~

“මහත්තයෝ සර්පයා දුටුවාද..?“ සාධාරණ සමාජයක් ව්‍යාපාරයේ මහාචාර්ය සරත් විජේසූරියගෙන් ජනාධිපති මෛත්‍රීගේ ලේකම් රු.මිලියන 1000 ක් වන්දි ඉල්ලයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.දෙසැ.21, පෙ.ව‍‍‍‍‍‍‍‍.6.00) සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුව සිට අපවත් වූ මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන්ගෙන් පසුව එම වගකීම දෙවුරට ගත් මහාචාර්ය සරත් විජේසූරිය මහතාගෙන් රු. මිලියන 1000 ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් එවා තිබේ.

මෙම වන්දිය ඉල්ලා ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මූලික මැදිහත් වීමෙන් පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිධූරයට පත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි නමැත්තා විසිනි.

සිරිසේන මහතාගේ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට එරෙහිව දූෂන චෝදනා තිබෙන බවත් සිරිසේන ජනාධිපතිවරයාට වැරදි වාර්තා සපයන්නන් අතර හෙට්ටිආරච්චි මහතා ද සිටින බවත් මීට මාස ගණනකට පෙර පැවැති මාධ්‍ය හමුවකදී  මහාචාර්ය විජේසූරිය මහතා විසින් කරන ලද ප්‍රකාශයකට එරෙහිව මෙම මිලියන 1000 ක වන්දි ඉල්ලන එන්තරවාසිය එවා තිබේ. 

මාස ගණනකට පෙර කරන ලද ප්‍රකාශයකට අද වන්දි ඉල්ලා කරුණාසේන හෙට්ටිආරච්චි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා එන්තරාවාසි යවන්නේ ආරක්ෂක ඇමැති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් සහ ආශිර්වාදය මත බවද දැනගන්නට තිබේ. 

2015 ජනවාරි 08 වෙනිදා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා සුදුසු පොදු අපේක්ෂකයෙකු ගැන නම් යෝජනා කෙරෙද්දී පොදු අපේක්ෂක මතවාදය සමාජගත කළ මාදුළුවාවේ සෝභිත හිමියන් වෙත හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් එවක සෞඛ්‍ය අමාත්‍ය පොළොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේනගේ නම යෝජනා කෙරිණ. සෝභිත හිමිපාණන් එහිදී එක හෙලාම කීවේ ‘ඔහු රාජපක්ෂලාගේ ඔත්තු කරුවෙකු විය හැකි‘ බවයි. නාහිමියන් විසින් ඊට හේතු කාරණා ලෙස ගෙන හැර පෑවේ ඒ දක්වා මහජනතාවගේ කිසිදු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඇමැතිවරයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කෙළ බිඳක් හෙළා නොතිබූ නිසාත් ජාතික දේශපාලන මතවාදී අරගලයේ කිසිදු තැනෙක ඔහු ‘හ්ම් මිටියක්‘ හෝ තබා නොතිබූ නිසාත්ය. සත්‍ය වශයෙන්ම නාහිමියන් කීවේ “මං ඔහු කවුද කියා හඳුනන්නේ නෑ“ කියා ය. එහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇයගේ පපුවට අත තියා “හාමුදුරුවනේ මාව විශ්වාස කරන්න“ යැයි කීවාය. මෛත්‍රීපාල සිරිසේන මහතාට පොදු අපේක්ෂකයා වීමට සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ එවක කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියන්ගෙන්  පළමුවර අනුමැතිය ලැබුනේ එලෙස ය. එම අනුමැතියෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට පොදු අපේක්ෂකයා ගේ නාමය ලෙස මෛත්‍රීපාල සිරිසේන නාමය ගෙන ආ විට එජාප නායකයන්ද කීවේ නාහිමියන්ගේ කතාවම ය. එනම් ‘සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් දැක තිබෙන නමුත් ඔහු කිසිදු ජාතික දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ වූ බවට තම පක්ෂයට කිසිදු අත්දැකීමක් නැති බවයි.‘ එවක එජාප නායකත්ව මණ්ඩල සාමාජිකයෙකු විගස ලංකා ඊ නිව්ස් හි ලන්ඩන් කාර්යාලය අමතා විමසා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ රෙජීමයේ සාපරාධී  සොරකම් සහ බිහිසුනු ඝාතන වලට සම්බන්ධයක් තිබෙන බවට සාක්ෂි තිබේද? යන්නයි. ඒ දක්වා නම් එවන්නක් අප අභ්‍යන්තර තොරතුරු සේවයට වෙත වාර්තා වී නැතැයි ලංකා ඊ නිව්ස් සහතිකයක් දුන්නේ ය. ඉන් දින කිහිපයකට පසු මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස තීන්දු විය.

අද එන්තරාවාසි යවන්නේ එවැනි පොදු අපේක්ෂක ජනාධිපතිවරයෙකු සහ ඔහුගේ ලේකම් යඅද එන්තරාවාසි ලබන්නේ එවැනි සංවිධානයක වත්මන් කැඳවුම්කරු ය. 

මෙකී එන්තරාවාසිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රකට නීතිඥ මහතෙකුගෙන් ලංකා ඊ නිව්ස් කරන ලද විමසීමකදී එතුමා අපගෙන් පෙරලා ඇසුවේ එක පැනයකි. 

“මහත්තයෝ සර්පයා දුටුවාද..?“ 

---------------------------
by     (2016-12-21 04:33:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  10 discussion on this news

This is the way how it goes.The whole country has a great respect to Professor Sarath Wijesuriya as a man who sacrifice lot to make this country a discipline country.Purawasi Balaya led by him always stand against corruption and making every effort to get this country a place where law applies to every one equally. The government is making a great mistake.The conduct of this secretary is questionable in the light of certain action he has already taken.Professor Wijesuriya is straight forward man. He has no any personal interest other than the well being of this country. We the people in this country are firmly behind professor Wijesuriya. This is a big mistake this government made.
-- by Lion on 2016-12-21

If the story is true, this is a landmark example of a PARAYA or PAHARAYA biting the hand of the person who fed him. Yahapalanaya loving people would not tolerate such tricks of those underhand deal makers. Professor Wijesuriya, please be strong knowing that the entire nation knows who you are and what you stood for! The 6.2 million Yahapalanaya supporters are still with you, NOT with the traitor anymore. This ungrateful man is trying to write his name as the WORST TRAITOR in the history of Sri Lanka. It is TIME for the nation to gather momentum around a real leader who will be fit and proper for the job in another 36 months!
-- by api on 2016-12-21

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය තමයි මේකට වගකියන්න ඕනේ ,,,,, 100 ට 1000 මම වගකීම බාරගන්නවා කියලා, ජනාධිපති කමට කොහෙත්ම සුදුසු නැති ග්‍රාම සේවක කෙනෙක් ගෙනල්ලා අපිව අමාරුවේ දැම්මට ,,,, 'කටුස්සට ඔටුන්න දැම්මා වගේ ' කියලා ජනවහරේ එන්නේ මෙන්න මේවට තමයි ,,,,,,,
-- by rohan on 2016-12-21

මහාචාර්ය තුමනි, අපි මීට ඉස්සරත් කිවුවා මුන් සේරම දැන් ලගින්නේ එකටම තමයි. සිරිසේන උන්නැහෙත් කනපතේ රෙන මිනිහෙක්. රනිලුත් එහෙමද කියලා බලමු මේගැන කරන ප්‍රතිචාරයෙන්. කෙසේ වෙතත් ඔබතුමා ආරක්ශාවෙන්න වැඩ පිලිවෙලක් වහාම යොදා ගන්න. උදව් කරන්න ලංකාවෙත් ලෝකය පුරාත් නීතිගරුක, ශීලාචාර ලාංකිකයන් උවමනා තරම් ඉන්නවා. ඔබගේ හා ඔබේ සගයන්ගේ බලපෑම බොරුකාරයන්ට දැඩිව දැනෙනවා කියන සිග්නල් එක තමයි මේ. ඒනිසා මුන්සේරම කම්බස් වෙලා යන්න ඔබ පෙරමුන ගන්න ජවිපෙත් එක්ක. කලෙහිගුන නොදන්න, කෑපතේ රෙන, හොඳ නරක නොඅඳුනන මොකාට උනත් උන් සේරමටත් සොභාව ධර්මයා සාපකරනු නොඅනුමානයි.
-- by Batty on 2016-12-21

its like this every one has the right to do this if he was blamed wrongly even Professor Sarath Wijesuriya cant blame a person like that no matter how much he help m3 but what Professor Sarath Wijesuriya should do is that to exept this challange and proof all the corroption complanes he says against this blady fool simple as that a person like Professor Sarath Wijesuriya will not complane on such a big shot with out any avidence
-- by madda on 2016-12-21

As soon as possible this bloody Fool / Donkey President [ " Grama-Sevaka " Paraya ] should be sacked . Next time we will teach a lesson to this Grammiya / Pasu- Gami Balla.
-- by Bandula on 2016-12-21

උපුටා ගැනීම.... එවක එජාප නායකත්ව මණ්ඩල සාමාජිකයෙකු විගස ලංකා ඊ නිව්ස් හි ලන්ඩන් කාර්යාලය අමතා විමසා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ රෙජීමයේ සාපරාධී සොරකම් සහ බිහිසුනු ඝාතන වලට සම්බන්ධයක් තිබෙන බවට සාක්ෂි තිබේද? යන්නයි. ඒ දක්වා නම් එවන්නක් අප අභ්‍යන්තර තොරතුරු සේවයට වෙත වාර්තා වී නැතැයි ලංකා ඊ නිව්ස් සහතිකයක් දුන්නේ ය. ඉන් දින කිහිපයකට පසු මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස තීන්දු විය. අද එන්තරාවාසි යවන්නේ එවැනි පොදු අපේක්ෂක ජනාධිපතිවරයෙකු සහ ඔහුගේ ලේකම් ය. අද එන්තරාවාසි ලබන්නේ එවැනි සංවිධානයක වත්මන් කැඳවුම්කරු ය. සෝභිතාවතාර
-- by Sathpurasiya on 2016-12-21

at the end you understood
-- by b.k.a.c.kuruppu on 2016-12-21

Please think again. Sir wrong action
-- by lal on 2016-12-21

FOR THE NEXT PRESIDENTIAL ELECTION WE ALL SHOULD COME FORWARD TO ELECT PROF WIJESOORIYA AS OUR NEXT PRESIDENT. AND WE SHOULD DEFEAT THE DOUBLE STANDARDS POLITICIANS WHO ARE WITH CORRUPTED CROOKS.
-- by kantha on 2016-12-23

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links