(ලංකා ඊ නිව්ස් - 2017.ජන.09, පෙ.ව.10.00) විධායක ජනාධිපති ධූරය දිගටම පවත්වාගෙන යෑමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 දීත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පසුගිය අඟහරුවාදා පැවැති සතිපතා හමුවේදී ඒකමතිකව තීරණය කර ඇතැයි අද(09) ලංකාදීප දිනපතා පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස පළ කර ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ශ්‍රීලනිපයේ මෙන්ම එජනිසයේ නායක ඇමැතිවරයෙකු ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.
ලංකා ඊ නිව්ස් කරන ලද විමසීමකට පිළිතුරු ලෙස ඔහු වැඩි දුරටත් කියා සිටියේ එදින සාකච්ඡා වූ කාරණා අතර විධායක ජනාධිපතිධූරය පවත්වා ගෙන යන එක ගැන සාකච්ඡා නොවූ බවත් ශ්රීලනිපය සහ එහි නායක මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධූරය පවත්වාගෙන යා යුතුය යන මතයේ නොමැති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතාට ජන වරම ලැබුනේ විධායක ජනාධිපති ධූරය අහෝසි කොට නව ව්‍යවස්ථාවක් ගෙන එ්මට බවත් ඇමැතිවරයා පැවසීය.
එහිදී සාකච්ඡා වූ සුළු කරුණක් වූයේ පක්ෂය තුල අනාගත නායකයා තමා යයි කියා ගෙන කල්ලි කණ්ඩායම් හදන එක නතර කිරීම ගැන යයි ඔහු කීය. එනම් ‘ගෝඨාභය ඉදිරි ජනාධිපතිවරණයට ඉල්ලනවා‘, ‘අනාගත නායකයා ගෝඨාභය ‘ ආදී කතා ප්‍රචාරය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු තනතුරක නැති පුද්ගලයෙකුගේ නමක් ප්‍රචාරය කරමින් පාක්ෂිකයාත් මහජනතාවත් මුළා කරමින් ගෙන යන ප්‍රචාර නතර කිරීම ගැන සාකච්ඡා වූ බවත් එම ප්‍රචාර වලට අනුබලයක් වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ජනාධිපති ධූරයට තරඟ නොකරන බවට දැනටමත් කර ඇති ප්‍රකාශය බවත් සාකච්ඡා වූ බව හෙතෙම තහවුරු කෙළේය. එහිදී එක් ඇමැතිවරයෙක් පමණක් ‘ව්‍යවස්ථා සංශෝධනයක් නොවී පෙර පරිදි ජනාධිපතිවරණයක් තියන්නේ නම් ජනාධිපතිතුමා යලිත් ඉල්ලන බවට ප්‍රකාශයක් කළා නම් මෙම ප්‍රචාර නතර වනවා‘ යැයි කීවා මිස පුවත් පතේ සඳහන් පරිදි තීන්දුවක් ගත්තේ නැතැයිද ඇමැතිවරයා පැවසීය.
ජනාධිපතිතුමාගේ දෙවන සංවත්සරය දා මෙවැනි අසත්‍ය පුවතක් පළ කිරීමෙන් ජනාධිපතිවරයා බලයට පත් කළ ජනතාව තුල ඔහු පිළිබඳ අප්‍රසාදයක් ජනිත කිරීම පුවත්පතේ අරමුණ විය හැකි බවත් ඇමැතිවරයා වැඩි දුරටත් කීය.
---------------------------
by (2017-01-09 04:36:26)
Leave a Reply
Lankadeepa can no longer be trusted. It is biased and plays a double game. Very soon people will stop buying this newspaper
-- by suri on 2017-01-09
ethakota duminda kelinne pissuda.
-- by open mind on 2017-01-09
රනිල්ගේ මාමගේ පත්තරය පච කෙළී...2020 දී මෛත්‍රී ජනාධිපති වනවා නොකීවොත් මෛත්‍රී වටතරගෙන ඉන්නා ඉහද පණුවන් ඊළග අපේක්ෂක වෙත ලංවෙනු ඇත.
-- by Nelka on 2017-01-09
දේදුනු විප්ලවයේ දෙවස් පූර්නය 2017 ජනවාරි 08 දායින් පසු අපරාධකරුවන්, මිනීමරුවන් සහ දූෂිතයින්ගේ පොදු සමා කාලය අවසානයි. සෝභිතාවතාර
-- by Sathpurasiya on 2017-01-10
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි