~

ළදරු යහපාලනය හා රණවිරු ගුණ්ඩුව

අඹයාගේ ඇඹුල

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.24, පෙ.ව‍‍‍‍‍‍.9.30) හම්මේ පහුගිය සතියෙම රටපුරාම එකම අඳෝනාවක් තමයි ඇහුනේ. රට බේරගත්ත අහිංසක අසරණ ආබාධිත රණවිරුවන්ට හිතක් පපුවක් නැතුව දීලා ඇරලා නේ කියලා මර ලතෝනියයි. බොක්කෙන්ම කියනවනම් රණවිරුවන්ට අඬන්තේට්ටම් කරත් කැම්පස් කොල්ලෝ කෙල්ලොන්ට කරත් එහෙම නැතුව වෙන මොකෙක්ට හරි එහෙම කරත් ඒ වැඩේ වැරදියි. ඒක මුලින්ම කියල ඉන්න එපැයි. හැබැයි වැඩේ කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය වටලලා පිස්සු කෙළින්න කාටවත් අයිතියක් නෑ, කාට කාටත් මේ රටේ නීතිය එකයි.

මේක මේ අද ඊයේ ආපු ඉල්ලීමක් නෙවෙයි. සෑහෙන්න පරණ මලකඩ කාපු ඉල්ලීමක්. හිටපු දේශප්‍රේමි ලොක්කා ඉද්දිත් ඔය ප්‍රශ්නෙ ඔය විදියටම තිබුනා. හැබැයි ඒ කාලේ කාගෙවත් කටේ සද්දත් නෑ උපවාසත් නෑ. කාගේ කාගෙත් කටවල් වල සවුන්ඩ් බැලන්ස් කරපු සිය කැමත්තෙන් ගස් බැඳගත්ත යුගයක් නොවැ තිබුනේ. ඒ කාලේ ඉතිං පරාණ බයේ මොන පිකට් ද. යකෝ රණවිරුවෝ විකුණං කාපු කෑමේ හැටියට මේගොල්ලොන්ට උන්දෑ එපැයි මේවා දෙන්න. මොකෝ මේ ගොල්ලෝ ඊට පස්සේ ආබාධිත උනැයැ කියලය. උදේ ඉඳන් රෑ වෙනකන් පපුවට ඔරං හොටං වගේ ගහගෙන දේශප්‍රේමි කතා ජප කරාට උන්දෑ මේ ඉල්ලීම පයිසෙකටවත් මායිම් කරේ නෑ.

ඒකට දැන් ඉන්න යහපාලන ලොක්කෝ ආවා විතරයි හමස් පෙට්ටියෙන් ඇදලා අරන් වැඩේට බැහැල මලකඩ සුද්ද කරල වැඩේ කරල දෙන්න ඔක්කොම ලෑස්ති කරා දැනට මාස 4 කට විතර කලින්. කැබිනට් එකට දාලා ගැසට් කරල තව කරන්න ඕන එව්ව මෙව්වා සේරම හීන් සැරේ වැඩි සද්ද නැතුව කරලා තිබුනා. එහෙම නැතුව ගස්ගෙඩි කඩනවා වගේ ඉල්ලනකොටම දෙන්න බෑනේ හත්ඉලව්වේ.

ඕන්න ඔය අතරෙ තමයි වැලේ වැල් නැතුව ෆුල් නන්නත්තාර වෙලා ඉන්න මහින්ද ප්‍රේමී බුවලා වැඩේට සෙට් වෙන්නෙ. ලෝකෙ  කොහේ හරි මොකක් හරි රෙද්දක් උනොත් රෙද්ද කරේ තියං ගිහිං එතෙන්ට පැනලා පොඩි රංගනයක් දාලා ඒක යහපාලන ආණ්ඩුව පිටට දාන ගෙම්බන්පිලය ඇතුළු කුජීතයෝ ටිකයි, සාසනේම ගඳ ගස්සන හාමුදුරුවරු සෙට් එකයි වැඩේට බැස්සා. හැම කෙහෙල්මලකටම කෑ ගහන ගෙම්බන්පිලය අර විමලෙගෙ ගේ ඇතුලේ මරල දැම්මයි කියන කොල්ලට සාධාරණයක් කොරන්න මාධ්‍ය සාකච්ඡාවක් තියල ඇස් දෙකෙන් ජිල් බෝල පනින කතාවක් කියන්න අමතක වෙන්න ඇති නේ, නැතුව ඒ රන්කඳට ඕව අමතක වෙනවද නේ. බෙංගමුවේ නාලක, ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස ඇතුළු හාමුදුරුවරු බලන් ඉන්නේ කොහෙන් හරි අටමංගල්‍යක් ඇදගෙන ෆුල් කිච වෙලා ඉන්න මහින්ද ලොක්කට හුළං ගහන්න. අපරාදේ කියන්න බෑ උන්නාන්සේලා ඒකට සෑහෙන්න මහන්සි වෙනවා.

රු 60,000ක් වගේ මේ හැම රණවිරුවෙක්ටම දෙනවා ඉස්සර ඉදන්ම. ඊට අමතරව තමයි මේ පෙන්ෂන් එකක් ඉල්ලන්නේ. ඒකත් හරි ගිහිල්ල ඉල්ලීම් සේරම වගේ ලැබිල ඉන්න රණවිරුවෝ ටිකක් අල්ලන් මාරාන්තික උපවාසයක් පටන් ගත්තා වැඩේ හරි ගියේ නෑ.ම්ම්හ්හ්.... පබ්ලිසිටිය මදි. ගැහුව ඉතිං අන්තරේ ගහන ප්ලෑන් එකම. අන්න ඒ අනුව සෙට් එකම ගියා ජනාධිපති කාර්යාලය ලඟ ඩෙඟා නටන්න. ඔන්න ඔහොමයි එදා සීන්කෝන් එක උනේ.

ඒ කාලේ රණවිරුවෝ ඉස්සරහට දාගෙන හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් සමඟ අරක්කු කාලේ තියරියට අනුව රට කරපු මැදමුලන සෙට් එක දෙන්නේ නැතුව තටම තටම හිටපු දේ මේ ආණ්ඩුව දීලත් ඒකෙ හරි ක්‍රෙඩිට් එක ගන්න මේ අයට බැරි උනා. ගොඩක් මිනිස්සු සංවේදී කාරණාවක් වෙන මේ රණවිරුවෝ අල්ලන් ගහන දේශපාලන ගේම් එක ගානට සෙට්ල් කරගන්න ළදරු යහපාලන සෙට් එකට බැරි උනා, අපරාදේ කියන්න බෑ නීතිය නවලා කිහිල්ලේ ගහගන්න පොලිස්පතිතුමත් හොඳට හත්පොලේ ගා ගත්තා.

කවදාවත් පිපෙන්නෙ නැති පොහොට්ටුවක් අටෝගෙන දේශපාලනේට එන්න පිටපොට ගහන අලුගුත්තේරු පෝරිසාදයෝ සෙට් එක සිංහල ජාතිවාදය අවුස්සන්න එහෙන් වැඩ කරද්දි මුස්ලිම් ජාතිවාදය ෆෝර්ම් කරන්න පිටකොටුවේ තව්හිද් ජමාද් ද මොකක්ද කියල ගැන්සියක් ගෙන්නලා නැටෙව්වා. ඒකට නම් මුස්ලිම් ප්‍රජාවගෙන්ම ලොකු විරෝධයක් ආවා. අනේ අම්මේ සේරමත් හරි කියමු කොළ අතු එල්ලන් ගල් දෙකෙන් ගින්දර පත්තු කරන නියෙන්ඩතාල් ඉල්ලීමක්නෙ උන් කරේ. වයස කීය උනත් කමක් නෑ ළමය වැඩිවියට පත් උනාම බඳින්න දෙන්නලු. සාමාන්‍යයෙන් ඉතිං පහ වසරේ විතර ඉඳන් ළමයි ඔහොම වෙනවනේ. එතකොට එහෙම ළමයෙක්ව කසාද බැඳගන්න ඉල්ලන්නෙ දෙපැත්ත බෙදිල කෝම්පිට්ටු හදන්න වෙන්න ඇති නේ. මේ විගඩං විරෝධය සංවිධානය කරපු සෙට් එකේ දියවන්නාවේ නොමිලේ රිලා නැටුම් පෙන්නපු කාගෙත් බයිට් එක වෙච්චි අස්වර් එහෙමත් හිටියා. දැං මේකත් කාගෙ වැඩක්ද කියලත් පැහැදිලියි නේ.

ජාතිවාදය අවුස්සන් බලයට එන්න හදන මහින්ද ලොක්කා ඇතුළු කම්බ මිනීමරු හොරු රැළ කරන දිය යටින් ගින්දර පොලිටිකල් ගේම් එක දැන්ම නතර කරේ නැත්නම් රටම අමාරුවේ.

-ලිව්වේ අඹයා-

---------------------------
by     (2016-11-24 05:03:41)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links