~

පොදු දේපොලක් වන රූපවාහිනී සංඛ්‍යාත අවභාවිතා කර වරදකරු වූ දෙරණ මාධ්‍ය ජාලයේ බලපත්‍රය අහෝසි කිරීමට පෙර නිදහසට කරුණු විමසයි..!

(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.08, ප.ව‍‍‍.3.15) රණවිරුවන් අධිකරණයට රැගෙනයාම සම්බන්ධයෙන් 'සත්විරු සංහිඳ' වැඩසටහනක් අතරතුර ජනාධිපතිවරයා කල ප්‍රකාශයක් එහි අර්ථය විකෘති කර ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මහජන දේපොලක් වන විද්‍යුත් තරංග සංඛ්‍යාත භාවිතා කරමින් තම ව්‍යාපාරය ගෙන යන දෙරණ මාධ්‍ය ජාලය වරදකරු වී තිබේ. ඒ සම්බන්ධයෙන් පත්කල ස්වාධීන ත්‍රිපුද්ගල කමිටුවක් විසින් අදාල ආයතනය වරදකරු කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පෙර තම පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා විසින් දෙරණට ලිපියක් යොමු කර ඇත. 

හිටපු ආරක්ෂක ලේකම්වරයා සමග යුද්ධය කළ රණවිරුවන් අධිකරණයට රැගෙන යාම පිළිබඳ ජනාධිපතිවරයා තම අප්‍රසාදය පල කිරීමක් කර තිබූ නමුත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබුණේ යුද්ධය කළ රණවිරුවන් තමන්වද දැනුවත් නොකර අධිකරණය වෙත රැගෙන යාම සම්බන්ධයෙන් මිස හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණය වෙත රැගෙනයාම සම්බන්ධයෙන් නොවේ. නමුත් දෙරණ මාධ්‍ය ආයතනය විසින් අදාල වීඩියෝව සංස්කරණය කරමින් 'හිටපු ආරක්ෂක ලේකම්වරයා' ලෙස ප්‍රකාශ කළ කොටසක් ඊට සිතා මතාම අලුතින් ඈඳා තිබූ අතර ඔවුන් විකාශය කළ පුවතට අනුව ඉන් ප්‍රකාශ වන්නේ 'හිටපු ආරක්ෂක ලේකම්වරයා හා හමුදාපතිවරුන් අධිකරණයට දක්කාගෙන යාම' පිලිබඳ ජනාධිපතිවරයා තම අප්‍රසාදය පල කළ බවයි. ඒ සමගම ජනාධිපතිවරයාට එරෙහිව යහපාලනය වෙනුවෙන් කැපවූ පිරිසගෙන් දැවැන්ත විරෝධයක් ජනාධිපතිවරයා කෙරෙහි එල්ලවූයේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බව පවසමිනි. ඊට පාදක වූයේ දෙරණ ආයතනය විසින් සිතා මතා සංස්කරණය කරමින් අර්ථය විකෘති කර විකාශය කළ පුවතයි.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය ලේකම්වරයා තමාට නීතියෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව අදාල ආයතනයෙන් විමසීම් කළ විට එහිදී තම මාධ්‍ය භාවිතා කර ජනමාධ්‍ය ලේකම්වරයාටද දැඩි මාධ්‍ය ප්‍රහාරයක් එල්ල කිරීමටද දෙරණ ආයතනය කටයුතු කෙළේය. ඉන් ජනමාධ්‍ය අමාත්‍යංශයද අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන්ද සිදුකළ පරීක්ෂණයේදී දෙරණ ආයතනය වරදකරු වී ඇත. කෙසේ වෙතත් ඔවුන්ගේ පාර්ශවය වෙනුවෙන් අයෙකු පරීක්ෂණයට සහභාගී කරවන මෙන් දැනුම් දී තිබුණද ඔවුන් එය මගහැර තිබෙන බවද ජනමාධ්‍ය ලේකම්වරයා පසුගියදා යැවූ ලිපියේ සඳහන් වේ. 

එබැවින් තව දුරටත් දින 14 ක් ඇතුලත තම පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා දෙමින් ජනමාධ්‍ය ලේකම්වරයා මෙම ලිපිය දෙරණට යොමු කර ඇත.

කෙසේ වෙතත් මේ සිදු වීම සම්බන්ධයෙන් දෙරණ නාලිකාව ප්‍රසිද්ධ සමාව ගැනීමක් හෝ වෙනත් කිසියම් සමථයකට පත් වීමකට එකී ආයතනය කටයුතු නොකර තවදුරටත් තක්කඩි ආකාරයෙන් කටයුතු කරන්නේ නම් බොහෝ දුරට අදාල වරදට දඬුවම් වශයෙන් අවම වශයෙන් තුන් මසක කාලයකට හෝ දෙරණ සඳහා ලබා දී ඇති විද්‍යුත් තරංග භාවිතා කිරීමේ මාධ්‍ය බලපත්‍රය අත් හිටුවීමට ඉඩ තිබෙන බව නීති අංශ පවසයි. 

රටේ විද්‍යුත් තරංග වනාහී පොදු මහජන දේපොලක් වන අතර විද්‍යුත් මාධ්‍ය සඳහා අදාල තරංග සංඛ්‍යාත වසරින් වසර අලුත් කෙරෙන ආකාරයෙන් කොන්දේසි රාශියකට යටත් කොට පුද්ගලික ව්‍යාපාරිකයාට බදු දෙන්නේ රජය විසිනි. එහිදී බලපත්‍රලාභියා එකී මහජන දේපොල අවභාවිතා  කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. මීට පෙර ද විද්‍යුත් මාධ්‍ය කිහිපයක්ම මේ ආකාරයෙන් දඬුවම් ලබා තිබේ.   

දෙරණේ අවභාවිතව සම්බන්ධයෙන් ජනමාධ්‍ය ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා විසින් දෙරණ රූපවාහිනියේ විධායක අධ්‍යක්ෂ මාධව මඩවල නමැත්තාට යවන ලද නිල ලිපියේ පිටපතක් මෙහි දැක්වේ. පහත ඇති කුඩා ඉමේජය මත ක්ලික් කර විශාල කර ඉන්පසුව තවත් විශාල කිරීමට අදාල අයිකනය මත ක්ලික් කිරීමෙන් එකී ලිපිය විශාල කර කියැවිය හැකිය. 

---------------------------
by     (2017-04-08 09:53:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Three months not enough . Banned them for one year.
-- by samitha on 2017-04-10

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links