~

රු. මිලියන 440 ක් රජයට පාඩු කර කොමිස් කෑ රාජිත ඉන් බේරීමට අල්ලස් කොමිසමට FCIDයට CIDයට නැගූ අවලාද සියල්ල බොරු..!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ඔක්.21, ප.ව‍‍‍‍‍‍‍‍.6.30) රාජිත සේනාරත්න අමාත්‍යවරයා පසුගිය කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කරන ලද වංචා හා දුෂණ පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ මතභේදාත්මක ප්‍රකාශයට අදාළ සියළු තොරතුරු අසත්‍ය ය. රාජිත සේනාරත්නගේ අරමුණ වී ඇත්තේ අල්ලස් කොමිසමේ, මුල්‍ය අපරාධ කොට්ඨාශයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ද අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා ද ඉවත් කර තමාට පාලනය කරගත හැකි හෙංචයියන් පිරිසක් පත්කර ගැනීම සහ එමගින් ඔහුට එල්ල වී ඇති වංචා සහ දුෂණ චෝදනා යටගසා ගැනීමය.

රාජිතගේ ප්‍රධාන චෝදනා සියල්ල අසත්‍ය වන්නේ මෙසේය. 

01.    මහා පරිමාන වංචා හා දුෂණ පිළිබඳ විමර්ශන නොකර කුඩා ඒවා පමණක් සිදු කරන බව.

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව පිළිබඳවද දැනට පරීක්ෂණ අරඹා ඉදිරියට ගෙනයමින් ඇත්තේ අල්ලස් කොමිසම මගිනි. මුදල් විශුද්ධිකරණය පිළිබඳව විමර්ශනය කිරීමට මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් ද යොමු කර ඇත. 

වාහන අවභාවිතයක් පිළිබඳ විමර්ශන ඉතා සරලය. රජයේ ආයතනවල ලිපි ලේඛන පමණක් ඊට ප්‍රමාණවත්ය. එහෙත් බැඳුම්කර ගණුදෙනුවක් පිළිබඳ විමර්ශනය තාක්ෂණික දැනුම අවශ්‍ය සංකීර්ණ විමර්ශනයකි. දැනට මහ බැංකුව, මුදල් මණ්ඩලය, කෝප් කමිටුව වැනි ආයතන ද ඒ පිළිබඳ විමර්ශන සිදු කරන බැවින් එවැනි ගණුදෙනුවක් පිළිබඳ තාක්ෂණික කරුණු තහවුරු වනතුරු අපරාධ විමර්ශනය ප්‍රමාද වීම සාධාරණය. 

තවත් විශාල ගණුදෙනුවක් නම් ඇවන්ගාඩ් විමර්ශනයයි. ඒ පිළිබඳ අල්ලස් කොමිසම විමර්ශන අවසන් කර නඩු පවරා ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උරණ වුයේ ද එම නඩුවට අදාළ සැකකරුවන් අධිකරණයට ගෙන යාම නිසාය.
 
02.    ඇවන්ගාඩ් සිද්ධියට අදාලව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දුන්නා යැයි කියන වාර්තාවක් පිළිබඳ රාජිත සේනාරත්න පවසන කරුණුද අසත්‍යය. එම දෙපාර්තමේන්තුව එවැනි වාර්තාවක් සපයා නැතැයි දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. එම ගිනි අවිවල අංක ඉතා පැහැදිලිව පවතින බවත් එහි වූ එක් අකුරක් (චීන අකුරක් බව සැක කරයි.) පමණක් මකාදමා ඇති අතර එයට හේතුව එම ගිනි අවි සැපයු රට හෙළිවීම වැලැක්වීම විය හැකි බවට රස පරීක්ෂකගේ මතය වී තිබේ. “බලුකිස්තානයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව මීට වඩා හොඳයි“ යනුවෙන් රාජිත සේනාරත්න මෙලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුවකට අපහාස කරන්නේ වෙබ් අඩවියක සඳහන් ඕපාදුප පදනම් කරගෙන බවට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසීය. මේ පිළිබඳ නිල ප්‍රකාශයක් දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී ලබාදීමට නියමිත බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. 

එමෙන්ම ඇවන්ගාඩ් ගණුදෙනුවේදී අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය නොහැකි බව හිටපු නීතිපති යුවන්ජන විසින් නිර්දේශ කොට ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් විශුද්ධිකරණය යටතේ වෙනමම විමර්ශනයක් මේ පිළිබඳව සිදු කරයි. 

ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අධිකරණ ඇමතිවරයා විරුද්ධය. මෙය විජේදාස රාජපක්ෂ ප්‍රසිද්ධියේ පවසා ඇත. ඔහු අධිකරණ ඇමතිව සිටින තුරු ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව ඔහු ප්‍රසිද්ධියේ පැවසීය. 

අණ සහ විධි විධාන පිළිපැදීමට බැඳී සිටින පොලිස් නිලධාරීන්ට පොලිස්පති හරහා ලැබෙන නියෝග සහ නීතිපති උපදෙස් පසෙක ලා විමර්ශන සිදු කළ නොහැක. එබැවින් දේශපාලන බලපෑම මත පරීක්ෂණ කරනවා යැයි චෝදනා එල්ල කරන්නේ බලපෑම් කළ  පුද්ගලයින්මදැයි විමසා බැලිය යුතුය.   

03.    අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය රහස් තොරතුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදී තිබේ නම් ඒ පිළිබඳ මාස 08 ක් යනතුරු ජනාධිපතිවරයා ක්‍රියා නොකිරීමද බරපතල වරදකි. එමෙන්ම එවැනි අතිශය දේශපාලන වශයෙන් සංවේදී සහ රහස්‍ය තොරතුරු පිටවීම පිළිබඳ විමර්ශනයක් කෙළේද? ඒ කවදාද? කවුරුන් විසින්ද? සැබවින්ම එම තොරතුරු මහින්ද රාජපක්ෂට ලබාදුන්නේ කවුද යන්න පිළිබඳ කිසිත් නොදැන අල්ලස් කොමසාරිස්වරියට පමණක් චෝදනා කරන්නේ කෙසේද? රාජිතගේ වාචාල ප්‍රකාශවලට දිල්රුක්ෂි මහත්මිය මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර නොදැක්වුවද අධිකරණය ඉදිරියේ නිසි පිළිතුරු ලබා දෙනු ඇතැයි විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසයි. දිල්රුක්ෂි මහත්මිය ජනාධිපති නීතීඥවරියක හා අතිරේක සොලිසිටර් ජනරාල්වරියක්ද වේ.

රාජිත සේනාරත්න මහතා මෙලෙස කුපිතවීමට හේතු ඇත. අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව සිදු කරන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයකන් ලබා දීමට පැමිණෙන ලෙස 11 වතාවක් එන්නැයි කීවද ඔහු විමර්ශනවලට සහය දක්වා නැත. නිතිපතා වෙනත් දින ඉල්ලමින් කොමිසම වට වන්දනාවේ යවා තිබේ. මේ අන්දමින් ක්‍රියා කළ නාමල් රාජපක්ෂට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ඇති සේ රාජිත සේනාරත්නටද එම ඉරණමම අත්වන බැවින් අල්ලස් කොමසාරිස්වරිය ඉවත් කිරීමට ඔහුට අවශ්‍ය විය. ඔහු එම අරමුණ දැන් ඉටු කර ගෙන ඇත. 

ඊට අමතරව රාජිත සේනාරත්න ධීවර ඇමතිව සිටියදී මෝදර ධීවර වරාය බ්‍රිතාන්‍ය සමාගමකට මාසිකව රු. 125,000/- ක කුලියට වසර 25 ක් සඳහා බදු දීම තුළින් සිදු කළ මහා පරිමාණ වංචාවක් පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිලි කර ඇත. එහි විමර්ශන කොයි මෙහොතක හෝ ඇරඹෙනු ඇති බව රාජිත සේනාරත්න දනී. එම වරාය පරිශ්‍රයේ මාසික බදු මුදල රජයේ තක්සේරුකරුට අනුව රු. 1,700,000/- ( ලක්ෂ 17)  කි. ලක්ෂ 15 කට අධික මුදලක් මසකට රජයට පාඩු කරමින් එම ගනුදෙනුව සිදු කර ඇති අතර රාජිත පවසන පරිදි එය සුළු වංචාවක් නොවේ. එයින් රජයට සිදුවූ මුලූ‍ මූල්‍ය අලාභය රු. මිලියන 440 කට අධිකය. මේ පිළිබඳ පැමිණිල්ල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත යොමු කර ඇත. එහි විමර්ශන පමා වී ඇත්තේ රාජිත සහ ජනාධිපතිවරයාගේ බලපෑම් හේතුවෙන්දැයි සොයා බැලිය යුතුය.

කිසිදු ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය නොකර සිදු කළ එකී මහා පරිමාණ වංචාවෙන් ඉපැයූ මුදල් තම පුතු චතුර සේනාරත්න පසුගිය මැතිවරණයේදී ලෝබ නැතුව වියදම් කර ඇත. 

මෙම විමර්ශන යට ගැසීමට මුල්‍ය අපරාධ කොට්ඨාශය බාර නියෝජ්‍ය පොලිස්පත් රවී වෛද්‍යාලංකාර මහතා ඉවත් කිරීමට රාජිතට ලොකු ඕනෑකමක් ඇත. ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙස මින් ඉහතද චම්පික රණවක හා රාජිත සේනාරත්න ඇමතිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතත් ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කරන ලදී. 

තමාට එරෙහිව එල්ලවන මුල්‍ය අපරාධ පිළිබඳ චෝදනාවලින් ගැලවීමට අවශ්‍ය බොහෝ යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු විවිධ කුමන්ත්‍රණ සිදු කරති. ඒ අතර ප්‍රධානියා වන්නේ රාජිත සේනාරත්නයි. 

රාජිත සේනාරත්නලාට මෙම විමර්ශන ආයතන සිදු කරන විමර්ශන මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ද බරපතල හිසරදයක්ව ඇත. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ඉවත් කිරීමට නඩු ඇසූ රාජිත යලිත් අධිකරණයට බලපෑම් කිරීම සඳහා කුමන්ත්‍රණයක නිරතව සිටී. ඒ අනුව අධිකරණ සේවා කොමිසමට තමන්ගේ සහචරයන් රිංගවා ගැනීමට බලවත් උත්සාහයක යෙදෙමින් සිටී.

වංචා සහ දුෂණ විමර්ශන පිළිබඳව සිදු කෙරෙන සංවාද වලදී එම විමර්ශන සිදු කරන නිලධාරීන්ගේ පැත්තෙන් මෙම කරුණු පැවසීමට කිසිවෙකුට නොහැක. පොලිස්පතිවරයා දැඩි මාධ්‍ය වාරණයක් පනවා ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේද කට වසා ඇත. රාජ්‍ය නිලධාරීන්ට තම නිදහසට කරුණු කීමට චක්‍රලේඛ මගින් බාධා ඇත. එවැනි තත්ත්වයක් තුළ රාජිත සේනාරත්න වැනි වාචාලයින්ටත් කීර්ති තෙන්නකෝන් වැනි ඊනියා සිවිල් සංවිධාන පොරවල්ටත් සිතූ ලෙස අවලාද නැගීමට හැකියාව ඇත. ඇවන්ගාඩ් පිළිබඳව අපරාධ චෝදනා ගොනු නොකිරීම පිළිබඳ අල්ලස් කොමිසමට දොස් පැවරිය නොහැකි බව මෙම ඇමතිවරුන්ට හෝ ඊනියා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට නොවැටහේ. අල්ලස් කොමිසමට යම් නිශ්චිත විෂය පථයක් පැවරී ඇති අතර ඒ විෂය පථය තුළ එම ආයතනය කටයුතු කර ඇත.
 
මහා පරිමාන වංචා හා දුෂණ පිළිබඳ විමර්ශන සිදු නොකෙරෙනවා යන්නද පිළිගත නොහැක. බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව කෝප් කමිටුව එක් විමර්ශනයක් සිදු කරයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා දී ඇත. එම වාර්තාව මගින් වංචාව යටගසා නැති අතර ආණ්ඩුවේ ඇතැම් පිරිස් එම වාර්තාව පිළිබඳ උරණ වී ඇත. මහ බැංකුවේ, බැංකු නොවන මුල්‍ය ආයතන විමර්ශන අංශය මගින් විමර්ශනයක් සිදුකර ඇත. එහි රහස්‍ය වාර්තාව පිටකර ඇති අතර ඒ මගින්ද වංචාවක් සිදු වී ඇති බව තහවුරු වී ඇත. මහ බැංකුවේ මුදල් මණ්ඩලය මේ පිළිබඳ නිල තීරණයක් ගනු ඇති අතර පොලිසියට හා අල්ලස් කොමිසමට මෙම ගණුදෙනුවේ අපරාධ චෝදනා යටතේ ක්‍රියා කිරීමේ ඉඩ ලැබෙනුයේ මෙය ඉතාමත් තාක්ෂණික කරුණු පිළිබඳව වන විමර්ශන වාර්තා ලැබුණු පසුවය. 

ඇවන්ගාඩ් සම්බන්ධව සැලකුවද එම ආයතනය දැන් නාවික හමුදාවට පවරාගෙන ඇත. අල්ලස් පනත යටතේ විමර්ශන අවසන් කොට නඩු පවරා ඇත. ගිනිඅවි, පුපුරන ද්‍රව්‍ය ආඥා පනත හා අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය නොහැකි වී ඇත්තේ නීතිපති ලබා දුන් නිර්දේශයක් හේතුවෙනි. කොටින්ම පැවසුවහොත් මෑත ඉතිහාසයේ වංචා චෝදනාවක් නිසා ඇමතිවරයෙකු තනතුරින් ඉල්ලා අස්වී ඇත්තේද මෙම ඇවන්ගාඩ් විමර්ශන හේතුවෙනි. තිලක් මාරපන ඇමතිවරයාට ඉල්ලා අස්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ මෙම විමර්ශනය හේතුවිය. අධිකරණ ඇමතිවරයාට විලිලැජ්ජාව නැති නිසා තවමත් තනතුරේ රැඳී සිටී.      

රාජිත සේනාරත්නට අනුව වාහන අවභාවිතය සුළු වංචාවකි. ඒවා පිළිබඳ විමර්ශන නොකළ යුතුය. රාජපක්ෂවරු වාහන දහස් ගණනක්ද විමල් වීරවංශ වාහන සිය ගණනක්ද අවභාවිතා කිරීම සුළු වරදවල් වන්නේ කෙසේද? ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 800 ක් පමණ අතුරුදහන්ව තිබී සොයා ගත්තේ ද ඒ අනුව සජින් වාස් ගුණවර්ධනය නඩු පවරා ඇත්තේ ද සීඅයිඩිය විසින් බව අමතක කරන්නේ ඇයි? 

දුෂණ විරෝධී ක්‍රියා මාර්ග වලදී විමර්ශන ආයතනවලට පැමිණිලිවල ස්වභාවය අනුව වෙනස් කොට සැලකිය නොහැක. එය වෙනත් ආකාරයේ නීතිමය ගැටලූ‍වලට තුඩුදේ. එමෙන්ම වංචා දූෂණ මර්දන යනු සියලූ‍ අංශවලදී එවැනි වංචා වැලැක්වීම ද අයත් ය. වංචාවේ මුල්‍ය අගය සුළු වුවත් සමස්ත රාජ්‍ය සේවය තුලට සිදුවන එවැනි වංචා නිසා රජයට අහිමි වන ධනය අති විශාලය. 

කෙසේ වෙතත් රාජිතගේ කෝපය විසින් වංචා දුෂණ විමර්ශන නිසා රිසි සේ ජනතා දේපොළ කොල්ලකෑමට ඉඩ ඇහිරීම නිසා මැති ඇමතිවරුන් කෝප වී ඇති අයුරු ප්‍රදර්ශනය වේ. විවිධ දේශපාලන බාධා කිරීම් මධ්‍යයේ වුවද මෙම නිලධාරීන් විසින් සිදුකළ විමර්ශණවල ප්‍රතිඵලයක් ලෙස මැති ඇමතිවරුන්ට වංචා දුෂණ කිරීම අතිශය දුෂ්කර වී ඇත.  නිලධාරීන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අකුරටම අනුගමනය කිරීම, නීති විරෝධී ගෙවීම් අනුමත නොකිරීම මෙම දුෂිත ඇමතිවරුන් කෝප ගන්වා ඇති බව ඉතා පැහැදිලි ය.

-කුලරත්න බඹරැන්ද විසිනි- 

---------------------------
by     (2016-10-21 13:54:06)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  5 discussion on this news

me Hora- Thakkadi heththata, goo gahala pannana dawasa ithaama atha langaya. sirisena mahaththayatath GOO wedunoth apita korannata deyak netha. Goo naaganama Polonnaru yaa heka. me kathaakoranne Yahapaalane genennata chandaya dun, divihimiyen karayuthu korapu GON BIJI voters.
-- by ToiletVote on 2016-10-21

iwasuwa athi. bahimu kollane paarata.............--- Sirisena mahaththayo, api me MaRa ge bath gotto neme. me api yahapalane genenda MaRa paraddapu api. Obathumaa neme MaRa peredduwe API. obathumata thaniyama janadipathi wenda ba, ehemanam ithin hambawenne chanda- 1. ----- laksa 62 k chande dunne minisu. ohe ge gedara minissu neme.
-- by Kujeetha-Voters on 2016-10-21

dear len oyalata danda mungay hati tharennay ? issara hodaaaaai kiway
-- by magni on 2016-10-21

me lipiya liyapu mahaththaya wage minissu inna o, ne media eke neme. rate nayakathwaye, ponna siraala wage gon bijjangen ratata kisi wedak naa. api chande dunna thamaa. a rewatilaa.
-- by Sira-Voter on 2016-10-21

Len only good thing this man did was to join my3 in the struggle to oust the rouge barren Mara. His track record is stinking. We can remember how he tried to get his wife promoted to the position of director general of health ministry. Thank god his foolish son is now silent. This country has no future with these A grade rouges.
-- by Lion on 2016-10-21

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links