(ලංකා ඊ නිව්ස් -2016.නොවැ.12, ප.ව.11.25) භාරත ලක්ෂ්මන් ඇතුළු සිව් දෙනෙකු අමු අමුවේ මහ දවල් ඝාතනය කර මරණ දඬුවම නියමව හිරේ සිටින මිනීමරු කුඩු රජා ආර් දුමින්ද සිල්වා නීතිය නවා හෝ හොරෙන් මුහුදු මගින් හෝ රටින් පිට කිරීමේ සැලැස්මක තොරතුරු ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වී තිබේ.
මෙහි එක් ප්‍රධාන සැලසුම්කාරියක් වන්නේ කොළඹ දිසා විනිසුරු අයේෂා ආබ්දීන් නමැති හඩුකාරිය වීම විස්මය ජනක ය. මෙම හඩුකාරිය පසුගිය 10 වෙනිදා දුමින්ද සිල්වා හමුවීමට රාත්‍රී 8.30 ට බන්ධනාගාරය වෙත ගොස් ඇත. ලංකා ඊ නිව්ස් කළ සොයා බැලීමේදී ඇය බන්ධනාගාරයට ඇතුළු වූ බවට බන්ධනාගාරයේ වාර්තා වල දැක්වේ. ඇය බන්ධනාගාර රෝහලේ සිටි දුමින්ද සිල්වා හමුවූ බවට එහි වෛද්‍යවරයෙකුද සාක්ෂි සපයයි. මේ සම්බන්ධයෙන් වැඩි දුර සොයා බලද්දී දැනගන්නට ලැබුනේ දුමින්ද සිල්වා බන්ධනාගාර ගත කළ දින රාත්‍රීයේද අයේෂා ආබ්දීන් බන්ධනාගාරයට පැමිණ දුමින්ද සිල්වා හමුවී ඇති බවයි.
මෙය ආකාර දෙකකින්ම නීති විරෝධී වේ. එකක් නම් සිරකරුවන් බැලීම සවස 4.30 න් පසු අවසන් වීමෙන් පසු රාත්‍රී 8.30 ට මැය සිරකරුවකු හමුවීමයි. එවැනි නීති විරෝධී හමුවකට ඉඩදුන් බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බන්ධනාගාර කොමසාරිස් වරයා වග බලා ගත යුතුය. දෙවැන්න නම් දුමින්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණ අවසරයකින් තොරව දිසා විනිසුරුවරියක වූ අයේෂා ආබ්දීන් සිරකරුවා හමුවීමයි.
අයේෂා ආබ්දීන්ගේ තක්කඩි ක්‍රියාව සම්බන්ධයෙන් ඇයගේ වැඩ තහනම් කර වහාම පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණ සේවා කොමිසම කටයුතු කළ යුතුය.
මැය මීට පෙරද අධිකරණ සේවා කොමිසමේ පරීක්ෂනයකට ලක් වී වරද පිළිගෙන සමාව ඉල්ලා සිටින තැනැත්තියක් වීම විශේෂය. එවරද ඇය සිදුකර තිබුනේ දුමින්ද සිල්වාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු ගෝලයන්ව ඇප මත නිදහස් කර යැවීමයි. විෂ වර්ග අබිං සහ අන්තරායකාරී ඖෂධ පනතේ 54 වැනි වගන්තිය යටතේ නඩු පවරා තිබෙන චුදිතයෙකුට ඇප ලබා දිය නොහැකි නමුත් අයේෂා ආබ්දීන් එවැනි 4 දෙනෙකුටම ඇප ලබා දෙමින් නිදහස් කර තිබිණ. අවස්ථා කිහිපයකදී මෙය සිදුකර තිබුනු අතර ඒ සියළු දෙනාම දුමින්ද සිල්වාගේ කුඩු ගෝලයන් ය. මේ නීති විරෝධී ඇප ලබා දීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම විසින් අයේෂා කැඳවා පරීක්ෂණ සිදුකළ අවස්ථාවේදී ඇය පවසා තිබුනේ තමා නීතිය නොදැන එසේ කළ බවත් මින් ඉදිරියට එසේ නොකරන බවත් තමාට සමාව දෙන ලෙසත් ය. එවර සමාව ලැබූ ඇය දැන් ඉතාමත් බරපතල වරදක් සිදුකර තිබේ. අයේෂා ආබ්දීන් නමැති හඩුකාරියගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධය දැන් ඉතා හොඳින් පැහැදිලි වී තිබේ.
මීනීමරු කුඩු රජා දුමින්ද සිල්වා රටින් පැන්නවීමේ එක් සැලසුම් කාරියකගේ තතු එසේය. තවත් ප්‍රධාන සැලසුම් කරුවෙකු වන්නේ බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වන විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ජයමාන්නය. තවත් සැලසුම් කාරියක් නම් දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් ඇතුළු සිව් දෙනා ඝාතනය කළ දිනයේදී ම ඔහු සම්බන්ධයෙන් ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් සකසා ඔහු සිංගප්පූරුවට පැටවූ ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ දොස්තරවරිය මහේෂි විජේරත්න ය. තවත් සැලසුම්කරුවෙකු නම් ජයවර්ධනපුර රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ ය.
මොවුන්ගේ සැලසුම අනුව දුමින්ද සිල්වා මාසයකට ආසන්න කාලයක් උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යැයි කියා බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටියේ ය. ඉන්පසුව බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ජයමාන්නගේ ව්‍යාජ නිර්දේශ මත ඔහුව ජයවර්ධනපුර රෝහල වෙත යැවීම සිදු කරන්නේ පසුගිය 11 වෙනිදා වන ඊයේ ය. ජයවර්ධනපුර රෝහලට යැවීමට කරන ලද නිර්දේශ වන්නේ මිනීමරුවාට අමතකවීම , කරකැවිල්ල, දිගටම පවතින හිසරදය සහ කල්පනාව නැතිවීම ආදී රෝග තත්ත්වයන් තිබෙන බවයි. ඇඳ ඉහ පත් වාර්තාවේ ඒ බව දැක්වේ.
තක්කඩි ලක්ෂ්මන් ජයමාන්නගේ අපූරු නිර්දේශයක් නම් දුමින්ද ගේ රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා දීමට ඔහුට මෙයට පෙර ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර කළ වෛද්‍යවරිය වෙතම යැවිය යුතු යැයි නිර්දේශ කිරීමයි. වෛද්‍යවරුන් සාමාන්‍යයෙන් අහවලාගෙන්ම ප්‍රතිකාර ලැබිය යුතුය කියා නිර්දේශ කරන්නේ නැති නමුත් ලක්ෂමන් ජයමාන්නලාට ඒවා ගැටළු නොවේ.
ඉන්පසුව ඊයේ(11) ජයවර්ධන පුර රෝහල වෙත යැවූ දුමින්ද සිල්වා යලි හරවා එවනු ලබයි. ශ්‍රී ජයවර්ධපුර රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳ ලියනගේ නමැත්තා ඊට හේතු ලෙස දක්වන්නේ එදා දුමින්දට ව්‍යාජ වෛද්‍ය වාර්තා සකසා සිංගප්පූරුවට යැවූ විශේෂඥ වෛද්‍යවරිය මහේෂි විජේරත්න රටේ නොමැති බැවින් ඔහුට ප්‍රතිකාර ලබා දිය නොහැකි බවයි. මෙය නම් අපූරු නිගමනයකි. රෝහලකට රෝගියෙකු ඇතුලු කළ විට එහි සිටිනා වෛද්‍යවරුන් ලවා ප්‍රතිකාර ලබා දෙනවා විනා නිශ්චිත වෛද්‍යවරයා නැතැයි කියා රෝගියා හරවා යවන්නේ කුමන රටක කුමන රෝහලක් ද ? මෙහිදී සිදුවන්නේ වෙනත් වෛද්‍යවරයෙකු දුමින්දට ඉහෙන් බහින රෝගයක් නොමැති බව සටහන් කළහොත් කුමන්ත්‍රණය අසාර්ථක වන නිසා හරවා යවනු ලැබීමය. ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන පරිදි අද (12) සවස මහේෂි විජේරත්න ලංකාවට පැමිණ තිබේ.
කුමන්ත්රණයේ ඉතිරි කොටස සිදුවන්නේ මෙසේය. මහේෂි විජේරත්න නමැති තක්කඩි විශේෂඥ වෛද්‍යවරිය විසින් දුමින්ද සිල්වාට යලි සිංගප්පූරුවේ ඔහු ප්‍රතිකාර කළ රෝහලටම යැවිය යුතු යැයි නිර්දේශ කරනු ඇත. ඒ අනුව ඔහු සිංගප්පූරු යාමට අධිකරණ අවසරය පතනු ඇත. ජාවාරම් කරුවන්ගේ මුදලට ගිජුව 1833 සිට තිබූ නීතියට පයින් ගසා ටිරාන් අලස් නිදහස් කර යැවූ ලංකාවේ හොරාධිකරණය විසින් දුමින්ද සිල්වා නමැති මරණ දණ්ඩනය ලබා සිටින මිනීමරුවාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යයි කියා සිංගප්පූරුවට යෑමට අවසර නොදුන්නොත් පමණක් පුදුම විය යුතුය. ලෝකයේ දැනට මරණ දණ්ඩනය නියම වී ඇති සිරකරුවෙකුට වෛද්‍ය ප්‍රතිකාර තබා කුමන හේතුවකටවත් තම අධිකරණ කලාපයෙන් පිටතට යැවීමට නොහැකි නමුත් අවනීතියට කප් ගසා ඇති ලංකාවේ අධිකරණය ලෝක වාර්තාවක් තබමින් මරණ දණ්ඩනය ලබා සිටින දුමින්ද සිල්වා නමැති සමූහ ඝාතකයාට, කුඩු රජාට වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට කියා සිංගප්පූරුවට යෑමට අවසර දීමට ඉඩ තිබේ.
දැනටමත් ඒ සඳහා අවශ්‍ය පූර්ව ප්‍රචාරය ලබා දෙමින් සිටී. ගෝඨාභය රාජපක්ෂගේ ඔත්තුකරුවා වූ රුවන් ෆර්ඩිනැන්ඩස් නමැත්තාට අයත් මාධ්‍ය විසින් දුමින්ද සිල්වාට ප්‍රතිකාර කළ සිංගප්පුරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ වෛද්‍ය විශේෂඥයින් ඔහුගේ රෝගී තත්වය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඒවා ඇතැයි ද මේ අවස්ථාවේ දී නිසි ප්‍රතිකාර නොලැබුනහොත් දුමින්දගේ ‘ජීවිතය අවදානමක‘ පවතින බව එම වෛද්‍ය වාර්තා මගින් අනතුරු හඟවා ඇතැයි ද ප්‍රචාරය කරයි. මෙහි ඇති විකටරූපී තත්ත්වය නම් මරණ දණ්ඩනයට නියම වී ඇති මිනීමරුවෙකුගේ ‘ජීවිත අවදානම‘ ගැන කතා කිරීමට තරම් රුවන් ෆර්ඩිනැන්ඩස් තක්කඩියෙකු වී තිබීමයි.
ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වී ඇති පරිදි කුමන්ත්රණයේ ඉදිරි කොටස මෙසේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට විභාග වීමට නියමිත දුමින්දගේ අභියාචනය ඇසෙන තුරු මොහු සිංගප්පූරුවේ සිටිනු ඇත. ඉන් සහනයක් ලැබුනහොත් යලි ලංකාවට පැමිණෙනු ඇති අතර එසේ නොමැති වුවහොත් ඔහු සිංගප්පූරුවෙන් වෙනත් රටකට පලා යනු ඇත.
යම් හෙයකින් සිංගප්පූරු යෑමට අවසරය නොලැබුනහොත් දුමින්ද සිල්වා ජයවර්ධන පුර රෝහලට ගෙන යන, ගෙන එන විටෙක බන්ධනාගාරය භාරයෙන් පන්නා ගෙන මුහුදු මගින් හොරෙන් බෝට්ටුවකින් රටින් පිට කිරීමට ද දුමින්දගේ කුමන්ත්‍රණ කරුවන් සැලසුම් කර ඇති බවද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වී තිබේ.
රටක නීතියේ ආධිපත්‍යය පවතිනවා නම් මෙවැනි දෑ කිසිසේත්ම සිදුවිය නොහැක. තමන් අධිකරණ ඇමැතිව සිටින තුරු අපරාධකරුවෙකු ලෙස චෝදනා ලත් ගෝඨාභයව අත් අඩංගුවට ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි ප්‍රසිද්ධියේ කියන අධිකරන ඇමැතියෙකු සිටින තුරු ඒ රටේ නීතියේ ආධිපත්‍යය ගැන කතා කිරීම විහිළුවකි.
ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් ප්‍රධාන වගකීමක් වන්නේ නීතියේ ආධිපත්‍යය රට තුල සහතික කිරීමය.
වැඩි දුර කියැවීමට පුවතක්
---------------------------
by (2016-11-13 16:39:35)
Leave a Reply
අයේෂා ආබ්දීන් හඩුකාරියගේ සම්බන්ධය
මෙහි එක් ප්‍රධාන සැලසුම්කාරියක් වන්නේ මාලිගාකන්ද අධිකරණයේ මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් නමැති හඩුකාරිය වීම විස්මය ජනක ය. මෙම හඩුකාරිය පසුගිය 10 වෙනිදා දුමින්ද සිල්වා හමුවීමට රාත්‍රී 8.30 ට බන්ධනාගාරය වෙත ගොස් ඇත. ලංකා ඊ නිව්ස් කළ සොයා බැලීමේදී ඇය බන්ධනාගාරයට ඇතුළු වූ බවට බන්ධනාගාරයේ වාර්තා වල දැක්වේ. ඇය බන්ධනාගාර රෝහලේ සිටි දුමින්ද සිල්වා හමුවූ බවට එහි වෛද්‍යවරයෙකුද සාක්ෂි සපයයි. මේ සම්බන්ධයෙන් වැඩි දුර සොයා බලද්දී දැනගන්නට ලැබුනේ දුමින්ද සිල්වා බන්ධනාගාර ගත කළ දින රාත්‍රීයේද අයේෂා ආබ්දීන් බන්ධනාගාරයට පැමිණ දුමින්ද සිල්වා හමුවී ඇති බවයි.
Sarath N Silva meyawa judiciary ekata gaththe wena kaagewath uwamanawata nowa, ewakata adikarana sewa komisame lekam patta paahara wal ballaku wana CHANDRA JAYATHILAKA ge rekamadaruwa mathaya, a gaththe da meyata melo hasaraka sudusukamak thibiyadee nowa. ekama sudusukama Sarath ge bodhi poojaawalata pansal gaane yaama magin ma eya monawata pehedili we. pansal wala meya rasthiyaadu wana chaayaa roopa [ pics ] o,naa taram awashyanam apa sathuwa thibe. Sarath silva, chandra jayathilaka pasukaleka adikaranasewayen giyada, inpasu pamini CJ la okomalaada meyawa nalawana ladi. warthamaana CJ da karanne eyamaya. adikarasewaya me waage gandassaara kunu ewun nisaa yahapath vinisuruwarungeda namata nigaawaki.
-- by Yakadaya. on 2016-11-12
len we are very much great full to you for reveling theses details. Only problem is that rulers wont take notice of theses revelations except for some instances. You have been telling about defense secretary close rouge of Gotha but still nothing happen. Kojjer is still there as long as My 3 is in power to get them out will be difficult. If you can please let us know the allegation made by Anura Kumara about P.M sheiding Shiranthi Rajapakshe not allowing to proceed with inquiries against her.
-- by Lion on 2016-11-12
අපේ රටේ ජනාධිපතිගේ/අගමැතිගේ කතාවක් දැම්මම බලන්නේ 200-300 කට අඩුවෙන්.එත් පිලිපීනයේ ජනාධිපතිගේ කතාවක් ලක්ෂ 25 ක් විතර බලනවා.ඒ මොකද?වුන පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉස්ත කරන නිසයි.කරන්න බැරි පොරොන්දු නොදෙන නිසයි.මම වුනත් බලල "බැලුවො" එකකින් වැඩි කරන්න කැමති නැහැ.ඒ තරමටම අප්‍රසන්නයි.
-- by tikiri banda on 2016-11-13
weradikarana ewun elawanna berinam JSC eka wahaama visiuruwaaheriya yuthuya. nethahoth janathaawa adikaranayata goo gasana dinaya atha langa ya.
-- by Kamal on 2016-11-13
මං බන්ධනාගාරයට ගියා තමයි: ඒත් රාත්‍රියේ නොවේ: දුමින්ද පමණක් නොව තිස්ස අත්තනායක, වාස් ගුණවර්ධන, මත්ද්‍රව්‍ය වලට හසුවූ විදේශික සිරකරුවන්ද හමුවී තියෙනවා -අයේෂා ආබ්දීන් දිසා විනිසුරුවරිය ලංකා ඊ නිව්ස් පුවතට ප්‍රතිචාර දක්වයි .- LeN, me gon thakathiru gaanunta kemathi vidihata kisima media ekakata reply karanna ba, a kath waradak. me Ayesha Abdeen kiyana heroin naduwaka kudu karayakuta bail denda bari naduwaka bail dunna. a kudu dumindage golayek. a welawewath JSC eka meya gedara yewwe na. ape rate usaavi anaathai LeN. konda kelin thiyan wedakarana, nadukarawaru athalossatath dan paare behela yanda ba. mewwata janadipathi, agamethi, cj, JSC eke inna anith ponna samajikayo okkoma wagakiyanda o,ne.. nodakin ape rata. iwarai.
-- by Manoj on 2016-11-13
meyawa thawath nalawa nalawa inna JSC eka wahaama illaa asviyayuthui. thawath thepara babaa inne mekita transfer ekak deela thawath adikarana sewaye thiyaganda . meyaa LeN ekata deela thiyana reply ekemma meyaawa eka dawasin gedara yawanda puluwan kondak thiyana JSC ekak thibunanam, nodakin ape adikarane. janathaawa balagana inne me vihilu. usaavi walata ena minissungen goo gahagana, goo naala, kaala yanna nadukaarayo meetapasse.
-- by Yakadaya on 2016-11-13
me ratata deyyane mokadda veegana yanne. moleyak kiyala ukunu hisaka tharam moleyak cj ta , JSC eke inna padikakaa inna ayata nedda hath deyyane..? huxxx lokui rate neethiyata wadaa.
-- by 2Ke-Lamaya on 2016-11-13
JSC eke dan inna Secretary tath kondak netha. dath 32 kama pennagana hee...gaagana hinaawakin hema prashnayakadeema kanda-bada beragannawa. JSC Secretary ta vishala wagakeemak thibenne JSC eke inna CJ saha anikuth members lata karunu niweradiwa warthaakara, gathayuthu kriyaamargayan monawaadai pahadaa deemai. ewennak kireemata kondak nethi bayagullo wedak nehe
-- by Saman on 2016-11-13
THILINA GAMAGAE GE INQUIRY EKA KO.? GATHTHU PIYAWARA MOKADDA? CJ WEWLANAWA A ALI HORAA ISSARAHA. ME WAGE PONNA JSC EKAK, CJ KENEK TA ADIKARANE HADANDA BAA. KUJEETHAI DAN USAAVI. THILINA GAMAGE GE HORA THAKKADI WEDA WALATA GATHTHU PIYAWARA MOKADDA? MECHCHARA KAL GANNA O,NE DA INQUIRY EKKATA. ? INQUIRY EKA KARANA VINISURU WARU KAWDA KIYALA RATATAMA HELIKARANNE NETHTHE AY JSC EKA? OKKOMA HORU. RATA IWARAI, USAAVI IWARETAMA IWARAI. GOO GAHANA DINAYA ATHA LANGA.
-- by Janathawa on 2016-11-13
Lanka Enews danne neththan kiyanne, me hora baduwa Kudu Duminda balanda Singaporuwatath giya waga danne nedda? me hora baduwa Australiyawata giyaa, Australawedi immigration eken serama check kalaa , bags serama avussala, sniff dogs la daala check kalaa. Australiawata athulwenna dunne naa. aapahu Australiawen pituwahal keruwa ewelema. mewwa dena denath JSC eka udabalaagana inne okkoma horu nisaa pamanai.
-- by Kaluwitharana on 2016-11-13
Well done len we are always with you
-- by lion on 2016-11-14
mema thathvayata rata pathvee aththe yahapaalana naayakayange diyaaru paalanaya nisai. ein viruddhvaadeen uparima prayojana ganimin sitithi.Danvath janathaavata dun porondu itu karanna.duushithayange pareekshana ikmanin avasan karanna.
-- by nareen on 2016-11-14
ලංකාවේ අධිකරණය දැඩි දදුවම් දෙන්නේ එදා වේල හොයා ගන්න බැරිව කොස් ගෙඩියක් කඩාපු අසරනයෙකුට,බද ගින්නට පාරේ දෙපැත්තේ බතල අල ගලවපු අසරනයෙද්කුට මිසක් පට්ට හොරුන්ට,කම්බා හොරුන්ට,මිනීමරුවන්ට,කුඩුමුදලාලිලට නෙමෙයි.යකෝ රාජපක්ෂලාගේ මහින්දගේ,බැසිල්ගේ,නාමල්ගේ,ශිරන්තිගේ ඉදල රටේ ගස කාපු දනස්කන්දය ලෝකයේ හංගල තියෙනවා.එක සතයක් හොයා ගන්න පුළුවන් වුනාද?සතියක් හිරේ තියන්න පුළුවන් වුනාද?රාජපක්ෂලා ඉස්සරට වඩා හොදින් දැන් ඉන්නවා.
-- by tikiri banda on 2016-11-14
me seratama wagakiyanda o,na Agavinisuru athulu Judicial Service commission eka. anik eka me dan inna wage pathola-wetakolu CJ kenek pathkorapu ekata Janadipathith wagakiyanda o.ne. nadukarayo/kaariyo pahala adikaranawala sita ihalama adikaranaya dakwaama bahutharaya unta o,naa o,naa hora jawaram, karamin da, neethiyak gaavilaawath nathi unge amma-appage boodalen genaa neethi anuwa niyoga theendu demin weda karagana yana bawa dena denama, kata-puka wahagana ponnayaku se siteema adikaranaye moolikama piriheemata hethuwai. mulu ratama walapallata gos hamaaraya. goda gannata baritharamata mada johoruwe eree thibe. uthurana goo vimaanayak bawata pathvee thibe.
-- by Narasingha on 2016-11-14
ADIKARANA SEVA KOMISAN SABAWE INNE PONNAYO RELAK DA?
-- by 2ke-Lamaya on 2016-11-14
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි