~

වීරවංශ සිරගත වුනේ මහින්ද රාජපක්ෂ නිසා..! අධිකරණයට ඉදිරිපත් කළ ‘බී‘ වාර්තාවෙන් ඇත්ත කතාව හෙළිවේ..!!

සාක්කි චෝදනා සහිත සම්පූර්ණ වාර්තාව මෙන්න

(ලංකා ඊ නිව්ස් -2017.ජන.15, ප.ව.7.00) වාහන අවභාවිතාව ගැන ඇමැතිවරයා වූ වීරවංශ වග කිව යුත්තේ මන්ද ? නියෝජ්‍ය ඇමැති, සභාපති ආදීන් වගකිව යුතු නොවන්නේදැයි නීතිඥ ලේබලය සහිතව මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ප්‍රශ්න කරනු ජනතාව අසා සිටි නමුත් වීරවංශ සිරගත වීමට වග කිව යුතු වන්නේ මහින්ද රාජපක්ෂම බව වීරවංශ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති ‘බී‘ වාර්තාවෙන් හෙළිදරව් වේ. ඒ අනුව හොරට විභාගයන් ට මුහුණ දී නීතිඥයන් වූ අප්පා පුතාලාගේ නීති දැනුම ඔවුන් විසින් නගන ගොබ්බ ප්‍රශ්න වලින්ම තේරුම් යයි. 

වීරවංශගේ සිරගත වීමට මහින්ද වගකිව යුතු වන්නේ මෙසේය.

ඇමැති වරයෙකුගේ අභිමතය පරිදි ස්වේච්ඡා නිලධාරීන් යොදවා ගත්තද ඔවුන් වෙත වාහන ලබා දීමට ඇමැතිට ප්‍රතිපාදන නැත. ඇමතිට ඇත්තේ නිල වාහන 3 ක හිමිකම පමණි.

ඇමැතිට සහ කාර්ය මණ්ඩලයට පාවිච්චි කළ හැකි වාහන සංඛ්‍යාව කොපමණද යන්න තීරණය කරන්නේ ජනාධිපති චක්‍රලේඛ මගිනි. එම වාහන සීමාව ඉක්මවා ලබා ගන්නවා නම් ජනාධිපති ලේකම්ගෙන් විශේෂ අවසරයක් ලබා ගත යුතුය. එසේ නොමැති අවස්ථාවක එලෙස පාවිච්චි කළ වාහන වල වගකීම සම්පූර්ණයෙන්ම ඇමැතිවරයා දැරිය යුතුය. 

වීරවංශ උගේ අම්මාගේ අප්පාගේ බූදලය සේ අක්කලාටත් ගෑනිගේ අක්කලාටත් වාහන බෙදද්දී ඒවා සඳහා පෙර කී ලෙස ජනාධිපති ලේකම්ගේ හෙවත් මහින්ද රාජපක්ෂගේ ලේකම්ගේ අවසරය ලබාගෙන නැත. එසේ නම් එවැනි අවස්ථාවකදී නියෝජ්‍ය ඇමැතිවරයා හෝ වෙන යම් අයෙක් වගකීම දැරිය යුතු නැත. වගකීම දැරිය යුතු වන්නේ ඇමැතියා වූ විමල් වීරවංශම ය. නීතිය නම් එයයි.  

ඒ අනුව වීරවංශ තම නෑදෑයන්ට වාහන දුන්නද ඒ සඳහා නියමිත අනුමැතිය ජනාධිපති ලේකම්ගෙන් ලබා ගත්තා නම් වීරවංශ වරදකරුවෙක් නොවේ. අදාල අවසරය වීරවංශ විසින් ඉල්ලාද නැත . මහින්ද රාජපක්ෂ විසින් දීලා ද නැත. අද වීරවංශට රිමාන්ඩ් බත් කන්නට සිදුව ඇත්තේ මේ කාරණය නිසාය.

වීරවංශගේ ලේකම්ලා වූ ගෝඨාභය ජයරත්න, විමලසිරි පෙරේරා, නිශ්ශංක නවෝමාල් විජේරත්න ආදීන් ලබා දී ඇති ප්‍රකාශ අනුව ජනාධිපති කාර්යාලය තීරණය කළ ගණනට පිටතින් ඇමැති කාර්ය මණ්ඩලයට  වාහන ලබා ගැනීමට ඇමැති මූලික වී ඇති අතර ඔහු විසින්ම උපදෙස් දී තිබේ. විමල් වීරවංශගේ ප්‍රකාශ තුලින්ද ඒ බව පිළිගෙන තිබේ. 

කෙසේ වුවත් එය පවා පසුව නීත්‍යාණුකූල කර ගැනීමට නම් භාණ්ඩාගාර ලේකම්ගේ හෝ අනුමැතිය අවශ්‍ය වුවද නීතිය නම් තමන් යැයි සිතා සිටි වීරවංශ එවැන්නක් කරගෙනද නැත. 

ඒ අනුව මෙකී දූෂණයේ සම්පූර්ණ වගකීම විමල් වීරවංශ වෙත පැටවී තිබේ. 

නියෝජ්‍ය ඇමැති, සභාපති ආදීහු වගකිව යුතු නොවන්නේ මන්දැයි විමසමින් අද නාමල් සහ මහින්ද නගන චෝදනාව පුදුම සහගත වන අනෙක් කාරණය නම්  විමල් වීරවංශගේ නෑදෑයන්ට නොමිලේ වාහන ලබාදීමට නියෝජ්‍ය ඇමැතියෙකුට හෝ සභාපතියෙකුට ඇති රුදාව කුමක්ද? යන්නයි.   

නෑදෑයන්ට පක්ෂ ක්‍රියාකාරීන්ට වාහන ලබාදීමේදී ඇමැතිවරයා මූලිකව ඍජු මැදිහත්වීමක් තිබූ බව පරීක්ෂන වලදී හෙළි වී තිබේ. ඒ බව බාල නංගී නිලානි වීරවංශගේ සැමියා ආනන්ද ප්‍රියදර්ශන විසින්ම කියයි. විමල් වීරවංශට සහ සරත් වීරවංශට කියා වාහන විතරක් නොව ‘අජන්ත‘ නමින් රියැදුරෙකුත් ලබා ගත්තා යැයි බාල නංගීගේ සැමියා ප්‍රකාශ කළ බව බී වාර්තාවේ දැක්වේ.

පසුගියදා අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ වීරවංශට සහ සමන්ත ලොකු හැන්නැදිට පමණක් නොව ප්‍රසාද් මංජු  (වීරවංශගේ පෞද්ගලික ලේකම්) ඩබ්.එච්.කේ.පී.එස්. විජේසේකර (වීරවංශගේ සම්බන්ධීකරණ ලේකම්) පී.එස්.විජේසිරි හෙවත් දම්පාල (වීරවංශගේ හෝමාගම ආසන සංවිධායක) ආදීන්ට ද චෝදනා එල්ල වී ඇති අතර ඔවුන්ටද ඉදිරියේදී නඩු පැවරෙන බවද ‘බී‘ වාර්තාවේ සඳහන්ය.

වීරවංශගේ වාහන මගඩිය ගැන සම්පූර්ණ ‘බී‘ වාර්තාව පහත දැක්වෙන දිගුව ක්ලික් කිරීමෙන් ඩවුන්ලෝඩ් කරගෙන කියැවිය හැකිය.

http://www.lankaenews.com/home/downloads/43/B-Report-of-Wimal-Weerawansa-Vehicle-corruption-2017Jan.pdf

---------------------------
by     (2017-01-15 22:46:21)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links