-ගානි වාසුහේවාගේ සටහනක්-
(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.12, පෙ.ව.3.20) බුදුන් සියල්ල අත්හළ බෝ ගසින්, තමුන්ට අහිමි වූ සියල්ල පතන සිවුරු පොරවාගත් ගනින්නාන්සේ ලා දැන් දැන් පන්සල්වලින් අවතැන් වී වන ගත නොවී මහා මාර්ග ගතවීම බෞද්ධයන් ප්‍රධාන සෑම වැසියෙක් ම දකින අවලස්සන මෙන්ම අපකීර්තිමත් දර්ශනයකි.
පරාජිත කුජීත විධායකයන්ද ඔවුන්ගේ අන්ධ වහලුන් ද දිවෙන් දිව ගා ඇසුරු කරමින් ඔවුන්ගෙන් ලද සිවිඩ්ඩක් හෝ වළඳමින් තම සුදිය පතන මේ සිවුරු කාරයන් නොකරන එකම දේ නම් බුදුන්ගේ දේශනාව අනුව කටයුතු කිරීමය; බුද්ධාගම සුරැකීමය.
වෛද්‍යවරයා වෛද්‍ය කබාය ද නීතිවේදියා නීති කබාය ද දේශපාලකයා සුදු පිරුවටය ද ඇඟලා ගන්නේ තම වෘත්තීන් සඳහාය. අද මේ දූෂිත සීමිත චීවරධාරීන්ද චිවරය ඇඟලාගෙන ඇත්තේ තමුන් සිදුකරන කප්පරක් බලුකම්, ජඩකම්, නොපනත්කම්වලට රැකවරණයක් සඳහාය. සමහරු පන්සල් විකුණාගෙන වළඳද්දී සමහරු වෘත්තීය සමිතිවලට රිංගාගෙන වළඳති. තවත් සමහරු දේශපාලුවන්ගේ අතකොලුවන් වී උන්ගේ ඉඳුල් වලඳමින් උන්ගේ පව් සෝදා හැරීමට බෞද්ධාගම අවභාවිත කරති. දේශපාලුවන්ගේ දෙපා දොවා, නිල සන්තර්පනයෙන් ලැබෙන ඉසුරු ලෙස මහා මන්දිර යාන වාහන භුක්ති විඳින මේ සිවුරුකාර හාදයන්ගේ පරම පැතුම බුද්ධාගම අලෙවිකර හෝ තමුන්ගේ සුදිය සලසා ගැනීමය.
මෙම නාටක රැල්ලේ නවතම නාටකය වී ඇත්තේ හයිලෙවල් පාරේ පන්නිපිටිය මංසන්ධියට නුදුරු මහාමාර්ගය අසල පිහිටි බෝ රුකකි. මේ වනවිට පන්නිපිටිය ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගය පුළුල් කරමින් සිටියදී මහාමාර්ගය අයිනේ තිබූ බෝ රුක බාධාවක් වී ඇත. මෙය ඉතා පැරණි බෝරුකක් බව සැබෑය. එයට එහි විශාලත්වයම සාක්ෂි දරයි. නමුදු ගැටළුව, මේ සා කාලයක් කිසිවකුට වගේ වගක් නොවී ඉබේ ස්වෝත්සාහයෙන් තනි පංගලමේ හැදී වැඩුණු බෝ රුකට වත්මන් රුක් දෙවිවරුන් එක රොත්තට කාරුණික දායකත්වය දීමට පොරකෑමය. පරාජිත දේශපාලු වීරවංසලාගේ වහල් අනුගාමික සිවුරුකාර ඉත්තෑකන්දේ සද්දා-හිස්සට එල්ලෙන්න වැලක්වන්නේ මේ අසරණ බෝ රුකය. අද දින මේ බෝරුක ඉවත් කිරීමට එරෙහිව අතලොස්සක් පිරිවරාගෙන බෝරුක අසල මහා මාර්ගය අවහිර කර උද්ඝෝෂණයක් කිරීමට මේ සිවුරුකාරයා පියවර ගෙන තිබුණි. නමුදු එම පිරිසට වඩා ප්‍රමාණයෙන් අධික පොළිස් නිළධාරින් විසින් ඔවුන්ගේ එම උත්සාහය අසාර්ථක කරමින් අහිංසක ජනයාට මාර්ගය පිරිසිදු කරදීම ප්‍රශංසා සහගතය.
මා එතැනට යන විට සද්දා-හිස්ස නම් සිවුරුකාරයා “මේ බෝගස අපට බුදුන් වහන්සේ වගේ. කොස් ගහක් පොල් ගහක් වගේ කපන්න දෙන්න බෑ. බුදුන් පිරිනිවන් පෑවෙත් ගහක් යට අපිත් ලෑස්තියි මේ බෝ ගහ වෙනුවෙන් මෙතන අපවත් වෙන්න.“ යි වදාරමින් සිටියේ ය. එවිට සුඛෝපභෝගී වාහන කිහිපයකින් පැමිණ සිටි ගනින්නාන්සේලා සහ තරුණ වහලුන් පිරිසක් අත්පොළසන් දුන්නද ඒ අවට සිද්ධිය නරඹමින් සිටි ගම්වාසීන් මේ පිරිස තඹයකට මායිම් කළේ නැත.
කිහිපවතාවක්ම මේ අතළොස්ස මාර්ගය අවහිර කිරීමට ගත් උත්සාහය අසාර්ථක කිරීමට පැමිණ සිටි පොලිසියට එතරම් අපහසුවක් වූයේ ද නැත.
තවත් සිවුරුකාරයෙක් “මේ ආණ්ඩුව අසාර්ථකයි බලන්න වැස්සත් නෑ. මේ ආණ්ඩුව පළවා හරින්නට කාලය හරි“ යනුවෙන් වදාරන විටම සිහින් වැසි පොදක් වැටී මඳ වේලාවකට පසු තද වැස්සක් කඩා හැලුණි. එයින් පෙන්නුම් කළේ ස්වභාව ධර්මයා පවා අපතයින්ට සලකන තරමය. ගමේ රටේ පොල් සියල්ලම ගැසුවත් ඒකාබද්දයට මලබද්දය සේම ස්වභාව ධර්මයද මේ සිවුරුකාරයන්ගේ අමනකමට නිසි ප්‍රතිචාර දැක්වීම දෛවෝපගතය.
බෝ රුක ඉවත් කරනවාට එරෙහිව මොර තලන උන් සත්‍ය ලෙසට ම භක්තිවන්තයින් නම් උනට වැඳ පුදා ගැනීමට ඕනෑ තරම් පූජනීය බෝධින් වහන්සේලා පන්නිපිටිය පුරා පන්සන් තුළ වැඩ සිටිති. නමුදු මොවුනට ඇත්තේ භක්තියේ නාමයෙන් දේශපාලන ඇඩ්වර්ටීස්මන්ට් එකක් ප්‍රදර්ශනය කිරීමය. ‘අහිංසක මිනිසුනට වැඳ පුදා ගැනීමට මේ බෝධීන් වහන්සේ අවශ්‍යයි‘ පවසන මේ ගන්ධබ්බයෝ සිතනුයේ එදිනෙදා රාජකාරි සඳහා කඩිමුඩියේ දිව යන ජනයා බසයෙන් බැස බෝධි වන්දනා කරන බව ද? මෙම අවස්ථාවේ මෙතනට පැමිණි මහරගම කොඩිකාර යුවළට වීරවංසලාගේ සද්දා-හිස්සලා ප්‍රසිද්ධියේ විරෝධය පෑමෙන්ම මෙය දේශපාලන බලය පිළිබඳ රංගනයක් බව පැහැදිලි විය.
රාජපක්ෂ සමයේ පන්සල් පිටින් උදුරාගෙන ගිය ද, දළදා වහන්සේ මතින් කාර් රේස් පැවැත්වුව ද, මල්වතු විහාරය දෙකඩ කළ ද, ශ්‍රී මහා බෝධිය දර මඩුවකට අළෙවි කළ ද, සීගිරිය ගල් කොරියකට ගෙන, රුවන්වැලි සෑයේ ගඩොල් ගැලවුව ද, උද්ඝෝෂණ කිරීම පසෙක තබා දෙකොනට මැහුම් දාගෙන ‘රාජපක්ෂ සරණං ගච්ඡාමි‘ ගයමින් ගැති වූ මෙම සිවුරුකාරයන් රාජපක්ෂලාට බලය නැති විටදී බෝ ගසක බෝ පතක් වැටුන ද අඳනය කරට ගෙන බුද්ධාගම රකින්නට වෙර දරති.
