~

වනචර දශකයේ මහජන මුදල් ලක්ෂ 75 ක් ගසා කෑම නිසා හිරේ ගොස් මන්ත්‍රීකම අහෝසි වන ප්‍රථමයා සහ ඔහුගේ ගෝත්‍රික හොරකම ගැන සම්පූර්ණ හෙළිදරව්ව

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ඔක්.30, පෙ.ව‍‍‍‍‍‍‍‍‍.3.50) ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලකගේ හෝ අධිකරණ ඇමැති විජේදාසගේ හෝ දුරකථන ඇමතුමකින් තීන්දුව වෙනස් නොවන්නේ නම් රාජපක්ෂලාගේ වනචර දශකයේ හොරකම් නිසා ප්‍රථමයෙන්ම අච්චු ලබා මන්ත්‍රී ධූරය අහිමිකර ගන්නා මරාවාදී මන්ත්‍රීවරයා ඔහු විය හැකිය. හේ නම් පා.ම. කාංචන විජේසේකර නම් විය. 

පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මරා පාලනය තිබූ වනචර දශකයේ 2008 වර්ෂයේදී උපුල්වන් ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ වරයාව (යක්ෂ නිලමේ) හිඳිමින් සිදුකළ රුපියල් ‎73 ලක්ෂ 90 දහස් 658 ක මූල්‍ය වංචාවක් පිළිබඳ පුරා වසර 7 ක් විභාග වූ නඩුවක තීන්දුව මාතර දිසා අධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

අදාල චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර වරදකරු වුවහොත් මහ උළු ගෙදර උළු ගණන් කිරීමට ඉඩ සැලසෙනු අතර රාජපක්ෂලාට විසිටින් ගොස් එන අතරේ ජඩමාධ්‍යයට වොයිස් කට් දීමට තවත් අවස්ථාවක් ලැබෙනු ඇත. 

කංචන විජේසේකර යනු දකුණේ ප්‍රකට දේශපාලඥයකු වූ මහින්ද විජේසේකරගේ පුත්‍රයා ය. පියා මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මොළයට සිදු වූ හානියෙන් මන්ද මානසික තත්වයට පත්ව ඇත. පියාගේ දේශපාලන ජීවිතය එසේ අහවර වෙද්දී කාංචන පියාගේ නම විකුණමින්  දේශපාලනයට පිවිසෙන්නේ ය.

දේවිනුවර විශ්ණු දේවාලයේ බස්නායක නිලමේ වරයා ලෙස තේරී පත් වන කාංචන ගේ හැසිරීම පියාගේ ක්‍රියා කලාපය පරාජය කෙළේය. පියාද එම දේවාලයේම බස්නායක නිලමේ වරයා වී කලක් රජ මානසිකත්වයෙන් සිටි බව නොරහසකි. පියා තුල තිබූ ගෝත්‍රිකවාදී සංකල්ප සියල්ලම කාංචන තුල ද තිබිණ.

2008 වසරේ දෙවිනුවර ඇසල මංගල්‍ය සමයේ දේවාලයේ බස්නායක නිලමේ වූ කාංචන විජේසේකර හැසිරෙන්නේ බස්නායක නිලමේ යනු ප්‍රදේශයේම මුලාදෑනියා ලෙස ය. දෙවිනුවර මහජන ක්‍රීඩාංගනය නොහොත් අතීතයේ කෝපියාවත්ත යන භුමියේ 1977 සිට ඇසල සල්පිල පවත්වයි. මෙහිදී සිදුවන්නේ පෙරහැර තිබෙන කාල සීමාවේදී අදාල භූමි භාගයේ කඩ වෙළඳ සැල් ඉදිකර සල්පිලක් පැවැත්වීම හා යාබද ප්‍රදේශයේ රථ ගාල් කිරීම තුලින් ටිකට් පතක් මාර්ගයෙන් දෙවිනුවර ප්‍රාදේශීය සභාව ආදායම් ඉපැයීම ය.

විශ්ණු දේවාලයේ ඇසල මංගල්‍යට සමගාමීව දෙවිනුවර ප්‍රදේශීය සභාව අදාළ ව්‍යාපාර කටයුත්ත සංවිධානය කරනු ලබන්නේය.

‎1977 - 03 - 22 සිට දෙවිනුවර මහජන ක්‍රීඩාංගනය නොහොත් කෝපියාවත්ත රජයට අයිති ඉඩමකි. එහි අයිතිය දෙවිනුවර ප්‍රදේශය සභාවට පවරා දී ඇත. ඇසල සල්පිල සෑම වසරකම පැවැත්වෙන්නේ අදාළ ප්‍රාදේශීය සභා ක්‍රීඩා පිටියේ  නිත්‍යානුකුලව ප්‍රදේශ සභාවට හිමි දේපල තුල ය. සෑම වසරකම සල්පිල පැවැත්වීම සඳහා නිවැරදි ටෙන්ඩර් පටිපාටියක් ප්‍රාදේශීය සභාව ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව 2008 වර්ෂයේදීත් දෙවිනුවර ප්‍රාදේශීය සභාව ‎2008-07-05 දිනමිණ පුවත්පත් දැන්වීමකින් සල්පිල සංවිධානයට ටෙන්ඩර් කැඳවන ලදී. ඉහල ලන්සුවක් තැබූ පී.කේ. රත්නසිංහ මහතාට දෙවිනුවර ප්‍රදේශීය සභාවේ මුදල් හා ප්‍රතිපත්ති කමිටුව විසින් ඇසල සල්පිල සංවිධාන කටයුතු භාර දීමට තීන්දු කරන ලදී.

මේ සිදුවීම් දෙස බලා සිටි මරාවාදී දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ කාංචන විජේසේකර දේවාරූඪය වෙනුවට යක්ෂාරූඩ විය. වහා ලිපියක් මාර්ගයෙන් ‎2008-07-27 ඊනියා ස්ථාවරයක් ඉදිරිපත් කරන ලදී. එනම් 1986 මගේ පියා (මහින්ද විජේසේකර) බස්නායක නිලමේ වරයා සිටි කාලයේදී ඇසල සල්පිල පැවැත්වීමේ අයිතිය දේවාලයට පවරාගත් බවත් 1991 අධිකරණය එය එසේම තහවුරු කර ඇති බවත් ඇසල සැණකෙළියේ වියදම් පියවා ගැනීමට මෙවර ඇසල සල්පිල දේවාලය විසින් සංවිධානය කරන බවත් දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ ලෙස කාංචන විජේසේකර තමාට අයිතියක් ඇති බවත් එම ඊනියා ස්ථාවරය විය. 

නමුත් සල්පිල පැවැත්වන ඉඩම ප්‍රාදේශීය සභාව සතු බවද කාංචන පිළිගෙන තිබිණ.

ප්‍රාදේශීය සභාව සමග තර්ක විතරක් මැද යක්ෂාරූඪ නිලමේ කාංචන විජේසේකර 2008 අගෝස්තු 8 හෝ ආසන්න දිනක අදාළ ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමේ ඇසල සල්පිල සංවිධානය ආරම්භ කරන්නේ නීත්‍යාණුකූලව නොව ඒකාධිපති මරාගේ දේශපාලන බලය සහ මැර බලය යොදා ගෙන ය. කාංචනගේ ක්‍රියා කලාපය පිලිබඳ දෙවිනුවර ප්‍රාදේශීය සභාව ‎2008 -08 - 13 දින අධිකරණයට කරුණු වාර්තා කරන ලදී. එහිදී අධිකරණය නඩු අංක FPL 621 යටතේ මාතර දිසා අධිකරණය කාංචන විජේසේකර බස්නායක නිලමේ වරයාට සහ ඔහුගේ සහායකයන්ට එම ඉඩමෙන් ඉවත්වන ලෙසත් සල්පිල පැවැත්වීමේ අයිතිය ප්‍රාදේශීය සභාව සතු බවත් ප්‍රකාශ කරමින් නියෝගයක් නිකුත් කරන ලදී.

අධිකරන නියෝගය සමග බස්නායක නිලමේ කාංචන විජේසේකර හමුවීමට යන ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට අමුතිත්ත කුණුහරුපයෙන් බැන වැදී එළවා දමන්නේ මරණ තර්ජනද එල්ල කරමිනි. උසාවි තීන්දුව තම අතට භාර නොගෙන සිටීමට කාංචන විජේසේකර දිගින් දිගටම ක්‍රියා කෙළේය. 

මෙසේ අධිකරණ නියෝගයට අවනත නොවූ කාංචන විජේසේකර සහ මැරයෝ ඇසල සල්පිල තම ගෝත්‍රික අධීක්ෂණය යටතේ තබා ගනිමින් රිසිසේ ලාබ පිට ලාබ ඉපැයීම ආරම්භ කරන ලදී. අනතුරුව ප්‍රාදේශීය සභාව වෙනදා රථවාහන ගාල් කර උපයන ආදායමද කාංචන විජේසේකර නිලමේ වරයාගේ ගෝලයන්ගේ අතට පත්විය. නීතිය මෙන්ම සමස්ත පරිපාලනයද අතට ගත් කාංචන නිලමේවරයා ‘දෙයියන්ගේ හාල්‘ රෑ මෙන්ම දවාලේ පවා මං කොල්ල කෑවේය.

සිදුවූ දේ පිලිබඳ ප්‍රාදේශීය සභාවට දෙවියන්ට පවා කීමට නොහැකි වුයේ අධිකරණ තීන්දුවක් පිළිනොගත් යක්ෂාරූඪ නිලමේ වරයා පාලනය කරන දේවාලයේ දෙවියොත් අපිව පිළිගනීද යන ගැටලුව නිසා ය. මරාගේ මැර බලයත් දේවාල බලයත් දෝතට ගත් කාංචන විජේසේකර නිලමේවරයා තමා අධිකරණයටත් යටත් නොවූ බව කියමින් පාරම්බෑවේය.

2008 වසරේ සිදුවූ මෙම මහා ගෝත්‍රික මංකොල්ලය මුලික කරගත් නඩුවක් මාතර දිසා අධිකරණයට 2009 ජුනි 25 වන දින SPL 641 යටතේ ගොනුකරන්නේ දෙවිනුවර ප්‍රාදේශීය සභාවයි. අදාළ නඩුවේ ප්‍රධාන වග උත්තරකරු වන්නේ කාංචන විජේසේකර ය. අදාළ පරීක්ෂන අනුව දෙවිනුවර ප්‍රාදේශීය සභාවට සිදුවී ඇති පාඩුව සහ බස්නායක නිලමේවරයා බලහත්කාරයෙන් උපයා ඇති අයුතු ලාභය ලක්ෂ 75 කට ආසන්න බව නඩුවට ගොනුකර ඇති ලිපි ලේඛන වල සඳහන් වේ.  කාංචන විජේසේකරට වහා තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ප්‍රාදේශිය සභාවෙන් කොල්ල කෑ රුපියල් ‎73,90,658.00 මුදලට පොලිය සහිතව යලි ලබාදෙන ලෙසත් ඉල්ලා නඩුව ගොනු කරන ලදී.

අදාළ සිද්ධින් සලකා බැලු අධිකරණය 2009 දී සල්පිල පැවැත්වීමේ අයිතිය යලි දෙවිනුවර ප්‍රාදේශීය සභාවට පැවරූ අතර ප්‍රාදේශීය සභාවෙන් කොල්ල කා ගත් රුපියල් ‎73,90,658.00 මුදල සඳහා නඩු විභාගය මේ දක්වාම කාංචන විජේසේකර නම් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝත්‍රිකයාට විරුද්ධව මාතර දිසා අධිකරණය විභාග විය. පුරා වසර 7 ක් අධිකරණය නඩුව විභාග කර ඇත. මේ වනවිට ඉතිරිව ඇත්තේ බස්නායක නිලමේ වරයා ලෙස සිටිමින් 2008 වසරේ සිදුකල වංචාවට එරහි නඩුවේ තීන්දුව වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ලබා දීම පමණි. එදා ‎2008-08-13 අධිකරණ තීන්දුව ඔහු විසින් පැහැර හැර ඇත. එය අධිකරණයට අපහාස කිරීමකි. 2009 දී අධිකරණය දෙවිනුවර ප්‍රාදේශීය සභාවට වාර්ෂික ඇසල සල්පිල පැවැත්වීමේ නිල අයිතිය ඇති බව පිළිගෙන ඇත.

එසේ නම් 2009 වර්ෂයේදී දෙවිනුවර ප්‍රාදේශීය සභාවෙන් කොල්ල කෑ ඇසල සල්පිලේ රුපියල් ‎73,90,658.00 මුදලට වැරදි කරු වීමේ ඉඩකඩ වැඩිය. අධිකරණ නියෝග පැහැර හැරීම සහ මුදල් වංචාව මත වරදකරු වුවහොත් කාංචන විජේසේකර මන්ත්‍රීගෝත්‍රිකයා තම පියාටත් වඩා ඉතාමත් අඩු කාලයකින් දේශපාලනයෙන් සමුගැනීමට සිදුවනු නියත ය. මන්ද මාස 3 කට වඩා සිරගත වුවහොත් මන්ත්‍රී ධූරය අහෝසි වීමත් ප්‍රජා අයිතිය අහෝසි වීමත් සිදුවන බැවිනි.
 
එපමණක් නොව කාංචන විජේසේකර නමැති ගෝත්‍රික දේශපාලකයා මරාගේම ගෝත්‍රික සංකල්ප මත ක්‍රියා කර ඇති බවට තවත් සාක්ෂිකයක් මතු වෙයි. එනම් ඔහු පළාත් සභා මැතිවරණයට තරග කරන අවස්ථාවේදී ප්‍රාදේශීය සභාවට අයත් ජීප් රථයක් මැතිවරණ කටයුතු සඳහා මරාගේ සහය ඇතුව ලබාගෙන ඇත. ඉන් පසුව මෛත්‍රිපාල ජනපතිතුමා පත් වූ වහාම තම ගජ මිතුරු තජික එදිරිසිංහගේ ගරාජයේ එම ජීප් රථය හංගන ලදී. පසුව එම රථය FCID මගින් සොයා ගත් අතර දැනට එම ජීප් රථය මාතර පොලිසිය භාරයේ ඇත. මේ සම්බන්ධයෙන් තජික එදිරිසිංහ මාතර පොලිසියට කට උත්තරයක්ද දී ඇත. 

කාංචන විජේසේකර නමැති මන්ත්‍රී ගෝත්‍රිකයාගේ  දේශපාලන ජීවිතය රැක ගැනීමට දැන්නම් උපුල්වන් දෙවියන්ටවත් නොහැකිය. නඩු තීන්දු වෙනස් කිරීම සඳහා විනිසුරුවරුන්ට දුරකථන ඇමැතුම් දෙන ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටින ජනාධිපති සම්බන්ධීකරණ ලේකමා සහ ජනතාද්‍රෝහී අධිකරණ ඇමැතියා ගැන ජනතාව බලා ගනු ඇත. 

---------------------------
by     (2016-10-29 22:44:20)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  10 discussion on this news

Me naduwe theenduwa deemata niyama sudusso…:- Godol wasantha alias Wasantha Kumara, [ponna junior magistrate specialist in sarath silva's pooja organizer], velichcha yoniyak athi Matara magistrate Miss. Dela, MaRa Basil Namal, Thilina Gamage Wijedasa, Shiral, Avantgurard Hora yana me ayage padayata nadu ahana Gihan Pilapitiya, Kanishaka Wijerathna, Nilminie Ferdinandz, Kavindra Nanayakkaara, Sumudu pemachandra, Manjula thilakarathne, Moneylol Ydyathilaaka, Bandula Karunarathna, Wasantha Jinadasa, Lafar thahir, Arfa Thasim, Shiran Gunarathna, Telefix Peiris ge sundaree Menaka Wijesundara, hora Dilip Nawaz, ponna Buwaneka Aluvihare, Rohini Perera, Eva wanasundara, Basil ge legal adviser Priyantha Jayawardana, Mohan Senevirathna, Damith thotawaththa, Padman Soorasena, Heyyanthuduwa, Lalith uncle ge Kusala Weerawardana, mongal Sampath Hewawasam[sumudu pemachandrage bath gotteki], Padman Soorasena, Aravinda Perera[Gota ge gotta], Poogoda magistrate Pathirana, Mount Lavinia Magistrate Mohomad Sahabdeen, Amal Thilakarathna [ Eknaligoda naduwe horunta mineemaruwanta bail dun ponnayaa] thawada me athara nam nodannaa vishala nawaka junior magistrate la pirisak[sumudu pemachandra ge golain], thoraagena me naduwata haa, me haa samaana thawath mahaa horakam walata adaala nadu walatada, FCID naduwalata, Bribery naduwalata, vibaga kara theendu deemata pathkoraganne nam YAHAPALANA SIRA GE prathipaththiya anuwa horun gedara yaveeme mahaaa vyaaparaya ithaama sarthaka wanu atha. Emanisaa Sirisena lokko onna nam list eka, “me lipiye sandahan naduwatath me atharin keneku thoraganna, obage herdashakshiyata anuwa a sattambi vini-sorun nadu asaa theendu labaa denu nisekaya. Read more: ෆේස් බුක් ගිණුම්, වෙබ් අඩවි වලට ප්රතිචාර දැක්වීම විනිසුරුවරුන්ට තහනම්..! -අධිකරණ සේවා කොමිසමෙන් නියෝගයක් දුමින්ද සිල්වලා කිසිදු වරදක් කර නැතැයි ‘ටින්කරින් බාස් තීන්දුව‘ ලීවේ නඩුව ඇහුවේවත් නැති වෙනත් විනි-සොරෙක්: කුමන්ත්රණය සැලසුම් කෙළේ ගෝඨාගේ නිවසේ දී මහ දවාලේ වෘත්තීය පරදාර සේවනයේ යොදවන මහාධිකරණයේ තවත් හඩුකාරියක්..! අනේ මෙහෙව් මහාධිකරණ හඩුකාරයෝ..! රතුපස්වල මරා දැමූ ඥාතීන් අනුස්මරණයට බාධා කළ කවීන්ද්රා නානායක්කාර නීතිපතිටත් අපහාස කරලා: මෘග විනිසුරු බඩුවට දඬුවම් දෙනු..! ‘විනිශ්චය ආසනයේ සිට ගැසූ අසූචි බෑගය පංකාවේ වදී‘ - Contempt of Court -අපහාස කිරීමට අධිකරණයක් තව ඉතිරිව තිබේද? චෝදනා 5 යි..! ගංගොඩවිල නඩුකාරයා කණිෂ්කට එරෙහිව වහාම පරීක්ෂණක් පවත්වන්න..!! ශ්රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුගෙන් ලිඛිතව ඉල්ලයි..!!! කොළඹ ප්රධාන මහේස්ත්රාත් පිලපිටිය ‘අලි හොරුන් කොරහේ නෑවීම‘ දෙවන කොටස හෙවත් පිලපිටිය බිඳ දැමූ ‘මහජන විශ්වාසය‘: අපූරු අලිහොරා ‘වින්සන්ට් මහත්තයා‘..! කොළඹ ප්රධාන මහේස්ත්රාත් පිලපිටිය අලි හොරුන් කොරහේ නාවයි.! විජේදාස, පිලපිටිය, පමිල, පූජිත, හෙට්ටිආරච්චි ‘අලිහොරා-විනිසොරා‘ බේරාගැනීමේ කුමන්ත්රණය හෙලිවේ අවසානයේ නීතියේ ආධිපත්යය ජයගත්තේය: පළමු වතාවට ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව නීතිපති නඩු පවරයි: සරත් ආබෘෘට එරෙහිව ස්ත්රීදූෂණය ඇතුලු නඩු දෙකක් මහජන මුදල් කෝටි 60 ක් වංචා කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අත් අඩංගුවෙන් ලිස්සයි: කුසලා විනිසුරුවරිය ‘ලලිත් අංකල්‘ බේරලා: පොලිස්පති උදව් කරලා මහ මැතිවරණ උණුසුමට මුවා වී යුක්තියේ දෙවඟන දූෂණය කරලා..! නව යහපාලන පාර්ලිමේන්තුවට අභියෝගයක්..!! “එයා ඕල්ඩ් තෝමියන් කෙනෙක්, එයාගේ බිරිඳටත් පිස්සු දරුවාටත් පිස්සු, ඒ නිසා අනුකම්පා කරලා එයාට දඬුවම් නොදී ස්ත්රී දූෂන කරන්න ඉඩ දෙමු..!“ -ජනාධිපති අවනීතිඥවරු හැත්තක් සරත් ආබෘෘ විනි-සොරා බේරාගන්න නීතිපති හමුවේ නීතියේ ආධිපත්යය ලද ජයක්..! ගායක ජයතිලක බණ්ඩාර ඇතුලු පිරිසට එදා හම්බන්තොට නගරාධිපති එරාජ් එල්ල කළ ප්රහාරය යලි හරියට විමර්ශනය කර අලුතින් නඩු දාන්න -මහේස්ත්රාත් තීරණයක් විනිසුරු මාෆියාව සහ නීතිපති මාෆියාව එක්වී ස්ත්රී දූෂක විනි-සොරා සරත් ආබෘෘ බේරා ගනී..! ගල්කිස්ස මහේස්ත්රාත් සහබ්දීන් අමු අමුවේ නීතිය උල්ලංඝනය කරයි වාස් ගුණවර්ධන නිදහස් කර තක්කඩි නඩු තීන්දුවක් ලබා දීමට යයි: සීඅයිඩිය, නීතිපති කාර්යාලය සහ නීතිඥ සංගමය කණස්සල්ලෙන්: වරද නිවැරදි කිරීමට අගවිනිසුරුට තවමත් ඉඩ නැගී එන අපරාධ මැඩලීම කාර්යක්ෂම පොලිස් ක්රමයක් මගින් සිදුකළ යුතු මිස මරණ දඬුවම පැනවීම පිළිතුර නොවේ -ආසියානු මානව හිමිකම් කොමිසමෙන් ඇමති විජේදාසට පිළිතුරක් “ශිරානිට දොර අරින්න බෑ‘ යි ලේඛකාධිකාරි කී විට ‘එහෙනම් දොර කඩනවා‘යි මාර්ෂල්වරයා කියලා“ -මරාධිකරණයක්ව තිබූ ලංකාවේ අධිකරණය යලි දෙපයින් සිටුවීමේ දින තුනේ විප්ලවය පච පීරිස්ගේ ටිකට් එක කැපෙද්දී ඔහුගේ සුරතලිය ශිරාණි බූරාන්ගේ ටිකට් එකත් කැපිලා ශ්රී ලංකාවේ අධිකරණ ක්ෂේත්රයේ මහා කලු පැල්ලම සුද්ද කළ හැටි : අගමැති රනිල් මොහාන් පීරිස් ගැන පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්රකාශය අගවිනි-සොරා එළවා දැමීමේ නොනවතින සටන අද ඇරඹේ: පුළුල් ජනතා සහාය ශ්රී ලංකා නීතිඥ සංගමය අගවිනි-සොරා වර්ජනය කිරීමට ඒකමතිකව තීන්දු කරයි: අගවිනි-සොරාගේ ආරක්ෂක භටයන් අඩු කරයි ඉල්ලා අස්වීමට නම් බ්රසීලයේ හෝ ඉතාලියේ තානාපතිකම දෙන්න -අගවිනි-සොරාගේ කොන්දේසිය ජනාධිපති ඉවත දමයි: ඉවසීම පරීක්ෂා නොකර වහාම අස්වෙන්න: රජය දන්වයි කුමන්ත්රණකාර අගවිනි-සොරාගෙන් රහස් පොලිසිය ප්රශ්න කරයි: තමා 9 දා පාන්දර අරලියගහ මැදුරේ සිටි බව පිළිගනී රාජ්ය විරෝධී කුමන්ත්රණයක් කළ අගවිනි-සොරා හෙට නඩු අහන්න වාඩි වුනොත් ශ්රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ විනිසුරුවන් වර්ජනයට සූදානම් : අත් අඩංගුවට ගැනීම 20 ? ඇප දෙන්නත් බැරි වරදක් ‘මහින්දට තුන්වෙනි වර පුළුවන්ද?‘ නොවේ ‘මෙහෙමත් නඩු අහන්න පුළුවන්ද?‘ - ශ්රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා සමග තනිව හොර රහසේ මහින්දගේ නඩුව අහලා මහාධිකරණ විනිසුරුවන් 75 ට සහ පවුල්වල අයට මරාගෙන් දින 3 ක 'සැපක්': චුදිතයන්ගෙන් සහ හමුදා නිලධාරීන්ගෙන් විනිසුරුවන්ට දේශන ශ්රී ලංකාවේ ඕනෑම නඩුවක තීන්දු වෙනස් කරවන පස් දෙනාගේ ගැන්සිය මෙන්න මීගමුව මහාධිකරණ විනි-සොරා ගෆූර් අභියාචනාධිකරණ විනිසුරු දිවුරුමට පෙරදා කුඩු නඩුවකින් රුපියල් කෝටි එක හමාරක් පගාව අරන්: පගාවෙන් ගානක් රාජපක්ෂලාට නෙැලබීම නිසා දිවුරුම නවතා හරවා යවලා තවත් පට්ට දූෂිතයෙක් අභියාචනාධිකරණ විනි-සොරෙක් ලෙස පත් කෙරේ: ඩිලිප් නවාස්ගේ පට්ටන්දරේ මෙන්න සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ශ්රේෂ්ඨාධිකරණය විරුද්ධ වෙයි: මැතිවරණ කොමසාරිස්ගේ කාර්යය විනි-සොරාට ඇන්ද බැසිල්ගේ හිටපු ලේකම් අතට
-- by PataB. on 2016-10-30

me wage horun ta adikaranayen danduwam niyamakala pasu janadhipathita o,naama horekuta samaawa dimata balayak thibe. janathaawa chandaya denne janadipathita ehema balayak dennata nowe. emanisaa janadipathige evani hukana thirana geneemata athi balaya haa vidayaka balya wahama ahosi karanu. MaRa Kandy Mayor Senanayaka ta samaawa dunne Bribry naduwakin adikarana wedadikaru kala pasu bandanagarayata noyawaa nidahasa laba dena laddi. janadipathinta ehema balayak unge ammalaage reddata da denne?
-- by Pakeya on 2016-10-30

me wesige puthaa usaaviye niyoga baragaththunethi welaawe, a niyogaya dunnu usaaviye nadukarayata hitiye ponnayek da? . ewalema kudalan genath kooduwe danda niyoga dunne neththe ay..? usaaviya a tharamata ponna da?
-- by Dela on 2016-10-30

me wage naduwak avurudu 7 k...yanawada ahala iwarakaranda. ? yako meka munge ammalage system ekakda..? me wage wesige ballanta aaye sammajjathiye bath nokanda danduwam denda kondak thiyana nadukaarawarayaku lagata me nadu daala ahanda salassanda o,ne . neththan ithin Gihan Pilapitiyala wage patta hora nadukarayo me horu niyameta gedara aree.
-- by Keriya on 2016-10-30

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ඔක්.30, පෙ.ව‍‍‍‍‍‍‍‍‍.3.50) ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලකගේ හෝ අධිකරණ ඇමැති විජේදාසගේ හෝ දුරකථන ඇමතුමකින් තීන්දුව වෙනස් නොවන්නේ නම් රාජපක්ෂලාගේ වනචර දශකයේ හොරකම් නිසා ප්‍රථමයෙන්ම අච්චු ලබා මන්ත්‍රී ධූරය අහිමිකර ගන්නා මරාවාදී මන්ත්‍රීවරයා ඔහු විය හැකිය. හේ නම් පා.ම. කාංචන විජේසේකර නම් විය.
-- by Sira-Voters on 2016-10-30

Siro- puluwannam kiyapan... anee me ahinsaka kolla usaviyata dakkaagana aawa hati gena mama hareema akemathi ..kiyala. ethakota thota ninda yai.
-- by KaluYaka on 2016-10-30

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලකගේ හෝ අධිකරණ ඇමැති විජේදාසගේ හෝ දුරකථන ඇමතුමකින් තීන්දුව වෙනස් නොවන්නේ නම් ......මේ ආකාරයට අධිකරණ බලය තමන් විසින් තීන්දු කරන තත්ත්වයක් වර්තමානයේ වෙයි. හොර අලින් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව මේ වන විට උඩුවේ ධම්මාලෝක හිමි බන්ධනාගාරගත කළේය. ඒ වගේම වාසනා බේකරියේ අලියා ඇතුළු අලි පැටවුන් 20ක් පමණ මේ වන විට රජයේ භාරයට ගෙන ඇත.කොළඹ හුණුපිටිය පැත්තේ රදවා ගෙන ඇති ලියාපදිංචි අංක 198 නීතිවිරෝධී අලියා අත්අඩංගුවට ගන්නා ලෙස 2016.01.01 දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විජේදාසගේ හෝ දුරකථන ඇමතුමකින් මේ දක්වා ඒ නියෝගය ක්‍රියාත්මක කළේ නැත. මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරිය යුත්තේ සිද්ධීයෙන් මාසයක් ඇතුළත වුවද මාස 8කට පසු මූලික අයිතිවාසිකම් නඩුවක් දමා 2016.01.01 දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගය නතර කර ගැනීමට හුටාං නඩුවක් මේ වන විට ශේ්‍රෂ්ඨාධීකරණයේ පවරා ඇත.විජේදාසගේ හෝ දුරකථන ඇමතුමකින් FR නඩුත් මේ වන විට පවරයි....
-- by neela on 2016-10-30

මෙය පමණක් නොවේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ද දැඩි ලෙස සිරිසේනකරණය වී ඇත. ඒ බව ඇවන්ට් ගාර්ඩ් නඩුවේ චුදිතයන්ට විදෙස් ගත වීමට අවසර ලබාදෙන ආකාරයෙන් සනාථ වේ. නිශ්ශංක සේනාධිපති මස 03 ක කාලයක් ඉල්ලද්දී ඔහු වසරක කාලයක් අවසර ලබා දෙන්නේ අල්ලස් කොමිසම පැය භාගයක් තිස්සේ නැගු දැඩි විරෝධය තුට්ටුවකටවත් මායිම් නොකරමිනි. පසුගිය 27 වන දින හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ ඇවන්ට් ගාර්ඩ් නඩුවේ 07 වන චුදිතට විදෙස් ගත වීමට අවසර ලබා දීමේදී අල්ලස් කොමිසමේ විරෝධතා වලට ඇහුම්කන් දුන්නේ නැත. විරෝධතා ඇත්දැයි ඇසුවේවත් නැත. එසේම තවදුරටත් කොළඹගේ යනු රටට සම්පතක් බවත් ඔහු විනිසුරන්ට පවා දේශන කරන්නෙකු බවත් තමාද ඔහුගේ දේශන වල ට සහභාගී වී ඇති බවත් කීවේය. තවදුරටත් අල්ලස් කොමිසමේ වැඩ බලන අධ්‍යක්ෂ සම්බන්ධ කරගෙන නාවික හමුදාපතිවරුන්ගේ විදෙස් ගමන් තහනම සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට තමා ඉදිරියේදී බලාපොරුත්තු වන බවද පැවසීය. -- by tharushi on 2016-10-28 menna menna menna.... Yukthiya laabaai..laaabaaii.. laabaaaiii.... laabeta yukthiya labagannata nam yanna Colombo CHEAP Magistrate Court. Gihan Pilapitiya , the greatest rouge . Kalawaane hora. Kalawane lanka Filling station adhipathi. Jsc eka budi :- kisidu vinisurekuta naduwe karunu sambandayen pawaa usaviye bench eke indagana commentu gaseemata nohekiya. Gihan Pilapitiyata uganwaa aththe patta horun bawa ugema kathaawen pene. vinisurekuta mese naduwe karunu walata paribahira karunu matha padanam vee theendu dimata nohakiya, E ta wadaa me,akarayata bench eke open court eke commentu gaseemata nohakiya. a JSC ekema pawathina circulars walata anuwaya. ema warada adikarana sewayen dotta damiyahaki waradaki. a aakarayen pampori gasaa patta horekuta rata yaamata thamage kemeththemma avuruddakata kalayakata labadenne nam, a hora nadukarayakuma viyayuthuya. mewaa balaagana kerikaapu rilavun men JSC eke ponna samajikain ha JSC Secretary balagana inne me serama kattiya thaamath MaRa ge paare yana bawa nam hondatama pene. Jan 8 siduwoo wenasak netha. siduwooye kabalen lipata mahajanayaa weteema pamani.
-- by Aruna on 2016-10-30

ලිපියේ සදහන් භාෂාව දැන අවධානය යොමු කිරීමේදී සිතාමතාම ද්වේශ සහගතව මඩ ගැසීමක් බව පෙන්වා දිය යුතුය. එබැවින් මෙම ලිපියට පිළිතුරු බැදිය යුතු නොවුනත් අන්තර්ගත කරුණු කෙරෙහි බුද්ධිමත්ව විමසා බැලිය යුතුය.. මෙහි සත්‍ය මෙය නොවන බව වගකීමෙන් සදහන් කරමි. මෙය දේශපාලන මඩ ගැසීමක එක් සිද්ධියක් පමණි. ඒකාබද්ධ විපක්ෂයට අයත් නම් ඔහුව කුමන හෝ දෙයක් උදෙසා සිර භාරයට ගැනීමට කටයුතු කිරීම ආණුඩවේ ගුජුප්සායජනක කටයුත්තයි.. හොරුන් රකින ගමන් හොරා හොරා යැයි අනුන්ට පැවසීම තුලින් ස්වයං වින්දනයේ යෙදෙන යහපාලන කටුස්සන් එල්ල කරන මේ තවත් මඩක් පමණි.. කංචන විජේසේකර මහතා හට එල්ල කර ඇති චෝදනාවේ සත්‍ය සැකෙවින් මේසේ හුවා දක්වමි. අයතා පරිහරණය කරන ලදැයි කියන වාහනය. කංචන මහතාට අයත් වූවකි. එම වාහනයේ නිත්‍ය අයිතිය ඔහුට තිබියදී පොලිසිය විසින් ඔහුගේ වාහනය රැගෙන යන්නේ එය රජයට අයත් එකක් යැයි සිතාය.. නමුත් පොලිසියට පොට වැරදුනේ එතැනයි.. ඒ කරුණු කාරණා සොයා බැලීමේදී එය කංචන මහතාගේ පුද්ගලික වාහනයක් බව අනාවරණය විය.. පොලිසිය ඒ පිළිබදව උසාවියට කරුණු වාර්ථා කරන්නට ගියේද නැත. මෙම වාහනය පොලිසිය විසින් රැගෙන එන්නේ 2015.07.15 දිනයි. ඒ මාතර මහින්ද සුලග රැස්වීම පැවැත්වූවාට දින දෙකකට පසුවයි. එතැනම දේශපාලන පලිගැනීමක් බව ඔප්පු වන කරුණකි.. එතැන් පටන් වාහනය පොලිසිය භාරයේ ඇත.. නිසි කරුණු කාරණාවක් නොදත් පොලිසියට මේ සදහා නඩුගොනුකල නොහැක.. මේ සබැදිව කංචන මහතා සමග සමතයකට පත්වීමට පොලිසිය උත්සාහ දරයි.. නමුත් වාහනය දැන් දිරාපත්ව ඇත. එබැවින් ඒ පිළිබදව පොලිසිය දැඩි අපහසුතාවයකට පත්ව ඇත.. දේවාලයේ සැනකෙලිය පිළිබදව ලියා ඇති කරුනු පිළිබදව අවධානයට යොමු කිරීමේදී දැඩි හාස්‍යයක් උපදින්නෙ ලියා ඇති සෑම කරුණකම දැඩි වෛරයක් සහ මඩගැසීමක් සදහා පරිහරණය කර ඇති බව පමණක් බව පෙනෙන නිසාය.. එක්කෝ ලියපු එකා කංචන මන්ත්රීවරයාගේ මන්ත්රී ධූරය අහෝසිවන තෙක් බලාසිටින සිහින විකල් එකෙකි.. දේවාලයේ බස්නායක නිලමේ තනතුර කංචන මහතා දරන්නේ 2008-2009 කාලසීමාවේය.. ඔහු දේවාලය විසින් පවත්වනු ලබන උත්සවය නිසි අයුරු කළමණාකරණය කොට අතරමැදි මාෆියාකරුවන් අතට මුදල් යාම වලක්වා ඇත. එනම් ඔහු තනතුරට පත්වීමට පෙර දෙවුන්දර ප්රාදේශීය සභාව විසින් මෙම උත්සවය කලමණාකරණය කොට ඇත. ඒ හරහා ඔවුන් සභාව වෙනුවෙන් ලක්ෂ 75ක පමණ මුදලක් උපයා ඇති අතර දේවාලය සදහා ලබාදී ඇත්තේ ලක්ෂ 3-5ත් අතර මුදලකි. මෙම මුදල කංචන මහතා විසින් දේවාලයට ලබාදීමේ වැඩපිලිවෙලක් දියත්කර ඇති අතර, ඒ හරහා දේවාලයට ලක්ෂ 75ක පමණ මුදලද, සභාවේ භූමියේ පැවත්වන සැනකෙලියක් නිසා බදු මුදල් ලක්ෂ 3-5 දක්වා මුදලක් සබාවටත් ලබාදී ඇත. ඒ පිළිබදව උරණ වූ සභාවේ උපසභාපතිවරයා විසින් පැමිණිල්ලක් තමා ලක්ෂ 75 මුදලට අයිතිවාසිකම් ලබාදෙන ලෙස නඩුවක් ගොනුකර ඇත. එය නංචන විජේසේකර මහතාට පුද්ගලික නඩුවක් නොවේ.. සභාව හා දේවාලය අතර පවතින ගැටලුවකි. ඔහුගෙන් පසුව පත්වූ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර සහ නන්දසිරි නැමති වත්මන් බස්නායක නිලමේවරයාද එහි විත්තිකරුවන් කොට ඇත. මෙම ලිපියේ සදහන් ඊනියා ලියුම්කරුවා විසින් සත්‍ය විකෘතිකර හුවා දක්වා ඇත. එයද ඔහුගේ උවමනාවට නොවන බව පසක් වේ.. එසේම දෙවුන්දර ප්රාදේශීය සභාව විසින්ද දේවාලයට අයත් මුදල් ගසාකෑම පිළිබදව දේවාලය පාර්ශවයෙන්ද නඩුවක් ගොනුකොට ඇත.. එයද අවධානය සදහා යොමු කරමි. කූට තොරතුරු යොදා ලියා ඇති මෙම ලිපිය විරුද්ධ බලවේගයන්හි පිබිදීමට බියවී මුදාහැර ඇති බව ආරූඪ්‍ය භාෂාවෙන්ම ඔප්පු වේ... පාඨකයාගේ අවධානය ඒ පිළිබදව යොමුවිය යුතුය.. අවසන කිවයුතු දෙයක් ඇත.. කංචන විජේසේකර මන්ත්රීවරයාගේ පා.ම. ධූරය අහෝසි වන තෙක් බලා සිටින පොරොත්තුකරු අවදිවන්න එපා.. ඔහොමම නිදාගන්න... සමනල සිහිනයට තව දුර ඇත.
-- by Irosh on 2016-10-31

ඇයි නඩුව ඔප්පු වෙලා තියෙද්දිත් රනිල් මහත්තය ඇතුලු පිරිස තවම යහතින් ඉන්නෙ!
-- by Nandasoma on 2016-10-31

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links