(ලංකා ඊ නිව්ස් -2017.ජන.22, ප.ව.11.30) නව ජනතා ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට යෑමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම විරුද්ධ වන්නේ අන් කිසිවකට නොව ජනමත විචාරණයකින් ඔවුන් නියත වශයෙන්ම පරාජය වන බව දන්නා බැවින් බයට පත්වී සිටින නිසා යැයි ප්‍රකට සාහිත්‍යධර ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය. ඔහු මෙසේ කීවේ ජනවාරි 8 බලවේග එක්ව වෝටර්ස් එජ් හෝටලයේදී අද සවස පැවැත්වූ රැස්වීමේ දීය.
ලංකාවේ ජනමත විමසුම් පවත්වා ඇත්තේ එක් වතාවක් පමණක් වන අතර එය පැවැත්වූයේ හොඳ දෙයක් සඳහා නොවූ නමුත් නව ජනතා ව්‍යවස්ථාවක් සඳහා ජනතාවගේ මතය විමසීම ඉතා හොඳ දෙයක් බවත් එය අත්‍යාවශ්‍ය දෙයක් බවත් ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත්, බලය බෙදා හැරීමටත්, පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටත් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද සම්පූර්ණ එකඟතාවයකින් සිටින මේ අවස්ථාවේදී ජනමත විචාරණයක් ජය ගත හැකි බව අවධාරණය කළ වියන්ගොඩ මහතා ඒ සඳහා දැනට සැලසුම් කර ඇති වැඩ පිළිවෙලද හෙළි කෙළේය.
විනාඩි 15 ක් පමණ වූ ගාමිණී වියන්ගොඩ මහතාගේ සම්පූර්ණ කතාව මෙහි දැක්වේ.
ඩේටා ඉතිරි කර ගැනීමට අවශ්‍ය නම් මෙතැන ක්ලික් කර හඬ පටය පමණක් අසන්න
වීඩියෝව පහත දැක්වේ
---------------------------
by (2017-01-22 23:00:59)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි