~

චිකේ මුදල් ඇමැතිතුමා.. නීචයි, කැතයි, ලැජ්ජයි..! රවි සහ දූෂිත අර්ජුන් ඇලෝෂියස්ට අයත් සන්ඩේ ලීඩර් සහ ඉරුදින කිසිදු සේවකයෙකුට මාස දෙකකින් පඩි ගෙවා නෑ..!!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ඔක්.27, පෙ.ව‍‍‍‍‍‍‍‍‍.7.20) මුදල් ඇමැති රවි කරුණානායකට සහ රාජකීය දූෂණ චෝදනා ලත් අර්ජුන් ඇලෝෂියස්ට අයත් සන්ඩේ ලීඩර් සහ ඉරුදින පුවත්පත් වල සේවය කරන සමස්ත කාර්ය මණ්ඩලයට මාස දෙකකින් වැටුප් ගෙවා නැති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් තම දුක් ගැනවිල්ල ගැන ලංකා ඊ නිව්ස් කතුවරයා වෙත  පැමිණිලි කර තිබේ. එය සම්පූර්ණයෙන්ම මෙසේය.

‘සන්ඩේ ලීඩර්‘ සහ ‘ඉරුදින‘ පුවත්පත් වල සේවය කරන මාධ්‍යවේදීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය මුහුණ දී ඇති වැටුප් ප්‍රශ්නය සම්බන්ධවයි.

මුදල් ඇමැති රවී කරුණානායක මහතා ගේ සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් ගේ මූල්‍ය දායකත්වයෙන් සහ සෘජු අධීක්ෂණය යටතේ, ඔවුන් ගේ සමීපතමයන් විසින් පාලනය කරනු ලබන ලීඩර් ගෘෘප් ඔෆ් කම්පැනීස් පෞද්ගලික සමාගමේ සමස්ත කාර්ය මණ්ඩලයට මේ වනවිට මාස දෙකකින් වැටුප් ගෙවා නැත.

රවී කරුණානායක ඇමැතිවරයාගේ නියෝජිතයකු ලෙස ආයතනයේ මෙහෙයුම් කළමනාකාර ධුරය දරන්නේ රුවන් ගාල්ලගේ ය. අර්ජුන් ඇලෝෂියස් ගේ නියෝජිතයකු ලෙස ආයතනයේ සාමාන්‍යධිකාරි ධුරය දරන්නේ ජනප්‍රිය නිවේදකයකු සහ මාධ්‍යවේදියකු වන මහේෂ් සේනානායක ය. මීට අමතරව ආයතනයේ අධ්‍යක්ෂ ධුරය දරන්නේ රවී කරුණානායක ඇමැතිවරයාගේ බිරිඳ ‘මේලා‘ ගේ සමීප ඥාතියකු වන අක්බාර් නමැත්තෙකි. 

අදාළ වැටුප් ප්‍රශ්නය සහ සේවක අර්ථසාධක අරමුදලේ, සේවක භාරකාර අරමුදලේ කොටස් නොගෙවීම ඇතුළු අනෙකුත් වෘත්තීය අයිතිවාසිකම් ලබා නොදීම සම්බන්ධයෙන් ඉහත නියෝජිතයන් හරහා පුවත්පත් වල ආයෝජකයන් වන රවී කරුණානායක ඇමැතිවරයා සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් දැනුවත් කර ඇත. මීට අමතරව ආයතනයේ ගණකාධිකාරි නජිත් ද අල්විස් විසින් ආයතනයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද බරපතල චෝදනා එල්ල වී තිබේ. එහෙත් පාලනාධිකාරිය මගින් ඔහුට එරෙහිව මෙතෙක් කිසිදු විධිමත් පියවරක් ගෙන නැත.

මේ වනවිට තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ආයතනයේ සේවකයන් අදාළ ආයෝජකයන්ට සහ පාලනාධිකාරියට බරපතල විරෝධය දක්වමින් ‘සන්ඩේ ලීඩර්‘ සහ ‘ඉරුදින‘ පුවත්පත් වල මේ සතියට අදාළ රාජකාරි කටයුතු නොකිරීමට තීරණය කර ඇත. 

එසේ ම මෙසේ තමන්ගේ මූලික වෘත්තීය අයිතිවාසිකමක් වන වැටුප් අයිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමටත්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් ලීඩර් ගෘෘප් ඔෆ් කම්පැනීස් පෞද්ගලික සමාගමේ පුවත්පත් වල සේවය කරන මාධ්‍යවේදීන් ඇතුළු සේවක පිරිස වැඩිදුරටත් තීරණය කර තිබේ.

‘සන්ඩේ ලීඩර්‘ සහ ‘ඉරුදින‘ කර්තෘ මණ්ඩලය ඇතුළු ලීඩර් ගෘෘප් ඔෆ් කම්පැනීස් පෞද්ගලික සමාගමේ කාර්ය මණ්ඩලය

---------------------------
by     (2016-10-27 02:31:41)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

ane paw higannange ganata wetilane... athe sathe nathuwane inne..maha bankuwen wath loan ekak denna kiyamu..
-- by කසුන් on 2016-10-28

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links