(ලංකා ඊ නිව්ස් -2016.ඔක්.23, ප.ව.11.30) ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායකගේ කෙරුවාව ගැන ලංකා ඊ නිවුස් විසින් අවස්ථා ගණනාවකදී හෙළිදරව් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස විමර්ශන ආරම්භ වුවද ඒවා ක්‍රියාත්මක වන්නේ ඉබි ගමනේ ය. මේ නිසා දිනෙන් දින එම පාසලේ සිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන සිදුවීම් රැසක් සිදු වෙයි. මේවා මාධ්‍යවල යද්දී විදුහල්පති යක්ෂාවේෂයෙන් මෙන් දොඩවයි.
මෑතකදී මෙම පාසල ගැන පුවත්පතක පළ වූ වාර්තාවකට උරණ වූ විදුහල්පති ලාල් දිසානායක ‘ජර්නලිස්ට්ලා කියන්නේ බල්ලෝ ජාතියක්. කාලකන්නි සත්තු ජාතියක්. මං උන්ට බය නෑ‘ යැයි නන් දොඩවා තිබෙන බව එම විද්‍යාලයයේ ආරංචි මාර්ග කියයි.
උග්‍ර මහින්දවාදියකු වන විදුහල්පති ඒ කාලයේ බැසිල් රාජපක්ෂගේ ගම්පහ කාර්යාලයයේ සිටි හැටි, හොරට ළමයින් පාසලට දැමූ හැටි, පාසල් සිසුන් අස්වෙද්දී පවා මුදල් ඉල්ලූ හැටි මෙන්ම දුමින්ද හපුආරච්චි නම් අභීත මගියා (මෙම පාසලේ ආදි සිසුවෙකි.) අපහසුතාවට පත් කිරීම ගැන ද ඊ නිවුස් මීට පෙර හෙළි කළේය.
ලාල් දිසානායකගේ කෙරුවාවට ගැන ෆේස් බුක් ඔස්සේ දිගින් දිගටම පහර පිට පහර වදිද්දී ඊට උරණ වූ විදුහල්පති පාසල් සිසුන්ගේ ෆේස්බුක් ගිණුම් පිරික්සීමටද පටන් ගෙන තිබේ. ෆේස්බුක්හි ඊමේල් හා පාස්වර්ඩ් ඉල්ලාගෙන එලෙස අනුන්ගේ ෆේස්බුක් ගිණුම්වල පිවිසීම අනුන්ගේ දින පොතක් බලනවා වැනිම වරදකි. සදාචාරයක් නැති මේ විදුහල්පති දැන් ළමයින් බය කරන්නේ එලෙසය.
පාසලේ විද්‍යා අංශ භාර ගුරුවරයා ලෙස කාලයක සිට කටයුතු කරන්නේ විල්ෆ්රඩ් දසනායක ගුරු මහතාය. ඔහු පාසල් සිසුන්ගේ ගෞරවයට පාත්‍ර වූ හොඳ ගුරුවරයෙකි. හැබැයි විදුහල්පතිගේ නොහොබිනා වැඩ අනුමත කරන්නේ නැත. මේ නිසා මෙම ගුරුවරයා හදිසියේ විද්‍යා අංශාධිපතිකමින් ඉවත් කර තිබේ.
ඊට විරෝධය දක්වමින් පසුගියදා පාසලේ සිසුන් පරිපාලනයට විරුද්ධව රතිඤ්ඤා පත්තු කළහ. සිසුන්ගේ හදිසි නැගිටීමක් වෙතියි බයෙන් සිටින ලාල් දිසානායක දැන් පාසල් සිසුන්ට මුත්‍රා කිරීමටවත් අවේලාවේ පන්තියෙන් එළියට යෑම තහනම් කර ඇත. විවේක කාලයේ හැර කිසිම හේතුවක් නිසා පන්තිවලින් එලියට නොයන ලෙස දැනුම් දි ඇති අතර සිසුන් එළියට නොයවන ලෙසත්, මුත්‍රා කිරීමට ගියත් ඒ ගැන අවධානයෙන් සිටින ලෙසත් ගුරුවරුන්ට දැනුම් දී තිබේ.
විටින් විට පොලිසියෙන් පාසලට ගෙන්වා ගන්නා නිසා දැන් බණ්ඩාරනායක විදුහල ද පොලිස් මුරපොළක් බවට පත්වී තිබේ. පාසල් කාලයේ සිසුන් පස් දෙනකු එකට සිටියහොත් අයුතු ජනරාශිය යටතේ නඩු පැවරීමට පොලිසියට බාර දෙන බව විදුහල්පති කියා ඇත. (මීට පෙරද මෙම පාසලේ ළමයින්ට නඩු පවරන ලෙස විදුහල්පති පොලිසියට කියා ඇති අතර මේ වන විටත් එලෙස පැවරූ එක නඩුවක් විභාග වෙයි.)
විදුහල්පතිගේ මේ සෑම අමානුෂික ක්‍රියාවකටම උඩගෙඩි දෙන පිරිස අතර මුලින්ම ඉන්නේ කුමාරි නම් ගුරුවරියකි. ඇය වාණිජ අංශ ප්‍රධානී ලෙස මෙම විදුහල්පති විසින් පත් කළ අතර වසර 20 ක කාලයක් තිස්සේ මෙම විදුහලේම කටයුතු කරයි. එන එන විදුහල්පතිලාගේ සුරතලී වන නිසා ඇයට ස්ථානමාරු ලැබෙන්නේ නැත. මෙම ගුරුවරිය හා වර්තමාන අධ්‍යාපන ලේකම් ළඟම හිතවතුන්ය. (මෙම ගුරුවරිය ගැන විශේෂ තොරතුරු පසුව හෙලි කරමු). ශිෂ්‍ය නායක මණ්ඩලය බාර ගුරුවරයකු ද විදුහල්පතිට කඩේ යෑම ආරම්භ කර තිබේ. ඔහු පාසලේ ශිෂ්‍ය නායකයන් විදුහල්පතිගේ උවමනාවට මෙහෙයවීමට පටන් ගෙන තිබේ.
පාසල දිගින් දිගටම පරිහානියට පත්වීම වැළැක්වීමට නම් මෙම දූෂිත විදුහල්පති ගෙදර යැවිය යුතු බව මුලු අධ්‍යාපන අමාත්‍යංශයම එක හෙළා පිළි ගත්තත් තවමත් කිසිවක් සිදුවී නැත.
දූෂිත විදුහල්පති ලාල් දිසාසානයක දැන් බේරීමට මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සහ ආණ්ඩුවට හිතවත් අය පසුපස යයි. ඔවුන්ගේ පිහිටෙන් කොළඹ ආනන්දයට යෑමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. දැන් ඔහු මෛත්‍රීපාල සිරිසේනගේ ඇඟේ එල්ලෙන්නට වලි කයි. ඊට අල්ලාගෙන ඇත්තේ ශිරාල් ලක්තිලක නමැති කූඨකයා ය. මෑතකදී ශිරාල් ලක්තිලකව ප්‍රධාන ආරාධිතයකු ලෙස පාසලටද ගෙන්වීය.
තවදුරටත් මෙම විදුහල්පති පාසලේ තබා ගත හොත් ලේ සෙලවෙන තරමේ සිසු නැගිටීමක් සිදු වනු ඇත.
---------------------------
by (2016-10-23 22:45:12)
Leave a Reply
me wal wexx puthaa apita poddakata denda barida LeN .. peya baagekata wage athi... muga hathara warigema mathakkorala dela, redi galawala, goo naawala, honda sabbuwak denda peya bagekata moowa denda apita,
-- by Keri-Lal on 2016-10-24
දසනායක සර් තාමත් science එකේ section head!! බොරු ප්‍රචාර පතුරවන්න එපා!!
-- by Sachith Harshamal on 2016-10-24
ප්‍රින්සිපල්ගේ ක්‍රියා කලාපය හරිද වැරදිද අපිනම් දන්නේ නැහැ..නමුත් ගම්පහ බන්ඩාරනායකයේ ශිශ්යයෝ බොහෝමයක් කියන්නේ අමු අයි ආර් සී කාරයෝ කියල මුලු ගම්පහම දන්න කාරනයක්...මුන් නිතරමම වෙනත් පාසල්වල සිසුන්ට නොයෙක් හේතු හදාගෙන පහර දෙන බවත් වරක් බස් රතයක් පුරවාගෙන විත් පාසලකට පහරදී පලාගිය බවත් නොරහසක්....පාසලේ දක්ශ සිසුන්ගේ නමින් ඔලුව උදුම්මවාගෙන සිටින මොඩයෝ රැලකුත් මේ පාසලේ සැමවිටම සිටින බව නොරහසක්.
-- by pradeep on 2016-10-24
Sachith Harshamal eka nemene methana tiyena prashne.katawath kade yanna epa.oyala nodanna godak dewal tiyenawa.sirwa ain karala una kalabale hinda thama theerane wenas kale.athulema idagena nodannawa wage kade yanna epa
-- by Amarasinghe Oc on 2016-10-24
ලාල් දිසානායක නැමති නපුංසකයව මේ වටිනා පාසලෙන් එලව ගන්න බැරි වෙලා තියෙන්නෙ ප්‍රධානවම හේතු දෙකක් නිසා.
(1) විද්‍යාලයේ 1989 කණ්ඩායමේ ආදි ශිෂ්‍යයෙක් වන ජනපති සොයුරු ටෙලිකොම් සභාපති කුමාර සිරිසේනගේ මැදිහත් වීම
(2) විද්‍යාලයේ ආදි ශිෂ්‍ය, ජනප්‍රිය ගිණුම්කරණ දේශක, ජනපතිට ඉතාම සමීප ඥාතීත්වයක් තිබෙන චමින්ද විදානගේ නැමැත්තාගේ දායකත්වය
මුන් දෙන්නා මේ වැඩ වලට ඇගිලි ගැහුවෙ නැත්තං ලාල් දිසානායක කියන ගං කබරයා මේ වෙද්දි බණ්ඩාරනායක විද්‍යාලයෙන් චුත වෙලා ගොඩාක් කල්. මේ ගල් භූතයා නිසා විද්‍යාලයේ කැඩෙට් කණ්ඩායම් ඇතුලුව සියලුම බාහිර ක්‍රියාකාරකම් අඩපණ වෙලා අවසන්. ගුරුවරියන් කීප දෙනෙකු සමග රමණයේ යෙදෙන්න වලිකන ලාල් දිසානායක ගං කබරයා අන්තිමට ගුරු මණ්ඩලේ සිටි චම්පිකා නැමති තනිකඩ නාකිච්චියෙකුට කර ගැහුවා.
මේ අවලං ගං කබරයාගෙන් විද්‍යාලය බේරාගැනීමට, විද්‍යාලයට වසර 100 ක් සපිරෙන 2018 වසර වන විට මේ ගං කබරයා පාසලෙන් එලවා දැමීමට දැන් දැන් ආදි සිසුන් එක් වෙමින් සිටිති. මේ එක්වීම හමුවේ ලගදීම දවසක ලාල් දිසානායකගේ ඇදි වත මුත්තරා දියෙන් පෙගෙන වග නම් ඉතාම විශ්වාසයෙන් කිව හැකියි.
-- by Asha Buddhi on 2016-10-24
Me katha 99% ma aththa.eth me yaka mahindage minihek nemei.scl ekta apu dawase idan ranilta wada karapu ekek.eka kwru danne nathi unath api dannawa.anika mekath kiyanna one.me scl eke inna hodama sir thamai Dasanayaka Sir.mama sirta godak garu karanwa.pinata ona unaata ape Dasanayaka sirwa scl eken pannala danna api ida thiyanne na.
-- by Ex nayakenz on 2016-10-25
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි