~

FCID ය දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරනවාද? නැතිනම් මහා පරිමාන දූෂණ 12 කට වග කිව යුතුයැයි විගණකාධිපති පවා පවසන ඩිලාන් පෙරේරාට එරෙහි පැමිණිල්ල විභාග නොකරන්නේ ඇයි?

හෙණ හත වදින හොරකම් 12 සම්පූර්ණයෙන් මෙන්න

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ඔක්.19, පෙ.ව‍‍‍‍‍‍‍‍.11.45) දූෂන වලට එරෙහි පරීක්ෂන සිදුකරන ආයතන එකී පරීක්ෂණ සිදුකරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකට යැයි ජනාධිපතිවරයා පසුගියදා කරන ලද චෝදනාව සත්‍යයක් දෝ යැයි සිතෙන සිද්ධියක් මෙසේ හෙලිදරව් කරමු. 

එනම් රාජපක්ෂගේ වනචර දශකයේ ඇමැතිවරයෙක් වූ ඩිලාන් පෙරේරා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නීලකාස දූෂන 12 ක් සිදුකර ඇති බවට 2015 ජුනි 16 වෙනිදා විගණකාධිපතිවරයා විසින් වාර්තාවක් නිකුත් කර තිබියදී එකී වාර්තාව අනුව 2015 ජුනි 23 දා  FCID ය වෙත නීත්‍යාණුකූල ලෙස පැමිණිල්ලක් ද කර තිබියදී අද දක්වා කිසිදු පරීක්ෂනයක් සිදුකර නොතිබීමයි. 

විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අංකය - IS/INV/PC/GDE/2015/04 වේ
එම වාර්තාව අනුව දූෂණ පිලිබඳ පරීක්ෂණ කරන්නැයි විධිමත් ලෙස පැමිණිලි කර ඇත්තේ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතිඥ නන්දපාල වික්‍රමරත්න මහතා ය.
එකී පැමිණිලි කරන ලද දිනය - 2015 ජුනි 23 දා වේ

ඩිලාන් පෙරේරා වගකිව යුතු දූෂන 12 මෙසේය.

1) විදේශ රැකියා පිළිබඳ දැනුවත් කිරීමේ පා ගමන් කොළඹ ගම්පහ සහ හම්බන්තොට පැවැත්වූ බවට සඳහන් කර රු. 91 ලක්ෂ 19 දහස් 909 ක් වංචා කිරීම 
මෙහි ඇති අපූරු වංචාවක් වන්නේ බැලුන් වලින් ලක්ෂ 9 ක් ගසා කෑමයි. රු. 9,25,309 ක බැලුන් ගත්තා යයි කීවද එකදු බැලුමක් වත් ලබා ගෙන නැත. මේ පා ගමන් සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් ගෙන නැත. කූඨ ලේඛන සකසා රජයේ මුදල් වංචා කර ඇත. 

2)  කූඨ ලේඛන පිළියෙල කොට රාජ්‍ය නොවන සංවිධානයකට රු. 16 ලක්ෂ 93 දහස් 600 ක් ගෙවීම
රක්ෂන ක්‍රමයක් ගැන දැනුවත් කරනවායි පවසා ඒ සඳහා 800 කගේ රැස්වීමක් පැවැත්වෙන බවත් ඔවුන්ට කෑම සපයනවා කියා රාවණාඇල්ල ෆුඩ් ඇන්ඩ් කේටර්ස් නමැති ආයතනයකට මෙම මුදල ගෙවා ඇත. ඔවුන් එවැනි කෑම සැපයීමක් සිදුකර නැති අතර හිස් ඉන්වොයිස් රැගෙන ගොස් මුදල් ගෙවා පසුව කේටර්ස් හිමිකරුගෙන් මුදල් ලබාගෙන ඩිලාන් පෙරේරා පදනම නමැති ගිණුමක තැන්පත් කර ඇත. 

3) රටවිරු පවුල් සාමාජිකයන් වෙනුවෙන් හාලිඇලදී පින්කමක් කරන බව පවසා එහිදී සංඝයා වහන්සේලා 1115 කට සහ කිරි අම්මාවරුන් 1500 කට පිරිකර පූජා කිරීමට කරන බව පවසා රුපියල් ලක්ෂ 35 ක් වංචා කර තිබේ. 
හාලිඇල එවැනි පින්කමක් පවත්වා නැත. ව්‍යාජ බිල්පත් කූඨ ලේඛන සකසා මුදල් වංචා කර තිබේ.

4) 2014 දෙසැම්බර් මස නායයාම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ අවතැන් වූ රටවිරු පවුල් වලට සහන සලසනවා කියා රු. 39 ලක්ෂ 62 දහස් 410 ක් වංචා කර තිබේ. 
එම මුදල් සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරණය සඳහා යොදවා ඇත. කිසිදු පවුලකට සහන දී නැත.

5) හාලිඇල සම්පත් මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයකට කියා රු. 91 ලක්ෂ 57 දහස් 600 ක මුදලක් වංචා කර තිබේ. 
එවැනි ස්ථානයක එවැනි උත්සවයක් පවත්වා නැත. එම මුදලින් ලක්ෂ 80 ක්ම වියදම් කර ඇත්තේ ඩිලාන්ගේ දේශපාලන රැස්වීම් සඳහාය.

6) රටවිරු සංවිධාන බල ගැන්වීමේ මුවාවෙන් දේශපාලන කටයුතු සඳහා කාර්ය මණ්ඩල වාහන වැටුප් හා දීමනා ගෙවීම

7) Bohoon Trust Co. Ltd. ආයතනයට රු. එක් කෝටි 75 ලක්ෂ 24 දහස් 910 ක් ගෙවීම.
රු. 63 ලක්ෂ 73 දහස් 622 ක් වැඩි පුර ගෙවා ඇත. 

8) ඉඩම් බදු ගැනීම සඳහා අත්තිකාරම් ගෙවීමෙන් රු. කෝටි 2 ක අලාභයක් සිදු කිරීම
අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව ඉඩමේ නීත්‍යාණුකූල අයිතිය ලබා ගැනීමටත් පෙර මෙම ගෙවීම සිදු කර ඇත.

9) පාසැල් පොත් හා උපකරණ කට්ටල බෙදා දීමේ ආධාර කියා රු. 95 ලක්ෂ 43 දහස් 552 ක් වංචා කර ඇත.
වංචනික ගෙවීම් කරමින් සිදුකර ඇත්තේ ඩිලාන්ගේ දේශපාලන කටයුතුය.

10) මීරියබැද්ද නාය යාමෙන් විපතට පත් රටවිරු පවුල්වලට සහන සලනවා ය කියා රුපියල් දස ලක්ෂයක් ලබාගෙන, ඉන් රුපියල් එක් ලක්ෂ 69 දහස් 190 ක මුදලක් පමණක් වියදම් කර රුපියල් 10,000 ක ඉන්ධන ගසා ඉතිරි සියළු මුදල් ඩිලාන්ගේ දේශපාලන කටයුතු වලට වියදම් කරගෙන තිබේ. ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර ඇත.

11)  රටවිරු පියස සඳහා රුපියල් 5 ලක්ෂ 53 දහස් 700 ක මුදලක් වියදම් කිරීම
මෙය කූඨ ලේඛන පිලියෙල කරමින් සිදුකළ සම්පූර්ණ වංචාවකි.

12 රටවිරුවන් දැනුවත් කිරීමට කියා රු. 6 ලක්ෂ 61 දහස් 500 ක් කූඨ ලේඛන පිලියෙල කොට මුදල් වංචා කර තිබේ.

විගණකාධිපතිවරයා පවසන්නේ මේවා පැහැදිලිවම මුදල් රෙගුලාසි උල්ලංඝනය කිරීම, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය උල්ලංඝනය කිරීම, මැතිවරණ කාලය තුල රාජ්‍ය දේපොල අවභාවිතය, මැතිවරණ කටයුතු සඳහා රජයේ නිලධාරීන් යොදා ගැනීම, කූඨ ලේඛණ පිලියෙල කිරීම, මුදල් වංචා කිරීම, ආදී චෝදනා රැසක් එල්ල කළ හැකි බවයි

අල්ලස් පනත, පොදු දේපොල පනත සහ මුදල් විශුද්ධිකරණ පණත යටතේ විමර්ශන කළ යුතු යයිද විගණකාධිපතිවරයාගේ නිර්දේශ වල දැක්වේ.

ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතිඥ නන්දපාල වික්‍රමරත්න මහතා FCID ය වෙත පැමිණිලි කර ඇත්තේ එකී වාර්තාව පදනම් කරගෙනය.

එම පැමිණිල්ලේ පිටපතක් මෙහි දැක්වේ.  පහත ඉමේජයන් විශාල කර කියැවිය හැකිය.

මේ තරම් නීලකාස දූෂණ රැසකට වගකිව යුතු ඇමැති ඩිලාන් පෙරේරා පසුගිය ජනාධිපතිවරණයේදී ක්‍රියා කෙළේ චෞර මහින්ද රාජපක්ෂ යලි බලයට ගෙන ඒමට ය. පසුව අගෝස්තු මැතිවරණයේදී ද ඔහු ක්‍රියා කෙළේද මහින්ද රාජපක්ෂ බලයට ගෙන එ්මට වන අතර පාර්ලිමේන්තුවට පැමිණීමට ඔහුට කිසිවෙකු ඡන්දය ලබා දුන්නේ ද නැත. එසේ වී නමුත් පිනට ඇමැතිවරයෙක් වූ ඩිලාන් පෙරේරා දැන් යහපාලනය වෙනුවෙන් කැපවූ සිවිල් සංවිධාන නායකයන්ට අවලාද නගමින් මේකද යහපාලනය යයි ප්‍රශ්න කරයි.

ජනාධිපතිවරයා පැවසූ පරිදි FCID ය දේශපාලන න්‍යාය පත්‍රයකට ක්‍රියා නොකරන්නේ නම් ඩිලාන් පෙරේරා වහා අත් අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා නඩු පැවරිය යුතුය. එසේ නැතිනම් ඩිලාන් පෙරේරා ආරක්ෂා කරන්නේ කව්ද කියා FCID ය ජනතාවට හෙලිදරව් කළ යුතුය. 

-චන්ද්‍රප්‍රදීප් -

---------------------------
by     (2016-10-19 06:45:54)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  10 discussion on this news

ග්‍රාමයට පිස්සු හැදෙන්න පටන් ගත්ත ගමන් මේවා දාන එක හරි නැහැ පිස්සු තද වෙනකොට ඒ කියන්නෙ තව අවුරුදු තුනකින් විතර දාන්න මේවා අරන් තියල තියාගන්න....
-- by අරුණ on 2016-10-19

Meh..... Sirisena unnehe.... lejjai mahaththayo, api chande dunne Jan 8, mewage pal horunta amathikam denda neme. kondak thiyanawanam, menna mewwatath nadu ikmanin daanda kiyala Bribery Commission ekata, FCID ekata, kiyanda bari ay? MaRa regimaye neelakaasa horu Yahapalana rajayata heththu unahama, horakama, PIN-KOMAK wenawada? Lejjama lejjai SIRISENA mahathtayo. Lejjai, Lejjai, Lejjai.
-- by Lejja-Bit-Ekeda? on 2016-10-19

Gon Ponnayo, me horaa gasaakaala thiyana salli walin wedi kotasak gasaakaala thiyenne, horakam korala thiyenne, JANADIPATHIWARANE di SIRISENA UNNEHE, thamunnansewa paraddanda CHANDETA wedakoranda MaRa ,Gota, ekka ekathuwelaa me HORAA.. api jeevitha paraduwata thiyala a kaale me horu ekka satankeruwe thamunnehe JANADIPATHI KORANDA. dan apita wela thiyenne, ithin....belle wela daganda apitama.... balaya wenuwen horu langa thiyagana thawath kelawaganne nathuwa, ratata pennuwanam obathumage kaiwaaruwe tharama... puluwanda mahaththayo?
-- by Voters. on 2016-10-19

FCID, Dan obe vaarayai. Avankava katayuthu karanna. Mema pareekshanavalata baadaakarana deshapaalakain vei nam eya kelinma janathaavata danumdenna.
-- by nareen on 2016-10-19

mehema untane adagfahala amethikam dunne, ithin rata hadanne kohomada
-- by Ruwan pathirana on 2016-10-19

me rate suluthara [gon relakatai] minissu kottasayakatai, palakayo kiyaagannaa ostharlaa tai, FCID. ekatai,CID ekatai,Polisiyatai, Bribry ekatai, thawamath terenne nathi de thamaa, " PALAKA RAJAYATA SAMBANDA WENA O,NAAMA HOREKUTA A HORAKAM WALATA NADU DANNATA O,NAA" yai thibenaa weradi mathawadaya. vipakshaye innawanam NADU. aandu paksheta aawagaman NADU NA. meka yako puduma ratakne. ?
-- by Gajaman on 2016-10-19

රනිල්ගේ වැඩහරියටම සුබ සහයසවගේ මහා භායාණකවැඩ කිසපැකිලිමකින් තොරව කරනවා හරිගියොත් හොදයි වැර්දුනොත් බඩුමතමයි මේ දවස් වල වැඩත් එ වගෙයි. මේ ඇමති වරයත් අංඩුව විනාශ කරන ඇමතිවරුන්ගෙන් එක්කේනෙක්
-- by podu on 2016-10-20

Ane Hukeeeeee! What are these compared to Central Bank robbery by the UNP robbers.My adhomuke palila mewata hinawela.
-- by Dilan2 on 2016-10-20

One of the most disgraceful person in politic his behavior and conduct is diplorabil.His foolish action in the TV laughable. This a grade rouge should be with Rajapaksha
-- by Lion on 2016-10-20

As general public we know much more better than all of these culprits in this and past governments, But whenever they are in power nobody consider and inspect on them.....
-- by Ajith on 2016-10-20

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links