~

වීරවංශ මාලිගාවේ අබිරහස් ඝාතනය ගැන පරීක්ෂණ ජනාධිපති නියමයෙන් සීඅයිඩියට පවරයි..! මරා දැමුණු ලහිරු තරුණ මදයෙන් ඉල්පී ගිය සෙල්ලක්කාරයෙක්..! සාක්කිකරුවෙක් කියයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.03, පෙ.ව‍‍‍‍‍‍‍‍‍‍.6.25) ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ හෝකන්දර මාලිගාවේ රාත්‍රිය ගත කරද්දී අභිරහස් ලෙස මරා දැමුණු බවට සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක (24) තරුණයාගේ මරණය පිලිබඳ පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩිය වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් බාර දී තිබේ.

කොල්ලුපිටිය පාදක කර ගත් ඉහල දේශපාලන නායකත්වයක කාර්යාලයකින් මිරිහාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත ලබා දුන් නියෝගයක් මත මෙම අබිරහස් මරණය පිලිබඳ විමර්ශන යටපත් කරන ලද බව ලංකා ඊ නිව්ස් විසින් හෙලිදරව් කරන ලදී.

මෙම අබිරහස් මරණය පිලිබඳ පොලිස් විමර්ශන නිසියාකාරයෙන් සිදු නොවන බවත් වෛද්‍ය පරීක්ෂණ නිසියාකාරයෙන් සිදු නොවන බවත් ලංකා ඊ නිව්ස් සාක්ෂි සහිතව හෙළි කෙළේය. 

ලංකා ඊ නිව්ස් කරන ලද හෙලිදරව් කිරීම උපුටා පළ කළ වෙබ් අඩවි කර්තෘවරුන්ට වීරවංශගේ මැරයන් විසින් මරණ තර්ජන කර තිබූ අතර එම කර්තෘවරුන් ඒ පිලිබඳව පොලිසියට පැමිණිලි කර ද තිබිණ.

යහපාලන රජයක් යටතේ පවා දේශපාලන බලවතුන්ට නීතියට ඉහලින් යා හැකි බව පෙන්නුම් කළ විමල් වීරවංශගේ නිවසේ අබිරහස් ඝාතනය ගැන සිදුවීම් නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා මෙකී අබිරහස් මරණයේ පරීක්ෂණ පසුගිය 01 වෙනිදා සීඅයිඩිය වෙත බාර දී තිබේ. 

රහස් පොලිසිය පරීක්ෂණ සිදු කරන්නේ නම් ඝාතනයට ලක්වූ තරුණයාගේ ඥාතීන්ට මිතුරන්ට පවා තොරතුරු සඟවා සිටිය නොහැකි වන අතර එලෙස සත්‍ය වසන් කළ හොත් ඔවුන්ද අපරාධයකට අනුබල දුන් අය සේ සැලකෙනු ඇත. 

මේ අතර ඊයේ රාත්‍රී (02) ලංකා ඊ නිව්ස් වෙත සාක්ෂි කරුවෙකුගෙන් ලැබුණු තොරතුරු අනුව මරා දැමුණු ලහිරු ජනිත් දිසානායක තරුණයා හෙරොයින් වැනි මත් ද්‍රව්‍ය භාවිතා කර නැත. මත්පැන් ලැබුනොත් භාවිතා කරන, සෙල්ලක්කාර සහ තරුණ මදය ඉහටත් උඩින් තබා කටයුතු කළ විනෝදකාමී තරුණයෙකි. වෙනත් වචන වලින් කියන්නේ නම් ඔහු නැබට පහලින් නෑදෑකම් නැතැයි යන ප්‍රකට කියමන දේව වාක්‍ය සේ සලකා කටයුතු කළ තරුණයෙකි. ඔහු ඉතාමත් නිරෝගී සහ ජව සම්පන්න ශක්තියකින් හෙබි තරුණයෙකි. කිසිදා හදවත් රෝගයකින් මිය යා නොහැකි බව ලංකා ඊ නිව්ස් සාක්ෂි කරු පවසන්නේ ය. විමල් වීරවංශ එම මළ ගෙදර ගියේ එකම එක වතාවක් පමණක් බවද සාක්ෂි කරු වැඩි දුරටත් කීය.  

 

සබැඳි පුවත්

‘‘මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක් තොපිට මොකෝ..?“ වීරවංශ මැරයන්ගෙන් අභිරහස හෙළිකළ වෙබ් අඩවි කතුවරුන්ට මරණ තර්ජන..!

වීරවංශගේ නිවසේදී මරා දැමුවා යැයි සැක කෙරෙන තරුණයාගේ සිරුරේ ලිංග ප්‍රදේශය පුරා ශුක්‍රාණු තිබිලා: ඉහල දේශපාලන නායකත්වයකින් පරීක්ෂන යට ගහලා: අලුත්ම හෙළිදරව්ව..!

මෛත්‍රීගේ පුතා දහම් සමග රාත්‍රිය ගත කළ මිතුරෙකුගේ මළ සිරුර පසුදා හමු වී නම් වීරවංශ කරන කථාව

ළහිරු ජනිත්, වීරවංශ නිවසේදී මරා දැමුවාද? මළ සිරුර කැපූ අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් විවෘත තීන්දුවක්..! කොටස් රස පරීක්ෂකට..!! මිය ගියේ වීරවංශ දියණියගේ පෙම්වතා: අපට සැකයි: මිතුරෙක් කියයි (Voice)

වීරවංශගේ නිවසේ තිබී සැක කටයුතු තරුණ මළ සිරුරක් හමුවේ: නහයෙන් ලේ ඇවිත්: සිරුරේ තැලුම් පහරවල්: බිරිඳ සහ පුතා පොලිසියට

 

---------------------------
by     (2016-11-03 01:30:14)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

කොල්ලුපිටිය පාදක කර ගත් ඉහල දේශපාලන නායකත්වයක කාර්යාලයකින් මිරිහාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත ලබා දුන් නියෝගයක් මත මෙම අබිරහස් මරණය පිලිබඳ විමර්ශන යටපත් කරන ලද බව ලංකා ඊ නිව්ස් විසින් හෙලිදරව් කරන ලදී. me horu mokkuda kiyala denaganda mahajanathaawatath a horu mokkuda kiyala nam pitin daanne neththe ay LeN? Kawda a loku pora call deepu SSP ta? Yako meka thaama MaRa Gota system ekada thiyenne yahapaalaneth?
-- by Pakeya on 2016-11-03

මේ මිනිමරුමක්ම වෙන්න ඕනේ කියල හිතෙන්නේ මොකද මේ සිද්දිය ලංකාවේ කිසිම මාද්යකින් පල කලේ නැහැ.ලංකාදීපය ,දිවයින ,ලක්බිම,සිළුමිණ.... සිට බුදු සරණ දක්වා හැංගුව.එහෙම දෙයක් වුනාද කියලවත් මාද්‍ය දන්නෙත් නැහැ.යකෝ තවම අපේ රට පාලනය කරන්නේ රාජපක්ෂලද?නැතිනම් විමල්ද?අර අපි වුපරිමයෙන් කරලා පත් කර ගත්තු "ගොන් බිජ්ජෝ"දෙන්න රටේ නායකයෝ වෙන ඉන්නේ නමටද?මේ විදිහට ඕනෑම දේශපාලකයෙකුට පුළුවන්නේ තමන්ගේ විරුද්ද වාදියෙක්ව මරලා ,මාද්යෙනුත් හැංගිලා නඩු හබ වලිනුත් හැංගිලාහිරේ විලගුවේ වැටෙන්නේ නැතිව ඉන්න.රටක් වශයෙන් මේ දෙන්නේ බොහොම වැරදි පුර්වදර්ශයක් නේද?
-- by tikiri banda on 2016-11-03

to me look like a heavy blow to the head was the cause of death. that is why bleeding from the nose. if you had sperm on sexual organ mean you can have DNA of the his sexual partner, which can identified easily ඔලුවට බරපතල හානි වීමෙන් හෝ තද පහරක් ඔළුවට වැදීමෙන් ඒ හැර වෙන කිසි දෙයක් නොවේ. නිල පැහැති ලකුණු පහර දිමක ලකුණු හැර වෙන කුමක්ද? අධිකරණ වෛද්‍ය වරු ලහිරුගේ හිස් කබල පරීක්‍ෂා කොට ඇතිද?.රහස් පොලිස් පරීක්ෂණ පටන් ගත යුත්තේ එතැන් සිටයි. මේවා කෙරේවිද?අහිංසක තරුණ ජිවිතයක් දේශපාලන උවමනාවන් නිසා මැකි යයිද?. ඔහු ගේ ලිංග ප්‍රදේශයේ ශුක්‍රානු තිබුනා නම් ඔහු මිය ගිය ගෙදර බවලතුන්ගෙන් අහන්න, අනිවාර්යෙන්ම කාන්තා ඩි එන ඒ සොයා ගත හැකි.
-- by Hendry G on 2016-11-03

විමල් ට හරි හමන් වුගත් කමකුත්(8 සමත්) නැතිව,අපි දන්නා කාලේ ඉදල ජීවිතේට රැකියාවක් කියල දෙයක් කරන්නෙත් නැතිව,දෙමාපියන්ගෙන් කියල මහා ලොකු දේපලකුත් නැතිව,ගැනිගෙන් මහා ලොකු දෑවැද්දක් (ගොනාව කරගහනකොට මොන දැවදීද?),විමලයට රෙන්න යන්න හරි හමන් කක්කුස්සියක්වත් නැතිව(කුරුණෑගල මු ඉන්න කාලේදී වතුර බාල්දියක් වුස්සගෙන යන්න ඕනේ කක්කුස්සියක් තමයි පාවිච්චි කරලා තිබුනේ),එක පාරටම වනචර දශකයේදී කෝටි ප්‍රකෝටි පතියෙක් වුනේ කොහොමද?අධි සුකොපබෝගී නිවාස 3-4 ක් ගත්තේ කොහොමද?සුපිරි හෝටල් 3-4 කට හිමිකම් කියන්නේ කොහොමද කියල සොයන්නවිමල් රුපියල් කෝටි 2000 කට වත්කම් කියන්නේ කොහොමද?.අනිවාර්යෙන්ම දැඩි දදුවම් දෙන්න.රටේ කන්න අදින්න නැතිව ,තේ කහට කෝප්පය බිල සෙරෙප්පු දෙකක් නැතිව අඩු පහසුකම් සහිත පාසලට යන දරුවන් ලක්ෂ ගණනක් ඉන්න රටක,අසරණ දුක් විදින ජනතාවක් සිටින රටක මහජන මුදල් ගසා කාපු අවුන්ට හෙනම ගහනවා.හෙනම ගහනවා.හෙනම ගහනවා.ඕකුන්ට මහා රජාටත් හෙනම ගහනවා.
-- by tikiri banda on 2016-11-05

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links