.

යහපාලන ආණ්ඩුව දූෂණයට එරෙහිව මෙතෙක් ගත් මූලික සහ ප්‍රධාන ක්‍රියාමාර්ග සියල්ල වනසා දමා අක්‍රීය කිරීමේ ප්‍රධාන මෙහෙයුම් කරුවා වී ඇත්තේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක නමැති දේශද්‍රෝහී වෘක්ෂ සුනඛ රාජ්‍ය නිලධාරියා බවද හෙළි කළ යුතුය. අගමැතිවරයා තම අපාය සහාය ලේකමාගේ කටයුතු ගැන දන්නවාද? නොදන්නවාද? දැන දැන නොදන්නවා සේ සිටිනවා ද? යැයි ලංකා ඊ නිව්ස් දන්නේ නැත. 

ජනවාරි 8 යහපාලනප්‍රේමී ජයග්‍රහණය සහමුලින් වැනසෙන සිද්ධිය මෙසේය.

දේදුනු විප්ලවය ජයගත් ජනතාවගේ මූලික බලාපොරොත්තුවක් වූයේ පසුගිය වනචර දශකයේ දූෂණ සොයා ඒවාට වගකිව යුතු පුද්ගලයන්ට නීත්‍යාණුකූලව දඬුවම් දීම ය. ඒ අනුව 2015 මාර්තුවේදී ‘දූෂන විරෝධී කාර්යාංශය‘ බිහි කෙළේය. ඊට යහපාලන ආණ්ඩුව ගෙන ඒමට කටයුතු කළ දින සියයේ වැඩ සටහනට සහාය දුන් දේශපාලන පක්ෂ 12 ම අනුමැතියෙන් අතිශය අවංක ස්වාධීන නිලධාරීන් පිරිසක් අනුයුක්ත කරන ලදී.  

“දූෂණ විරෝධී කාර්යාංශය“ බිහි කෙළේ අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ය. ඊට ප්‍රතිපාදන ලබා දුන්නේ අගමැති ලේකම්වරයා වන සමන් ඒකනායකගේ අනුමැතිය යටතේ ය.

FCID යට අදාල දූෂණ චෝදනා ලබා දුන්නේ ඉහත කී දූෂණ විරෝධී කාර්යාංශයට ලැබෙන පැමිණිලි එහි සිටින බහුශ්‍රැත විමර්ශන  ඒකකයක් මගින් විමර්ශනය කිරීමෙන් අනතුරුව ය. එනම් “දූෂණ විරෝධී කාර්යාංශය“ නොමැති නම් FCID යක් නැත.

අගමැති ලේකම් සමන් ඒකනායක නමැති කපටි කෛරාටික තක්කඩි වෘක්ෂ සුනඛ රාජ්‍ය නිලධාරියා විසින් දූෂණ විරෝධී අරගලය විනාශ කිරීමෙහි ලා ප්‍රථමයෙන් සිදුකෙළේ ඉහත කී අගමැති කාර්යාලය යටතේ ප්‍රතිපාදන සැපයෙන “දූෂණ විරෝධී කාර්යාංශයේ බහුශ්‍රැත ඒකකයට“ අවශ්‍ය ගමනා ගමන දීමනා නතර කිරීම ය. ඉන්පසු පසුගිය මාර්තුවේ සිට එකී බහුශ්‍රැත ඒකකයේ වියදම් සියල්ලම නතර කර තිබේ. ඒ අනුව දූෂණ විරෝධී කාර්යාංශයේ හදවත බඳු බහුශ්‍රැත විමර්ශන ඒකකය සහමුලින්ම අක්‍රීය කර ඇත. එමගින් FCID යද නිරායාසයෙන්ම අක්‍රීය වන්නේ ය. දූෂණ සෙවීම නතර වන්නේ ය. 

මේ වන විට පවතින තත්ත්වය එවැනිය. බහුශ්‍රැත විමර්ශන ඒකකයේ නිලධාරීන් සැවොම සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන්ට ලැබෙන සුපිරි වාහන දීමනා ආදිය ලබා ගන්නේද නැතිව තම සේවය සැබෑ දේශප්‍රේමයකින් යුතුව රට වෙනුවෙන් ඉටු කෙළෝ වූහ. දැන් බහුශ්‍රැත විමර්ශන නැත. ඒ අනුව FCID යට කරන්නට දෙයක් නොමැතිව තේ බිබී, සිගරැට් බිබී, මල් කඩමින්  හිඳීමට සිදුවනු ඇත.  දූෂිතයන් රිදී කලේ රන් කොතලේ බොමින් විරාජමාන ව අපට පක්ෂිම භාගය පෙන්වමින් වැජඹෙනු ඇත. 

යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහගේ දූෂණයට එරෙහි කටේ නරිවාදම සමන් ඒකනායක නමැති ඔහුගේ ලේකම්වරයා  විසින් ඔහුගේම අධෝමුඛයේ උලා තිබෙන බව අගමැතිවරයා නොදන්නවා නම් පුදුමය.

යහපාලනයට එරෙහි සමන් ඒකනායක නම් දේශද්‍රෝහී වෘක්ෂ සුනඛ රාජ්‍ය නිලධාරියා ගේ කිරියා තෝම්බුව මින් අහවර නැත. ලංකා ඊ නිව්ස් ඉදිරියේදී ඒ සියල්ල ජනතාවට හෙළි කරනු ඇත.

---------------------------
by     (2017-04-26 13:03:47)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

hena 7 ma gahapang mun okkotoma. amu dawal hena gahapiyaw.
-- by Heneya on 2017-04-26

samange gewal langa aya danaganna ona mewata salakana vidiha.neetiya ona vidihata hasuruwamin natana nadagam walata uttara denna wena krama tiyenawa.ape gewal pati wala nan ehemai.
-- by nariya on 2017-05-09

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links