~

රජය නොදුටු පොදු ජනතාවගේ රෝද තුනේ ජීවිතය

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.24, පෙ.ව‍‍‍‍‍‍.9.30) මෙවර අයවැය යෝජනා තුළින් ත්‍රී රෝද රථ කර්මාන්තය ආශ්‍රයෙන් සිය ජීවිකාව  ගෙන යන මෙරට ජනගහනයෙන් 1/3 ක් පමණ වන සාමාන්‍ය ජනතාව  අසාධාරණ පීඩනයක් පටවා ඇත. ජනතාවගේ මූලික අවශ්‍යතාවලින් එකක් වන ප්‍රවාහනය උදෙසා සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන ත්‍රී රෝද රථ කර්මාන්තය මත මෙසේ බරක් පැටවීම සුවහසක් වූ ලාංකේය ජනතාවගේ ජීවිතවලට මහත් අනිටු බලපෑම් ඇතිකරනවා නොඅනුමානය. ත්‍රී රෝද රථ පැදවීම සිය රැකියාව කරගත් ප්‍රජාව වෙත සමාජයේ වපර ඇහැ එල්ල වුවත් මෙරට ජනගහණයෙන් තුනෙන් එකක්  දෛනිකව ත්‍රී රෝදවලට ගොඩ වෙති. කෙතරම් නුගුණ කීවත් එය සිදුවේ.

2016-2017 මූල්‍ය වර්ෂය සඳහා යෝජිත ජාතික අයවැය, පසුගියදා ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කළේය. එහි සඳහන් යෝජනා අතර ත්‍රී රෝද රථ “අගය කිරීම සඳහා ණය“ (LTV – Loan to Value Ratio) අනුපාතය 30% සිට 75% ක් දක්වා  වැඩි කිරීමට රජය ගෙන තිබෙන තීරණය මගින්  ත්‍රී-රෝද රථ මිලදීගන්නා පාරිභෝගිකයන් මහත් පීඩාවට පත්ව ඇත.
 
මීට පෙර ආසන්න වශයෙන් 650,000.00  ක් වටිනා  ත්‍රී රෝද රථයක් මිලදී ගන්නා අවස්ථාවේදී ත්‍රී රෝද රථයේ සමස්ත වටිනාකමෙන් 30%ක් එනම් ලක්ෂ 2 ක මුදලක් පමණක් ගෙවිය යුතුව තිබූ අතර ඉතිරි 70% කල් බදු පහසුකමක් යටතේ දරාගත හැකිය තිබුණි. නමුත් මෙම අයවැය යෝජනා සමගින් එය සම්පූර්ණයෙන් වෙනස් කර කල් බදු පහසුකම බදු 25% ක් දක්වා අඩුකර එයට අමතරව  නිෂ්පාදන බදු සහ කාබන් බද්ද විමෝචන පරීක්ෂණ ගාස්තුව ද ඇතුළත් වන 15% ක බද්දක් පනවා තිබේ. මෙම තත්වය නිසා අනාගතයේ දී ත්‍රී රෝද රථයේ වටිනාකමෙන් 75% ක් එනම් රුපියල් ලක්ෂ 5ක ට වඩා වැඩි දරාගත නොහැකි  මූලික ගෙවීමක් ගනුදෙනුකරුවාට දැරීමට සිදුවේ. එයින් සිදුවන්නේ පොඩි මිනිහාගේ පවුලේ වාහනය ගැනීමට තිබූ ආසාවන් සහ අපේක්ෂාවන්ට කන කොකා හැඬලීමයි.

මෙය දැනට ලංකාවේ ත්‍රී රෝද රථ භාවිත සංඛ්‍යාව පාලනය කිරීම සඳහා ගෙන ආ යෝජනාවක් විය හැකිය. නමුත් පොඩි මිනිහාගේ වාහනය ලෙස හැඳින්වෙන ත්‍රී රෝද රථය මගින් රෙදි පිළි, ආහාර වර්ග ආදිය පොළෙන් පොළට හෝ දොරින් දොරට ගොස් විකුණන ස්වයං රැකියාවන්හි නිරතවන පුද්ගලයින්, ත්‍රී රෝද රථ පදවා ආදයම් ලබන  බොහෝ පවුල් වෙත මෙවන් යෝජනා මගින් විශාල තර්ජනයක් වනු ඇත. 

අඩු මුදලකින් ප්‍රවාහන පහසුකම් ලබාගත හැකි එකම ප්‍රවාහන මාධ්‍යය ලෙස ප්‍රචලිත ත්‍රී රෝද රථය , සෘජු සහ වක්‍ර එහි සියලූ‍ යැපෙන්නන් සැපයුම් සේවා සපයන්නන්, අමතර කොටස් නිෂ්පාදකයන් සහ අලෙවි නියෝජිතයන් මෙන්ම මෙහෙයුම් සමාගම් යන මෙරට ආර්ථීකයේ විශාල කොටසක් මින් අගතියට පත් වනු ඇත. 

එමෙන්ම මෙම වාහන ගෙන්වන ආයතන හා කටයුතු කරන සැපයුම්කරුවන් (ගැල් හා ප්‍රවාහන සේවා, දැන්වීම් කරණ සේවා, මාධ්‍ය, ලීසි හා බැංකු, ආදී කොතෙකුක් සැපයුම්කරුවන්) මෙම යෝජනාවත් සමග අභාග්‍ය සම්පන්න වූ ඉරණමකට මුහුණ දෙනු ඇත.

ඒ අනුව මෙම පීඩනය හරහා ඇතිවන සෘණාත්මත් ප්‍රතිඵල බූමරංගයක් සේ සමස්ත සමාජයටම දැනෙනු ඇත. මන්ද වසර 40 කටත් වඩා කාලයක් තිස්සේ ජනතාව වෙත ළං වූ මෙම වාහනයට එක පහරෙන්ම අධෛර්යමත් කරන්නට මෙසේ කැප කැවීම ප්‍රයෝගික දැයි සිතා බලන කළ කර්මාන්ත රැසකට මරු පහරක් එල්ල කරන අතරම එහි විපාක සමස්ත ආර්ථීක ක්‍රියාවලියටම ගෙන එනු ඇත.

ශ්‍රී ලංකා රජය ත්‍රී-රෝද රථ වෙනුවට වෙනත් විකල්ප ප්‍රවාහන මාධ්‍ය දිරිගන්වනු ඇතැයි අනාවරණය වී තිබේ. නමුත් එවන්නක් හඳුන්වා දීමටත් පෙර ත්‍රී රෝද රථ ජනතාවගෙන් ඈත් කිරීම පොදු ප්‍රවාහන සේවාව ඉතාමත් පහළ තත්වයේ පවතින අප වැනි රටක් තුළ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අවුල් වියවුල් කරනවා ඇත.

ඕනෑම මධ්‍යම සහ පහළ මධ්‍යම පන්තියේ ජනතාවගේ පළමු තේරීම ත්‍රී රෝද රථයක් හෝ මෝටර් සයිකලයක් හිමිකර ගැනීම වන නිසා එහි අධික මිල වැඩි වීම ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා සේය. 

එමෙන්ම මෙම තීරණයෙන් හෝ යෝජනාවෙන් තත්වය තේරුම් නොගෙන වගේම ත්‍රී රෝද රථ වලින් තොර ප්‍රවාහන ක්ෂේත්‍රයක් දකින්නට බලා සිටින අයට කියන්නට ඇත්තේ කනත් එක්ක තියෙන තරහය නහය කපා ගත්තොත් වෙන්නේ කුමක් දැයි සිතා බලන ලෙසයි

- ඩැනියල් ඩයස් -

---------------------------
by     (2016-11-24 04:03:28)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

len you said the good side of it now please say the bad side of it too
-- by lion on 2016-11-25

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links