දැන් බලමු කවුද මේ චීවරදාරී සද්දා-හිස්ස කියා. මොහු අවාරෙට සිවුරු පෙරැ වූ මැරෑටි පෙණුමැති (එනම් GMOA සොයිසා වර්ගයේ ගුටිකන මූණක් ඇති) පුද්ගලයෙකි. එමෙන්ම 9 වන ශ්‍රේණිය පමණක් සමත් වාචාලවංසගේ පා ලොවන වහල් අනුගාමිකයෙකි. වීරවංස ගේ පරම්පරාගත බූදලයෙන් 15- 9725, PD-2563, CAC -3327 අංක දරණ වාහන තුන රුපි. 45000 බැගින් මාසික කුළී සහ පිළිවෙළින් වාහන 3 ට ඉන්ධන වියදම ලෙස රුපි. 1,32,282 ක්ද, රුපි. 1,38,024 ක්ද, සහ රුපි. 1,16,429 ක් ලබා ගනිමින් මාතෘභූමියත් බුද්ධ සාසනයත් දිවිහිමියෙන් රැකගත් දේශප්‍රේමියෙකි.
අපට සිහිපත් වනුයේ එදා ඩඩ්ලි සේනානායක මහතා ගේ අවමගුල් පෙරහැරේ තිබූ වැකියකි. ඒ “පියාණෙනි වී ගසට පිට දී බුදු වේවා“ යන්නයි. අද අපට නිවනේ සිටීමට නම් සද්දා-හිස්ස වෙනුවෙන්ද ප්‍රාර්ථනයක් තිබේ.
“සද්දා-හිස්සයාණෙනි කාක බෝ රුකක එල්ලී හෝ හනික අපවත්වේවා..!“
---------------------------
by (2017-03-12 16:11:07)
Leave a Reply
100% Oba hari , Ara "Sir John kiwuwa" wage munge Siwuru Ussala Puke Unu [ Hot- Tar ] Ganta - One.
Para Gana Haththa.
-- by Bandula on 2017-03-12
“සද්දා-හිස්සයාණෙනි කාක බෝ රුකක එල්ලී හෝ හනික අපවත්වේවා..!“
“සද්දා-හිස්සයාණෙනි කාක බෝ රුකක එල්ලී හෝ හනික අපවත්වේවා..!“
“සද්දා-හිස්සයාණෙනි කාක බෝ රුකක එල්ලී හෝ හනික අපවත්වේවා..!“
“සද්දා-හිස්සයාණෙනි කාක බෝ රුකක එල්ලී හෝ හනික අපවත්වේවා..!“
“සද්දා-හිස්සයාණෙනි කාක බෝ රුකක එල්ලී හෝ හනික අපවත්වේවා..!“
“සද්දා-හිස්සයාණෙනි කාක බෝ රුකක එල්ලී හෝ හනික අපවත්වේවා..!“
“සද්දා-හිස්සයාණෙනි කාක බෝ රුකක එල්ලී හෝ හනික අපවත්වේවා..!“
“සද්දා-හිස්සයාණෙනි කාක බෝ රුකක එල්ලී හෝ හනික අපවත්වේවා..!“
“සද්දා-හිස්සයාණෙනි කාක බෝ රුකක එල්ලී හෝ හනික අපවත්වේවා..!“
“සද්දා-හිස්සයාණෙනි කාක බෝ රුකක එල්ලී හෝ හනික අපවත්වේවා..!“
-- by Kalu-Kaputa on 2017-03-12
Oka army eken dala ,para depathththen wahala ...Pandara wage kappuwanaoo iwaraii ne... oya Hora Siuru haththata baye inne nathuwa...
-- by viraj on 2017-03-14
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි