(ලංකා ඊ නිව්ස් -2016.නොවැ.19, ප.ව.4.20) අයේෂා ආබ්දින් විනිසුරුවරිය තමාගේ පුද්ගලික කාරණයක් වෙනුවෙන් ප්‍රසිද්ධ මාධ්‍ය අමතා හෙළිකර ඇති දේ පිළිබඳව දුටු පසු බන‍්ධනාගාර නිළධාරියකු ලෙස මෙම කරුණු ඉදිරිපත් කරන්නේ මෙරට මහජනයාට සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරමින්ය.
රටේ නීතිය අනුව බන‍්ධනාගාරයට ඇතුල්වීමට අවසරයක් ඇති එහි නිළධාරියකු නොවන ඕනෑම අයෙකුට එයට ඇතුලුවීමට අවසර ඇත්තේ පෙව. 8- පව.4 කාලය තුල පමණකි. ඒ සඳහා අදාළ බළධාරීන් දැනුවත් වීම සහිතව, එම අමුත්තන්ගේ ආරක‍්ෂාවද තහවුරුවන ආකාරයෙන්, අදාළ අංශ භාරව සේවයේ සිටින ජේලර් විසින් ආරක‍්ෂාව පිණිස යෙදැවූ නිළධාරීන්ද සහිතව නියමිත ස්ථානයට හෝ ස්ථාන වලට පමණක් යාමට හැකිය. අධිකරණ කටයුතු සඳහා ඇතුල්වන විනිසුරුවරුන් හෝ වෙනත් නිළධාරීන් අහළ පහළ හමුවන ඕනෑම පාතාලයකු හමුවීමටයාම හෝ අතරමගදී හමුවන විට අල්ලාප සල්ලාපයේ යෙදීම පිටස්තර සමාජයේ හෝ සිදුනොවිය යුත්තක් වන අතර බන‍්ධනාගාරයක් තුල කිසිසේත්ම සිදු නොවිය යුත්තකි.
එවැන්නක් සිදුවුවහොත් ඉන්පසු කිසිම ආකාරයක විනිශ්චය කටයුත්තක් සඳහා එම පුද්ගලයා නුසුදුස්සකුවීම, සාමාන්‍ය රාජ්‍ය සේවයේ විනය පරීක‍්ෂණයකදී පවා පිළිගත් කරුණකි. නීතීඥ වෘත්තිය වෙනුවෙන් සුදුසුකම් ලබා දිවුරුම් දී ඇති බන‍්ධනාගාර ජේලර් තනතුරෙහි තවමත් සේවය කරන නිලධාරීහුද සිටිති. මෙය අප දන්නා නීතියේ සාධාරණ යුක්ති ධර්මයයි. අයේෂා ආබ්දීන් විනිසුරුවරිය කියන Prison Tribunal එක හෙවත් බන‍්ධනාගාර විනිශ්චය සභාව කිසිම දිනක වැලිකඩ බන‍්ධනාගාර රෝහලේ පවත්වා නොමැති අතර වැලිකඩ බන‍්ධනාගාර අධිකාරී හෝ සහකාර අධිකාරී කාර්යාලය තුල පැමිණිල්ල මෙහෙයවන නිළධාරීන්ද ඉදිරියේ පවත්වනු ලබන්නකි. එසේ නම් එදා ඇය බන්ධනාගාර රෝහලට ගියේ මන්ද?
පුද්ගලයකුට X-කිරණ, ECG හෝ වෙනයම් රෝග පරීක‍්ෂණයක් සිදුකරන ලෙස නියෝග කිරීමට බලය තිඛෙන්නේ අදාළ පුද්ගලයා පරීක‍්ෂා කරනු ලබන හෝ ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය වරයාට පමණකි. ඒ අහල-පහලින් ගමන් කරන වෛද්‍ය වරයකුට වුවද එවැනි නියෝගයක් දිය නොහැකිය. ඕනෑම තත්වයකදී එම නියෝගය ප්‍රතික්ෂේප කිරීමේ අයිතියද අදාල රෝගියාට ද ඇති බව මානව අයිතිවාසිකම් පිළිබඳව දැනුමක් ලබා ඇති අපි දනිමු. අයේෂා ආබ්දීන් විනිසුරුතුමිය බන‍්ධනාගාර රෝහලට අවේලාවේ ඇතුල්වී ප්‍රසිද්ධියේම දූෂිත කටයුතු කරන ප්‍රධාන දොස්තර ලක‍්ෂ්මන් ජයමාන්න හමුවී සිරකරු දුමින්ද සිල්වා ගැන කතාකර ඇති නමුත්, අසරණ සිරකරුවන් නියමිත දිනයට හා වෙලාවට විශේෂ පරීක‍්ෂා සහ ප්‍රතිකාර සඳහා මහරගම පිළිකා රෝහලට පවා යැවීමට කටයුතු නොකරන බවත්, රැඳැවියන්ට අධෝමුඛ පරීක‍්ෂාව බලහත්කාරයෙන් සිදු කරන බවත් සොයාගෙන නැති වීම කණගාටුදායක ය. ඊ නිව්ස් පුවතේ සඳහන්කර ඇති ආකාරයට ආබ්දීන් විනිසුරුතුමිය X-කිරණ පරීක‍්ෂාව කිරීමට නියෝග ලබාදී ඇත්නම් ඇයගේ නඩුවලට භාජනය වන රටවැසියන්ට වෘෂණ කපා දැමීම, ගබ්සා කිරීම, සහ වඳ කරවීම ආදියටත් නියෝග කිරීමට ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතුය.
රටේ සියලු දෙනාම දැකගත් පරිදි පසුගිය කාලයේ දොස්තරගේ රැකියාවද විනිසුරුවරුන්ම කරමින් කිසිම රෝගයක් නොමැති හමුදාවේ සහ වෙනත් පුද්ගලයන් බන‍්ධනාගාර ගත කොට බන‍්ධනාගාර රෝහලේ රැඳවීමට අසික්කිත නියෝග ලබාදීම මගින් අනෙකුත් සියලූම රැඳවියන්ගේ මූලික අයිතිවාසකම් අහිමි කිරීමත්, වැලිකඩ බන‍්ධනාගාර රෝහල තක්කඩියන්ගේ පාරාදීසයක් බවට පත්කර ඇති බවත්, නීතියේ ආධිපත්‍යයද සුනඛ අධෝමුඛයේ ලා ඇති බවත් මෙම සිදුවීම්වලින් පැහැදිලිවේ.
මරණීට දඬුවම් ලබා සිටින වාස්, දුමින්ද සහ හමුදා ලොක්කෙක් වූ චන්දන සදාකාලිකවම මෙම රෝහලේ තබාගෙන සිටී. 3 වාට්ටුවත් රෝහලත් පාලනය කරන්නේ වාස්ය. මොවුන්ට ඕනෑතරම් විසිට් බැලීමටත් පිටින් කෑම සහ වෙනත්දේ ලබාගැනීමටත් ඉඩදී තිබේ. කොල්ලූපිටියේ ඇති වාස්ගේ හෝටලයෙන් කෑම සපයන්නේ මහත්තුරුන්ට ද සමගය. දුමින්ද සිල්වාටද එසේම ය. එක දිනකට 20 ක් පමණ ඔහු බැලීමට එති. අනෙකුත් සිරකරුවන්ගේ නම් වලට විසිට් එනවා කියා ලකුණු කර එන්නේ දුමින්ද බැලීමට ය. කෑම ඕල් සේල් ය. දුමින්දගේ පියා කියන පරිදි දුමින්ද අසාධ්‍යව සිටී නම් දිනකට තමා බැලීමට එන 20 ක් පමණ දෙනා සමග සතුටු සාමීචියේ යෙදෙන්නේ කෙසේද?
ඉහත කී දඬුවම් සහිත අනෙකුත් සිරකරුවන් විශේෂ ඝනයේ සිරකරුවන් ලෙස ලේබල්කොට බන‍්ධනාගාරය තුලම වෙනම රඳවා, අනෙකුත් සිරකරුවන් හෝ නිළධාරීන් පවා මුණගැසිය නොහැකි ලෙස රඳවා සිටී. තවමත් හෙළිකර නොමැති අපරාධ සහ කප්පම් ගැනීම් මෙන්ම රහස් පොලිස් නිළධාරීන්ට මරණීය තර්ජන කිරීම පිළිබඳව චෝදනා සහිත වාස් ගුණවර්ධන නම් සිරකරු හමුවීමත්, ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර සිටින දුමින්ද සිල්වාව ශ්‍රේෂ්ඨාධිකරණ අවසරයකින් තොරව හමූවීමට දිසා අධිකරණ විනිසුරුවරියක් යෑම බරපතළ කාරණයකි.
කිසිදු තනතුරක නිළධාරියකුට අද බන්ධනාගාර රෝහල තුල මහත්මයකු ලෙස සේවය කළ නොහැකි තරමටම එය විනාශකොට ඇත. අවුරුදු ගණනක සිටම ගේට්ටුවේ කුස්සියේ සහ රාත්‍රී සේවයේ යොදවා සිටින්නේ එකම කල්ලියකි. සමහර අය නොයෙකුත් ජාවාරම්කොට විශාල මුදලක් සොයා ගනී. ලොක්කන්ටද කොටස යයි. මෙම රෝහලේ අහිංසක ලෙඩ්ඩුන්ට ලැබෙන කෑම වේල බැලීමට කෙනෙක් නැත. වාට්ටුවල ඇටන්ඩන් සිරකරුවන් පවා පගාව ගනිති. සෑම වාට්ටුවකම ඇටන්ඩන් සිරකරුවන් ලඟ වතුර උණු කරන හීටර් තිබේ. සමහර වාට්ටුවල විශේෂ කෑම සකස් කරන බවත්, මුදල්ගෙවා ලබා ගත හැකි බවත් රහස් නොවේ. මන්ද බුද්ධි අංශයේ ලොක්කා වන කොමසාරිස් උපුල්දෙණිය මේවා නොදන්නේ නම් තනතුර අතහැර යා යුතුය. ඇමැතිවරයා මේවා ගැන නොදන්නවා නම් ඇමැතිකම හැරදා යා යුතුය.
මෙම රෝහලෙහි පාලනය ලංකාවේ ප්‍රධානම බන‍්ධනාගාරය වන වැලිකඩ බන‍්ධනාගාර අධිකාරී යටතේ පවතී. දැන් මෙහි ලොක්කා කනිෂ්ඨතම අධිකාරී වරයා වන චන්දන ලොක්කාය. මොහු මහින්ද ගැත්තෙකි. සීආර්පී ආයතනයේදී රිමාන්ඩ් කර සිටි සල්ලිකාරයන්ට විශේෂ සැළකිලි ලබාදී පගාව ගැනීමත්, චන්දන ඇල්ලක් හැදීමත්, නිළධාරීන්ගේ වැටුපෙන් කපාගෙන පවත්වාගන්නා සුභසාධක සංගමයේ රුපියල් එක්ලක‍්ෂ තිස්දහසකට සෙල්ලම් දැමීමත් නිසා නිළධාරීන් පුහුණු කරවන විශෝධන මධ්‍යස්ථානයට මාරු කලේය. රාජපක්ෂ යුගයේ බන‍්ධනාගාර ඇමතිව සිටි ගජධීරටත් කොමසාරිස් ජනරාල්ව සිටි පල්ලේගමටත් පුෂ්පකුමාරටත් සෑම සති අන්තයේම නිළ නිවාසයේ පාටි දැමීම, බඩු සප්ලයි කිරීම සහ ගොට්ට ඇල්ලීම උසස්වීම සඳහා සුදුසුකම විය. තනිකඩයකු වන මොහුට අද දිනයේද විවාහක නිළ නිවාසයක් සපයා තිබේ.
යහපාලන අධිකරණ ඇමතිගේ නියෝගයක් අනුව මූලස්ථානයේ ප්‍රධාන ජේලර් සුජීව විජේසේකර විසින් පැවැත්වූ මූලික විමර්ෂණයකදී චන්දන ලොක්කාද, ඔහුගේ ගෝලයාවූ ප්‍රධාන ජේලර් රජීව් සිල්වා විසින්ද රජයේ මුදල් රෙගුලාසි කඩකරමින් පුහුණුවන නියාමකයන්ගෙන් මුදල් එකතුකළ බවට පිළිගන්නා ලදී. මෙය චෝදනා පත්‍ර ලබාදිය යුතු අනිවාර්ය කරුණකි. විසිර යාමේ උත්සව සඳහා එකම තොරණක් භාවිතාකොට නිළධාරී කණ්ඩායම් කීපයකින්ම මුදල් විශාල ප්‍රමාණයක් එකතු කර ඇති බවද හෙළිවිය. පල්ලේගම සහ පුෂ්පකුමාර මෙන්ම ධනසිංහ යන ප්‍රධානීන් විසින් මේවා වසන්කොට මොහු ප්‍රධානතම ආයනයේ ප්‍රධානියා කොට ඇත.
ජනාධිපති වරණය සඳහා ගජධීරගේ උපදෙස් අනුව මහින්දගේ සහායට පුහුණු පාසැලේ නිළධාරීන්ද Prison Band ලෙස සළකුණ යොදා ඇති වාහනයද මාතර ප්‍රදේශයේ යොදවා තිබියදී ඊ නිව්ස් ඡායාරූප සමගම හෙළිදරව් කළේය. විශේෂ ශ්‍රේණියේ බන‍්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙකු වන කලුආරච්චි සහ අනුර ඒකනායක මූලස්ථානයේ එතරම් වගකීම් නැති තැන්වල යොදවා සිටී.
කරුමය නම් යහපාලන පාලනය තුලද මේ සෙල්ලම් අපට දැකගැනීමට ලැබීමය. රටේ ජනතාවගේ මුදල් විශාල ප්‍රමාණයක් කාබාසිනියා කරමින්, රටේ නීතියද හෑල්ලූ කරමින් මහජනයාට විහිලු සපයන බන‍්ධනාගාරයේ කෙරුවාව පිළිබඳව ඇමැති වගකිව යුතුය.
සබැඳි පුවත
---------------------------
by (2016-11-19 11:04:33)
Leave a Reply
bloody bitch. fuck her
-- by ACRPerera on 2016-11-21
bloody bitch. fuck her
-- by ACRPerera on 2016-11-21 .
Holi-shit....who fucks this stinking old pussy..? Sarath N and Chandra Jaya licked daily basis and fucked like a woe. That was how this bitch joined the judiciary.
-- by C.Dias on 2016-11-22
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි